ඔබ නොදන්න අල්කුර්ආනය

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


"අල්කුර්ආනය", මෙය බොහෝ විට සරලව කුර්ආනය ලෙස හඳුන්වයි. ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් මෙන්ම දිව්‍යමය පුස්තකය වූ මෙය ශුද්ධ වූ ග්‍රන්ථයකි. එය ක්‍රි.ව. 610 සිට, මුහම්මද් (සල්) තුමාණන් හට පහලවීම ආරම්භ වී ක්‍රි.ව. 632 දී අවසන් විය. පරිච්ඡේද 114 කින් සමන්විත වන මෙම අල්කුර්ආනයේ වාක්‍ය 6,000 කට වඩා ඇත. මෙය ලොවපුරා මුස්ලිම්වරුන් මිලියන සංඛ්‍යාත ජනතාවක් වනපොත් කොට ඇති අතර එය අල්ලාහ් (දෙවි) විසින් පහල කල අවසාන හා පරිපූර්ණ දේව පුස්තකය යන්න ද ඉස්ලාමීය විශ්වාසයයි. මේ පිලිබදව යහමග අඩවිය තුල ශුද්ධ වූ කුර්ආනය පිලිබදව හැදින්වීමක් යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.

අල්කුර්ආනය ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රයකි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද? යන ලිපිය කියවන්න.) එවන් වූ මෙම අල්කුර්ආනය පහල වීමේ අරමුණ කුමක්ද? යන්න අල්කුර්ආනයම එහි විස්තර කරයි. මෙසේ අරමුණු ගණනාවක් පෙරදැරිව ප්‍රකාශ වූ අල්කුර්ආනයේ වලංගුභාවය කොතරම්ද? යන්න ශුද්ධ වූ ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය යන ලිපිය තුලින්ද, එහි ඉතිහාසය...

මේ ආකාරයට ආරම්භයේ පටන් ආරක්ෂිත වූ මෙම දිව්‍ය පුස්තකය නූතන බුද්ධිමත් සමාජය හමුවේ වලංගු ග්‍රන්ථයක් ලෙස තවදුරටත් පවතින්නේ කෙසේද? යන්න යහමග අඩවිය තුල බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය යන ලිපිය තුලින් මීට ඉහත පැහැදිලි කොට ඇත. එපමණක් නොව මෙම අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයක් යන්නට බොහෝ සාක්ෂි ද මෙම අඩවිය තුල සාකච්චා කොට ඇති අතර එයට,

මීට වසර 1400 කට පෙර එනම් ක්‍රි.ව. 610 දී නොදියුණු සමාජයක් මධ්‍යයේ ප්‍රකාශ වූ අල්කුර්ආනය...

යනාදී විෂයන් වත්මන් විද්‍යාවටත් පාඩම් කියාදෙන අයුරින් කථා කලේ කෙසේද? යන්න වත්මන් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතු නොවේද?

මෙවන් විශ්මිත කාරණා ගණනාවකින් සමන්විත මෙම අල්කුර්ආනය නූතන සමාජය නිසිලෙස අධ්‍යනය කිරීමට මැලිවීම සමස්ථ සමාජයේම අවාසනාවකි. ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහාගත හැකි සරල බසකින් පහල කල මෙම අල්කුර්ආනය අවබෝධ කරගැනීම එතරම් අපහසු නොවේ. එයට මෙම අඩවිය තුල පලකොට ඇති අල්කුර්ආනය නිවැරදිව අධ්‍යනය කරන්න අත්වැලක් – අල්කුර්ආන් කලාව යන ඔබට අත්වැලක් වනු ඇත. මීට අමතරව අල්කුර්ආන් පරිවර්තන හා එහි වලංගුභාවය, අල්කුර්ආනය mp3 පරිවර්ථන හෙළ බසින්, ශුද්ධ වූ කුර්ආනය සිංහල භාෂා උච්චාරණ සහ අල්කුර්ආනය යන ලිපිද එයට සහය වනු ඇත.

විශේෂයෙන් අල්කුර්ආනයට එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත වෙමින් තිබෙන වත්මන් ලොව තුල මෙම දිව්‍ය පුස්තකය පිලිබදව මුස්ලීම්වරුන් වන අප කොතරම් අවදියෙන්ද? යන්න නැවත නැවතත් විමසා බැලිය යුතුව ඇත. (මේ පිලිබදව යහමග අඩවිය තුල කථා කල ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද? යන ලිපිය කියවන්න.) විවිධ වූ කුමන්ත්‍රණ මුස්ලීම්වරුන්ට එරෙහිව ලොව තුල සිදුවෙමින් ඇත. (මේ පිලිබදව යහමග අඩවිය තුල කථා කල මුස්ලීම්වරුන්ට එරෙහි කුමන්ත්‍රණ – කුර්ආනීය විමසුමක් යන ලිපිය කියවන්න.) විශේෂයෙන් අල්කුර්ආනය ගිනිබත් කිරීම හා අපකීර්තියට ලක් කිරීම නිරන්තරයෙන් සිදුවෙමින් ඇත. මෙම තත්වයන් වෙනස් කරමින් කුර්ආනීය සමාජයක් කරා නැවතත් පියනැඟිය යුතු නොවේද?.

වත්මන් ලෝකය තුල පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම් පිලිබදව තරමක් ගැඹූරින් විමසා බලන විට එහි ඉස්ලාම් දහම හා එහි දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය ඉදිරියෙන් සිටී. මුලසිට ආරක්ෂා වූ ග්‍රන්ථයක් ලෙස (වැඩිදුර කියවන්න ලොව පැරණිම කුරානය එංගලන්තයෙන්) ඉතා සරලව සමාජයට අවවාද නඟමින් (වැඩිදුර කියවන්න අපාය වාසීන්ගේ සතර මහා පැතුමන්). එය අධ්‍යනය කරන්නන් හට රසවත් වන ලෙසත් ආකර්ශනය වන ලෙසත් විවිධ උපමාවන් යොදමින් (වැඩිදුර කියවන්න අල්කුර්ආනීය උපමාවන්) මෙම අල්කුර්ආනය තම දිව්‍යමය කාලීන මුතුවදන් පෙලගැස්ම සිදුකරයි.

මෙවන් වූ දිව්‍ය පුස්තරකයේ ඉගෙන්වීමන් වෙත ඔබව ආරාධනා කරමින් මෙම සටහනට විරාමය තබන්නේ “අල්ලාහ් (දෙවි) අප සියල්ල අල්කුර්ආනීය ජීවිතයක් කරා යන යහමග යොමු කරත්වා!” යන පැතුමිනි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/6

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම