විද්‍යාව, මුසාව හා අල්කුර්ආනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මිනිස් මොළය, මෙතෙක් ලෝකයේ හඳුනාගත් විශ්මයජනකම සංසිද්ධි වලින් එකකි. බිලියන 100 පමණ වූ නියුරෝන හා නියුරොග්ලියා සෛල වලින් සමන්විත මොළය, හිස් කබල නම් හිස්වැස්මකට යටින් තැන්පත් කර ඇති රාත්තල් තුනක් පමණ වූ මාංශමය ස්කන්ධයකි. මෙය ශරීරයේ වඩාත්ම සංකීර්ණ ඉන්ද්‍රිය වන අතර, ශරීරය විසින් සිදු කරනු ලබන සෑම කාර්යයකදීම පාහේ මොළයේ භූමිකාව සුවිශේෂී වේ. මොළයේ පූර්වම කොටස වන මස්තිෂ්කය, මස්තිෂ්ක බාහිකයෙන් සහ මජ්ජාවෙන් සමන්විත වේ. මස්තිෂ්ක බාහිකය ලලාට, පාර්ශ්වික, අපර කපාල, ශංඛක ලෙස කොටස් වලට බෙදා දක්වයි. මස්තිෂ්කයේ සෑම කොටසක්ම එයට ආවේණික වූ කර්තව්‍යයන් දරන නමුත් තොරතුරු සැකසීමට සහ සංස්ලේෂණය කිරීමට මෙම සියලු කොටස් එකට එක්ව ක්‍රියා කරයි.

හිස් කබලේ නලල් අස්ථියට වහාම පිටුපසින් ඇති මස්තිෂ්ක කොටස ස්වේච්ඡා චලනයන් පාලනය කිරීම, කෙටි කාලීන මතකය, සැලසුම් කිරීම, තර්කය, විනිශ්චය, තීරණ ගැනීම, නිර්මාණශීලිත්වය හා ඔබ කවුරුන්ද? විශේෂයෙන් ඔබේ පෞරුෂය සහ ඔබ හැසිරෙන ආකාරය කළමනාකරණය පිලිබද වගකීම් දරයි. බුද්ධිමය සහ චිත්තවේගීය තොරතුරු සැකසීමේදී එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර විනිශ්චය කිරීමට සහ තීරණ ගැනීමට පහසුකම් සපයයි. ඔබ සිතන හෝ ඔබේ සවිඥානික ක්‍රියාවන් ඔබගේ ඉදිරිපස කොටසෙහි ඇති හැකියාවන් මත රඳා පවතී.

නූතන සොයාගැනීම් වලට අනුව බොරු කීම හා රැවටීම් ආදී ඔබේ පෞරුෂය පිරිහීමට හේතුවන පාපීක්‍රියා පටිපාටියන්ටද වගකිව යුතු වන්නේ මස්තිෂ්ක පූර්ව ප්‍රදේශය බවට විශ්ලේෂණය කර ඇත. පසුව එම ක්‍රියාව එළිදැක්වීමට සන්නිවේදන අවයව තෙක් ගෙන යයි. ‌බොරුව සහ මිනිස් මොළය සම්බන්ධව පර්යේෂණ සිදු කළ විද්‍යාඥයන්ගේ අනාවරණ වලට අනුව රැවටීමේදී හා බොරු කීමේදී වඩාත් ක්‍රියාශීලී වන මොළයේ ප්‍රදේශ තුන අතුරින් එකකි මස්තිෂ්ක පූර්ව කොටස. වත්මන් තාක්ෂණය හමුවේ යමෙකු පවසන්නේ මුසාවක්ද නැද්ද යන්න ක්‍රියාකාරී චුම්භක අනුනාද රූප යන්ත්‍රයක් හෝ fMRI භාවිතයෙන් මොළයේ සෑදෙන බොරුවක් සොයා ගැනීමට ක්‍රමයක් වර්ධනය කිරීම සිදු කර ඇත. තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනය හා නූතන වෛද්‍ය විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවත් සමග මිනිස් මොළය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ වලින් මෑතකදී අනාවරණය කරගත් විද්‍යාත්මක සත්‍යයන්, මීට වසර 1400 කට පමණ ඉහතදී පහළ වූ පාරිශූද්ධ ආගමික ග්‍රන්ථයක සඳහන් ව තිබීම විශ්මයජනක නොවේද?

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ   
نَاصِيَةٍۢ كَـٰذِبَةٍ خَاطِئَةٍۢ  
“නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු. එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.”

අල්කුර්ආනය 96 - 15 සහ 16

يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ
“වැරදිකරුවෝ ඔවුන්ගේ සළකුණු වලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාදවලින් ග්‍රහණය කරගනු ලබති.”

අල්කුර්ආනය 55 - 41

لنَّاصِيَةِ යන අරාබි පදයෙහි අර්ථය නළල, එනම් ඉදිරිපස හිස කොටස යන්නයි.

මිනිසාගේ නළලෙහි ගැඹුරේ ඇති මස්තිෂ්කයේ ඉදිරිපස බාහිකය ඔහුගේ විනිශ්චයන්, තීරණ ගැනීමේ මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන අතර සත්‍යවාදී බව හා බොරු කීම පාපකාරී බව හා ධර්මිෂ්ඨකම වැනි ක්‍රියාවන් පාලනය කරයි. එසේම මස්තිෂ්ක ඉදිරි කොටසින් ගත් තීරණ සිරුරේ ක්‍රියාකාරී ඉන්ද්‍රියයන් වන අත්,පා මගින් එළි දක්වීම සිදු කෙරේ. අල්ලාහ් දෙවි සූරා රහ්මාන් හි නළල් කෙස් රොදෙන් හා පාදවලින් ග්‍රහණය කරගන්නා බව දක්වා තිබීමෙන් කියාමා දිනයේදී පාපකාරී හැඟීම් හට ගැන්වූ ඉන්ද්‍රියය මෙන්ම ඒවා එළිදැක්වූ අවයව ද දඬුවමට ලක් කරන බව අර්ථවත් කරමින් මනුෂ්‍ය සමාජයට පාපී ක්‍රියාවන්ගෙන් වැළකී සිටින ලෙසට පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර ඇත්තේය. දෙවියන් වහන්සේ වැරදි කරන්නවුන්ගේ නළල් කෙස් රොදෙන් ඇද ගන්නා බවත්, “බොරුකාර නළල් කෙස් රොද ලෙස උපමාර්ථවත් කර ඇත්තේ උක්ත ප්‍රදේශය බොරු කීමට වගකිවයුතු නිසාවෙන් නොවේද? මීට දශක කිහිපයකට ඉහතදී විද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් සොයා ගනු ලැබුවේ මෙම සත්‍යය නොවේද?

කතෘ - එම්. ආර් සුමෙයියා


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම