පරිණාමවාදය පිලිබදව නූතන ගවේෂණ

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ ආකාරයට අතීතයේ පටන් විවිධ ආගම් හා දර්ශණයන් පෘථිවි මිනිස් සම්භවය පිලිබදව ඩාවින් වාදයට පක්‍ෂව හා විපක්‍ෂව විවිධ මත ඉදිරිපත් කර ඇත. ඉස්ලාම් දහම ඩාවින් වාදය ප‍්‍රතික්‍ෂේප කරන අතර එසේ ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් නතර නොවී මිනිසා තුල පරිණාමය කෙසේ සිදුවන්නේද? එය කෙසේද අවබෝධ කරගත යුත්තේද? ඒ පිලිබදව කුමන ආකාරයට ගවේෂණය කලයුතුද?. වැනි කරුණුද මීට සියවස් 14කට පෙරම පැහැදිලිව ශුද්ධ වු කුර්ආනය අවධාරනය කරයි.

වර්ථමානය සැලකූවිට මෙම විෂය පිලිබදව පුළුල් ගවේෂණයන් සිදු කෙරෙන අතර එහිදී ලොව බිහිවු මුල් මිනිසා ජීවත් වු ප‍්‍රදේශය පවා විද්‍යාඥයින් අනාවර්ණය කරගන්න සමත් වී ඇත. නුතන සොයා ගැනීමට අනුව මෙම ආදීතම මිනිසා ජීවත්වී ඇත්තේ වර්ථමාන අප‍්‍රිකානු භූමියෙහිය. මේ පිලිබදව පුළුල් ගවේශණයක නිරතවු ආචාර්‍ය ස්පෙන්සර් වෙල්ස් Spenser Wels ශුද්ධ වු කුර්ආනයේ 29-20 පැවසු ආකාරයට පෘථිවියේ බොහෝ ප‍්‍රදේශවල හා රටවල චාරිකාවේ නිරතවී මේ පිලිබදව ගවේශණයන් සිදුකරන ලදී. ඔහු ඒ සදහා විවිධ දේශයන් හි ජීවත් වූ ජන කොට්ඨාශ 50 ක ජනයින් 20000ක් පමණ තම පරීයේෂණ සදහා යොදාගන්නා ලද අතර ඔහු එහි දී ලද අත්දැකීම් අනුව පවසා සිටින්නේ අද ලොව භාෂා 6000 ක් හා ජාතීන් 6000 ක් පමණ තිබෙන බවයි. මෙම පරියේෂණ DNA තාක්‍ෂණය උපයෝගි කරගෙන සිදුකරන ලද අතර ඔහු ලබාගත් දත්තයන්ට අනුව ඔහුගේ නිගමනය වුයේ “ලොව අද ජීවත්වන සියලූ මිනිසුන්ගේ DNA මීට අවුරුදු 60000 කට පෙර අප‍්‍රිකාවේ ජීවත් වු මිනිසකු හා සැසදෙනවා” යන්නයි. වෙනත් ආකාරයකට පවසනවා නම් මිනිසාගේ ආරම්භකයා වන ආදම් ජීවත් වු බව පැවසීම සත්‍ය බවත්, ඔහු අප‍්‍රිකාවේ මුහුදු බඩ ප‍්‍රදේශයේ ජීවත් වු බවත්, ස්පෙන්සර් වෙල්ස් තම ගවේශණාත්මක කෘතිය වන THE JOURNEY OF MAN හි පවසයි.

මේ පිලිබදව තවදුරටත් අදහස් දක්වන ආචාර්‍ය ස්පෙන්සර් මෙසේ පවසයිමෙම මුල් මිනිසා ගල් යුගයත්, දඩයම් යුගයත් පසුකල මිනිසාහට ජීවත්වීම සදහා පහසුකම් හා බුද්ධිය අවශ්‍ය විය. මේ හේතුකොටගෙන මෙම මුල් මිනිසා ගමන්කරන ලදී. අප‍්‍රිකාවේ හිම යුගය අප‍්‍රිකාව කාන්තාරයක් වීමට බලපාන ලදී. මේ නිසා දඩයම් කරන සතුන් ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් අඩුවන්නට විය. මේ නිසා ආදී මිනිසාහට දඩයම් කිරීම දුෂ්කර විය. එමනිසා ඔහු මුහුදු බඩ ජීවත්වීමට හුරුවිය. මේ ආකාරයට මිනිස් සම්බවය පැතිරෙන ලදී. මේ කාලයේ එනම් මීට අවුරුදු 50000-60000 අතර කාලයේ මුහුදු මට්ටම අද පවතින මට්ටමට වඩා මීටර් 100 ක් පමණ පහතින් පැවතුනු බවත්, අද ලොව පවතින කුඩා දුපත් බොහෝමයක් එදා මහාද්වීපයන් හා හාවී පැවතුනු බවත් ආචාර්‍ය ස්පෙන්ස් පෙන්වා දෙයි. තවදුරටත් කරුණු දක්වන ආචාර්‍ය තුමා මුහුදු මට්ටම ඉතා පහත් මට්ටමක පැවතී නිසා පහසුවෙන් ආදී මිනිසාහට විවිධ ප‍්‍රදේශවලට යාමටද හැකි වු බව පවසයි.

DNA තාක්‍ෂණය උපයෝගි කරගෙන මේ සියල්ල ඔප්පුකර පෙන්වන ආචාර්‍ය ස්පෙන්සර්. DNA සම්බන්ධ අදහස් දැක්වීමේදී මෙසේ පවසයි “මිනිස් DNA යනු සමස්ථ මනුෂ්‍ය ඉතිහාසය පවසන ග‍්‍රන්ථයක් බවට පත්ව ඇත. එම ග‍්‍රන්ථය පවසන මුල්ම පණිවුඩය වන්නේ මුල්ම මිනිසා අප‍්‍රිකාවේ ජීවත් වුවා යන්නයි” මෙම ආදී මිනිසාගේ ගමන් මාර්ගය සිතියම් ගතකල ස්පෙන්සර් අප‍්‍රිකාවේ සිට ඔස්ටෙ‍්‍රිලියාව දක්වා වු ඒ ගමන් මාර්ගය වැටීතිබුනේ ඉන්දියාව හරහා බව ද තම පරියේෂණ කෘතියේ පෙන්වාදෙයි. මේ පිලිබදව පරියේෂණ කල ඉන්දියානු පරීයේෂකයකු වන ආර්.එම්. පිච්චයිඅප්පන් R.M Pichchai Appan ඉන්දියාවෙන් ආදී මිනිසුන් 14 දෙනෙකුගේ පරම්පරාවන් DNA පරියේෂණ මගින් හදුනාගෙන තිබේ. මෙය ආචාර්‍ය ස්පෙන්සර්ගේ පරීයේෂණ ප‍්‍රථිපලය තහවුරු කිරීමකි. ආචාර්‍ය ස්පෙන්සර් තවදුරටත් මෙම මුල් මිනිසාට සමාන මිනිසුන් අදටත් ජීවත්වන බවත්, ඔවුන් නැමීබියාව බොස්වානා යන රටවල ජීවත්වන බවත්, මේ පවතින මිනිසාගේ වර්ණභේදය මීට වසර 30000 කට පෙර සිදුවු බවත් තවදුරටත් ඔහු පෙන්වා දෙයි. මෙම වර්ණභේදය නිසා විවිධ ප‍්‍රදේශවල විවිධ රටවල ජීවත් වු මිනිසුන් අතර විවිධ අංග ලක්‍ෂණ දක්නට විය. උදාහර්ණයක් ලෙස මොගෝලියානු ජාතිකයෙකු, ජපන් ජාතිකයෙකු, අප‍්‍රිකානු ජාතිකයෙකු සහා ශ‍්‍රි ලාංකිකයකු සැලකුවිට මොවුන් 04 දෙනාගේ බාහිර රූපයේ අංග ලක්‍ෂණවල විවිධ පරස්පරතාවයන් දක්නට ලැබේ. ආදී මිනිසා එනම් ආදම් තුල සිදුවී පරිණාමය හේතුවෙන් අද දකින විවිධාකාර අංග ලක්‍ෂණයන්ගෙන් යුත් විවිධ ජාතීන් ඇතිවිය. මෙය මිනිසා තුල සිදුවූ පරිණාමයයි. ඔප්පු කලහැකි පරිණාම වාදය එයයි.

මිනිසා තුල පරිණාමයන් සිදුවීම සත්‍යයකි. එයට ඉහත රූපරාමු හොදම උදාහරණයකි. ඉහතින් දක්වා ඇත්තේ ඇමරිකානු , නයිජීරියානු , ජපන් , මොන්ගෝලියානු , රතුරන්දියානු සහා ශ‍්‍රි ලංකිය ජාතීන් කිහිපදෙනෙකුගේ ඡායා රූපයයි. එකම මිනිසාගෙන් බිහිවු මිනිස් සමාජය ඉහත ආකාරයට පරිණාමයන් සිදුවීම වර්ථමාන ලොව ද දක්නට ඇති කිසිවකුටත් ප්‍රතික්ෂේප කලනොහැකි සත්‍යයකි. මෙය ශුද්ධ වු කුර්ආනයේ මෙසේ සදහන් වේ.

“මනුෂ්‍යයෙනි ඇත්තෙන්ම නුඹලා එකම පුරුෂයකුගෙන් හා ස්ත‍්‍රියකින් නිර්මාණය කලෙමු. නුඹලා එකින් එකා දැන හදුනා ගනු පිණිස අප නුඹලා ජාතීන් හා ගෝත‍්‍රයන් වශයෙන් වෙන් කලෙමු” – ශුද්ධ වූ කුර්ආනය 49-13

එකම මිනිසාගෙන් මුළු මිනිස් වර්ගයාම බිහිකලා යයි පවසන ශුද්ධ වු අල්කුර්ආනය එම මිනිස් වර්ගයා විවිධ ගෝත‍්‍ර බවට පරිවර්ථනය කල බව ඉහත වාක්‍යයෙන් පවසයි. ඉහතින් සදහන් කල ශුද්ධ වු අල්කුර්ආන් 29-20 වාක්‍යයෙන්ද අවබෝධ කරගත යුත්තේ මෙයයි. මේ ආකාරයට පරිණාම වාදය පවසන ඉස්ලාමි දහම ඩාවින්ගේ වාදය එනම් “මිනිසා වදුරාගෙන්” යන්න තරයේ ප‍්‍රතික්‍ෂේප කරයි. එසේ ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් නතර නොවී පෘථිවි මිනිස් සමිභවය කෙසේ සිදුවුනේද? යන්නත් පැහැදිලිව සදහන් කරයි. එනම්

“දෙවියන් නුඹ (මිනිසා) මැටිපසින් නිර්මාණය කරන ලදී ”

ශුද්ධවු අල්කුර්ආනය 35-11

ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් මිනිසා මැටිපසින් නිර්මාණය වු බව පවසයි. මෙම මතය විද්‍යාවෙන් මේ වනතුරු සනාථ නොකලත් ප‍්‍රතික්‍ෂේප කිරීමට තරම් ද විද්‍යාවට සාක්ෂි නොමැත. මන්ද සත්වයින් පිලිබද පුලුල් ගවේෂණයක නිරත වු මිනිසා එවැනි කටයුත්තක මිනිස් පරිණාමය සම්බන්දයෙන් සිදු නොකෙරුනි. එය කෙසේ වෙතත් මෑතකදී විද්‍යාව මේ සම්බන්ධයෙන් යෝධ පියවරක් තබන ලදී. එනම් ජාන තාක්‍ෂණය ලොවට හදුන්වාදීමයි. මෙම ජාන තාක්‍ෂණය සොයාගත් විද්‍යාඥ ආචාර්‍ය ෆැරන්සිස් ක‍්‍රික් Francis Kirk තම නවතම සොයාගැනීම වන ඞී එන් ඒ DNA තාක්‍ෂණය ලොවට හදුන්වා දෙමින් මෙසේ පවසන ලදී. “මේ දක්වා අපට ලැබුණු දත්තයන් හා දැනුමන් අනුව මානවයාගේ පෘථිවි සම්බවය විශ්මයකි” මෙසේ ඔහු විශ්මයට පත්වුයේ මිනිසා පිලිබදව ගැඹුරු අධ්‍යනයක නිරත වී අපරිමිත වු දත්තයන් මේ DNA තුලින් අනාවර්ණය කරගත නිසාම පමණි. මෙම ඞී එන් ඒ DNA තාක්‍ෂණය අදත් ලොව විශාල පෙරලියක් කරන්න සමත්ව ඇත. මෙම ඞී එන් ඒ DNA තාක්‍ෂණය නිසා විද්‍යාවේද විශාල පෙරලියක් ඇති වු අතර ඩාවින්ගේ පරිණාම වාදයද විහිළුවක් බවට පත්කරවන්න සමත් විය.

DNA යනු කමක්ද?

මෙම DNA පිලිබදව අදහස් දක්වන විද්‍යාඥයින් පවසන්නේ මෙය දත්ත ගබඩාවක් බවයි. එහි අන්තර්ගත තොරතුරු පිලිබදව පවසනවා නම් පිටු දසලක්‍ෂයක් වන විශ්වකෝශයක් තරම් විශාල තොරතුරු එක DNA තුල අන්තර්ගතය. එසේම එක DNA තුල කෝටි 5 කටත් වඩා වාර්තාවන් අන්තර්ගතය. මෙම වාර්තා සියල්ල නොනවත්වා කියවුවද වසර 100 ටත් වඩා අවශ්‍ය වනුඇත. එතරම් සවිස්තරව හා සියුම්ව මෙම DNA තුල මෙම තොරතුරු අන්තර්ගතව ඇත. මෙම DNA පිලිබද දීර්ඝ වූ පරීයේෂණවල අදටත් නිරත වී සිටින ආචාර්‍ය ෆිරාන්සිස් කොලින් පවසන්නේ “දැනට DNA හි ඇති දත්තවලින් අනාවර්ණය කරගෙන ඇත්තේ 85% ක් පමණක් බවත්. තවදුරටත් හදුනා නොගෙන විශාල දත්ත ප‍්‍රමාණයක් ගබඩා වී ඇති බවත් තවම මෙම පරියේෂණයේ තබා ඇත්තේ පලමු පියවර පමණක් බවත්ය” මේ ආකාරයට ජාන තාක්ෂණයට අවතීරණය වී සිටින විද්‍යාව මිනිස් පරිණාමය කවර ආකාරයෙන් දකින්නේද?

මෙම ජාන පිලිබදව අධ්‍යනයේ නිරතවු විද්‍යාඥයින් පවසන්නේ මිනිස් ශරීරයක් නිර්මාණය වීමට අවශ්‍ය අත්දැකීම් බුද්ධිය සම්බන්ධ සියලූ තොරතුරු මෙම DNA තුල අන්තර්ගතව ඇති බවයි. මෙහි සැලකිය යුතු මුලිකම අංගය වන්නේ මුල් මිනිසා ලොවෙහි ඇතිවු කාලය පටන් සියලූ අංගයන්ගෙන් පරිපුර්ණ DNA මිනිස් ශරීරයේ පැවත ආ බවයි. ගොඩනැගිල්ලක් නිර්මාණයේ දී එහි ආකෘතියෙහි එම නිවස සම්බන්ද සියලූ තොරතුරු සටහන් කරනවා සේම. මිනිසාගේ කළල අවස්ථාවේ සිට මියයන මොහොත දක්වා වු සියලූ තොරතුරු මෙම DNA හි අන්තර්ගතය. මවගේ ගර්භාෂයේ ඩිම්බ සංසේචනය වු මොහොතේ පටන් බිහිවීමට යන එම දරුවාගේ සියළු විස්තර එම දරුවාගේ ගතිගුණ, අවුරුදු 30 දී එම ශරීරයේ උස, වර්ණය, ලේ වර්ගය, මුහුණෙහි පෙනුම වැනි අංගලක්‍ෂණ වයස අවුරුදු 30 මාස 09 කට පෙරම DNA හි සදහන් වී හමාරය.

DNA ජාන තාක්‍ෂණයේ තවත් යෝධ පියවරක් ලෙස මිනිස් ‍සෛලය චිත‍්‍රයකට නැඟීම සදහන් කලහැක. මෙහි දක්වා ඇත්තේ එම චිත‍්‍රයයි. එය HUMAN GENOME PROJECT නමින් හැදින්විය. මෙම ෙසෙල (Cell) චිත‍්‍රයට නැගීමෙන් ඩාවින්ගේ වාදය තවදුරටත් මිත්‍යාවක් බවට ඔප්පුවන්නේ යයි විද්‍යාඥයින් පවසයි. මේ සම්බන්ධයෙන් ගවේශණයක නිරත වු CNN රූපවාහිනිය මෑතකදී “මිනිසා සිම්පංචියාගෙන් සිතුවටත් වඩා පරස්පර වේ” යන මාතෘකාව යටතේ වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී. එහිදී මිනිසා හා සිම්පංචියා අතර ගැලපුම 98%ක් බව ඩාවින් වාදීන් පැවසුවත්, එය එසේ නොවන බවත්, එහි ගැලපුම 95% ක් බවත්, කැලිෆෝනියානු විද්‍යාඥයින් රායි බ්‍ර්ටන් ප‍්‍රමුඛ කන්ඩායම පෙන්වා දෙයි. මේ ආකාරයටම මෙම ජාන සැසැදීමෙහි නිරතවු ශිබ්ලි සහා අහල්කුයිස්ට් යන ජීව විද්‍යාඥයින් දෙදෙනා 1987 දී තම පරීයේෂණ ප‍්‍රතිඵලය Jouríl of Molecular Evolution (V26 pp212) සගරාව මගින් ප‍්‍රකාශයට පත්කොට තිබුණි. එහිදි ඔහුන් පවසා තිබුනේ මෙම ගැලපුම 95%ක් බවයි. නමුත් මොවුන්ගේ ප‍්‍රතිපලය අධ්‍යනය කල ශාරික් නැමැති විද්‍යාඥයකු පවසා සිටියේ මෙම ප‍්‍රථිපලයෙහි ගැටළු බොහෝමයක් ඇති බවයි. මේ සම්බන්ධයෙන් පරියේෂණවල නිරත වු තවත් විද්‍යාඥයකු වන ආචාර්‍ය ඩාන් බ්‍රෙටන් 1996 මේ පිලිබදව පරියේෂණ කොට මිනිසා හා සිමිපංචියා අතර ගැලපුම 98% කිසිසේත් විය නොහැකි බව පවසන ලදී. මේ ආකාරයට ඩාවින්ගේ මතයට පරස්පර මත ඉදිරිපත් වෙමින් පවතී. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කරුණක් ඇත. එනම් මිනිස් ජානය මේ ආකාරයට චිත‍්‍රයට නගා ඇතත් සිම්පංචියාගේ ජානය මේ දක්වා මේ ආකාරයට චිත‍්‍රයට නගා නොමැත. එම නිසා මේ ආකාරයට මේ දෙක ගැලපීම විහිළුවක් බව බොහෝ විද්‍යාඥයන් පෙන්වාදෙයි

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම