අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය - විමසුම: Difference between revisions

From Yahamaga
No edit summary

(58 intermediate revisions by the same user not shown)
Line 4: Line 4:
{{Menu01}}
{{Menu01}}

[[File:Holyquran.jpg|thumb|300px| link=|
[[File:Quran-PNG.png|thumb|300px| link=|

'''විෂය හැදින්වීම'''

'''අල් කුර්ආනය'''

* '''හැදින්වීම -''' ලොවපුරා සිටින ඉස්ලාම් බැතිමතුන් තම දෙවියන් වන අල්ලාහ් (දෙවි) හමුවේ සිට පහල වූ දිව්‍ය පුස්තකය ලෙස මෙම පුස්තකය පිලිගනී.

* '''හැදින්වීම -''' ලොවපුරා සිටින ඉස්ලාම් බැතිමතුන් තම දෙවියන් වන අල්ලාහ් (දෙවි) හමුවේ සිට පහල වූ දිව්‍ය පුස්තකය ලෙස මෙම අල් කුර්ආන් පුස්තකය පිලිගනී.

*  '''පහල වූ ස්ථානය සහ කාලය -'''අරාබි දේශයේ “මක්කාව“ සහ “මදීනාව“ ආශ්‍රිතව ක්‍රී:ව: 610 - 632 දක්වා වූ කාලය තුල පහල විය.

*  '''පහල වූ ස්ථානය සහ කාලය -'''අරාබි දේශයේ “මක්කාව“ සහ “මදීනාව“ ආශ්‍රිතව ක්‍රී:ව: 610 - 632 දක්වා වූ කාලය තුල පහල විය.

*  '''මුල් භාෂාව -''' අරාබි.

*  '''මුල් භාෂාව -''' අරාබි.

Line 13: Line 13:
* '''වැඩිදුර කරුණු කියවන්න -''' [https://www.britannica.com/topic/Quran බ්‍රිටනිකා විශ්ව කෝෂය]

* '''වැඩිදුර කරුණු කියවන්න -''' [https://www.britannica.com/topic/Quran බ්‍රිටනිකා විශ්ව කෝෂය]

'''ලිපිය හැදින්වීම'''

'''ලිපිය හැදින්වීම'''

* '''මාතෘකාව -''' අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය

* '''මාතෘකාව -''' අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය

Line 20: Line 20:
*  '''ලිපියෙහි කතෘ -''' [[අබූ අර්ශද්]]

*  '''ලිපියෙහි කතෘ -''' [[අබූ අර්ශද්]]

Line 182: Line 182:
ඉහත සිද්ධිය රවයක් බව දැනගත් මුස්ලීම් ප්‍රජාව සතුටින් ජීවත් වූවත් ඉහත වාක්‍ය තුල අල්ලාහ් (දෙවි) “මුහම්මද් හුදෙක් රසූල්(දේව දූත)වරයකු පමණි. ඔහුට පෙරද රසූල්වරු කාලාතික්‍රමණය කළාහුය. එසේ නම් ඔහු මළොත්...“ යැයි පැවසීම තුල මේ මුහම්මද් (සල්) තුමාණන් දිනක මියයන බව මුස්ලීම්වරුන් තම සිත් තුල දාරනය කරගන්නා ලදී. ඒ අනුව නබිතුමාණන් වසර ගණනාවකට පසු සැබවින්ම මිය ගිය විට ඔවුන්ගේ සහචරයන් වූ මුස්ලීම්වරුන්ට එම වදන සැනසීම ලබා දුන්නේය. උහුද් සමයේ එම සිද්ධිය ඔවුන්ව සිතන්නට සහ යථාර්තය අවබෝධ කරගැනීමට  අවස්ථාවක් ලබාදුනි. චිත්තවේගීය වශයෙන් දුෂ්කර තත්වයක් ගැන සිතීම සහ සැලසුම් කිරීම ඔබේ ස්ථාවරය පවත්වා ගැනීමට හොඳම ක්‍රමයකි. එය හදවත් ශක්තිමත් කරයි. මිනිසුන් මුහුණ දෙන සෑම දුෂ්කරතාවයක්ම අල් කුර්ආනය පහළ වීම තුල කොතැනක හෝ කථා කොට ඇත. මේ අනුව අල් කුර්ආනය එකවර මිනිස් සමාජයට පහල කිරීමට වඩා කොටස් වශයෙන් පියවරින් පියවර පහල කිරීමයි ප්‍රායෝගික නිවැරදි ක්‍රමවේදය වන්නේ යන්න මින් ඔබට පැහැදිලි වියයුතු වේ.

'''අල් කුර්ආනය පහල වීමේ අරමුණ කුමක්ද?'''

'''අල් කුර්ආනය පහල වීමේ අරමුණ'''

ඉස්ලාම් දහමේ දේව පුස්තකය වන '''අල් කුර්ආනය''' පහල වීමේ අරමුණ මේ යටතේ විමසා බැලීමට අදහස් කරමි. මිට සියවස් 14 කට පෙර අරාබි දේශයේ “මුහම්මද්“ නම් දේව වක්තෘවරයෙකු හට මෙම පුස්තකය පහල කල බව ඉස්ලාම් දහම පවසයි. එම පුස්තකය මිහිමතට පහල කිරීමේ අරමුණ කුමක්ද? යන්න දැන් විමසා බලමු.

Line 222: Line 222:
ඉහතින් සදහන් ආකාරයේ උතුම් අරමුණු පෙරදැරිව පහල වූ අල්කුර්ආනය 6500 කටත් අධික වාක්‍ය ප්‍රමාණයකින් සමන්විත වන අතර ලොව අනිකුත් ආගමික පුස්තකයන් මෙන් නොවී අල්කුර්ආනය ආරම්භයේ පටන් අද දක්වා සම්පූර්ණයෙන් ම ආරක්ෂා වූ පුස්තකයක් ලෙස ද පවතී. (මේ පිලිබදව වැඩි විස්තර මෙහි පහතින් '''අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය''' නම් මාතෘකාව යටතේ ඉදිරියට සාකච්චා කෙරේ.) එම කාරණය ඔබේ වැඩිදුර දැනුමට තබමින් මෙම සටහන අවසන් කරන්නේ අල්කුර්ආනය සම්බන්ධ තවත් මාතෘකාවකින් ඔබ හමුවීමට තවත් යාවත්කාලීනයන් එක් කිරීමේ පොරොන්දුව ද ලබා දෙමිනි.

වීමේ අරමුණ නිවැරදිව අප තේරුම් ගෙන ඒ අනුව ජීවත් වීමට අධිෂ්ඨාන කරගමු යන ඉල්ලීම ඔබ හමුවේ තබමිනි.
වීමේ අරමුණ නිවැරදිව අප තේරුම් ගෙන ඒ අනුව ජීවත් වීමට අධිෂ්ඨාන කරගමු යන ඉල්ලීම ඔබ හමුවේ තබමිනි.

'''අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය'''

'''අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය'''

Line 442: Line 442:

'''අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 09 – අල් කුර්ආනය පිටපත් ගැනීම'''

'''අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 09 – අල් කුර්ආනය පිටපත් ගැනීම'''

අල් කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය සාකච්චා කරන පෙලෙහි දැන් එහි තවත් කොටසක් ලෙස අල්කුර්ආන් මුල් කෘතියෙන් පිටපත් ලබා ගැනීම යන විෂය මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. වත්මන් සමාජ භාවිතයේ පවතින අල් කුර්ආනය පූර්ණ ලෙස ආරක්ෂා වූ අල් කුර්ආනය ද යන්න විමසා බලන විට ඉහත විෂය ද මෙහි විමසා බැලිය යුතුම මාතෘකාවකි. ඒ අනුව මෙතැන් සිට එම විෂය වෙත මේ යටතේ අවදානය යොමු කරමි.
මීට ඉහත සාකච්චා කල ආකාරයට තැන් තැන්වල පැවතී අල් කුර්ආන් කොටස් ඒකරාශි කොට තනි ග්ග්‍‍රන්රථයක්න්ථා ලෙස සැකසීම එවකට පාලකයා වූ අබූබක්කර් (රලි) තුමා යටතේ සිදුවුණි. ඒ අනුව එම අල්කුර්ආන් මුල් පිටපත එවකට රටේ පාලකයා (ජනාධිපතිවරයා) භාරයේ තිබුණි. මෙසේ කාලය ගතවීමත් සමග විශේෂයෙන් තුනවන පාලකයා වන උස්මාන් (රලි) තුමාණන්ගේ පාලන සමය වන විට ඉස්ලාම් රාජ්‍ය සීඝ්‍රයෙන් පුළුල් වූ නිසා ඉස්ලාමයේ ඉගෙන්වීම සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාලකයා සතුව තිබූ අල් කුර්ආන් ග්‍රන්ථයෙන් පිටපත් ගැනීම පිලිබදව අවදානය යොමු විය. ඒ අනුව අල්කුර්ආන් මූල ග්‍රන්ථයෙන් පිටපත් 07ක් ලබාගන්ත්නා ලද අතර එතෙක් සමාජයේ භාවිතයේ තිබූ අල්කුර්ආන් වාක්‍යයන් ලිය වී තිබූ ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම්… යන සියල්ල එක්රැස් කොට ඒවා විනාශ කිරීම ද එවකට පාලක ජනාධිපති (උස්මාන් (රලි)) තුමා විසින් සිදු කරන ලදී. එසේ විනාශ කිරීමට මුලික හේතුව වුයේ, එවකට පැවතී සමාජය මෙම අල්කුර්ආන් වාක්‍යයන් ලියන ලද ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම්… යනාදීය තබාගෙන නිසි පිලිවලක් නොමැතිව එය පාරායනය කිරීම නිසා අල්කුර්ආනය විදිමත් පරිධි මුස්ලීම් සමාජයට ලබාදීමයි.
ඒ අනුව අල්ඉ කුර්ආන් පිටපත් 07 ක් ලබාගත් එවකට පාලක උස්මාන් (රලි) තුමාණන් එම පිටපත් විවිධ ප්‍රදේශයන්ට බෙදාදීම ද කරන ලදී. එලෙස එදා පිටපත් ගන්නා ලද අල් කුර්ආන් 07 න් 02 ක් අදටත් ලොව ආරක්ෂා වී පවතී. ඒ “තුර්කිය“ රටේ “ස්තම්බුර්“ කෞතුකාගාරයේ සහා “රුසියාවේ“ “තාෂ්කන්ඞ්“ කෞතුකාගාරයේය. එය අදටත් ජනතා ප්‍රදර්ශනය සදහා ආරක්ෂිතව තබා ඇත. (මෙහි පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූපයකි)
[[File:Qura.jpg|600px|center|]]
මේ ආකාරයට අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එතැන් පටන් මේ දක්වා අල්කුර්ආනය විකාශනය වූ ඉතිහාසය මෙලෙස ඉදිරිපත් කරන විට මේ කිසිවක්මෙ පිලිබදව නිසි අවබෝධයක් නොමැති මුස්ලීම් නොවන සමහර පිරිස් '''එදා එය ආරක්ෂා වූ බව සැබෑවක් වන්නට පුළුවනි. නමුත් එම ග්‍රන්ථය හා වර්ථමාන අල්කුර්ආන් ග්‍රන්ථය අතර කිසිදු පරස්පරතාවයක් නැතැයි පවසන්න පුළුවන්ද?''' යනුවෙන් පැනයන් මතු කිරීම අද දක්නට ලැබේ. මෙලෙස ඉදිරිපත්ම කරන එම පැනයට මා පිලිතුරු දෙනවාට වඩා මේ පිලිබදව පුළුල් පරියේෂණයක් කල පරියේෂණ වාර්ථාවක් මෙහි ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු යයි සිතමි. අල්කුර්ආනය පිලිබදව ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාල පරියේෂණ කණ්ඩායමක් සිදුකල එම පරික්ෂණය පහත ආකාරයට වේ.
මියුනිච් (Munich) විශ්වවිද්‍යාලයේ පරියේෂක කන්ඩායමක් අල්කුර්ආන් පිටපත්වල ඇති වැරදි හා සංශෝධන පිලිබදව පරියේෂණයක් සිදුකරන ලදි. ඔවුන්ගේ පරියේෂණවල මූලික අරමුණ වූයේ, අද සමාජ භාවිතයේ පවතින අල්කුර්ආනය හා අදටත් කෞතුකාගාරයේ ආරක්‍ෂා වි පවතින මුල් අල්කුර්ආනය අතර කිසියම් වෙනසක්, පරස්පරතාවයක් පවතිනවාද? යන්න සොයා බැලීමයි. මෙම පරියේෂණය සදහා ඔවුන් විසින් විවිධ කාලවල විවිධ රටවල් මුද්‍රණය කරන ලද අල්කුර්ආන් පිටපත් 42000ක් පමණ උපයෝගි කරගන්නා ලදී. මෙසේ පුළුල් පරියේෂණයක නිරත වු එම කන්ඩායම අවසාන ප්‍රතිඵල වාර්ථාව ඉදිරිපත් කලේ මෙසේය.
“හිජ්රි පලමුවන සියවස (ඉස්ලාමීය දින දර්ශනයට අනුව මුල් සියවස)යේ සිට 14 වන සියවසය (මේ ගෙවීයමින් පවතින්නේ 14 වන සියවසයයි එනම් මේ හිජ්රි 1431යි) දක්වා ලියන ලද සියලූම කුර්ආන් ග‍්‍රන්ථයන් අතුරින් සමහරක් මුද්‍රණ දෝෂ හැර වෙන කිසිදු ආකාරයක දෝෂයක්, වෙනසකමක් දක්නට නොමැත” [[අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය - විමසුම#උපුටා ගැනීම්|'''(4)''']]
ලොව කිසිදු කෘතියකට හිමි නොවන එම ගෞරවය අල්කුර්ආනය දිනාගත්තේ එය ආරම්භයේ පටන් ඉතා සැලසුම් සහගතව දිව්‍ය මඟපෙන්වීමකට අනුව ආරක්ෂා වූ නිසාම පමණි. මුස්ලීම් නොවන සමාජය මවිත කරවන ඉහත පරියේෂණ වාර්ථාව අල්කුර්ආනයේ මහිමය තවත් ඉහල නංවන්නක් නොවේද?. තවදුරටත් පවසන්නේ නම්, මෙම අල්කුර්ආනයේ අන්තර්ගතය පිලිබදව පුළුල් ගවේශණයක් සිදුකල විද්‍යාඥයෙකු වන '''ආචාර්‍ය මොරිස් බුකෙයිල් (Maurice Bucaille)''' තම “'''ද බයිබල්, ද කුර්ආන් ඇන්ඞ් සයන්ස්'''” (The Bible, The Quran and Science) යන කෘතියෙහි එක්තරා ස්ථානයක මෙසේ පවසයි.
“…අල්කුර්ආනය මුහම්මද් තුමාගේ කෘතියක් යයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව ඉහත සදහන් කරුණුවලින් පෙනේ. අකුරු නොදත්තෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ටතම සාහිත්‍යධරයා විය හැක්කේ කෙසේද? තත්කාලයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටී තරමේ අල්ප මාත‍්‍ර වරදකින් තොරව එබදු විද්‍යාත්මක සත්‍යයක් හෙලිදරව් කල හැක්කේ කෙසේද?” (පිටු අංක 125) [[අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය - විමසුම#උපුටා ගැනීම්|'''(5)''']]
මේ සියල්ල මුස්ලීම් නොවන සමාජය මවිත කරවන කාරණා වුවද මෙය මනුෂ්‍ය ශක්තිය ඉක්ම වූ දේව සැලැස්මක් යයි විශ්වාස කොට එය පිලිගෙන කටයුතු කරන මුස්ලීම්වරුන් වන අපට මේ කිසිවක් පුදුමයට කාරණයන් නම් නොවේ. මා මෙහි එසේ පැවසීමට තවත් හේතුවක් වන්නේ මෙම අල්කුර්ආනය ආරක්ෂා කිරීමේ වගකීම එය පහල කල දෙවියන්, තමන් විසින්ම භාරගෙන සිටීන බැවිණි. මෙය අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ මෙසේ පවසයි.
“ඇත්තෙන්ම අපමය කුර්ආනය පහල කලේ, ඇත්තෙන්ම අපමය එය ආරක්‍ෂා කරන්නේ”
[[අල්කුර්ආනය]] 15-9
මේ අනුව අල්කුර්ආනය ආරම්භයේ පටන් මේ දක්වා කිසිදු ආකාරයක විකෘතියකට ගොදුරු නොවී අද දක්වාත්, මතු අනාගතයටත් ආරක්ෂා වී පවතිනවා යන්නෙහි කිසිදු සැකයක් නොමැත. මෙය එසේ ආරක්ෂා වීමේ රහස එය සැබෑ දිව්‍ය පුස්තකයක් වීම සහ ඉහත 15-9 හි සදහන් ආකාරයට එය ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන් විසින්ම භාරගෙන සිටීම බව වටහා ගතයුතුය. එය එසේ නොවී එය ආරක්ෂා වීම මනුෂ්‍ය සැලැස්මක ප්‍රථිපලයක් නම් ලොව සෑම දහමක දර්ශනයක ම එහි ඉගෙන්වීමන් මෙලෙස ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතිය යුතු වේ. නමුත් මෙම භාග්‍යය ඉස්ලාම් දහමට පමණක් උරුම වන්නටත් ලොව අනිකුත් දහමන් ට උරුම නොවීමටත් හේතුව මෙය දේව පුස්තකයක් වීම යන්න නැවත නැවතත් අවදාරණය කරමින්
මෙම සාකච්චාවේ තවත් කොටසක් ලෙස '''අල් කුර්ආනය සේ ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර මුල සිට ආරක්ෂා වී නැත්තේද?’ යන කාරණය  විමසා බලමු.

'''අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 10 – අල් කුර්ආනය සේම ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර මුල සිට ආරක්ෂා වී තිබේද?'''

අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය පිලිබදව සාකච්චාවේ අවසාන කොටස වන '''අල් කුර්ආනය සේම ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර මුල සිට ආරක්ෂා වී තිබේද?''' යන්න මෙහි සංවාදයට ගැනීමට අදහස් කරමි. අල්කුර්ආනය හෝ ලොව වෙනත් ආගමික හෝ වෙනයම් පුස්තකයක ඉගෙන්වීමන් ගවේෂණය කිරීමට හෝ සංවාදයට බඳුන් කිරීමට නම් එය ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. මේ අනුව
අල් කුර්ආනය එම සුදුසුකම සපුරා ඇති බව ඉහතින් විමසා බැලුවෙමු. දැන් මෙහි ඇති ගැටළුව ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර නොහොත් පුස්තකයන් හි ඉරණම කුමක්ද? යන්නයි. ඒ පිලිබදව මෙහි කෙටියෙන් විමසා බලන්නේ නම්,
මෙම සාකච්චාව යොමු වීමට ප්‍රථම මෙහි කිවයුතු කාරණයක් ඇත. එනම්, මෙහි කථා කරන කරුණු මුස්ලීම් නොවන සමාජයට තරමක අමිහිරි එකක් වන්නට පුළුවන. එයට හේතුව සමාජය තුල වසන් වී තිබෙන නොඑසේ නම් සිතාමතා වසන් කොට තිබෙන විෂයක් මෙහි සාකච්චාවට බඳුන් කිරීමයි. මෙම මාතෘකාව ශ්‍රී ලාංකීය සමාජය මුල් කරගෙන සාකච්චා කරන නිසා අප රටේ ප්‍රධාන ආගමික පුස්තක දෙකක් වන “ත්‍රිපිටකය“ හා “බයිබලය“ පදනම් කරගෙන මෙය විමසා බලන අතර මෙම විෂය මීට ඉහත [[යහමග අඩවිය]] තුල සාකච්චා කොට ඇති නිසා මෙම ලිපිය මඟින් සිදු කොට ඇත්තේ එම ලිපිය වෙත (Link) යොමු කිරීම පමණී. (එම ලිපිය වෙත පිවිස සවිස්තරව කියවන්න.)
* '''[[ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය|බුදු දහමේ ප්‍රධාන ග්‍රන්ථය වන ත්‍රපිටකය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය,]]'''
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කළ ඓතිහාසික මාතලේ අළු විහාරයට එම සත් කාර්ය සඳහා වැඩම කළ රහතුන් වහන්සේ වැඩ විසූ බවට සැලකිය හැකි ගල් ලෙන් 25 කට වැඩි ප්‍රමාණයක් අළු විහාර විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියෙන් සොයා ගැනීමට හැකි වී ඇත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ මාතලේ අළුලෙන් විහාරයේදී බව. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.  ([[ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය|වැඩි විස්තර]]) '''[[අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය - විමසුම#උපුටා ගැනීම්|(6)]]'''
* '''[[බයිබලය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය|කිතුණු දහමේ ප්‍රධාන ග්‍රන්ථය වන බයිබලය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය,]]'''
මේ පිළිබඳව 1984.04.09  දින ලන්ඩනයේ රූපවාහිනී නාලිකාවක '''“JESUS THE EVIDENCE”''' [[අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය - විමසුම#උපුටා ගැනීම්|'''(7)''']] නමින් වාර්තාමය චිත්‍රපටයක් තුලින් අවධාරනය කර තිබුනේ බයිබලයේ අඩංගු බොහෝ කරුණු සැකයට තුඩු දෙන බවයි. මෙම වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්ෂක දෙපල තවදුරටත් පවසා සිටියේ, ‘'''මෙය අපගේ පෞද්ගලික අදහස් නොවන බවත් බයිබලය හා ඉතිහාසය සම්බන්ධ දීර්ඝ පරියේෂණ කොට ලබා ගත් තොරතුරු'''” බවත් ය. මෙම බයබලය '''යේසුස් වහන්සේගේ කාලයේ නොලියූ බවත් එතුමාගෙන් පසු අවුරුදු 80-100 අතර  කාලයේ නමක් පවා නොදන්නා පුද්ගලයකු විසින් ලියන ලද්දක්''' යන්නත් ඔවුන්ගේ නිගමනයයි. ([[බයිබලය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය|වැඩි විස්තර]])
ඉහත කරුණු අනුව අප රටේ ප්‍රධාන ආගමික මූලාශ්‍ර දෙකක ඉරණම කුමක්ද? යන්න ඔබට තරමක් දුරකට අවබෝධ වනු ඇතැයි සිතමි. මේ පිලිබදව වැඩිදුර අවබෝධ සදහා මෙහි ඉදිරිපත් කොට ඇති කරුණු සේම අන්තර්ජාලය තුල මෙම විෂය පිලිබදව ලියවී ඇති ගවේෂණාත්මක ලිපි අධ්‍යනය කරන්නේ නම් මෙහි මා පවසන තත්වය අවබෝධ කරගත හැක. ඒ සදහා ආරාධනා කරමින් ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය’ නම් මෙම සාකච්චාවට විරාමය තබමින් මෙම ලිපියෙහි ඉදිරි මාතෘකාවන්ට යොමු වෙමි.

'''ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් අතර අල් කුර්ආනය'''

කිසියම් දහමක්, දර්ශනයක් නිසි ආකාරව අවබෝධ කරගැනීමේ දී එහි මූලාශ්‍ර ග්‍රන්ථය වැදගත් සාධකයක් වේ. උදාහරණයකට කිසිවකු කිතුණු දහම ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ නම්, එය කිතුණු සමාජ විශ්වාසයන් හා පිළිගැනීමන් මත පදනම්ව ඉගෙන ගත නොහැක. එය අවබෝධ කර ගතයුත්තේ බයිබලයේ ඉගෙන්වීමන් තුලිනි. එසේම කිසිවකු බුදුදහම ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ නම්, එය බෞද්ධ සමාජ විශ්වාසයන් හා පිළීගැනීමන් මත පදනම්ව ඉගෙන ගත නොහැක. එය අවබෝධ කර ගතයුත්තේ ත්‍රිපිටකයේ ඉගෙන්වීමන් තුලිනි. ඒ ආකාරයට කිසිවකු ඉස්ලාම් දහම ඉගෙන ගන්නට අදහස් කරන්නේ නම්, එයත් කලයුත්තේ මුස්ලීම් සමාජ විශ්වාසයන් හා පිලිගැනීමන් දෙස බලා නොව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් පරිශීලනය කිරීම තුලිනි. මේ අනුව කිසියම් කෙනෙකු ඉස්ලාම් දහම පිලිබදව කථා කරන්නේ නම්, ඔහු/ඇය මුස්ලීම් වේවා, මුස්ලීම් නොවේවා අනිවාර්‍යෙයන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හා එහි ඉගෙන්වීමන් දැන් සිටීම අනිවාර්‍ය වේ.
ඒ අනුව කිසියම් කෙනෙකු ඉස්ලාම් දහමේ මූලාශ්‍ර දැනුම නොමැතිව ඉස්ලාම් දහම කථා කරන්නේ නම් හෝ ඉස්ලාම් දහම විවේචනය කරන්නේ නම්, ඒ සියල්ල පදනම් විරහිත හිස් වචන පමණක් බව තේරුම් ගතයුතු වේ. එම කාරණය හොදින් මනසේ රදවාගෙන ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද? යන්න දැන් විමසා බලන්නේ නම්,
ඉස්ලාම් දහම දිව්‍ය මඟපෙන්වීමක් මත ගොඩවැඟුණු දහමක් යන්න මුස්ලීම්වරුන්ගේ පිලිගැනීමයි. එම දිව්‍ය මඟපෙන්වීම දෙවියන් විසින් මිනිස් සමාජයට ආකාර දෙකකට පහල කලා යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එනම්,
* '''අල් කුර්ආනය -''' දිව්‍ය දවන් පමණක් අන්තර්ගත පුස්තකය,
* '''අල් හදීස් -''' මුහම්මද් (සල්) තුමාණන් ඉස්ලාම් දහම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ ආකාරය සදහන් පුස්තකයන්,
ඉහතින් සදහන් මූලාශ්‍රයන් වන “අල් කුර්ආනය“ සහ “අල් හදීසය“ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා ස්ථාවරයන් කුමක්ද? යන්න කෙටියෙන් මෙහි විමසා බලන්නේ නම්,

'''අල් කුර්ආන් මූලාශ්‍රය'''

“අල් කුර්ආනය“ යනු මීට වසර 1400කට පෙර ආරාබි දේශයේ මුහම්මද් නම් මිනිසෙකු හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වී එසේ පහල වූ දේව වාක්‍යයන් එක් කොට ලියන ලද ග්‍රන්ථයයි. මෙය එම මුහම්මද් (සල්) නම් නබිවරයා හට වසර 23ක කාලයක් පුරාවට විටින් විට පහල වූ දේව අණපනත්, අවවාද, අනුශාසනා, අනාවැකි… යනාදියෙහි එකතුවකි. එසේම මෙය ප්‍රකාශ වූ මොහොතේ ම ලේඛණ ගත වූ ග්‍රන්ථයකි. මෙහි පරිච්චේද 114ක් ඇති අතර වාක්‍යයන් 6000කට වැඩි සංඛ්‍යාවක් ඇත. මෙම කුර්ආනයේ ඇත්තේ දෙවියන් විසින් පවසන ලද කරුණු පමණක් වන බැවින් එය ‘ශුද්ධ වූ කුර්ආනය’ යනුවෙන් හදුන්වනු ලැබේ. (මේ පිලිබදව ඉහතින් සවිස්තරව සාකච්චා කොට ඇත.)

'''අල් හදීස් මූලාශ්‍රය'''

ඉහත සදහන් ආකාරයට අල් කුර්ආන් වාක්‍යයන් මුහම්මද් (සල්) නම් නබිවරයා හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වූ පසු එම දේව නියෝගය මිනිස් සමාජය හමුවේ ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරමින් සමාජයට ලබාදුන් ආදර්ශය ‘අල් හදීස්’ වේ.
ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දේව පණිවුඩය පහල වූ මිනිසා වක්තෘවරයෙකු හෙවත් නබිවරයෙකු ලෙස හදුන්වයි. ඒ අනුව මුහම්මද් (සල්) ලොව ප්‍රථම නබිවරයා නොවන අතර ආරම්භ මිනිසාගේ පටන් ලක්ෂයකටත් අධීක සංඛ්‍යාවක් නබිවරුන් හෙවත් වක්තෘවරැන් එවන ලද බව ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ ආකාරයට පැමිණි වක්තෘවරුන්ගෙන් මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයා හෙවත් නබිවරයා බව ශුද්ධ වූ කුර්ආනය අවධාරනය කරයි. මෙම නබිවරයා ශුද්ධ වූ කුර්ආනයට දෙන අර්ථ කථන හා නබිවරයා තම දෛනික දිවිය තුල සමාජයට පෙන්වන ආදර්ශයන් ‘අල් හදීස්’ යනුවෙන් හදුන්වන අතර එයත් ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රයක් බව පහත අල් කුර්ආන් වාක්‍ය තුලින් ද පැහැදිලි වේ. එනම්, ඉස්ලාමී ‍ඉගෙන්වීමට අනුව එනම්, අල් කුර්ආනය පවසන ආකාරයට
අප මෙම කුර්ආනය නබිවරයාට පහල කලේ '''එය ඔහු පැහැදිලි කිරීම''' පිණීසයි.,
[[අල්කුර්ආනය]] 12-6
මෙම නබිවරයා '''ස්වමත කිසිවක් ප්‍රකාශ නොකරයි'''. ඔහු පවසන සියල්ල ‘වහී’ (දේව පණිවුඩ) වේ.
[[අල්කුර්ආනය]] 53-3, 4
මෙම නබිවරයා හමුවේ නුඹලාට '''අලංකාර ආදර්ශයන් ඇත්තේම ය'''
[[අල්කුර්ආනය]] 33-21
ඉහත පළමු අල් කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් පවසන්නේ මෙම අල් කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් හට පහල ක‍ළේ එය එතුමා පැහැදිලි කිරීම පිණිස බවයි. එසේ නම් එතුමාගේ පැහැදිලි කිරීමන් ද ඉස්ලාම් වේ. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් අල් කුර්ආනයේ බොහෝ තැන්වල වත්කම් ඇති මුස්ලීම්වරුන් “සzකාත්” (අනිවාර්ය බද්ධක්) ගෙවන ලෙස අණ කරයි. නමුත් කොතරම් ප්‍රමාණයක් දිය යුතු ද යන්න අල් කුර්ආනයේ සදහන් නොවේ. මෙම අල් කුර්ආන් වාක්‍යය මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලි කිරීමේ දී මුදල්, රන්භාණ්ඩ, සතුන්, ඉඩම්, ධාන්‍ය… යනාදී සදහා වෙන වෙනම “සzකාත්” (අනිවාර්ය බද්ධක්) දියයුතු ප්‍රමාණය සංඛ්‍යාත්මකවම පවසයි. ඒ අනුව කිසිවකු ඉස්ලාම් දහමේ අනිවාර්‍ය වගකීමක් වන සzකාත් බද්ධ ගෙවීමට නම් අල් කුර්ආනය මෙන්ම නබිතුමාගේ ආදර්ශයන් (අල් හදීසය) ද ගතයුතු වේ.
එසේම ඉහත දෙවන අල් කුර්ආන් වාක්‍යයෙන් මේ නබිවරයා පවසන සියල්ල දේව පණිවුඩ බවටත් තෙවන වාක්‍යයෙන් ඔහු හමුවේ අලංකාර වූ ආදර්ශයන් ඇති බවටත් දෙවියන් විසින්ම සහතිකයක් ලබාදේ. ඒ අනුව එතුමාගේ ආදර්ශයන් එනම්, එතුමාගේ ක්‍රියාවන්, එතුමා පවසන දෑ සහ එතුමාගේ අනුමත කිරීමන් යන මේ තුන් ආකාරයම '''[[අල්හදීස්|අල් හදීස්]]''' යන්න තේරුම් ගතයුතු වේ. මෙම අල් හදීසයන් ද වර්තමානයේ ග්‍රන්ථාරූඪව පවතින අතර එය බොහෝ විට එක්රැස් කරන ලද විද්වතුන්ගේ නම්වලින් පවතී. උදාහරණයකට නම් කිහිපයක් සදහන් කරන්නේ නම් බුහාරි, මුස්ලීම්, තිර්මිදි, අහ්මද්, අබුදාවූද්, ඉබුනුමාජා, බයිහකී… යනාදිය මින් කිහිපයකි. (ඔබේ අවධානයට – මෙම වෙබ් අඩවිය තුල අල් හදීසයන් සදහන් කිරීමේ දී එය අන්තර්ගතව තිබෙන ග්‍රන්ථය හා එම ග්‍රන්ථයේ එය කී වෙනි හදීසය ද යන්න සටහන් කරනවා ඔබ දැක ඇත.) මේ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ අල් කුර්ආනය හා අල් හදීසය හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශය යන්නයි. ඉස්ලාම් දහම යයි කිසිවකු කුමක් හෝ පවසන්නේ නම් එය ඉහත මූලාශ්‍ර දෙකෙහිම හෝ එකක තිබීම අත්‍යාවශ්‍ය වේ. මේ දෙකට පරිභාහිරව කව්රුන් කුමක් පැවසුවත් එය ඉස්ලාම් නොවේ.
'''විශේෂ අවදානයට -''' මෙම අල් හදීසය පිලිබදව වැඩිදුර කරුණු දැන ගැනීමට මෙම අඩවිය තුල ඇති '''[[අල්හදීස් යන්නත් දිව්‍ය වදන්ය]]''' යන ලිපිය කියවන්න.

'''අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි - 01'''

ඉස්ලාම් දහම "දිව්‍යමය මඟපෙන්වීමන් මත ගොඩනැඟුණු දහමක් යන්න අවස්ථා ගණනාවකදීම විවිධ පැතිකඩ ඔස්සේ මෙම [[යහමග අඩවිය]] තුල පැහැදිලි කොට ඇත. එසේම ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ “[[අල්කුර්ආනය]]” සහ “[[අල්හදීස්]]” පමණක් යන්නත් මෙම අඩවිය තුල මීට ඉහත පැහැදිලි කොට ඇත. එසේම [[අල්කුර්ආනයේ ඉතිහාසය 01 – අල්කුර්ආනය හැදින්වීම|පහල වූ දිව්‍ය වදන් ආරම්භයේ පටන් ආරක්ෂා වූ බවත් එය ආරක්ෂා වූ ආකාරයත්]] මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස කථා කොට ඇත.
මේ අනුව “ඉස්ලාම්” යැයි කිසිවකු කිසිවක් පවසයි නම්, එය ඉහත මූලාශ්‍රයන් තුල පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්න පැහැදිලිය. නිදසුනකට ඉස්ලාම් දහම “දරු කළලයේ විකාශණය පියවරින් පියවර පැහැදිලිව පවසනවා” යැයි මා පැවසුවේ නම්, එය එසේ පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය එසේ පවසන්නේ කුමන ඉස්ලාම් ආගමික මූලාශ්‍රයේද? එහි කුමන පරිච්ඡේදයේද? එය කීවැනි වාක්‍යයද? එසේ පවසන සාක්ෂිය “අල්හදීසයක්” නම් එහි “[[සනදයේ තත්වය කුමක්ද?]]” යනාදී කරුණු සියල්ල ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ. එසේ නොමැතිව කුමක් හෝ කාරණයක් ආගම නමින් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කොට “මේක මේ පොතේ තියෙනවා”,  “අර පොතේ තියෙනවා”, “මම අහලා තියෙනවා”... යනාදී ලෙස පවසන ලෝක සම්ප්‍රදායන් ඉස්ලාම් දහම තුල වලංගු නැත.
එසේම මෙතැනදී අවදාරණය කලයුතු තවත් කාරණයක් ඇත. එනම්, “අල්කුර්ආනය“ යනු විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරන විද්‍යා විෂය ග‍්‍රන්ථයක් නොවන බවයි. මෙය මෙසේ මා මෙහි අවදාරණය කිරීමට හේතුව විද්‍යා විෂය ග‍්‍රන්ථයක් කියවීමේ දී එහි පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන පැහැදිලිව සදහන් කොට තිබීම දක්නට ඇත. එමනිසා එය විද්‍යාත්මක අනාවරණයක් බව සාමාන්‍ය ජනයාට වුවද පහසුවෙන් අවබෝධ කරගත හැකි වේ. නමුත් අල්කුර්ආනය එසේ නොවේ. එය කියවන පුද්ගලයාගේ බුද්ධි මට්ටම හා ඔහු නියෝජනය කරන ක්‍ෂෙත‍්‍රය අනුව එහි අර්ථය පුළුල් වේ. උදාහර්ණයකට විද්‍යාඥයකු මෙම පොත පරිශීලනය කරන විට එය විද්‍යාත්මක සත්‍යයන් එලිදරව් කරන විද්‍යා ග‍්‍රන්ථයක් ලෙස පෙනෙනු ඇත. දේශපාලඥයකු මෙය පරිශීලනය කරන විට එය ඔහුගේ ක්‍ෂෙත‍්‍රය කථා කරන පොතක් ලෙස පෙනෙනු ඇත. මෙම ග්‍රන්ථය සාමාන්‍ය ජනයා කියවන විට එය ඉතා සරලව පවසන අවවාද අනුශාසනාවන් අඩංගු ලියවිල්ලක් සේ පෙනෙනු ඇත. මෙය [[අල්කුර්ආනය]] දිව්‍යමය පුස්තකයක් යන්න කියාපාන සුවිශේෂි ලක්‍ෂණයක් ද වන අතර මෙය දිව්‍යමය පුස්තකයක තිබිය යුතු මූලික අවශ්‍යතාවයක්ද වේ.
එසේම මෙහි අවදාරනය කල යුතු තවත් කාරණයක් ද ඇත. එනම් මෙම අල්කුර්ආනය පහල වු ආරම්භ සමජයේ බුද්ධි මට්ටම හා වත්මන් නූතන සමාජයේ සුපිරි මිනිසාගේ දැනුම මට්ටම සමඟ අල්කුර්ආනය පවසන කරුණූ කොතරම් දුරකට බුද්ධි ගෝචර වෙනවාද? යන්නයි. මෙම අල්කුර්ආනය එදා අරාබි දේශයේ (වර්ථමාන මක්කාව හා මදීනාව) ප්‍රදේශයේ නොදියුණු සමාජයක් මධ්‍යයේ පහල විය. එසේ පහල වු අල්කුර්ආනය එවකට පැවතී සමාජයට මෙන්ම වර්ථමාන සුපිරි මිනිස් සමාජයටත් කිසිදු පරස්පරතාවයකින් තොරව එකසේ ගැලපීම මෙම පුස්තකය දිව්‍යමය මඟපෙන්වීමක් යන්න කියාපාන කඳිම නිදසුනකි. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වදන් යන්න පමණි.
මීට වසර 1400 කට පමණ පෙර නොදියුණු සමාජයක ප‍්‍රකාශයට පත්වු අල්කුර්ආනය ලොව අනිකුත් ආගමික ග්‍රන්ථයන්ට සාපේක්ෂව අදටත් සියළු දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධවීම තුලින් ද මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වාක්‍යයක් යන්න වඩ වඩාත් තහවුරු කරනවා නොවේද?. එසේම ඉස්ලාමීය විශ්වාසයට අනුව දෙවියන් යනු සුපිරි බලයක් එහි වැරදීම්, අතපසුවීම්, අමතකවීම්… යනාදී කිසිදු දුර්වලතාවයක් කිසිසේත් ඇතිවිය නොහැක. එවැනි කිසියම් දුර්වලතාවයක් එහි පැවතුනේ නම් සමස්ථ අල්කුර්ආනයම අවලංගු වී යනවා යන්නෙහි විවාදයක් නැත. තවත් සරලව පවසනවා නම් මෙම අල්කුර්ආනය ඉස්ලාම් දහමේ තීරණාත්මක සාධකයකි. මෙම අල්කුර්ආනය තුල කිසියම් වරදක් පවතින්නේ නම් එහි ශුද්ධත්වය එම මොහොතේම කෙලෙසී යයි. එවිට ඉස්ලාම් පවසන දෙවියන්, ස්වර්ගය, අපාය, මරණින් මතු ජීවිතය, විනිශ්චය දිනය, වක්තෘවරුන්… යනාදී සියල්ල පිලිබදව සාධාර්ණ වු සැකයක් ඇතිවීම කිසිවකුටත් වැලැක්විය නොහැක. එවන් අවදානම් තත්වයක් තිබියදී පවා ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකොට පියවර ගනනාවක් ඉදිරියට ගොස් “හැකිනම් මෙම අල්කුර්ආනය අසත්‍යයක් බව ඔප්පු කරන්න” යනුවෙන් මුළු මිනිස් සමාජයටම අභියෝග කිරීම මෙම අල්කුර්ආනයේ නිවැරදිභාවය සහ දිව්‍යමයභාවය මනාව කියාපෑමක් නොවේද?. එදා අල්කුර්ආනය ඉදිරිපත් කල ඉහත අභියෝගය අල්කුර්ආනය පහල වූ මොහොතේ පටන් සියවස් 14 ක් මුළුල්ලේ අද දක්වාම විවෘත අභියෝගයක්ව පවතී. ඕනෑම කෙනෙකුට අදටත් එම අභියෝගය වලංගුය. එසේ තිබියදීත් තවම එය ජය ගැනීමට කිසිවකුටත් නොහැකි වුයේ මෙය දිව්‍යමය පුස්තකයක් නිසාම නොවේද?.
එම කාරණා සියල්ල ඔබේ බුද්ධිමත් හා තාර්කික විමසුමා බලන්නේ නම්, එහි ඔබට එක් කාරණයක් පැහැදිලි පෙනෙනු ඇත. ඒ මෙම අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයක් මිස නැත යන්න පමණි.

'''අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි - 02'''

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් වන “අල්කුර්ආනය දිව්‍යමය වදන් එකතුවක්” යන්න තහවුරු කරන ලිපි පෙලෙහි පලමු ලිපිය මීට ඉහත යහමග අඩවිය තුල “[[අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 01]]” යන මාතෘකාව යටතේ විමසා බැලුවෙමු. එම ලිපි පෙලෙහි දෙවන ලිපිය වන මෙම ලිපිය තුලින් ලොව කිසිදු ආගමික මූලාශ්‍රයක දක්නට නොලැබෙන අල්කුර්ආනයට පමණක් ආවේනික සුවිශේෂි ගුණාංගයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට අදහස් කරමි.
අල්කුර්ආනය කිසියම් අනාවැකියක් අවවාදයක් මිනිස් සමාජයට පැවසීමේදී අල්කුර්ආනය තමන්ට ම අවේනික වූ සුවිශේෂි ක්‍රමවේදයක් එහි අනුගමනය කරයි. එනම්,
කිසියම් අවවාදයක් අනාවැකියක් අල්කුර්ආනය ඉදිරිපත් කරන විට වත්මන් මිනිසාගේ සහ අනාගතයේ බිහිවීමට නියමිත සුපිරි මිනිසාගේ බුද්ධිමත්භාවය, විචාරශීලීභාවය හා විවාදශීලීභාවය අවබෝධ කරගත් නිසාදෝ එහි ඉදිරිපත් කරණ කාරණය මිනිස් බුද්ධියට ගෝචර නොවන කාරණයක් වන අවස්ථාවල එම කාරණය හා බද්ධ කොට මිනිස් බුද්ධියට ගෝචර ලෞකික කාරණයක් ද එහි අනාවර්නය කරයි.
නිදසුනක් ලෙස “අපාය”, “ස්වර්ගය”, “මරණින් පසු විනිශ්චය”, “දේවදූතයන්”, “නිරයෙහි දඬුවම”... වැනි විෂයන් අල්කුර්ආනය කථා කරන විට එම කාරණයන් සමඟ බද්ධ කොට ලෞකිකව මිනිස් බුද්ධියට ගෝචර විශ්මිත අනාවර්ණයක් ද එහි සිදු කරයි. ඒ අල්ලාහ් (දෙවි) අපෙන් මෙසේ ප්‍රශ්න කරනවා සේය.
"'''නුඹලාට මා පවසන සත්‍යය නුඹලාගේ බුද්ධියට ගෝචර නොවන නිසා ප්‍රතික්ෂේප කරන්නට සැරසෙන්නේද? එසේ ප්‍රතික්ෂේප කිරීමට මත්තෙන් එහි මා පවසන ලෞකික කාරණය මොහොතක් බුද්ධිමත්ව විමසා බලනු. එය ඔබේ බුද්ධියට ගෝචරය. එසේනම් (ඔබේ බුද්ධියට ගෝචර) මෙය පිලිගෙන (ඔබේ බුද්ධියට ගෝචර නොවේ යැයි) දිව්‍ය කාරණයන් ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?'''"
මෙවැනි ආකාරයේ අවවාද, අනාවැකි හා අනාවර්ණ රාශියක් අල්කුර්ආනයේ ඇත. එම වාක්‍යයන් සියල්ල අල්කුර්ආනය දිව්‍යමය වදනක් යන්න ඉහලින්ම කියාපාන අතර එවන් වූ අල්කුර්ආන් වාක්‍යයන් මෙහි පහතින් පෙලගැසීම මෙම ලිපියෙහි අරමුණයි. (එම අනාවර්ණයන් පිලිබදව වූ දීර්ඝ පැහැදිලි කිරීමන් මෙහි පහතින් Click කොට කියවන්න)

[[File:Logo2020.png|25px|link=]] - '''අල්කුර්ආනය දිව්‍ය වදන් යන්නට සාක්ෂි'''

{{#Widget:HolyBookAvidence02}}

* [[වත්මන් දින දර්ශනය සහ ගුහා වාසීන් විසූ කාලය]]
ඔවුන් ගුහාව තුල වසර 309 ක් නිදාගත් බව පැවසීම පිලිගත නොහැකිද?. එසේනම් ඔවුන් නිදාගත් කාලය නූතන දින දර්ශනයට අනුව (අල්ලාහ් (දෙවි) වන) මා දශමයට ම පවසන සත්‍යය මොහොතක් විමසා බලන්න. එය මීට සියවස් 14 කට පෙර මිනිස් බුද්ධියකින් පැවසිය හැකි කාරණයක්ද?. මෙය පිලිගෙන 309 නිදා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේද?
* [[අපාගින්නෙහිත් විද්‍යාව|අපාගින්න සහ සංවේදී සම]]
අපා ගින්නෙහි දවාලන බවට (අල්ලාහ් (දෙවි) වන) මා පවසන අවවාදය ඔබේ බුද්ධියට ගෝචර නොවන නිසා ප්‍රතික්ෂේප කරන්නේද?. එසේනම් මිනිස් සිරුර ඇති සම ගින්දරින් පිච්චී යන විට නැවත අලුත් සමක් ලබාදෙන බවට මා පවසමින් මිනිස් සිරුරේ ගින්දර සංවේදී වන්නේ සමට යන සත්‍යය සියවස් 14 කට පෙර මා පැවසීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේද?. නොඑසේ නම් එය පිලිගෙන අපාය දඬුවම ප්‍රතික්ෂේප කරන්නේද?.
* [[රෝමාවරුන් ජයගත් ලොව පහත්ම භූමිය|රෝමාවරුන්ගේ ජයග‍්‍රහනය හා ලොව පහත්ම භූමිය]]
එදා රොමාවරුන් හා පාරසීයවරුන් අතර පැවතී යුද්ධයෙන් පාරසීයවරුන් ජයගත් විට මුස්ලීම්වරුන් කනස්සල්ලෙන් පසුවිය. එවිට අල්ලා (දෙවි) අල්කුර්ආන් වාක්‍යයක් පහල කරමින් රෝමාවරුන් නැවත ජයගන්නා බවත් එය සිදුවන්නේ ලොව පහත්ම භූමියක බවත් පැවසීය. ඒ ආකාරයටම පසුකාලීනව රෝමාවරුන් පාරසියවරුන් පරාජ කොට ජයගත් අතර එම යුද්ධය සිදුවූයේ "මළමුහුද" ආසන්නයේය. සියවස් 14 කට පෙර අල්කුර්ආනය පැවසූ "ලොව පහත්ම භූමිය" යන්න මළමුහුද පිහිටී භූමිය යන්න 20 වන සියවසයේ අනාවර්ණයයි.
* [[කුහුඹුවාගේ ආමන්ත්‍රණය සවන්දුන් සුලෙයිමාන් (අලෛ) තුමා]]
මීට වසර 3000 කට පමණ පෙර විසූ දේවවක්තෘ සුලෙයිමාන් නොහොත් බයිබලයේ සදහන් ආකාරයට සොලමන් තුමා දිව්‍ය හාස්කමක් ලෙස සතුන් සමඟ පණිවුඩ සංනිවේදනය කරගත්තා යයි අල්කුර්ආනය පැවසීම කිසියම් කෙනෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම්, එවැනි කෙනෙකු එම හාස්කම පවසන දිව්‍ය වාක්‍යයේම කුහුඹූවන් පිලිබදව පවසන සත්‍යය වන “ගැහැණු කුහුඹුවන් පමණයි පොළොව මතුපිට සැරිසරන්නේ“ යන්නත් ප්‍රතික්ෂේප කලයුතු වේ. කුහුඹූ ලෝකය පිලිබදව කිසිදු දැනුමක් නොමැති වසර 1400 කට පෙර පැවතී සමාජය පවසන කරුණු විසිවන සියවසයේ විද්‍යාව තුලින් තහවුරු කරගෙන පිලිගන්නේ නම්, ඒහා බද්ධ කොට පවසන සුලෙයිමාන් තුමා සම්බන්ධ දේව හාස්කමත් පිලිගත යුතු යන්න සාධාර්ණ තර්කයක් නොවේද?.
* [[දරු කළලයේ විකාශනය හා තුන් තිඹිරිය]]
* [[ෆිර්අවුන්ගේ විනාශ හා ඔහුගේ මෘතදේහය ආරක්‍ෂා කිරීම|ෆිර්අව්න්ගේ විනාශ හා මෘත ශරීරය ආරක්‍ෂා වීම]]
* [[මහා ජල ගැල්ම සහ නුහ් නබිගේ නැව|ජල ගැල්ම හා නුහ් නබිගේ නැව]]
* [[භුගත ජලය|භුගත ජලය හා වැස්ස]]
* [[මී පැණි හා එහි ඖෂධ ගුණය]]
* [[ඔබේ පරම ආයුෂ විනාඩි 90 ක් පමණි.]]
* [[දුල්කර්ණයින් තුමාගේ ගමන් මඟ හා පෘථිවියෙහි හැඩය]]
* [[සියල්ල ජලයෙන් නිර්මාණිතය]]
* [[මුල් පෘථිවිය මත වැටුනු යකඩ වැසි]]
* [[අභ්‍යවකාශ ගමනට අනාවැකි සහා එහි දී ඇති වන කායික තත්වය]]
* [[විද්‍යාව, මුසාව හා අල්කුර්ආනය|මුසාව හෙවත් බොරුව සැලසුම් කිරීම සදහා මොළයේ දායකත්වය හා එවැනි ක්‍රියාවල නිරත වන්නන් හට නිරයේ අත්වන ඉරණම]]
* [[මරණින් මතු නැගිට්ටුවීම හා ඇඟිලි සලකුණ (Finger Print)]]
* [[අභ්‍යාවාකාශ තරණය සදහා තිබිය යුතු මුලික අවශ්‍යතාවය]]
* [[විශ්ව ප්‍රසාරණය හා විශ්ව මැවීම]]
* [[කිසිදු වෙනසක් නොවන ඇඟිලි තුඩ]]
* [[කුහුඹුවාගේ ආමන්ත්‍රණය සවන්දුන් සුලෙයිමාන් (අලෛ) තුමා]]
* [[රාත්‍රී නින්ද දෙවියන්ගේ දායාදයක්]]

'''අල් කුර්ආනය නිවැරදි අධ්‍යනයට අත්වැලක්'''

ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රය වන අල් කුර්ආනයේ ඉගෙන්වීමන් එරෙහිව විවිධ වූ විවේචන හා අභියෝග ඉදිරිපත් වීම ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික තලයේ ද බොහෝ අවස්ථාවල දක්නට ඇත. අල් කුර්ආනය, මුස්ලීම් සමාජය මනුෂ්‍ය ඝාතනයට පොළොඹ වනවා, ඔවුන්ට මිලෙච්ඡත්වය උගන්වනවා, එහි පුරුෂ ආධිපත්‍යය ගැන කථා කරනවා, අන්‍ය ආගමිකයන් ප්‍රතික්ෂේප කරන්න උගන්වනවා, කෲර වදහිංසන නීති එහි පවතිනවා, සත්ව හිංසාවට අනුබල දෙනවා… යනාදීය මෙලෙස ඔවුන් ඉදිරිපත් කරන විවේචනයන් අතර කිහිපයකි. මෙසේ විවේචන එල්ල කරන එම පිරිස් අතුරින් බහුතරයක් කිසිදු පදනමකින් තොරව ‘අල්කුර්ආනයේ තිබෙනවා’ යන උපකල්පනයේ හිඳ විවේචන කලත්, සමහරක් පිරිස් තම විවේචනය සදහා අල්කුර්ආන් පාඨයක් හෝ එයින් උපුටාගත් කොටසක් ඉදිරිපත් කරමින් තම වාදය ගොඩනඟන ආකාරය ද දක්නට ඇත.
පිරිසක් කිසිදු පදනමක් නොමැතිව මනක්කල්පිතයන් මත හිඳ අල් කුර්ආනය විවේචනය කරන විට තවත් පිරිසක් තමන් ඉදිරිපත් කරන වාදයට අල්කුර්ආනයෙන් සාක්ෂි උපුටා දැක්වීමට ඉදිරිපත් වීම සැබෑවින්ම අගය කලයුත්තකි. නමුත් එසේ අල්කුර්ආන් වාක්‍යයන් උපුටා දක්වමින් අල්කුර්ආනයට එරෙහිව කිසියම් වාදයක් විවේචනයක් ඉදිරිපත් කරන පිරිස් අල් කුර්ආනය කථා කරන එම විෂය පිලිබදව පූර්ණ අවබෝධයකින් එය කලයුතුය. එසේ නොමැතිව කිසියම් වාක්‍යයක් හෝ වාක්‍යයක කොටසක් පදනම් කරගෙන අල් කුර්ආනයේ ඉගෙන්වීමට එරෙහිව ගොඩනඟන විවේචන අභියෝග කිසිසේත් සාධාර්ණ හා බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට ම පැහැදිලි වනු ඇත. එසේනම් අල්කුර්ආනය අධ්‍යනය කිරීම හෝ එහි ඉගෙන්වීමන්ට අභියෝග කිරීමට ප්‍රථම එහි වාක්‍ය රටාවන් පවතින්නේ කුමන ආකාරයටද? එහි ඉගෙන්වීමන් තේරුම් ගන්නේ කෙසේද? එය තේරුම් ගැනීමේ කලාව කුමක්ද? යන කාරණයන් මුස්ලීම් සහ මුස්ලීම් නොවන සියළු පාර්ශවයන් දැන සිටීම අනිවාර්‍ය වේ. ඒ අනුව මෙතැන් සිට එම විෂය විමසා බලමු.
නව කථාවක සේ හෝ ඉතිහාස කථාවක සේ අල්කුර්ආනයේ ඉගෙන්වීමන් එක දිගට එක විෂයක් ගලාගෙන නොයයි. එහි වාක්‍ය රටාවන් ලොව අනිකුත් ග්‍රන්ථයන්ට වඩා බොහෝ සේ වෙනස්ය. වසර 23ක් මුළුල්ලේ විටින් විට සමාජයේ ඇති වන ගැටළුවලට විසදුම් ලෙසත්, එම සමාජයට අවවාද අනුශාසනා කරනු පිණිසත්, රාජ්‍ය පාලනය හා අනිකුත් පරිපාලන කටයුතු සදහා උපදෙස් ලෙසත්, දෙවියන් හා දේව නැමදුම පිලිබදව දැනුවත් කිරීම පිණිසත්… මෙම අල්කුර්ආන් වාක්‍යයන් විටින් විට පහල විය. ඒ අනුව අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී එහි වාක්‍ය රටාවන් පිලිබදව මූලික අවබෝධයක් තිබිම අත්‍ය අවශ්‍ය වේ. ඒ පිලිබදව ද මෙහි කෙටි හැදින්වීමක් කරන්නේ නම්,
* අල්කුර්ආනයේ එක් වාක්‍යයකට අල්කුර්ආනයේම වෙනත් තැනක සදහන් වාක්‍යයක් විග්‍රහයක් වන අවස්ථාවන් ඇත.
* අල්කුර්ආනයේ එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයන් රාශියක් විවිධ පරිච්ඡේදවල විසිරී තිබෙන අවස්ථාවන් ඇත.
* අල්කුර්ආනයේ එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයන් තුල පවා මුල් වාක්‍යය අල්කුර්ආනයේ අග පරිච්චේදවලත් එම විෂය කථා කරන අවසාන වාක්‍යයන් මුල පරිච්ඡේදවලත් තිබෙන අවස්ථාවන් ඇත.
(මේ පිලිබදව වැඩි විස්තර “අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය“ යන මාතෘකාව තුල ඉහතින් සාකච්චා කොට ඇත.)
ඉහත මූලික කාරණයන් මනසේ රදවාගෙන අල්කුර්ආනය අධ්‍යනය කලයුතු අතර එසේ අධ්‍යනය කිරීමේ දී අනුගමනය කලයුතු ප්‍රධාන නීති 05ක් ද තිබෙන බව ඉස්ලාම් දහමේ නීති විශාරදයන් පෙන්වාදේ. එනම්,
* අල්කුර්ආනයේ වාක්‍යක් කෙරෙහි අවදානය යොමු කිරීමේ දී එම වාක්‍යයට පෙර හා පසු වාක්‍යයන් තුල පවසන කාරණයන් පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.
* කිසියම් විෂයකට අදාල වූ වාක්‍යයක් අධ්‍යනය කිරීමේදී එම විෂය සම්බන්ධ අල්කුර්ආනයේ පැවසෙන අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය. (අල්කුර්ආන් පාඨයකට අල්කුර්ආනයේම වෙනත් පාඨයක් හෝ පාඨයන් මඟින් විවරණය ලබාදෙන බැවිනි.)
* අල්කුර්ආන් වාක්‍යයකට හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශයන්) විවරණය ලබාදෙන අවස්ථා අනන්තවත් ඇත. එම අධ්‍යනය කරන විෂය පිලිබදව හදීස්වල සදහන් කරුණු ද විමසා බැලිය යුතුය.
* අල්කුර්ආනයේ එක් වාක්‍යයක් මඟින් තවත් වාක්‍යයක් අවලංගු කරන අවස්ථාවන් ඇත. අල්කුර්ආනය ගවේෂණය කිරීමේ දී ඒ පිලිබදව ද සැලකිලීමත් වියයුතුය.
* අල්කුර්ආනයේ ගවේෂණයට බඳුන් කරන වාක්‍යය පහල වූ අවස්ථාව එනම්, එය පහල වීමට පසුබිම් වූ සිද්ධිය හා එවකට සමාජ පසුබිම පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.
ඉහත ප්‍රධාන නීති 05 මෙතැන් සිට තරමක් සවිස්තරව හා නිදසුන් සහිතව විමසා බලමු.

'''පෙර-පසු වාක්‍යයන් නොසලකා හැරීම නොකලයුතුය.'''

අල්කුර්ආනයේ සදහන් වාක්‍යය සම්පූර්ණයෙන් නොගෙන තමන්ට අවශ්‍ය කොටස පමණක් ගෙන වාදයන් ගොඩනැගීම හා අධ්‍යනය කරන වාක්‍යයට පෙර පසු වාක්‍යයන් නොසලකා හරිමින් වාදයන් ගොඩනැඟීම. මේ යටතේ සැලිකිය හැක. මෙය කිසිසේත් සාධාර්ණ නොවන වැරදි ක්‍රමවේදයකි. එය නිදසුනකින් පැහැදිලි කරනවා නම්,
මුස්ලීම්වරුන්ට අනිවාර්‍ය කොට ඇති දිනපතා පස්වේල් නැමදුම සම්බන්ධයෙන් අල්කුර්ආනය එක්තරා තැනක මෙසේ පවසයි.
‘සලාත් (පස්වේල නැමදුම්) කරන පිරිසට විනාශයමය’
[[අල්කුර්ආනය]] 107-4
ඉහත එම වාක්‍යය පදනම් කරගෙන විනිශ්චයකට එලඹෙන්නේ නම්, එලඹිය හැකි නිගමනය වන්නේ…
‘මුස්ලීම්වරුන් දිනපතා කරන පස්වේල සලාතය ඔවුන්ව විනාශය කරා ගෙනයන බැවින් ඔවුන් දෛනික නැමදුම වන සලාතය ඉටුකිරීමෙන් වැලකිය යුතුය’ යන්නයි.
නමුත් එය එසේ නොවේ. 107-4 වාක්‍යයෙන් ‘විනාශය’ යයි කියූ අල්කුර්ආනය 107-5 සහ 107-6 වාක්‍ය මඟින් එම විනාශයට ගොදුරු වන්නේ කවුරුන්ද? යන්න විස්තර කරයි. ඒ මෙසේය,
ඔවුන් කවුරුන් ද යත් තම සලාතය ((නැමදුම) නිසිලෙස හා නිවැරදිව ඉටුකිරීම පිලිබදව) නොසැලකිලීමත් වූ පිරිසයි. ඔවුන්  (සලාතය ඇතුළු කුසල ක්‍රියාවන්වල යෙදෙන විට)මුනිච්චාවට එය ඉටු කරන්නෝය.
[[අල්කුර්ආනය]]  107-5,6
ඉහත වාක්‍ය 03ම සම්බන්ධ කොට කියවන විට ඉහත 107-4 වාක්‍යයෙන් පවසන්නට එන කාරණය ඔබට පැහැදිලි වනු ඇත. මේ ආකාරයට පෙර පසු වාක්‍යය සමඟ එක්කොට තේරුම් ගතයුතු අල්කුර්ආන් වාක්‍යය විශාල ප්‍රමාණයක් අල්කුර්ආයේ ඇත. එයට නිදසුන් ලෙස අල්කුර්ආනයේ 9-5, 11-96… වාක්‍යයන් ද මෙහි සදහන් කලහැක.

'''වාක්‍යයක් අධ්‍යනය කිරීමේදී ඒ සම්බන්ධ අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය.'''

අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේදී එක් වාක්‍යයකට පෙර පසු වාක්‍යය පිලිබදව සැලකිලීමත් වනවා සේම එම විෂය පිලිබදව අල්කුර්ආනයේ වෙනත් තැන් හි එම විෂය පිලිබදව කථා කරන වාක්‍යයන් පිලිබදව සැලකිලීමත් වියයුතුය. එසේ නොකොට අවසාන නිගමනයකට එලඹීම නිවැරදි අල්කුර්ආන් අධ්‍යනයක් නොවේ. මෙයද නිදසුනකින් විමසා බලන්නේ නම්,
ඉස්ලාම් දහමේ අනිවාර්‍ය යුතුකමක් වන සකාත් (බද්ධ) බෙදාදෙන ලෙස අල්කුර්ආනයේ බොහෝ තැන්වල දැඩිව අවදාරණය කරයි. එවැනි වාක්‍යයක් වෙත ඔබේ අවදානය යොමු කලේනම්,
සලාත් (නම් පස්වේල නැමදුම) තහවුරු කරනු. සකාත් (බද්ධ) ගෙවනු.
[[අල්කුර්ආනය]] 24-56
මීට අමතරව 2-43, 2-277, 5-55, 9-11, 19-55, 21-73… යනාදීය තවත් බොහෝ තැන්වල සකාත් (බද්ධ) ගෙවන ලෙස අල්කුර්ආනය පවසයි. නමුත් එය ගෙවිය යුත්තේ කාටද? යන්න පිලිබදව ඉහත වාක්‍යයන් කිසිවක සදහන් නොවේ. නමුත් සකාත් (බද්ධ) ලබන්න සුදුසු කණ්ඩායම කවුරුන්ද යන්න පිලිබදව අල්කුර්ආනය වෙනත් වාක්‍යයකින් විස්තර කරයි. එය මෙසේය…
…ඔහු (අල්ලාහ්(දෙවි)) කෙරෙහි වූ ඇල්ම නිසා දේපළ නෑදැයින්ටද, අනාථයින්ටද, දිළින්දන්ටද, මගීන්ටද, යාචකයින්ටද, වහලූන් මුදවා ගැනීමටද වැය කර සලාත්හි නිරතව zසකාත් ගෙවීමද වේ…
[[අල්කුර්ආනය]] 2-177
ඉහත 24-56 වාක්‍යය මඟින් සකාත් බද්ධ ගෙවීම අනිවාර්‍ය බව පවසන අල්කුර්ආනය එය බෙදාදිය යුත්තේ කාහටද? යන්න අල්කුර්ආනයේ 2-177 වාක්‍යය මඟින් පැහැදිලි කරයි. ඒ අනුව 2-117 වාක්‍යය සමඟ අනිකුත් වාක්‍යයන් සම්බන්ධ කර බැලුවේ නම් පමණයි ඉහත සකාත් (බද්ධ) පිලිබව පැහැදිලි නිගමනයන්ට එළඹිය හැකි වන්නේ. මෙහි නිදසුනට එක් වාක්‍යයක් ගෙන සාකච්චා කලද මෙවැනි වාක්‍යයන් රාශියක් අල්කුර්ආනයේ ඇත. මේ අනුව පැහැදිලි වන්නේ අල්කුර්ආන් වාක්‍යයකට අල්කුර්ආනයේ තවත් වාක්‍යයක් මඟින් විග්‍රහයන් ලබාදෙන බවයි.

'''අල්කුර්ආනයට සමගාමීව එම විෂයට අදාල හදීසයන් ද විමසා බැලිය යුතුය.'''

ඉස්ලාම් දහමේ මූලාශ්‍ර දෙකකි. ඒ “අල්කුර්ආනය“ සහ “අල්-හදීසය“ යන්නයි. මෙම මූලාශ්‍රයන් දෙකම දිව්‍යමය අණාවර්නයක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ඒ අනුව අල්කුර්ආනයේ සදහන් නොවන සමහරක් නීති අල්-හදීසයේ සදහන් වන අවස්ථාවන් ඇත. නිදසුනක් ලෙස ඉහතින් සාකච්චා කල සකාතයම නැවත විමසා බලන්නේ නම්,
අල්කුර්ආනයේ සකාත් (බද්ධ) ගෙවීමේ අවශ්‍යතාවය සහ එය බෙදා දියයුතු පාර්ශවයන් කවුරුන්ද යන්න විස්තර කලත් එහි ප්‍රමාණයන් හා සීමාවන් අල්කුර්ආනයේ සදහන් නොවේ. එය විස්තර කෙරෙන්නේ අල්-හදීසයන්වලය. එපමණක් නොව ඉහතින් සාකච්චා කල සලාතය නොහොත් නැමදුම ඉටුකරන ලෙස අල්කුර්ආනය පැවසූවත් එය කුමන වේලාවේ කවර ආකාරයට ඉටුකලයුතු ද යන ප්‍රායෝගික පැහැදිලි කිරීම කරන්නේ හදීසයන්ය. ඉස්ලාමයේ අනිවාර්‍ය වගකීමන් වන සකාතය, සලාතය සේම උපවාසය සම්බන්ධයෙන් ද බොහෝ නීති විස්තර කෙරෙන්නේ අල්-හදීසයන් තුලය. එවැනි එක් වාක්‍යයක් පිලිබදව අවදානය යොමු කලේනම්,
…තවද, අළුයම(කාලයෙ)හි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලිව පෙනෙනතෙක් (ආහාර) අනුභව කරනු, පානයකරනු. අනතුරුව (මෙම සියලූ දෙයින්ම වැළකි) රාත්‍රිය එළඹෙනතුරු උපවාසය සම්පුර්ණ කරනු…
[[අල්කුර්ආනය]] 2-187
ඉහත 2-187 අල්කුර්ආන් වාක්‍යය උපවාසය ආරම්භ කරන මොහොත පිලිබදව පවසයි. එහිදී ‘…කළු නූලෙන් සුදු නූල පැහැදිලිව පෙනෙනතෙක්…’ යයි පැවසීම මිනිස් බුද්ධිය පමණක් යොදා අවබෝධ කරගත හැකි වාක්‍යයක් නොවේ. එසේ වුවානම් උපවාසය ආරම්භ කරන අවස්ථාවේ කළු හා සුදු නූලක් අතේ ඇතුව ආහාර අනුභව කිරීම සිදුකල යුතු වේ. නමුත් මේ පිලිබදව අල්-හදීසයේ සවිස්තරව කරුණු සදහන් වේ. එනම්, මෙහි ‘…කළු නූලෙන් සුදු නූල…’ යයි පවසන්නේ අළුයම හෙවත් හිරු උදාවන මොහොත බව පැහැදිලිව විග්‍රහ කෙරේ.
මෙහිදී අල්-හදීසය නොසලකා අල්කුර්ආනය තුලින් පමණක් ඉස්ලාමයේ ඉගෙන්වීමන් අවබෝධ කරන්නට ගියේනම්, ඉස්ලාමයේ අනිවාර්‍ය යුතුකම වන සලාතය, සකාතය, උපවාසය පමණක් නොව හජ් යන නැමදුම සම්බන්යෙන් ද බොහෝ දෑ අවබෝධ කරගැනීමට නොහැකි වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ අල්කුර්ආනය තේරුම් ගැනීමට අල්-හදීසය ද අත්‍යඅවශ්‍ය අංගයක් යන්නයි. මෙය අල්කුර්ආනය ද අවදාරණය කරන සත්‍යයක් යන්න ඔබේ වැඩිදුර අවබෝධයට සටහන් කරමි.

'''අල්කුර්ආනයේ එක් වාක්‍යයකින් තවත් වාක්‍යයක් අවලංගු කරන අවස්ථාවන් පිලිබදව සැලකිලීමත් වියයුතුය.'''

අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේදී එක් එක් විෂයකට අදාල සියළු වාක්‍යයන් පිලිබදව සැලකිලීමත් වනවා සේම එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයක් අවලංගු කරමින් තවත් වාක්‍යයක් ඉදිරිපත් වන අවස්ථාවල් ද (සීමිත වශයෙන්) අල්කුර්ආනයේ ඇත. එසේ කථා කරන වාක්‍යයන් ද සැලකිල්ලට ගෙන අල්කුර්ආන් අධ්‍යනය සිදුකල යුතුය. මෙය නිදසුනක් ගෙන විමසා බලන්නේ නම්,
සුරාව (මත්පැන්) භාවිතය ඉස්ලාම් දහමට අනුව තහනම් යන්න ඔබ සියළුදෙනා හොදින් දන්නා කාරණයකි. මේ සම්බන්ධයෙන් මුස්ලීම් නොවන සමාජයට ද කිසියම් අවබෝධයක් ඇත. එමනිසා සුරාව සම්බන්ධ අල්කුර්ආන් වාක්‍යයක් ගෙන ඉහත නීතිය පැහැදිලි කරන්න අදහස් කරමි.
විශ්වාසවන්තයිනි! නුඹලා පාරායනය කරන දෑ (නුඹලාට) නොවැටහෙන ලෙස සුරාමතින් සිටින විට සලාතය (නැමදුම)ට ළං නොවනු.
[[අල්කුර්ආනය]] 4-43
ඉහත වාක්‍යය තුලින් පැහැදිලි වන්නේ සලාතය එනම් පස්වේල් නැමදුම කරන අවස්ථාවල පමණක් සුරා පානයෙන් වැලකී සිටිය යුතු බවත්,  සිහිය විකෘති නොවන තරමින් සුරා පානයකර ඇත්නම් නැමදුම කලහැකි බවත්ය. ‘සුරාපානය’ යන මෙම විෂය පිලිබදව අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී 4-43 වාක්‍යය පමණක් පදනම් කරගත්තා නම්, එලඹිය යුතු නිගමනය ඉහත ආකාරයට වූවත් අල්කුර්ආනයේ මේ විෂය පිලිබදව කථා කරන 5-90 වාක්‍යයක් විමසා බලන්නේ නම්, එහි මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි.
විශ්වාසවන්තයිනි! සුරාව, සූදූව, අන්සාබ් (ආදේශවාදීන් අදහන පිළිරුව ඉදිරියේ පූජාවන් සඳහා යොදා ගන්නා ගල්) හා අzස්ලාම් (නිමිති බැලීමට සිටුවා තබා ඇති රිටි) යන මේ සියල්ලම ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත ක්‍රියාවේ. එනිසා මේවායින් වළකිනු. නුඹලාට ජයග්‍රාහකයන් විය හැකිය.
[[අල්කුර්ආනය]] 5-90
ඉස්ලාම් දහම සුරාපානය මිනිස් සමාජයට තහනම් කලේ පියවර කිහිපයක් මඟිනි. 4-43, 2-219 සහ 5-90 එම පියවරයන්ය. (මේ පිලිබදව දීර්ඝ විස්තර සහිත ලිපියක් යහමග අඩවිය තුල '''[[මත්පැන් උවදුරට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය]]''' යන මාතෘකාව යටතේ ඉදිරිපත්යේ කර ඇත) මේ සියළු වාක්‍යයන් විශේෂයෙන් 5-90 වාක්‍යය නොසලකා 4-43 මගින් මෙම විෂයට අදාල අවසාන නිගමනයකට එලඹුණේ නම් එය සම්පූර්ණයෙන් වැරදි නිගමනයක් යන්න දැන් ඔබට අවබෝධ වනු ඇතැයි සිතමි.

'''අල්කුර්ආන් වාක්‍යයක් අධ්‍යනය කරන විට එය පහල වූ අවස්ථාව හා එයට පසුබිම් වූ සිද්ධිය පිලිබදව ද සැලකිලිමත් වියයුතුය.'''

මෙතෙක් කථාකල නීතිවලින් අවසාන නීතිය වන මෙම නීතිය එතරම් ප්‍රබල අවශ්‍යතාවයක් නොවුනත් කිසියම් වාක්‍යයක් නිවරුදව හා පූර්ණ ලෙස අවබෝධ කරගැනීමට එය පහලවීමේ සමාජ පසුබිමත් දැන සිටීම අවශ්‍ය වේ. එයට නිදසුන් ලෙස කරුණු ගණනාවක් ඉදිරිපත් කල හැක. මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල 9-5 අල්කුර්ආන් වාක්‍යය පදනම් කරගත් ‘මනුෂ්‍ය ඝාතනය අල්කුර්ආනය මුස්ලීම්වරුන්ට උනන්දු කරනවාද?‘ යන ලිපියද එවැනි එකකි. මෙම නීතිය අවබෝධ කරගැනීම පිණිසත් නිදසුනක් වෙත යොමු වන්නේ නම්,
උපවාස නීති සම්බන්ධයෙන් කථා කරන අල්කුර්ආනය එහි එක්තරා නීතියක් මෙසේ විස්තර කරයි.
…නමුත් කවුරුන් වහලෙකු නිදහස් කිරීමට ශක්ති සම්පන්න නොවන්නේද ඔවුන් දෙදෙනා එකින් එකා ස්පර්ශ කිරීමට පෙර ඔවුන් දෙදෙනා මාස දෙකක් අඛණ්ඩව උපවාසයේ නිරත වියයුතුය. එයට ශක්තිසම්පන්න නොවේ නම්, දුප්පතුන් හැට දෙනෙකුට ආහාර ලබා දිය යුතුය…
[[අල්කුර්ආනය]] 58-4
ඉහත වාක්‍යය කියවන ඔබට ‘අද කොහොමද වහල්ලු නිදහස් කරන්නේ’ යන ගැටළුව අනිවාර්‍යයෙන් මතුවෙනු ඇත. නමුත් මෙම වාක්‍යය පහල වූ සමාජය සැලකූවිට එහි වෙළද පොළොවල් හි මිනිසුන් (වහලුන්) භාණ්ඩයක් ලෙස අලෙවි කෙරුණු සමාජයක් බව සදහන් වේ. ශ්‍රේෂ්ඨ සහාභිවරයෙකු වන (කළු ජන වර්ගය නියෝජනය කල) බිලාල් (රලි) තුමා ද එලෙස වෙළද පොළෙන් මිලදී ගෙන නිදහස් කරන ලද සහාභිවරයෙකි. එදා එම සමාජයේ පැවති වහල් සංකල්පය තුරන් කිරීම පිණිස ඉස්ලාම් බොහෝ අවස්ථාවල වරදට දඬුවම් ලෙස වහලුන් නිදහස් කිරීම අවදාරනය කරන ලදී. ඒ අනුව 58-4 වාක්‍යය නිවැරදිව අවබෝධ කරගැනීමට නම් එම වාක්‍යය පහල වූ සමාජයේ පැවති වහල් සංස්කෘතිය අවබෝධ කරගතයුතු වේ.
ඉහතින් මේ දක්වා සාකච්චා කලේ  අල්කුර්ආනය අධ්‍යනය කිරීමේ දී හා ගවේෂණය කිරීමේ දී අනුගමනය කලයුතු ප්‍රධාන නීති 05 යි. එම නීතීන් යටතේ කරන ගවේෂණයයි නිවැරදි අල් කුර්ආන් ගවේෂණය වන්නේ. එසේ නොමැති තමන්ට වාසි සහගත ලෙස වාක්‍යයක් හෝ වාක්‍යයකින් කොටසක් අරගෙන ඒය පදනම් කරගෙන තර්ක විතර්ක ගොඩනැඟීම නිවැරදි හා සාධාර්ණ ක්‍රමවේදයක් නොවේ. එයින් සිදුවන්නේ අල්කුර්ආනයේ ඉගෙන්වීමන්ට පරස්පර වූ මතවාදයක් මතුවීම වන අතර එවිට එහි නිවැරදි ඉගෙන්වීම අවබෝධ කරගැනීම අපහසු වේ. එම දුර්වලතාවයෙන් මිදී අල්කුර්ආනයේ ඉගෙන්වීමන් එහි නීති-රීති අනුව විවෘත මනසින් හා සත්භාවයෙන් අධ්‍යනය කිරීමට මේ ලෝකවාසී සියළුදෙනාට නුවණැස පෑදේවා යන පැතුමෙන් මෙම සටහන නිමා කරමි.

'''අල් කුර්ආන් හෙළ බස mp3 පරිවර්ථන'''

ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමන් අන්තර්ගත දිව්‍ය පුස්තකය වන [[අල්කුර්ආනය]] හෙළ බසින් mp3 ආකාරයට ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි. ශ්‍රී ලාංකීය සමාජයට හෙළ බසින් අල්කුර්ආනය දායාද කිරීම ඉමහත් අභියෝගයක්ව පැවතී අවදියක එම අභියෝගය සාර්ථකව ජය ගැනීමට '''[https://amyslanka.com/ ශ්‍රී ලාංකීය මුස්ලීම් තරුණ සංවිධානය (AMYS)]''' සංවිධානයට හැකි වී ඇත. ඒ අනුව ඔවුන් විසින් [[අල්කුර්ආනය]] සිංහල භාෂාමය mp3 පරිවර්ථනයක් ලෙස නිකුත් කරන ලදී.
එම අල්කුර්ආන් පරිවාර්ථනය [[යහමග අඩවිය]] පාඨක ඔබේ අවදානය පිණිස පහතින් මෙලෙස ඉදිරිපත් කරමි.
* [https://drive.google.com/file/d/1oJjMGPW-f-DUFKmJXtcOKhUok0aTr8R7/view?ts=66079e86 001 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1StCqTyY9uj6-1zU-utk_0GmuCHK5m0eK/view?ts=66079e86 002 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1Gdnf18B748Q038WvAz1Ymxc66pULV1hG/view?ts=66079e86 003 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1-BH_zeBCMLmbuRVcpXFFLu3G4ihU3_3X/view?ts=66079e86 004 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1pXGafhSsnaNZFMS7JEc-Ro9AOF8GieHU/view?ts=66079e86 005 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1YTB7Xn6erGZflXGqNQFzAypZb5bttCnc/view?ts=66079e86 006 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1v-veX7jBr-bFLmk7EuIAm-qY4ZuLsuw0/view?ts=66079e86 007 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1fyFhQ-NH4yk8bWN4lee_WlYqdiv54Nqe/view?ts=66079e86 008 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1m93B__hxcGycJI6oY3vL4450L_zTCj37/view?ts=66079e86 009 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1fapX9ECi19MKvRPjOiBzWKJU4f0g5EGA/view?ts=66079e86 010 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1DB_2A0pc2O0n4bjGXcrZX7wjZ_WCjKtB/view?ts=66079e86 011 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1SvNpw2922cnpJQTbFBf_4iR8rK1yDAiB/view?ts=66079e86 012 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1DwjH5iXhyCqYRyB7PxTWppNN_MCqORI-/view?ts=66079e86 013 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1IWbNNu5It5ZxKkbq9eyw8BnVqcj3wBHB/view?ts=66079e86 014 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1WNkDnBaeQa8PJUoPAHwP1CeiDff2EvS0/view?ts=66079e86 015 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1g3_VXWy4FKiAnm2ZpqiDofDGb1Tv13Ln/view?ts=66079e86 016 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1fj54dZ656uWN8Pe-HsaANosWtTCJq2vb/view?ts=66079e86 017 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1Jm_g9X9xsdMJi87aa7yzT4YvtOhn1JrK/view?ts=66079e86 018 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1jhxL_tFoFFFXkafj7O-jCSE0ZFr5FGj0/view?ts=66079e86 019 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1o7DAhJEuBeVd0lhsTJq2GB0xnSAgPfkT/view?ts=66079e86 020 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1dmhTsmWxeCsAtQCoGlXTrOG_X-Hl9xtg/view?ts=66079e86 021 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1E_5KDtDfa0JGoS8V2b6-fYdPYh1E6oLk/view?ts=66079e86 022 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* මෙහි ඉදිරියට තවත් පරිච්චේද කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතය...
* [https://drive.google.com/file/d/1ONOW9CdSyxtl32XpxXpNqE1fb2pJC2R1/view?ts=66079e86 086 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1W2NFZs0JeJYmjGJtq1lYPvvlLIvQDgKi/view?ts=66079e86 087 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1sUQmdARhrxMpqZzCwMbKub0bib1ZD81A/view?ts=66079e86 088 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1Vj0DhGDXc4jBaEvtPkUvKQNk8M7MGe74/view?ts=66079e86 089 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1FC3KjyML19X4L7uOq09Vl_pcB2OdPe6a/view?ts=66079e86 090 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1zOUfImq66rBwyZukApS_nZLY65idoNVi/view?ts=66079e86 091 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/191e6YClfYFtIbv9NKwSX8-N1KuQ7EvtT/view?ts=66079e86 092 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1iJU9Ec-2R6fSnmFWblYr4qj93KklPqjz/view?ts=66079e86 093 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1HNif9MXK5A_Zrhtz3meY9WqI6CcMcHng/view?ts=66079e86 094 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1FjdEk-FaeqUHcHU45i-_Ny74wv72p16c/view?ts=66079e86 095 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1dy6BwoRBgSbRAiokMKCaP_6byxiFsGZN/view?ts=66079e86 096 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1nj8FTwiutXgTRXxu2Q3MaXh9z41W5yP5/view?ts=66079e86 097 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1ExaMBvAskfhOSzR1T2DY_8OYkLxCDFrh/view?ts=66079e86 098 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1RMLNdyC8UnucLKDOmzxJUOFZTFy-gVKq/view?ts=66079e86 099 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1tkywCG-HGGX06GC8pnRwBYWaiW-W786g/view?ts=66079e86 100 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1hyjRDbFt1_daIZBATmGj_kvh4q6sqZy1/view?ts=66079e86 101 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1ff0DF4HjtIgD359mAmh64Me-1xqVSbvX/view?ts=66079e86 102 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1js01d1A-wQy0Mgyo1z6v7g5UyU7w-3Yd/view?ts=66079e86 103 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1uHsLFwRO0C9mkOHNkrqUpyT6jCJNgVZw/view?ts=66079e86 104 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1ARymGg7NFc_dGZEsAyjqpXrmTOfrQ_jZ/view?ts=66079e86 105 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1t_dPwlbtyl1sqtRiHcHC163FVK_c-mf_/view?ts=66079e86 106 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1r7EN47uGLIF0X6VkpUj1tA6dLjwszpMl/view?ts=66079e86 107 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1uVvXVl49D71e4r3h6K-KCufcpj04gHXk/view?ts=66079e86 108 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1m_08M4oD_MR57c7Wjdi_fos_lzmsthDw/view?ts=66079e86 109 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1k6qY2h82nooVM5my4y3FFW2LkHLBkhZk/view?ts=66079e86 110 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1z7AxIdMB0tOYMyU_GlH2IkhGvk4VWmiG/view?ts=66079e86 111 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1pYaDuJfBunx9ecEBmv5J6rdmZd5Lzdo8/view?ts=66079e86 112 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1e_2ZXDUNOvUciQFy6ihjZRg4IxFkOds_/view?ts=66079e86 113 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]
* [https://drive.google.com/file/d/1-XoLu55jmOvcsRhOAHzyPNTo3oSLhEu4/view?ts=66079e86 114 අල්කුර්ආන් පරිච්චේදය - සිංහල පරිවර්ථන සහිතයි...]

'''අල් කුර්ආන් පරිවර්තන හා එහි වලංගුභාවය'''

දහමක, දර්ශනයක එහි මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය සාධකයක් යන්නත්, එහි මුල් භාෂාව ආරක්ෂා වී පැවතීම ඒහා සමාන අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්නත් ඉහතින් විමසා බැලුවෙමු. එසේ දහමක දර්ශනයක මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී එසේම එහි මුල් භාෂාවත් ආරක්ෂා වී පවතී නම්, එම දහම හෝ දර්ශනයේ ඉගෙන්වීමන් පිලිබදව බුද්ධිමත් අධ්‍යනයන් හා සංවාදයන් ගොඩනැඟිම කල හැකි වේ. එසේ නොමැතිව මුඛපරම්පරාගතව පැවත ඇවිත් පසුකාලීන ව ලියවෙන මූලාශ‍්‍රයන් පදනම් කරගෙන බුද්ධිමත් සංවාද ගොඩනැඟීම කිසිසේත් සමභර හෝ සාධාර්ණ සංවාදයක් නොවේ. කිසියම් දහමක්, දර්ශනයක් එහි මුල්භාෂාවෙන් මුලසිට ලිඛිතව ආරක්ෂා වී නොමැතිව, එසේම එහි මුල්භාෂාව සමාජ භාවිතයේ නොමැතිව පවතින පසුබිමක එම ගෙන්වීමන් නිවැරදිව අවබෝධ කරගැනීමට යෑම කිසිසේත් ප්‍රායෝගික කාරණයක් නොවේ. විශේෂයෙන් එම ඉගෙන්වීමන් මුල් භාෂාවෙන් ආරක්ෂා නොවී පරිවර්තනයන් ලෙස ඉදිරිපත්වීමේදී එහි පාරිශුද්ධභාවය තවදුරටත් විකෘති වේ. එවැනි පරිවර්ථනයක දී සිදුවන බලපෑම් ආකාර කිහිපයක් පිලිබදව ඔබේ බුද්ධිමත් අවදානය මෙහි යොමු කරන්නේ නම්,
පරිවර්තනය සිදු කරන…
* පුද්ගලයාගේ මානසික තත්වය,
* ඔහු ජීවත්වන පරිසරය,
* ඔහුගේ භාෂා නිපුණතාවය,
* ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව,
* එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම
ඉහත තත්වයන් තුල 100% ක් නිවැරදි පරිවර්තනයක් සිදු කිරීම කිසිසේත් ප්‍රායෝගික කාරණයක් නොවේ. මේ හේතු නිසා මුල් කෘතියේ ඉගෙන්වෙන කරුණු පරිවර්තනයක් තුලින් නිවැරදිව අවබෝධ කර ගැනීමට යෑම සාර්ථක ක්‍රමවේදයක් නොවන බව ඔබට පැහැදිලි වියයුතුයි. මෙය තවත් සරලව පැහැදිලි කරන්නේ නම්, එනම්,
ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියැවුණු කිසියම් ග‍්‍රන්ථයක් බෞද්ධයකුට, ක‍්‍රිස්තු භක්තිකයකුට හා ඉස්ලාම් භක්තිකයකුට ලබා දී එය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලෙස පැවසුවේ නම්. නියත වශයෙන්ම පරිවර්තන තුනම එක සමාන නොවනු ඇත. එසේම එම පරිවර්තන තුන නැවත ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස වෙනත් තිදෙනෙකු හට ලබා දුන්නේ නම් නියත වශයෙන්ම එම පරිවර්තනය මුල් කෘතියේ අදහස්, අර්ථයන් හා 100‍% ක් කිසිසේත් නොගැළපෙනු ඇත. ඒ පරිවර්තකයින්ගේ භාෂා හැකියාව, ඉස්ලාම් ආගම සම්බන්ධ තිබෙන විෂමාකාර දැනුම, ඉස්ලාම් ආගම කෙරෙහි තිබෙන කැමැත්ත හා අකමැත්ත වැනි කරුණු කාරණා මේ සදහා සෘජුවම බලපාන බැවිනි. ඒ අනුව යම් කෘතියක එසේත් නැත්නම් ලිපියක පවසන කරුණු නිවැරදිවම අවබෝධ කර ගැනීමට නම්, එය මුල් භාෂාවෙන් පැවතීමත් ඉතාමත්ම වැදගත් සාධකයක් වේ. පරිවර්තනයක් තුලින් ලබාගත හැකි වන්නේ එහි දළ අවබෝධයක් පමණි. ඒ අනුව පරිවර්ථනයන් කොතෙක් පැවතුනත් එහි මුල් කෘතිය මුල් භාෂාවෙන් පැවතීම අත්‍යඅවශ්‍ය හා අනිවාර්‍ය අවශ්‍යතාවයකි.
ඉහත මූලික අවශ්‍යතාවය හොදින් මතකයේ රදවාගෙන ඉස්ලාමීය මූලාශ්‍රයන් හි තත්වය දැන් විමසා බලමු,
ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වු දේව පුස්තකය “අල් කුර්ආනය“ නම් වේ. එය පහල වූ මුල භාෂාව වන්නේ අරාබි භාෂාවයි. ඒ අනුව ඉස්ලාමීය ඉගෙන්වීම මුල්භාෂාවෙන් ආරම්භයේ පටන් ආරක්ෂා වී ඇති බව මුලින් ම වටහාගත යුතුවේ. එපමණක් නොවේ ලොව සෑම මුස්ලීම්වරයෙකුටම වාගේ මෙම අරාබි භාෂාව කියවීමේ හැකියාව ද පවතින බව මෙහි සදහන් කලයුතු සුවිශේෂි කාරණයක් වේ. ලොව සෑම මුස්ලීම්වරයෙකුටම වාගේ අරාබි භාෂාව කියවීමේ හැකියාව පැවතුනත් එහි අරුථ අවබෝධ කරගැනීමේ  හැකියාව අතිබහුතරයක් තුල නොමැති වීම කණගාටුවට කාරණයකි. මේ හේතුව නිසාම ශුද්ධ වූ කුර්ආනය පරිවර්ථන විවිධ භාෂාවලින් කලින් කලට ඉදිරිපත්වීම දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රීලාංකීය සමාජය තුල ද සිංහල භාෂාව හසුරුවන මුස්ලීම් හා මුස්ලීම් නොවන ජනතාව ඉලක්ක කොට සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද අල් කුර්ආන් පරිවර්ථන ගණනාවක් දක්නට ඇත.
අප රට තුල පවා මෙසේ පරිවර්ථන ගණනාවක් නිකුත්වී තිබීම තුල තවදුරටත් තහවුරු වන්නේ ඉහතින් සදහන් ආකාරයට පරිවර්ථනයන් තුලින් 100% ක් නිවැරදි ප්‍රතිපල නොලැබෙන බව නොවේද?. නොඑසේ නම් පරිවර්තන කිහිපයක අවශ්‍යතාවය ඇතිවිය නොහැක. පළමුව කරන ලද පරිවර්තනය නිවැරදි නම් දෙවන පරිවර්තනයක අවශ්‍යතාවයක් ඇති නොවේ. දෙවැනි පරිවර්තනයෙන් නිවැරදි වුවා නම් තෙවන පරිවර්තනයක අවශ්‍යතාවය ඇති නොවේ. මේ ආකාරයට පරිවර්තන ග‍්‍රන්ථයන් දිගින් දිගටම ඉදිරිපත් වීම තුල ‘පරිවර්ථනයක් තුලින් මුල් ඉගෙන්වීමට සර්ව සාධාර්ණයක් ඉටුනොවන බව’ ඉතා හොදින් පැහැදිලි වේ. මෙම ඛේදවාචකයට ලොව සෑම දහමක්, දර්ශනයක් ම මුහුණපානවා යන්න තිත්ත වූ ඇත්තයි. මෙම පරිවර්ථන දෝෂය සාමාන්‍ය  සටහනක්, ග‍්‍රන්ථයක් සම්බන්ධයෙන් එතරම් සැලකිය යුතු කාරණයක් නොවන්නට පුළුවන. නමුත් ආගමික මූලාශ‍්‍රයක් සැලකූ විට එය කිසිසේත් සුළුකොට තැකිය හැකි සරල කාරණයක් නොවේ. මිනිස් සමාජයට යහමග පෙන්වන හරි වැරැද්ද පෙන්වාදෙන ඉගෙන්වීමක පරිවර්ථන දෝෂ තිබිය නොහැක. එවිට එහි ඉගෙන්වීමන් වීකෘති වීමට පුළුවන. එමනිසා මෙවැනි වැරදි සම්බන්ධයෙන් ජනතාව තුල අවබෝධයක් තිබීම අත්‍යඅවශ්‍ය කාරණයකි.
මෙම තත්වය තවදුරටත් හොදින් අවබෝධකර ගැනීම පිණීස වත්මන් ශ්‍රී ලාංකීය සමාජය තුල සිංහල භාෂාවට පරිවර්ථනය කර ඇති අල්-කුර්ආන් පරිවර්ථන කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නේ නම්,
ශ්‍රී ලාංකීය සමාජය තුල සිංහල භාෂා අල්කුර්ආන් පරිවර්ථන ගණනාවක් දක්නට ලැබේ. එම පරිවර්ථනයන් කියවන විට එහි සමහරක්ඒ පරිවර්ථනවල බරපතල වැරදි බොහෝමයක් දකින්නට ලැබේ. මෙහි භයානකම තත්වය වන්නේ මෙම වැරදි පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව සහෝදර මුස්ලීම් නොවන සමාජය ද මෙම අල් කුර්ආන් පරිවර්ථනය කියවීමයි. එහි දී ඔවුන්ට සිදු වන්නේ සත්‍ය දහම අවබෝධ කර ගන්නවා වෙනුවට විකෘති කළ දහමක් අවබෝධ කරගැනිමට සිදුවීමයි. මෙම කාරණය කෙරෙහි මුස්ලීම් සමාජයේ දැඩි අවධානයක් යොමු විය යුතු යන්න යහමග මාගේ විශ්වාසයයි. මෙම පරිවර්ථන දෝෂවල විකෘතියේ තරම ඔබට හොදින් අවබෝධ කරදීම පිණිස ශ්‍රී ලාංකීය අප සමාජයේ පවතින අල්කුර්ආන් සිංහල භාෂා පරිවර්ථන කිහිපයක්න් සහ එහි පවතින පරිවර්ථන දෝෂ කිහිපයක් මෙහි උපුටා දැක්වීමට මා අදහස් කරමි.
එම අල් කුර්ආන් පරිවර්ථතන දෝෂ කිහිපයක් මෙසේය...
* '''“…ඔබට ඉගැන්වූ අවස්ථාව ද ඔබ කිරිමැටියෙන් පක්‍ෂියකු මෙන් මාගේ රූපයක් අඹා එහි පිම්ඹ කල්හි එය මාගේ අවසරයෙන්…”''' (යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මායිදා’ පරිච්ඡේදයේ 110 වන වාක්‍ය)
සටහන් – '''මෙහි දෙවියන්ගේ රූපය ඇඹූ බව පවසයි. එවැනි අදහසක් මූල් ග්‍රන්ථයේ නැත.'''
* '''“….සොහොන්වල සිටින අය ගැන ප‍්‍රතික්‍ෂෙප කරන්නන්ගේ විශ්වාසය බිදි ගිය ආකාරයටම විනිශ්චය දින…”''' (ඒ. බී. එම්. කලීල් මහතාගේ අල් කුර්ආන් පරිවර්තනයේ ‘මුම්තහානා’ පරිච්ඡේදයේ 13 වන වාක්‍ය)
සටහන් – '''මෙහි සොහොන්වල සිටින අය ප්‍රතික්ෂේප කිරීම යන්න වැරදි පරිවර්ථනයකි.'''
* '''“…අල්ලාහ්ගේ වරප‍්‍රසාදය ද මුහම්මද් නබි ලොව පහල කිරීමේ දයාළු භාවය ද හේතු කොට ගෙන නොවේ නම්…”''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘බකරා’ පරිච්ඡෙදයේ 64 වන වාක්‍ය)
සටහන් – '''මෙහි අල් කුර්ආන් මූල කෘතියේ මෙවැන්නක් සඳහන් නොවේ.'''
* '''“මා උපන් දින ද, මැරෙන දින ද, … මා කෙරෙහි සාමය”''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මර්යම්’ පරිච්ඡේදයේ 33 වන වාක්‍ය)
සටහන් – '''මෙහි කොටසක් අඩුවෙන් පරිවර්තනය කොට ඇත.'''
* '''“…තම ශරීර සුවය තමන්ගේ දෙවියන් වශයෙන් කවුරුන් පත් කර ගන්නේ ද ඔහුව…”''' (ඒ. බී. එම්. කලීල් මහතා අල් කුර්ආන් පරිවර්තනයේ ‘අල් ෆුර්කාන්’ පරිච්ඡේදයේ 43 වන වාක්‍ය)
සටහන් – '''මෙහි ශරීර සුවය යන්න වැරදි පරිවර්තනයකි.'''
* '''“නිර්භීත ශක්තියත් දිව්‍යමාන දර්ශනයක් හිමි වූ අපගේ වහලූන්…”''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘ස්වාද්’ පරිච්ඡේදයේ 45 වන වාක්‍ය)
සටහන් – '''මෙහි දිව්‍යමාන දර්ශන යන්න වැරදි පරිවර්ථනයකි.'''
* '''“ඒ ස්ථානයට පැමිණි සැටියේම හසරත් තාවූස් යමානි රහ්මතුල්ලාහි ඇයටී‘තිගේ අදහස මෙය නම් මේ ස්ථානයෙහිම වැඬේ කැරු ඉවර කරන්න පිළිවනැ’’ යි ඔහු කීවේය''' (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘තාරික්’ පරිච්ඡේදයේ 04 වන වාක්‍ය)
සටහන් – '''ඉහත සදහන් කිසිවක් අල් කුර්ආන් මුල් කෘතියේ සඳහන් වී නැත.'''
මෙහි ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන් පවා බිඳ දමන මූලික ප්‍රතිපත්ති සමඟ පරස්පර වන ආකාරයේ වැරදි අල් කුර්ආන් පරිවර්තන කිහිපයක් පමණි. අද වනවිට අප රටේ අල්කුර්ආන් පරිවර්ථන ගණනාවක් ප්‍රකාශයට පත්වී ඇත. එසේම ඉදිරියේදී තවත් පරිවර්ථන ගණනාවක් ප්‍රකාශ වන්නට ද පුළුවන. ඒ කවුරුන් කෙසේ ඉදිරිපත් කල ද එහි පරිවර්ථන දෝෂ නොවැලැක්විය හැකි කාරණයක් බව පමණක් ඔබ අවබෝධකර ගතයුතුය. මා මෙහි ඉහතින් දෝෂ කිහිපයක් ඉදිරිපත් කොට තිබීම තුල මෙම පරිවර්තන ග‍්‍රන්ථයන්වල වෙනත් වැරදි නැතැයි කියා හෝ අනිකුත් සියල්ල නිවැරදි කියා කිසිවකු කිසි විටෙක අවබෝධ කරගත යුතු නොවේ. මෙහි ඉහතින් ගෙනහැර දක්වා ඇත්තේ නියැඳියන් කිහිපයක් පමණි. මෙම කාරණය කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමේ අරමුණ මෙවැනි දෝෂයන්, පරිවර්ථනවල දී සිදුවන බවත් ඒ කෙරෙහි ජනතාව අවධියෙන් සිටිය යුතු බවත් අවබෝධ කර දිම මෙම ඉදිරිපත් කිරීමේ අරමුණයි.
අවසාන වශයෙන් මේ පරිවර්ථන මෙහෙවරේ නියලෙන විද්වත් පිරිසට කිවයුතු කාරණයක් ඇත. එනම්, විවිධ බාධක හා දුෂ්කරතා මධ්‍යයේ අල් කුර්ආන් සිංහල භාෂා පරිවර්තනයක් සමාජයට දායාද කිරීමේ මෙහෙවර කිසිසේත් සුළුකොට තැකිය හැකි මෙහෙවරක් නොවන බව මා දනිමි. එම මෙහෙවර කිසිසේත් මා අවතක්සේරු නොකරමි. එම මෙහෙවරට මෙවැනි ලිපි බාධාවක් නොවේවා! කියා පලමුව ප්‍රාර්ථනා කරමි. ‘යහමග’ මා යෝජනා කරන්නේ '''විවිධ සංවිධාන, කල්ලි, කණ්ඩායම් හා තනිපුද්ගල වශයෙන් අල්කුර්ආන් පරිවර්ථන ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීමේ තරඟය නවතා ‘යහපත් එක් පරිවර්ථනයක් ශ්‍රී ලාංකීය සමාජයට දායාද කරමු’ යන උතුම් අධිෂ්ඨානයෙන් යුතුව විවෘත විද්වත් සාකච්චා මණ්ඩපයක සාකච්චා කරමින් ශුද්ධ වූ අල්කුර්ආනයට වඩාත් සමීප සාර්ථක එක් පරිවර්ථනයක් ලබාදීමට සියළු පාර්ශව එක්රුස් වියයුතු යන්නයි.''' එතැනින් ද එම මෙහෙවර අවසන් නොකොට එසේ කරනු ලබන පරිවර්ථනයන් කෙරෙහි නැවත නැවත අවධානය යොමු කරමින්, එය සාර්ථක පරිවර්ථනයක් ලෙස යාවත්කාලීන කරන්න කටයුතු කරන්නේ නම්, අපට අවම වැරදි සහිත සත්‍යයට වඩාත් සමීප පරිවර්ථනයක් සමාජයට දායාද කිරීමට හැකිවනු ඇත’ යන්නයි.

'''අල් කුර්ආනය විනාශ කිරීමට ගන්නා අසාර්ථක උත්සාහය'''

ඉස්ලාම් දහමේ මූලික [[:Category:මූලික ප්‍රතිපත්ති|විශ්වාසයන් 06]] අතුරින් දේව පුස්තකය (වන [[අල්කුර්ආනය]]) විශ්වාස කිරීම ද ප්‍රධාන එකකි. එනම්, “අල්කුර්ආනය අල්ලාහ් (දෙවි) විසින් පහල කරන ලද දිව්‍ය වදන් අන්තර්ගත ලියවිල්ලකි” යන්න එම විශ්වාසයයි. ඒ අනුව “[[අල්කුර්ආනය]]” යන්න ලොවපුරා මුස්ලීම්වරුන්ගේ ආගමික විශ්වාසය හා බැඳුනු කාරණයකි. එසේම එයට ගරු කිරීම ඉස්ලාමයේ ආගමික විශ්වාසයේ වැදගත් අංගයකි. මෙම අල්කුර්ආනයට අපහස කිරීම හා එය අපකීර්තියට ලක් කිරීම මුස්ලීම් ලෝකයම කම්පා කරවන සංවේදී කාරණයක් වන අතර එසේ කිරීම සමරක් රටවල දඬුවම් හිමි වන වරදක් ද වේ. උදාහර්ණයකට “අල්කුර්ආනයක් හිතාමතා අපකීර්තියට ලක්කිරීම ඇෆ්ගනිස්ථානය , සෞදි අරාබිය , සෝමාලියාව, පකිස්ථානය... යන රටවල දණ්ඩ නීති සංග්‍රහයට අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි වරදකි.
මේ ආකාරයට ඉස්ලාමීය ලෝකයේ ඉහල ගරුත්වය හිමි ශූද්ධ වූ ලියවිල්ල වන [[අල්කුර්ආනය]] ඉස්ලාම් විරෝධීන් විසින් “ගිනි තැබීම”, “කෙලෙසීම”, “අපකීර්තියට ලක් කිරීම” 20 වන සියවසයේ ජීවත් වන මුස්ලීම් සමාජයට අලුත් කාරණයක් නොවේ. එවැනි වෛරීය ක්‍රියාවේ තවත් දිගුවක් ලෙස [https://apnews.com/article/sweden-quran-burnings-islam-nato-russia-ukraine-bbcf9ebcae1b2897df77929919a4f765 2023/06/28 (පසුගිය හජ් උත්සව) දින ස්වීඩනයේ ද සිදුවීමක් වාර්ථා විය.] එම ඉස්ලාම් විරෝධී වෛරීය පහත් ක්‍රියාවට විරුද්ධව සැලකිය යුතු මට්ටමින් යම් යම් පියවරයන් මුස්ලීම් රටවල් ගැනීමත්, ඒ සම්බන්ධයෙන් ස්වීඩන් රජය ද ප්‍රමාද වී හෝ තම ස්ථාවරය සහ කණගාටුව ප්‍රකාශ කිරීමත් හේතුවෙන් [[යහමග අඩවිය]] එම පහත් ක්‍රියාවට අනවශ්‍ය ප්‍රචාරයක් නොදීමේ අරමුණින් ඒ පිලිබදව කථා කිරීමෙන් වැලකුණි. නමුත් සියල්ල සිදුවී අවසන් වූ පසු හිටි හැටියේ අද (එනම්, 2023/07/12) දින අප රටේ ජනාධිපති ඉහත සිද්ධිය සම්බන්ධයෙන් '''[https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%BD%E0%B7%91%E0%B6%B8-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B6%9A%E0%B7%93/1-636260 ස්වීඩනයේ දී කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකිනවා]''' යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අප රට තුල එම සිදුවීම උණුසුම් සංවාදයට බඳුන් කොට ඇත.
මේ හේතුව නිසාම මෙම විෂය එනම්, “අල්කුර්ආනය ගිනිබත් කිරීම හා අපකීර්තියට ලක් කිරීම නම් විකෘතියේ ලෝක ඉතිහාසය” යන කාරණය පිලිබදව මෙහිදී විමසා බැලීමට අදහස් කරමි. ඊට ප්‍රථම [[යහමග අඩවිය]] පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට අල්කුර්ආන් පාඨයක් සහ ඒ පිලිබදව වූ කෙටි සටහනක් ගෙන ඒමට කැමැත්තෙමි.
අල්ලාහ් (දෙවි)ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දමන්නට ඔවුහු අදහස් කරති. අල්ලාහ් එයට ඉඩ නොතබයි. ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද ඔහු තම අලෝකය පරිපූර්ණ කරන්නේමය.
[[අල්කුර්ආනය]] 9-32
ඔව්, ඉස්ලාම් දහමේ දිව්‍ය පුස්තකය වන [[අල්කුර්ආනය]] පහල වීම ඇරඹූ මොහොතේ පටන් වර්ථමාන අද දක්වා ම මෙලොව තැන් තැන් හි අඛණ්ඩව දකින්නට  තිබෙන සත්‍යය නම්, “අල්ලාහ් (දෙවි)ගේ ආලෝකය (වූ ඉස්ලාමය) මුවින් නිවාදැමීමට” කරන අසාර්ථක උත්සාහයයි. මෙවැනි ක්‍රියාවන් ඉස්ලාම් දහමට වෙස්වලාගත් ආශිර්වාදයක් මිස හානියක් නොවනවා යන්න [[යහමග අඩවිය]] ස්ථාවරයයි. මෙවැනි ක්‍රියාවන් නිසා මුස්ලීම් හා මුස්ලීම් නොවන ලෝකය අල්කුර්ආනයේ ඉගෙන්වීමන් කෙරෙහි වැඩි වැඩියෙන් අවදානය යොමු කරන අතර එය ඔවුන් ඉස්ලාම් දහම නිවැරදිව අවබෝධ කරගැනීමට හේතුවේ. මෙම සත්‍යය ඉතිහාසය පුරාවට විවිධ අවස්ථාවල ඔප්පුකොට පෙන්වා ඇත. 2001/09/11 ඇමරිකානු ආර්ථික මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු ජනතාව ඉස්ලාම් දහම වැළද ගැනීමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්වීම මෙයට කදිම නිදසුනකි.
ඉහත කාරණයන් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින්  “අල්කුර්ආනය ගිනිබත් කිරීමේ හා අපකීර්තියට ලක් කිරීමේ ලෝක ඉතිහාසයේ” වැඩියෙන් කථා බහට ලක් වූ සිද්ධීන් කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,
* '''2005''' - 2005 මැද භාගයේදී, කියුබාවේ එක්සත් ජනපද හමුදා ගුවන්තනාමෝ බේ රැඳවුම් කඳවුරේ මුස්ලිම් සිරකරුවන් ඉදිරියේ අල්කුර්ආනය විනාශ කල පුවතක් වාර්ථා වේ
* '''2010''' - 2010 දී, ෆ්ලොරිඩාවේ ගයින්ස්විල් හි පල්ලියක් වන ඩෝව් වර්ල්ඩ් අවුට්රීච් සෙන්ටර් හි ක්‍රිස්තියානි දේවගැති ටෙරී ජෝන්ස් , එක්සත් ජනපදයට එල්ල වූ ඉස්ලාමීය ත්‍රස්තවාදී සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සංවත්සරයේදී කුරානය පුළුස්සා දැමීමට සැලසුම් කරන බව ප්‍රකාශ කොට පසුව ඔහු සැලසුම් අවලංගු කළේය.
* '''2011''' - නමුත් 2011 මාර්තු 20 දින, ඔහු එය සිදුකල බව වාර්ථා වේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගනිස්තානයේ මුස්ලිම්වරු කැරලි ගැසූ අතර 12 දෙනෙක් ඉන් මිය ගියේය.
* '''2011''' - 2011 වසරේ Louis Theroux වාර්තා චිත්‍රපටයේ මේගන් ෆෙල්ප්ස් සම්මුඛ සාකච්ඡාවකදී පැහැදිලි කළේ ඔවුන් හිතාමතාම සහ ප්‍රසිද්ධියේ අල්කුර්ආනයේ පිටපතක් පුළුස්සා දැමූ බවයි.
* '''2012''' - බංග්ලාදේශයේ සැප්තැම්බර් 29 දා, අල්කුර්ආනය අපහස කරන ආකාරයේ පිංතූර අන්තර්ජාලයට  මුදාහැරීම නිසා ඇති වූ කැරලිවලින් නිවාස 25,000ක් පමණ ගිනිබත් වූ බව වාර්ථා වේ.
* '''2012''' – 2012 පෙබරවාරි මාසයේදී, ඇෆ්ගනිස්ථානයේ විවිධ ප්‍රදේශවල එක්සත් ජනපද හමුදා අල්කුර්ආනයට අපකීර්තියක් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඇති වූ අතර එහිදී පුද්ගලයින් 36 දෙනෙකු මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබූහ.
* '''2013''' - 2013 දී, සෞදි අරාබියේ මක්කම නගරයේ තායිෆ් හි අපජල පද්ධතියේ විවිධ වූ අල්කුර්ආන් පිටපත් 50 කට වඩා වැඩි ප්‍රමාණයක් හමු විය
* '''2013''' - ටෙරී ජෝන්ස් නම් තැනැත්තෙකු 2013 සැප්තැම්බර් 11 වන දින අල්කුර්ආනයක් ගිනි තැබීමේ සැලසුමක් තිබුණ ද එය ක්‍රියාත්මක නොවීය.
* '''2013'''- 2013 ඔක්තෝම්බර් මාසයේදී, අල්කුර්ආනය පාගා දමා එම පින්තූරය ට්විටර් හි පළ කිරීම හේතුවෙන් අපහාස කිරීම සහ ආගමික වෛරය ඇති කිරීම සම්බන්ධයෙන් තුර්කි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
* '''2014''' - 2014 දී ද තායිෆ් නගරයේම කුණු කූඩවල තිබී අල්කුර්ආනයේ ඉරා දැමූ පිටපත් සොයා ගන්නා ලදී.
* '''2015''' - 2015 මාර්තු 19 වන දින, 27 හැවිරිදි ඇෆ්ගන් කාන්තාවක් අල්කුර්ආනය පුළුස්සා දැමූ බව පවසමින් කාබුල්හිදී සිය ගණනක පිරිසක් විසින් ඇයව ප්‍රසිද්ධියේ පහර දී මරා දැමූහ. නමුත් පසුව ඇය එවැන්නක් නොකල බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. එහිදී ඇගේ ඝාතනයට සම්බන්ධ 49 අත්අඩංගුවට ගත් අතර වැඩිහිටි පිරිමින් තිදෙනෙකුට වසර විස්සක සිර දඩුවම් ද, තවත් වැඩිහිටි පිරිමි අට දෙනෙකුට අවුරුදු දහසයක සිර දඩුවම් ද, බාල වයස්කරුවෙකුට වසර දහයක සිර දඩුවමක් ද, පොලිස් නිලධාරීන් එකොළොස් දෙනෙකුට වසරක සිර දඩුවම් ද හිමිවිය.
* '''2016''' - 2016 දී, මොරොක්කෝවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ අල්කුර්ආනය ඉරා කුණු කසළවලට දමා ඇති බව සොයා ගැනීමෙන් මුළු මොරොක්කෝවේ ම කැළඹීමක් ඇති විය.
* '''2016''' - 2016 ජුලි 31 වෙනිදා, නොර්මන්ඩි පල්ලියේ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු  මෝල්ටාවේ Mater Dei රෝහලේ බහු ඇදහිලි කාමරයේ අල්කුර්ආනයේ පිටපත් කිහිපයක් මත ඌරු මස් පෙති තැබූ පුවතක් වාර්ථා විය.
* '''2017''' - 2017 දී නැවතත් තායිෆ් හි අපද්‍රව්‍ය පද්ධතියෙන් කුර්ආන් පිටපත් විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.
* '''2017''' - 2017 වසරේ ඩෙන්මාර්කයේ අල්කුර්ආනයට අපකීර්තිවන ආකාරයේ රැලි ක්‍රියාත්මක විය. එහිදී එම රැලියට සහභාගි වූ ආධාරකරුවන්ට අල්කුර්ආනය මත මූත්‍රා කරන ලෙස ඉල්ලා සිටි අතර මෙම අල්කුර්ආනය "ජරාව පොතක්" ලෙසත්, මුහම්මද් (සල්) නබිතුමා ළමා ලිංගික මිනීමරුවෙකු ලෙස හැදින්වීය.
* '''2019''' - 2019 දී ඩෙන්මාර්කයේ පොලිස් ආරක්ෂාව යටතේ අල් කුර්ආනය පුළුස්සා දැමීය.
* '''2019''' - 2019 දී, කයිබාර් නගරයේ කුණු කන්දකින් ඉරා දැමූ කුරාණ පිටපත් සොයා ගන්නා ලදී .
* '''2019''' - නෝර්වේ හි අල්කුර්ආනය පුළුස්සා, එය ඉරා දමා, එයට කෙළ ගසාමින් සහ අල්කුර්ආනය පටියකින් බැඳ පාරදිගේ ඇදගෙන යමින් රැලියක් පවත්වා ඇත.
* '''2020''' - 2020 අප්‍රේල් මාසයේදී, සෞදි අරාබියේ දී අල්කුර්ආනයට අපහස කරමින් සහ එය පාගමින් පටිගත කල වීඩියෝවක් සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම නිසා දැඩි කැළඹීමක් ඇති විය.
* '''2020''' - 2020 ස්වීඩනයේ නගර කිහිපයක කුරානය ගිනි තැබීම් සැලසුම් කර ඇත. එයට  එරෙහිව ස්වීඩන් නගරවල කැරලි රාශියක ද ඇති වී ඇත.
* '''2023''' - [https://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%BD%E0%B7%91%E0%B6%B8-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8F-%E0%B6%AF%E0%B6%9A%E0%B7%93/1-636260 2023 ජූනි 28 වන දින ස්වීඩනයේ] වෙසෙන ඉරාක සංක්‍රමණිකයෙකු වන සල්වාන් මොමිකා, ස්ටොක්හෝම්හි පල්ලිය ඉදිරිපිට අල්කුර්ආනය පිටපතක් පුළුස්සා ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පදනම් කර ගනිමින් ස්වීඩන් අධිකරණය මෙම පෙළපාළිය සඳහා අවසර ලබා දී ඇත.
* '''2023''' - [https://www.lankadeepa.lk/world_news/%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%AD%E0%B6%B6%E0%B6%AD%E0%B7%92/14-636981 2023 ජූලි 25 වන දින ඩෙන්මාර්කයේ] කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ කුරානයේ පිටපතකට ගිනි තැබූහ.කුරානයේ පිටපතක් මෙසේ ගිනි තැබුවේ, ‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ නමැති සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. කුරානයේ පිටපත ගිනි තබද්දී ඒ අසල බිම ඉරාක ධජයක් ද තබා තිබුණි. විරෝධතාකරුවන් මෙසේ කුරානයේ පිටපතක් ගිනි තැබීම කළේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි පෙන්වා දෙමිනි.
ඉහතින් 2005 සිට 2023 මේ දක්වා වූ කාලය තුල ලොවපුරා ප්‍රබලව කථාබහට ලක් වූ සිද්ධීන් කිහිපයක් මෙහි පෙලගසා ඇත. මෙම පහත් වෛරීය ක්‍රියාදාමය 2023 ස්වීඩන් සිද්ධියෙන් නිමා නොවනවා යන්න තිත්ත වූ ඇත්තයි. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් අවසාන වශයෙන් තවත් කාරණයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට අදහස් කරමි. එනම්,
[[අල්කුර්ආනය]]  යන්න අහසින් පොළොවට එකවර පහල වූ පුස්තකයක් නොවේ. [[අල්කුර්ආනයේ ඉතිහාසය 01 – අල්කුර්ආනය හැදින්වීම|එය දෙවියන්ගෙන් දේවවක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ පණිවුඩ ලේඛකයන් විසින් මිහිමත දි ලේඛන ගතකල පොතකි]]. එය ලේඛනයක් (Text) ආකාරයට පවතිනවාද?, ශබ්දයක් (Audio) ආකාරයට පවතිනවාද? නොඑසේ නම්, මිනිස් සිත්වල මතකයන් ලෙස පවතිනවාද? යන්න ආගමික කාරණයක් නොවේ. නමුත් යහපත් මිනිසුන්ගේ සිතු තුල මෙම අල්කුර්ආනය  ආරක්ෂා කරන බව නම්, අල්කුර්ආනය මෙසේ පවසයි. එනම්,
“එය (අල්කුර්ආනය) නුවණ ඇත්තාවුන්ගේ සිත්හි පැහැදිලි ආයාවන්ය.”
[[අල්කුර්ආනය]] 29-49
එමනිසා වාදයකට තැන් තැන්වල [[අල්කුර්ආනය]] ගිනි තියන්න දඟලන ඉස්ලාම් විරෝධීන් සියළුදෙනා ඒකරාශි වී මුළු ලොවම ඇති [[අල්කුර්ආනය]] පිටපත් සියල්ල එකවර ගිනිබත් කලත් ඊලඟ මොහොතේ "ලොව (මුස්ලීම්වරුන් වෙසෙන) ඕනෑම කුඩා ගමක කුඩා දරුවෙකු මඟින් මෙම අල්කුර්ආනය නැවත ලේඛන ගතකල හැක" යන්න පොළොවේ යථාර්තයයි. ඒ මේ වනවිට ලොවපුරා මුස්ලීම් සමාජය මෙම අල්කුර්ආනය භක්තියෙන් යුතුව වනපොත් කොට සිටින බැවිණි. එමනිසා,
* ඉහත අල්කුර්ආනය 9-32 වාක්‍යයෙන් පවසනවා සේ මෙම අල්කුර්ආනය ගිනිබත් කොට ඉස්ලාමය විනාශ කරන්නට උත්සාහ කිරීම '''අල්ලාහ්ගේ ආලෝකය මුවින් නිවන්නට උත්සාහ කරන අසාර්ථක උත්සාහයක් පමණකි''' යන්නත්, “පල ඇති රුකටයි පොලු ගහන්නේ” යන සත්‍යයත් නැවත නැවතත් අවදාරණය කරමින් ද,
* මෙම අවස්ථාව මුස්ලීම් නොවන සමාජයට [[අල්කුර්ආනය]] පිලිබදව වූ දැනුම ලබාදීමට හොද අවස්ථාවක් වන බැවින් මෙම තත්වය ආශිර්වාදයක් කරගන්නට මුස්ලීම් සමාජය කටයුතු කලයුතුයි යන පණිවුඩය ලබා දෙමින් ද,
* මෙවැනි පහත් ක්‍රියාවල නියැලෙන්නන් හමුවේ [[ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් දහමේ ස්ථාවරය|මුස්ලීම්වරුන් ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න ඉස්ලාම් දහම පැහැදිලිව පෙන්වාදී ඇති බැවින්]] ඔවුනට විරුද්ධව ආගමික රාමුවෙන් බැහැරව කටයුතු කිරීමෙන් වැලකෙන්නට මුස්ලීම්වරුන් වන අප වගබලාගමු යන්නද අවදාරණය කරමින් මෙම සටහනට විරාමය තබමි.

'''අල්කුර්ආනය පිලිබදව තවත් කියවන්න'''

අල් කුර්ආනය සම්බන්ධයෙන් වූ භාහිර මාතෘකා මේ යටතේ විවිධ අනුමාතෘකා ඔස්සේ විමසා බැලීමට අදහස් කරමි.

'''අල් කුර්ආනීය උපමාවන්'''

අල්කුර්ආනය මනුෂ්‍ය වර්ගයා සඳහා මාර්ගෝපදේශක ග්‍රන්ථයකි. අල්ලාහ් (දෙවි) විසින් නියම කරන ලද බොහෝ වාක්‍යයන් “ආවර්ජනය කරන්න", "අපගේ මඟපෙන්වීම පිලිපදින්න” සහ “අහස හා පොළොව මැවීම ගැන සිතන්න” යනුවෙන් මිනිසුන් දිරිගන්වයි. මෙය අල්ලාහ් (දෙවි) සහ ඔහුගේ මැවීම පිළිබඳ මානව බුද්ධිමය, දාර්ශනික සහ අධ්‍යාත්මික ආවර්ජනය දිරිමත් කිරීමකි. මෙසේ දිරිගන්වන [[අල්කුර්ආනය]] තම පණිවුඩය ඵලදායී අයුරින් සමාජයට ඒතුගැන්වීම පිණිස විවිධ වූ උපක්‍රම ද එහි භාවිතා කරයි. ඒ අතුරින් සාහිත්‍යමය, ගණිතමය, විද්‍යාත්මකමය, ඉතිහාසමය හා මනෝවිද්‍යාත්මකමය ක්‍රම මෙහි සදහන් කල හැකි වේ. මෙවැනි උපක්‍රම අතර සුවිශේෂි උපක්‍රමය වන්නේ '''උපමා''' භාවිතා  කරමින් කරන ඉදිරිපත් කිරීමයි. අද මෙම ([[යහමග අඩවිය]]) ලිපිය තුලින් කථා කිරීමට යන්නේ [[අල්කුර්ආනය]] මිනිස් සමාජයේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරන එවැනි උපමාවන් පිලිබදවයි.
අල්කුර්ආනය ඉදිරිපත් කරන එම “උපමාවන්” වෙත අවදානය යොමු කිරීමට පෙර මෙවැනි උපමාවන් අල්කුර්ආනය ඉදිරිපත් කිරීමේ අරමුණ කුමක්ද? යන්න අල්කුර්ආනයේ ඉගෙන්වීමන් තුලින් විමසා බැලුවේ නම්,
ඇත්ත වශයෙන්ම, මිනිසුන්ට මෙම අල්කුර්ආනය සිතීමට සහ අවධානය යොමු කිරීමට පහසුව පිණිස උපමා සහ උදාහරණ මගින් අපි සෑම සාක්ෂියක්ම සහ පාඩමක් ඉදිරිපත් කර ඇත්තෙමු.
[[අල්කුර්ආනය]] 39:27
දෙවියන් වහන්සේ මිනිසුන් සඳහා උපමා ඉදිරිපත් කරයි, ඔවුන් ඒවා මෙනෙහි කිරීමට සහ අවශ්‍ය පාඩම් අනුමාන කිරීමට.
[[අල්කුර්ආනය]] 14:25
"...සැබවින්ම අපි මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මෙම අල් කුර්ආනයෙහි සෑම ආකාරයකම උපමාවක් දක්වා ඇත්තෙමු..."
[[අල්කුර්ආනය]] 30:58
උපමාවක් යනු සත්‍යයක් හෝ සදාචාරාත්මක පාඩමක් වඩාත් හොදින් අවදාරනය කිරීම පිණිස නිර්මාණය කර ඇති කල්පිතයක් හෝ සත්‍ය සිදුවීමක් පදනම් කරගත් ප්‍රකාශයකි. මනුෂ්‍ය වර්ගයාට කරුණු පැහැදිලි කිරීමේදී එහි වඩාත් පැහැදිලි බවක් සහ ගැඹුරු අර්ථයක් ලබා දීමට අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ උපමාවන් භාවිතා කරයි. එමඟින් අපගේ දැනුම වැඩි කර ගැනීමටත් සත්‍යය මුළු හදවතින්ම වැළඳ ගැනීමටත් එය උපකාර වේ. මීට අමතරව අල්කුර්ආනයේ වාග් අලංකාරය සහ දිව්‍යමය අගය මෙම උපමා මඟින් ඉහල නංවයි. මෙවන් වූ උපමා රාශියක් අල්කුර්ආනයේ දක්නට ලැබෙන අතර මෙහි පහතින් ඒ එකින් එක පෙලගැසීමට අදහස්ස කරමි.
උපමා පෙලගැස්ම...
======උපමාව ගින්නක් දැල් වූ කෙනකු මෙනි======
ඔවුනට උපමාව ගින්නක් දැල් වූ කෙනකු මෙනි. එවිට ඔහු අවට දස අතම ආලෝකමත් වූ විට අල්ලාහ් ඔවුන්ගේ ආලෝකය (සංඥානය) ඉවතට ගත්තේය. කිසිවක් නොදැකිය හැකි ලෙසින් ඔවුන් ඝනාන්ධකාරයන්හිම අත්හැරියේය.
[[අල්කුර්ආනය]] 2-17
======උපමාව ඝනාන්ධකාරයන්, හෙණහඬ හා විදුලි කෙටීම සහිතව අහසින් වැටෙන වර්ෂාව වැනිය======
එසේ නැතිනම් (ඔවුන්ගේ තත්ත්වයට තවත් උපමාවක් නම්) ඝනාන්ධකාරයන්, හෙණහඬ හා විදුලි කෙටීම සහිතව අහසින් වැටෙන වර්ෂාව වැනිය.හෙණ හඬ ඇසෙන විට ඔවුහු මරණ භයින් ත්‍රස්තව තම ඇඟිලි තමන්ගේ කන්හි අගුලූලා ගනිති. අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව දසතින්ම වටකර ගනි.
[[අල්කුර්ආනය]] 2-19
======උපමාව එඬේරා හඬ ගසද්දී කෑකෝ ගැසීම් මිස, කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය.======
(අල්ලාහ්ගේ මාර්ගය) ප්‍රතික්ෂේප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එඬේරා තමන්ට හඬ ගසද්දීත්) කෑකෝ ගැසීම් මිස, කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය. (ඔවුහු) අඳය, ගොළුය, බිහිරිය, එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ.
[[අල්කුර්ආනය]] 2-171
([[මුතුන්මිත්තන් අනුගමනය කිරීම|මෙම උපමාව පිලිබදව වැඩිදුර කියවීමට මෙහි Click කරන්න]] [[File:Click-icon.png|22px|link=]])
======උපමාව ධාන්‍ය ඇටයකට සමානය.======
අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔවුන්ගේ ධනය කැප කරන්නන්ගේ (උපමාව) ධාන්‍ය ඇටයකට සමානය. එයින් කරල් හතක් හට ගනී. එක් කරලකින් ධාන්‍ය ඇට සියයක් ලැබේ. අල්ලාහ් (මෙපරිද්දෙන්) තමාට අභිමත කෙනකුගේ (යහපත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵල) කිහිප ගුණයකින් වැඩි කරයි. අල්ලාහ් සර්ව ව්‍යාපක සර්ව ඥානීද වෙයි.
[[අල්කුර්ආනය]] 2-261
======උපමාව නම් උස් බිමක පවතින (සාරවත්) උයනක් මෙන්ය======
හුදෙක් අල්ලාහ්ගේ ප්‍රසාදයන් පතා තම සිතට එකඟව තමන්ගේම ධනය වියදම් කරන්නන්නගේ උපමාව නම් උස් බිමක පවතින (සාරවත්) උයනක් මෙන්ය. මහ වැසි පතිත වූ විට එහි අස්වැන්න දෙගුණ කරයි. එයට මහ වැසි පතිත නොවුවද පොද වැස්සක් වුවද ප්‍රමාණවත්ය. තවද අල්ලාහ් නුඹලා කරන සියලූ දේ මැනවින් දකී.
[[අල්කුර්ආනය]] 2-265
======උපමාව සුනඛයකුගේ උපමාවට සමානය.======
අපට අභිමත වූයේ නම් අපට ඔහු එමගින් උසස් තත්ත්වයට පත් කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔහු මහපොළොව(ලෞකික ජීවිතය)ට ගැලී තම ආශාවන් අනුගමනය කළේය. එමනිසා ඔහු සඳහා වූ උපමාව සුනඛයකුගේ උපමාවට සමානය. නුඹ ඌ එළවා දැමුවත් ඌ දිව එළියට ඇද දමයි. නුඹ ඌ අතහැර දැමුවත් ඌ දිව එළියට ඇද දමයි. අපගේ ආයාත්-වදන් බොරු යැයි කියන ජනයාගේ උපමාවද මෙය වේ. එබැවින් ඔවුන් මෙනෙහි කරනු පිණිස (පෙර වූවන්ගේ) කථාන්තරය (ඔවුනට) කියා පානු.
[[අල්කුර්ආනය]] 7-176
======උපමාව අප අහසින් පහළ කළ ජලය බදුය.======
නියතවශයෙන්ම මෙලොව ජීවිතයේ උපමාව අප අහසින් පහළ කළ ජලය බදුය. එවිට මුන්ෂ්ය යින් සහ සත්වයින් අනුභව කරන මහපොළොවේ බෝගවර්ග එ සමග මිශ්ර. විය. මහපොළොව එහි සාරය උකහා ගෙන සරුසැර ඵලදාවෙන් විභුෂිත වී, තවද එවායේ අයිතිකරුවෝ නියතවශයෙන්ම ඒවා (ප්රනයෝජනය ගැනීම)ට තමන්ට බලය ඇතැයි සිතා සිටියහ. එවිට රාත්රිනයෙහි හෝ දිවා කාලයෙහි හෝ (හිටි හැටියේම) අපගේ ආඥාව එ වෙත පැමිණියේය. පෙර දින (කිසිවක්) නොතිබුණාත් මෙන් අපි එය ඵල නෙළා ගත් පාලුවක් (බිමක්) බවට පත් කෙළෙමු. මෙනෙහි කරන ජනතාවන් වෙත (අපගේ) ආයාත් අපි මෙසේ පැහැදිලි කෙළෙමු.
[[අල්කුර්ආනය]] 10-24
======උපමාව අන්ධයා හා බිහිරාටද දකින්නා හා අසන්නාටද සමානය.======
මෙම දෙකොටසෙහි උපමාව අන්ධයා හා බිහිරාටද දකින්නා හා අසන්නාටද සමානය. මෙම දෙකොටස එක සමාන වේද? (මේ ගැන) නුඹලා තකන්නේ නැතිද?
[[අල්කුර්ආනය]] 11-24
======උපමාව, ඒ යටින් දිය දහර ගලා බසී. එහි බොජුන් සදාතනිකය======
බියබැතිමත් අයට පොරොන්දුවනු ලැබූ ස්වර්ගයට උපමාව, ඒ යටින් දිය දහර ගලා බසී. එහි බොජුන් සදාතනිකය. එහි සෙවළලුද (සදාතනිකය) බිය බැතිමතුන්ගේ පරමාන්තය එසේය. ප්‍රතික්ෂේප කරන්නන්ගේ පරමාන්තය අපාගින්නය.
[[අල්කුර්ආනය]] 13-35
======උපමාව: ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුත සහිත දිනයක සුළඟ හැමූ අළු බඳුය======
ඔවුන්ගේ රබ්(පරමාධිපති) ප්‍රතික්ෂේපකළවුනට උපමාව: ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුත සහිත දිනයක සුළඟ හැමූ අළු බඳුය. ඔවුන් උපයාගත් කිසිම දෑකට ඔවූහු බලනොපාති. ඈත්වූ දුර්මාර්ගය එයයි.
[[අල්කුර්ආනය]] 14-18
======උපමාව: පිවිතුරු වදන සරු ගසක් මෙනි======
අල්ලාහ් කෙසේ උපමාවක් යෙදුවේදැයි නුඹ නොදැක්කෙහිද? පිවිතුරු වදන(කලිමා තය්යිබාව) සරු ගසක් මෙනි. එහි මුල් ස්ථීරව පිහිටියේය. එහි ශාඛා අහසෙහිය. ස්වකීය රබ්(පරමාධිපති)ගේ අවසරය පිට සෑම මොහොතක් පාසාම එය ඵලදරයි. ඔවුන් මෙනෙහිකිරීම පිණිස, ජනයාට අල්ලාහ් උපමාවන් ගෙන හැර දක්වයි.
[[අල්කුර්ආනය]] 14-24 සහ 25
======උපමාව මහපොළොව මතින් උදුරා දමන ලද නිසරු ගසක් බදුය======
කිළිටි වදනට උපමාව මහපොළොව මතින් උදුරා දමන ලද නිසරු ගසක් බදුය. ඊට තිර පැවැත්මක් නැත.
[[අල්කුර්ආනය]] 14-26
======උපමාව අහසින් පහළ කරන දිය වැනිය.======
(නබි මුහම්මද්!) මෙළොව ජීවිතයේ උපමාව ඔවුනට පෙන්වනු. අප එය අහසින් පහළ කරන දිය වැනිය. එවිට පොළොවෙහි ගස්වැල්ද එය උරා ගත්තේය. පසුව එය(ගැස්වල්) සුළගින් ගසාගෙන යන වියළි ඉපනැළි බවට පත්විය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
[[අල්කුර්ආනය]] 18-45
======මෙවැනි තවත් උපමාවන් මෙහි ඉදිරියට පෙලගසු ලැබේ...======

'''අල් කුර්ආන් භාෂා උච්චාරණ හෙළ බසින්'''

යහමග අඩවිය නරඹන බොහෝ (නව මුස්ලීම්) පාඨක පිරිස් කරන ඉල්ලීමක් වන්නේ තමන් හට අරාබි භාෂාව නිසි ලෙස කියවීමට නොහැකි නිසා ශුද්ධ වූ කුර්ආන් පාඨයන් සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසයි. මෙහිදී එවැනි පාඨකයින් හට මුලින්ම පැවසීමට ඇත්තේ එම ඉල්ලීම 100% නිවැරදි ආකාරයට ඉටු කිරිම ප්‍රායෝගික නොවන බවයි. එයට හේතුව එක් භාෂාවක් තවත් භාෂාවකින් ලිවීමේදී එම භාෂාවට ආවේනික සමහරක් උච්චාරණයන් නිවැරදිව තවත් භාෂාවකින් ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. මේ නිසා කිසියම් භාෂාවක් මඟින් ලියන ලද යමක් කියවීමේ දී එම භාෂාව පිළිබඳව අවබෝධයක් පැවතීම අනිවාර්ය අවශ්‍යතාවයක් වේ. කෙසේ වෙතත් ඉහතින් සදහන් දුර්වලතාවය අවම කරගෙන ඒ සදහා සමහරක් අවස්ථාවල ඉංග්‍රීසි අකුරු ද භාවිතයට ගෙන පහත ආකාරයට ශුද්ධ වූ කුර්ආනයේ පරිච්චේද කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරමි.
'''අල් – ෆාතිහා'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්රහ්මානිර්රහීම්. මාලිකි යවුමිද්දීන්  ඉයියාක නඋබුදු වඉයියාක නස්තඊන්. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. සිරාතල්ලzදීන අන් අම්ත අලයිහිම්. ඝයිරිල් මඋලූබි අලයිහිම් වලල්ළාල්ලීන්”
'''අන් –  නාස්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“කුල්අඌzදු බිරබ්බින්නාස්. මලිකින් නාස්. ඉලාහින් නාස්. මින්ෂර්රිල් වස්වාසිල් හන්නාස්. අල්ලzසි  යුවස්විසු ෆීසුදූරින්නාස් මිනල් ජින්නති වන්නාස්”
'''අල් – ෆලක්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“කුල් අඌzදු බිරබ්බිල් ෆලක්. මින්ෂර්රිමා හලක්. වමින් ෂර්රි ඝාසිකින් ඉzසා වකබ්. වමින් ෂර්රි නෆ්ෆාzසාති ෆිල් උකද්. වමින් ෂර්රි හාසිකින්  ඉzසා හසද්”
'''අල් – ඉහ්ලාස්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“කුල් හුවල්ලා0හු අහද්. අල්ලාහුස් සමද්. ලම් යලිද් වලම් යූලද්. වලම් යකුල්ලහු , කුෆ්වන් අහද්”
'''අල් – ලහබ්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“තබ්බත් යදා අබි ලහබිව් වතබ්. මා අ:නා අන්හු මාලහු , වමා කසබ්.  සයස්ලා නාරන් zසාත ලහබ්. වම්රඅතුහු , හම්මාලතල් හතබ්. ෆී ජිදිහා හබ්ලුම් මිම් මසද්”
'''අන් – නසර්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“ඉzසාජාඅ නස්රුල්ලාහි වල්ෆතහ්. වරඅයිතන්නාස යද් හුලුන ෆී දීනිල්ලාහි අෆ්වාජා. ෆසබ්බිහ් බිහම්දි රබ්බික වස්ත:ෆිර් , ඉන්නහු කාන තව්වාබා”
'''අල් – කාෆිරූන්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“කුල් යා අයියුහල් කාෆිරූන්. ලා අ:බුදු මා අ:බුදූන්. වලා අන්තුම් ආබිදූන මාඅ:බුද්. වලා අනආබිදු මා අබත්තුම්. වලා අන්තුම් ආබිදූන මාඅ:බුද්.  ලකුම් දීනුකුම් වලියදීන්”
'''අල් – කවුසර්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“ඉන්නා අ:තයිනා කල් කවුසර්. ෆසල්ලි ලිරබ්බික වන්හර්. ඉන්න ශානිඅක හුවල් අබ්තර්”
'''අල් – මාඌන්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“අරඅයිතල්ලzසි යුකzසිබු  බිද්දීන්. ෆzසාලිකල්ලzසි යදු:උල්  යතීම්. වලා යහුල්ලු අලා තආමිල් මිස්කීන්. ෆවයිලුල් ලිල් මුසල්ලීන්. අල්ලzසින හුම් අන් සලාතිහිම් සාහූන්. අල්ලzසින හුම් යුරා ඌන්.  වයම් නඌනල් මාඌන්”
'''අල් – කුරෙයිෂ්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“ලිඊලා ෆිකුරයිෂ් . ඊලා ෆිහිම් රිහ්ල තෂ්ෂිතාඉ වස්සයිෆ් .  ෆල්  ය:බුදු රබ්බ හාzසල් බයිත් . අල්ලzසි  අත්අමහුම් මින් ජූඉව්  වආමනහුම්  මින්  හව්ෆ්”
'''අල්  – අසර්'''
අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම්
බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!
“වල්  අසර් .  ඉන්නල් ඉන්සාන ලෆී හුස්ර් .  ඉල්ලල්ලzසීන ආමනු වඅමිලුස්  සාලිහාති  වතවාසව්  බිල්හක්කි  වතවාසව්  බිස්සබ්ර්”
(මෙහි ඉදිරිපත් කර ඇත්තේ ශුද්ධ වූ කුර්ආනයේ කුඩා පරිච්චේද කිහිපයක් පමණි. සත්භාවයෙන් ඉදිරිපත් කරන මෙම ඉහත ඉදිරිපත් කිරීමෙහි කිසියම් දෝෂයක් ඇත්නම් ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කොට සිටිමි.)

'''අල් කුර්ආනීය විමසුම්'''

'''ඔවුන්මය ජය ලබන්නෝ'''

(2:152) එබැවින් මාව මතක තබා ගන්න. මම ඔයාව මතක් කරන්නම්. තවද මට කෘතඥ වන්න, මා ප්‍රතික්ෂේප නොකරන්න. (2:153) විශ්වාස කළ අයනි, ඉවසීමෙන් සහ සලාතයෙන් උපකාර පතන්න. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයන් සමඟය. (2:154) තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි ඝාතනය කරනු ලැබූවන් ගැන "ඔවුන් මිය ගොස් ඇත" යැයි නොකියන්න. ඒ වෙනුවට, ඔවුන් ජීවතුන් අතර, නමුත් ඔබට [එය] වැටහෙන්නේ නැත. (2:155) තවද නියත වශයෙන්ම අපි ඔබව බියෙන් හා කුසගින්නෙන් සහ ධනය හා ජීවිත හා ඵල අහිමිවීම් වලින් ඔබව පරීක්ෂා කරන්නෙමු, නමුත් රෝගියාට ශුභාරංචිය දෙන්නෙමු, (2:156) ඔවුන්ට විපතක් පැමිණි විට, ඔවුන් මෙසේ පවසන්න. නියත වශයෙන්ම අපි අල්ලාහ්ට අයත් වන්නෙමු, නියත වශයෙන්ම අපි ඔහු වෙත ආපසු යන්නෙමු." (2:157) ඔවුන්ගේ පරමාධිපතිගෙන් ආශීර්වාද සහ දයාව ඇත්තේ ඔවුන් වෙතය. තවද ඔවුන්ම (නිවැරදිව) යහමග ලබන්නෝ වෙති.
[[අල්කුර්ආනය]] - දෙවන පරිච්චේදයේ 2-152 සිට 157 දක්වා

'''ලොව පැරණිම අල් කුර්ආනය එංගලන්තයෙන්'''

ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි.
රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ.
බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ.
එතරම් කාලයකට පසු එම ලේඛනය සොයා ගැනීමට හැකි වීම ඉතා විශ්මිත අත්දැකීමක් වන අතර මෙම පුවත ලොව පුරා ඉස්ලාම් ලබ්ධිකයින් සතුටට පත් කරනු ඇති බවයි බ්‍රිතාන්‍ය පුස්තකාල ලේඛන පිලිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය මුහම්මද් ඉසා වේලි පවසන්නේ.
'''රේඩියෝ කාබන් විකිරණ පරීක්ෂණ'''
පුස්තකාලයේ මැද පෙරදිග අනෙකුත් පැරණි ලේඛන අතර තිබී සොයා ගැනුණු මෙම කුරානයේ පිටපත දැනට වාර්තා වී ඇති පැරණි කුරාන පිටපත් වලින් පැරණිම පිටපත ලෙස සැලකිය හැකි බවයි වාර්තා වෙන්නේ.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රේඩියෝ කාබන් විකිරණ අංශයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ ලේඛනයේ පිටු බැටළුවන් හෝ එළුවන්ගේ සම යොදා ගෙන නිමවා තිබෙන බවයි.
මෙම ලේඛනය දැනට ආරක්ෂිතව පවතින පැරණිම කුරාන් පිටපත් වලින් එකක් බව සනාථ වී තිබේ.
සිදු කරනු ලැබූ රේඩියෝ කාබන් විකිරණ පරීක්ෂණ වලින් ලේඛනයේ කාලය නිර්ණය කිරීමට 95% ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බව පවසන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් කණ්ඩායම පවසන්නේ ක්‍රි.ව 568 ත් ක්‍රි.ව 645 ත් අතර මෙය ලියැවී ඇති බවයි.
'''ඉස්ලාම් ප්‍රවාදය'''
ඉස්ලාම් ප්‍රවාදයන්ට අනුව මොහොමඩ් නබිනායක තුමා විසින් හෙළිදරව් කරන ලද ඉස්ලාම් ආගමික ධර්ම ග්‍රන්ථය ඔහුගේ මරණය සිදුවූ ක්‍රි.ව 610 ත් ක්‍රි.ව 632 ත් අතර කාලය තුල ලියවී තිබෙන බවටයි විශ්වාස කෙරෙන්නේ.
බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුහම්මද් ඉසා වේලි පවසන්නේ ඉස්ලාම් ප්‍රවාදය සහ මෙම ලේඛනය කෙතරම් පැරණිද යන්න සසඳන විට මෙම කුරාන පිටපත ලියන ලද පුද්ගලයා මොහොමඩ් නබිනායක තුමා ජීවත්ව සිටි කාලයේ ඔහු දේශනා කළ ධර්මයේ අභාෂය ලබමින් මෙය ලේඛන ගත කළ බව විශ්වාස කළ හැකි බවයි.
නව ඉරාකයේ මොසුල් ප්‍රදේශයේ උපත ලද බවට විශ්වාස කෙරෙන ඇල්ෆෝන්ස් මින්ගානා නම් පුජකවරයා විසින් 1920 දී සොයා ගනු ලැබූ වසර 3000කට වඩා පැරණි මැද පෙරදිග ලේඛන එකතුවක් බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ මින්ගානා එකතුව නමින් නම් කර ගබඩා කර තිබූ අතර මෙම පැරණිම කුරාන පිටපත ඉන් එක් ලේඛනයකි.
ලෝකයේ පැරණිම චොක්ලට් නිෂ්පාදනයේ කොටස්කරුවෙකු වූ එඩ්වඩ් කැඩ්බරි විසින් සැපයූ මුල්‍ය ප්‍රතිපාදන සහ දෙනු ලැබූ උපදෙස් පරිදි මැදපෙරදිග සංචාරයන්ට එක්වූ ඇල්ෆෝන්ස් මින්ගානා නම් පුජකවරයා විසින් මැදපෙරදිග ඉතිරිව තිබූ පැරණිම ලේඛන එකතු කළ බවයි පැවසෙන්නේ.

'''අල් කුර්ආනීය සමාජයක් කරා නැවතත්'''

ඉස්ලාම් දහම පිලිබදව කථා කරන විට එහි දේව පුස්තකය වන ශූද්ධ වූ කුර්ආනයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. දෙවියන් විසින් මිහිමත මිනිස් වර්ගයා මවා ඔහුව මෙලොව අසරණ කර නොදමා ඔහුට සත්‍ය අසත්‍ය, හොද නරක, ජය පරාජය, යහපත අයහපත… යනාදී සියල්ල අවවාද අනුශාසනා නඟන දිව්‍යමය මඟපෙන්වීමක් ද ලබාදෙන ලදී. ආරම්භ මිනිසා වන ආදම් (අලෛ) තුමාගේ පටන් අවසාන දේව වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා වූ සෑම වක්තෘවරයෙකු මඟින්ම දෙවියන් විසින් මිනිස් සමාජයට මෙලෙස අවවාද අනුශාසනා සිදුකලා යන්න ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමයි.
ඒ අනුව අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල කරන ලද දිව්‍යමය පුස්තකය වන්නේ ‘අල් කුර්ආනය’ යි. මේ අනුව මුස්ලීම් සමාජය සෑමවිටම මුහම්මද් (සල්) තුමාණන්ට පහල කල ඒ දේව පුස්තකය පදනම් කරගෙන තම ජීවිතය සකසා ගැනීම ඉස්ලාම් දහම පෙන්වාදෙන අනිවාර්‍ය වගකීමක් වේ. මේ හේතුව නිසාම [[යහමග අඩවිය]] තුල මීට ඉහත අවස්ථා ගණනාවකදීම මෙම අල් කුර්ආනය මූලික කරගෙන කරුණු ගණනාවක්ම සාකච්චා කොට ඇත. මෙලෙස ශුද්ධ වූ කුර්ආනය පදනම් කරගෙන විවිධ මාතෘකාවන් මීට පෙර සාකච්චාවට ගැණූනද අද දිනයේ '''කුර්ආනීය සමාජයක් කර නැවතත්''' යන මාතෘකාව ඔස්සේ නැවතත් මෙහි කථා කිරීමට යන්නේ ශුද්ධ වූ කුර්ආනය පිලිබදව නම් නොවේ. මෙහි කථා කිරීමට යන්නේ මේ අල් කුර්ආනය දරා සිටින මුස්ලීම් සමාජය පිලිබදවයි.
මුස්ලීම් සමාජය පදනම් කරගෙන [[යහමග අඩවිය]] ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්‘ යනුවෙන් මාතෘකාවක් යෙදීම පිලිබදව මුස්ලීම් සමාජයේම විවිධ පාර්ශවයන්ට මේ වනවිටත් විවිධ වූ ගැටළු පැන නැඟී තිබෙන්නට පුළුවනි. එනම්,

'''අල් කුර්ආනය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ පවතින මතවාද'''

* '''එක් පාර්ශවයක් –''' මුස්ලීම්වරුන් වන අප ජීවත් වන්නේ ශුද්ධ වූ කුර්ආනය සමඟ නොවේද?, මුස්ලීම්වරුන් වන අප ශුද්ධ වූ කුර්ආනයට ඉහල ගෞරවයක් පිරිණාමා තිබෙනවා නොවේද?, සුභ කටයුතුවල දී එනම්, නිවසක් ගෙවැදීමක දී, එසේත් නැත්නම් ව්‍යාපාරික කටයුත්තක් ඇරඹීමකදී… යනාදී වශයෙන් යමක් ආරම්භ කිරීමේ දී මුස්ලීම්වරුන් වන අප ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ මේ ශුද්ධ වූ කුර්ආනයට නොවේද?, එපමණක් නොවේ මියගිය අපේ ඥාති මිතුරන් සදහා අපි මේ කුර්ආනය කොතරම් නම් පාරයානය කොට පරිත්‍යග කොට තිබෙනවාද?, එපමණක් ද නොවේ නිවසේ කුඩා දරුවන් පටන් වැඩිහිටියන් දක්වා සියළු පාර්ශවයන් දිනපතා උදේ සවස මේ කුර්ආනය කොතරම් නම් පාරයනය කරනවාද?, එතැනින් ද නතර නොවූ අප නූතන තාක්ෂණය උපයෝගි කරගෙන අපේ නිවැස්වල උදේ සවස සී.ඩී යන්ත්‍ර, කැසැට් යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර… යානදී තුලින් පවා නිතර ශුද්ධ වූ කුර්ආනය පාරායනය කරන්න සලස්වනවා නොවේද?. එතැනින්ද නතර නොවී අපේ ජංගම දුරකථන පවා අද බොහෝ විට නාද නඟන්නේ කුර්ආන් පාඨයක් නොවේද?… මේ ආකාරයට ශුද්ධ වූ කුර්ආනයට ඉතා සමීප දිවියක් ගෙවන අපට ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් ආරාධනා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද?. මේ වර්ථමාන සමාජයේ සමහරක් පිරිසට ඇතිවිය හැකි සාධාර්ණ කුතුහලයකි.
* '''තවත් පාර්ශවයක් –''' මේ කුර්ආනය සාමාන්‍ය ජනතාව වන අපට තේරෙන්නේ නැහැ. මේ ශුද්ධ වූ කුර්ආනයේ අරුත් පැවසීමටත්, එය අවබෝධ කරගැනීමටත් ඒ සදහා විශේෂිත වූ  කලාවන් ගණනාවක් ප්‍රගුණ කලයුතුයි. අඩුම තරමින් ආගමික පූජකවරයෙකු (මවුලවි) තත්වයට හෝ පත්විය යුතුයි. මෙයත් මුස්ලීම් සමාජයේ සැලකිය යුතු පිරිසක් නිරන්තරයෙන් මතු කරන කුතුහලයකි.
* '''තවත් පාර්ශවයක් –''' ශුද්ධ වූ කුර්ආනය පාරායනය කලොත් ඇති, එහි මහිමය දැන සිටියොත් ඇති, එහි පැවසෙන කරුණු හා එහි අරුථ ගැඹූරින් අධ්‍යනය කිරීම සෑම කෙනෙකුටම අවශ්‍ය හෝ අදාල නොවේ. එසේ කිරීමට ද නොහැක. ඒ සදහා වූ සුවිශේෂි ඥානයන් අපට ඇත්තේද නැත. මෙයත් බහුතරයක් පවසන තවත් කාරණයකි.
මේ ආකාරයට මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ වර්ථමාන මුස්ලීම් සමාජය ශුද්ධ වූ කුර්ආනය සම්බන්ධයෙන් දරණ හා මතු කරන ජනප්‍රිය මෙන්ම ප්‍රබල මතවාද අතුරින් කිහිපයකි. මේ මතවාදයන් කොතරම් දුරකට සාධාර්ණ ද යන්නත්, බුද්ධිමත් මතවාදයන්ද යන්නත් මුස්ලීම් සමාජය පදනම් කරගෙන විමසා බැලීමට ප්‍රථම අවබෝධ කර ගතයුතු පොදු කාරණයක් ඇත. එනම් මේ පවසන සමාජ ආකල්පය දකින්නට ඇත්තේ ‘මුස්ලීම් සමාජය තුල පමණක් නොවේ’ යන්නයි. ලොව සෑම දහමකම මෙවැනි භක්තිය ඉහවහා ගිය ඒ තුල අන්ධ වූ භක්තික පිරිස් දක්නට ලැබේ. තමන් පිලිපදින දහම පූජකවරුන්ට සීමා කොට ඔවුන්ගේ වදන් අන්ධ භක්තික ලෙස ඇදහීම ලොව සෑම දහමකම දක්නට ඇති පොදු තත්වයකි. කවදත් ආගම දහම කෙරෙහි අසීමිත භක්තියක් හා ගෞරවයක් හඳ තුල නිර්මාණය කරගන්නා නූගත් පොදු ජනතාව දහම වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා ඒ ඒ ආගමික පූජකවරුන්ගේ පිහිට පැතීම අතීතයේ පටන් දක්නට තිබෙන පොදු සමාජ තත්වයකි. විශේෂයෙන් ආගමික කරුණූ ඉගෙනීමට ඇති අලසකමත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් නොමැතිවීමත්, මේ නිසාම දහමේ මූලික කරුණූ පිලිබදව පවා තිබෙන අනවබෝධයත්, දහම කෙරෙහි ඇති අන්ධ හා අසීමිත භක්තියත්, වැරදි මඟපෙන්වීමත් හේතු කොටගෙන මෙවැනි තත්වයක් ආගම් තුල නිර්මාණය වීම නොවැලැක්විය හැකි කාරණයකි.
ඉහත කරුණු පදනම් කරගෙන කිසියම් පුද්ගලයෙකු තමන් අදහන දහම තුල අන්ධ භක්තිකයෙකු බවට පත්වීමට වැඩි ඉඩක් ඇත. තමන් අදහන දහමේ මූලික ඉගෙන්වීමන් කුමක්ද?, එම දහම අවබෝධ කරගතයුත්තේ කෙසේද? වැනි කරුණූ දහම තුලින් අවබෝධ කර නොගෙන විවිධ පුද්ගල අදහස් තුල අවබෝධ කරගැනීමට යාම තුල සමහරක් අවස්ථාවල වැරදි මඟපෙන්වීමන්ට ගොදුරු වී සත්‍ය දහම වසන් වී ඒ වෙනුවට එම දහම තුල මිත්‍යාවන් නිර්මාණය වීමට පුළුවන. එවිට සමාජය තුල පිරිසිදු දහම වසන් වී යනු ඇත. මේ අවාසනාවන්ත ඉරණම අද ලොව සෑම දහමකටම උදාවී ඇති අතර ඉස්ලාම් දහමට අද එයින් මිදීමට හැකි වී නැත. මේ අවාසනාවන්ත ඉරණම මුස්ලීම් සමාජය තුලත් නිර්මාණය වීම හමුවේ ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් ඔවුනට නැවත ආරාධනා කිරීමේ කාලීන අවශ්‍යතාවයකි.

'''අල් කුර්ආනය සම්බන්ධයෙන් වැරදි මඟපෙන්වීම'''

මීට වසර 1400 කට පෙර ආගම දහම එක්තරා ප්‍රභූ හා පූජක පැලැන්තියකට පමණක් සීමා වූ සමාජයක් හමුවේ ‘ඉස්ලාම්’ නම් දහම මුහම්මද් (සල්) තුමාණන්ට පහල විය. එසේ පහල වූ ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට ප්‍රකාශ කොට එය සමස්ථ සමාජයට පොදු වූ කාරණයක් ලෙස දායාද කරන ලදී. නමුත් මෙම දායාදය තවදුරටත් ආරක්ෂා කොට ඉදිරි පරම්පරාවට දායාද කලයුතු වගකිවයුත්තන් සිදුකලේ මේ දහම තමන්ගේ බඩගෝස්තරය රුක ගැනීම සදහා යලි තමාට උරුම වූ භූදලයක් ලෙස පොදු ජනතාවගෙන් සින්නකරව ලියා ගැනීමයි. එහිදී ඔවුන් යොදාගත් පලමු සීමා කඩුල්ල වූයේ '''මේ කුර්ආනය පොදු ජනතාව වන ඔබට තේරෙන්නේ නැහැ. එය අප විසින් තමා පැහැදිලි කලයුත්තේ''' යන්නයි. එතැනින් නතර නොවූ ඔවුන් එය තවත් ජනතාවගේ සිත්තුල දැඩිව සටහන් කිරීම සදහා '''මේ කුර්ආනයට අරුත් පැවසීම කල හැක්කේ ආගමික පූජකවරුන්ට පමණයි. මේ කුර්ආනයට අරුත් පැවසීමට කලාවන් ගණනාවක් ප්‍රගුණ කලයුතු''' යනුවෙන් පවසමින් එම වැට කඩුලු තව තවත් ශක්තිමක් කරන ලදී. මේ ආකාරයට ශුද්ධ වූ දහම කෙරෙහි ජනතා නැඹූරුවට වැට බැදීම තුල අවසානයේ ඉස්ලාම් නමින් මුස්ලීම් සමාජය හමුවේ බොහෝ විට ඉතිරි වුයේ පුද්ගල චරිත ඉස්මතු කරන හා පූජක පන්තියට ගරු භූහුමන් දක්වන, ඔවුනට දානමාන පිරිනමන ඔවුන්ගේ බඩගෝස්තර රුකෙන පටු අරමුණුවලට සීමාවූ විකෘති දහමක් පමණි. මෙවැනි සමාජයක් මධ්‍යයේ හිද ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් මස්ථ මුස්ලීම් සමාජයට ආරාධනා කිරීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය වගකීමකි.
එපමණක් ද නොව නූතන යුගයේ ජීවත් වන මිනිසා වෙන කවරදාකටත් වඩා වැඩි වශයෙන් අධ්‍යාත්මික කරුණූ සම්බන්ධයෙන් වාද විවාදයන් සිදුකිරීමටත්, සංවාදයන් ගොඩනැඟීමටත්, තර්ක විතර්ක ඉදිරිපත් කිරීමටත්, ඒ පිලිබදව විමසා බැලීමටත් දැඩි උනන්දුවක් හා උද්යෝගයක් දක්වයි. නමුත් ඔවුන් අතුරින් බහුතරයක් කරන්නේ තමන් පිලිගෙන පිලිපදින දහම හැර අනිකුත් ආගම්වල කිසිදු හරයක් නැතැයි යන උපකල්පනයේ හිඳ එසේම ඒ කිසිවක් අධ්‍යනයකින් තොරව ප්‍රතික්ෂේප කරමින් තම ආගමික '''වංශේ කබල් ගෑම''' පමණි.
එතැනින් ද නතර නොවන තවත් සමහරක් පිරිස් අනිකුත් දහමන් ට එරෙහිව විවිධ වූ වාද විවාදයන් ඉදිරිපත් කරමින් එම දහමන් විවේචනය කිරීමටත්, උපහාසයන්ට හා අපහසයන්ට ලක් කිරීමටත් ඉදිරිපත් වන්නේ එහි මූලික ඉගෙන්වීමන් පිලිබදව පවා අනවබෝධයෙනි. මෙම තත්වයන් අන්තර්ජාලය තුල සැරිසරන ඕනෑම කෙනෙකුහට විශේෂයෙන් සිංහල භාෂාමය බ්ලොග් අවකාශය තුල සැරිසරන ඕනෑම කෙනෙකු හට සුලභව දකින්නට ලැබෙන විශේෂයෙන් [[යහමග අඩවිය]] තුලින් පවා බොහෝ අවස්ථාවල කථා බහට ලක්කල තත්වයකි. මෙවැනි පිරිසගේ වාද විවාදයන් දෙස බුද්ධිමත් ලෙස ඔබ විමසා බලන විට ඒවාට බොහෝ විට පදනම් වී ඇත්තේ ඉස්ලාම් නමින් මුස්ලීම් නම් බො‍ඩ් ලෑල්ල දරාගත් කිසියම් පුද්ගලයෙකුගේ හෝ කල්ලියකගේ ක්‍රියාකලාපයන් මිස ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් නොවන බවයි. මෙහිදී එම බ්ලොග්කරුවන්ගේ ක්‍රියාකලාපය හරිද? වැරදිද? යන්න මෙම අඩවිය තුල කිහිප අවස්ථාවක කථා කොට ඇති නිසා එම කාරණයට මෙහිදී යොමු නොවී මුස්ලීම්වරුන් වන අප සමාජය තුල ක්‍රියාකරන ආකාරයත් ඒ තුල සමාජය තුල මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් ඇතිවන  ආකල්පය හමුවේ ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් මුස්ලීම්වරුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීම මුස්ලීම්වරයෙකුගේ යුතුකමකි.

'''අල් කුර්ආනය මුස්ලීම් සමාජයට කල බලපෑම'''

ඉහතින් සදහන් අවශ්‍යතා, වගකීම හා යුතුකම හොදින් අවබෝධ කරගත් [[යහමග අඩවිය]] මෙම විෂය පිලිබදව තරමක් ගැඹුරින් කථා කිරීමට අදහස් කරමි. ඊට මත්තෙන් මීට වසර කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය හිටපු ආග්‍රාමාත්‍ය ග්ලෑඩ්ස්ටොන් පාර්ලිමේන්තුවේදී ශුද්ධ වූ කුර්ආනයක් ගෙන කෑලි කෑලිවලට ඉරාදමා ඉන් අනතුරුව පැවසූ කාරණයක් ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එය මෙසේය…
…මෙලෙස කුර්ආනය ඉරා දැමීමෙන් මෙම කුර්ආනය විනාශ වී යනු ඇතැයි මා විශ්වාස නොකරමි. එය මුස්ලීම්වරුන්ගේ හඳවත්වලින් ඉරා දැමිය යුතුයි…
ශුද්ධ වූ කුර්ආනයේ බලගතු බව විශේෂයෙන් ඒ ඔස්සේ මුස්ලීම් සමාජය තුල ගොඩනැ‍ඟෙන නොබි‍‍ඳෙන බැදීම පිලිබදව කලබලයට පත් මෙවැනි පිරිස් ඉතිහාසය පුරාවටම විටින් විට දක්නට ලැබේ. එවැනි චරිත අතර මේ ග්ලෑඩ්ස්ටෝන් තවත් එක් පුද්ගලයෙකු පමණි. මේ නිසා මෙහිදී ඔහුගේ ක්‍රියාකලාපය පිලිබදව කථා කිරීම අවශ්‍ය ‍නොවේ. නමුත් ඔහුගේ ඒකායන පැතුමට දැන හෝ නොදැන මුස්ලීම්වරුන් වන අප සෘජු දායකත්වයක් ලබාදෙමින් දිනෙන් දින ශුද්ධ වූ කුර්ආනයෙන් දුරස්වෙමින් සිටීම මෙහිදී කථා කලයුතුම කාරණයකි. අඥානය රජකල නූගත් සමාජයක් මධ්‍යයේ ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශවීමත් සමඟ සහෝදරත්වයේ දෑත් එම සමාජය තුල දිගුවූයේ සමස්ථ සමාජයම ඒකීය පවුලක් බවට පරිවර්ථනය කරමිනි. එවකට පැවතී එම සමාජය, නූතන සමාජය මෙන් සාරධර්මවලින්, ඉහල අධ්‍යාපන හා දැනුම් මට්ටම්වලින් පොෂිත සමාජයක් නොවිය. එම සමාජයේ පැවතී එකම න්‍යාය '''බලවතා ජයග්‍රාහකයා, දුබලයා පරාජිකයා''' යන්න පමණි. එවන් වූ සමාජයක් මධ්‍යයේ ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වීමත් සමඟ සිදු වෙනස මොහොතක් විමසා බලන්න.
* ‘හිජ්රත්’ නම් මක්කාවේ සිට මදීනාවට පලා ආ මුස්ලීම්වරුන් සමඟ මදීනාවාසීන් තම සමස්ථ දේපලම දෙකඩ කොට බෙදාගන්නා සහෝදරත්ව බැදීම,
* දුගියා වෙනුවෙන් සමස්ථ ධනය කැපකිරීමට පෙළඹූනු ආදරණීය බැදීම,
* ලෞකික සැප එකම අරමුණූ කොට ජීවත් වූ පිරිස ලෝකොත්ර විමුක්තිය එකම හා අවසාන අරමුණූ කොට ක්‍රියා කිරීමට ඇරඹීම,
* වෛරය, ක්‍රෝධය පෙරටුකරගෙන ගෙවූ ජීවිතයට ආදරය ආදේශවීම,
මේ ආකාරයට එදා සමාජය ශුද්ධ වූ කුර්ආනය මඟින් උඩුයටිකුරු වීම ඉස්ලාමීය ඉතිහාසය පුරාවට කියාපාන සත්‍ය්‍යකි. එය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා නිදසුන් දෙකක් පවසනවා නම්,
* ඉස්ලාමීය ඉතිහාසයේ සුවිශේෂි චරිතයක්, එසේම ඉස්ලාම් දහම තුල විශිෂ්ඨ වූ පුද්ගලයන් අතර සුවිශේෂි පුද්ගලයෙකු වන උමර් (රලි) තුමාගේ ඉස්ලාම් දහමට අවතීරණය වීමේ මොහොත මෙහි සදහන් කල හැක. මුහම්මද් (සල්) තුමාණන් පවා ‘අල්ලාහ් (දෙවි) උමර්ගේ මුවින් කථා කරනවා’ යයි පවසන තරමට විශිෂ්ඨ වූ චරිතයක් බවට පරිවර්ථනය වූ උමර්ගේ එදා ඒකායන පැතුම කෙසේ හෝ මුහම්මද් (සල්) තුමාණන් ඝාතනය කොට ඉස්ලාම් දහම විනාශ කිරීම යන්නයි. නමුත් හදිස්සියේ කන වැකුණූ ශූද්ධ වූ කුර්ආන් පාඨයක් ලෝක විනාශ දිනය දක්වාම එතුමා‍ගේ නම ඇසූ පමණින් සෑම මුස්ලීම්වරයෙකුම ‘රලියල්ලාහු අන්හු’ (අල්ලාහ් (දෙවි) ඔවුන් කෙරෙහි සෑහිමට පත්වේවා!) යයි පවසන උතුම් තැනකට පත්කලා නොවේද?
එසේම...
* එදා මක්කා සමාජයේ ධනකුවේරයෙකු වන අබූ තල්හා (රලි) තුමා පිලිබදව මොහොතක් විමසා බලන්න. එතුමා ලඟ සේවය කල අනස් (රලි) පවසයි. එක්තරා පුද්ලගයෙකු දිවවිත් ‘මත්පැන් තහනම් කරමින් ශූද්ධ වූ කුර්ආන් වාක්‍යයක් පහල වී ඇත.’ යයි පැවසුවා පමණි. එතෙක් මහා පරිමානයේ ගුදම් හිමිකරුවෙකු එතුමාණන් තමා සතු සියළු මත්පැන් විනාශ කරන්නට මට අණ කරන ලදී. එපමණක් නොව සමස්ථ සමාජයම සුරාවෙන් මත්ව පැවති අවදියක එම ශුද්ධ වූ කුර්ආන් පාඨය පහල වීමත් සමඟ මුළු මක්කාවේම මං මාවත්වල මත්පැන් ගංඟාවන් ගලන්නට වුයේ ඊලඟ මොහොතේ පටන් ජනයා මත්පැන් ප්‍රතික්ෂේප කිරීම නිසාම පමණි.
මේ ශුද්ධ වූ කුර්අනය එදා සමාජයට සිදුකල බලපෑම කියාපාන සරල කාරණා දෙකක් පමණි. වර්ථමාන මුස්ලීම් සමාජය පවසනවා සේ ‘ශුද්ධ වූ කුර්ආනය අපට තේරෙන්නේ නැහැ, ඒක තේරුම් ගැනීම අපට අදාලත් නැහැ…’ යනාදී වශයෙන් වැදි බණ දෙසන පිරිස් ඉහත කරුණූ නැවත නැවතත් බුද්ධිමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. ඒ නැතත් ඔවුන්ගෙන් මෙහිදී මා සරල පැනයන් කිහිපයක් විමසන්නට කැමැත්තෙමි. එනම්,
* ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය මුස්ලීම් ජනයාට නොතෙරෙන්නේ නම්, අතීතයේ ඉස්ලාම් විරෝධියෙකු වූ උමර් (රලි) තුමාණන්ට එය වැටහුණේ කෙසේද?
* අඥාන සමාජයේ ජීවත් වූ උමර් (රලි), අබූතල්හා (රලි)… යනාදී සහාභාවරුන්ට අවබෝධ වන තරමින්වත් නූතන බුද්ධීමත් සමාජයට ශුද්ධ වූ කුර්ආනය තේරෙන්නේ නැතැයි ඔබට හඳවතට එකඟව පැවසිය හැකිද?
* ශුද්ධ වූ කුර්ආනය අවබෝධ කර ගැනීමට නොහැකි නම්, අද ලොව සෑම භාෂාවකින්ම මෙම ශුද්ධ වූ කුර්ආනය පරිවර්ථනයන් සිදුකොට ඇත්තේ කෙසේද?
* ශුද්ධ වූ කුර්ආනය තේරුම් ගන්න බැරිනම් අල්ලාහ් (දෙවියන්) මෙය පහල කොට ඇත්තේ කුමක් සදහාද?, කවුරුන් සදහාද?

'''අල් කුර්ආනය ඔබ අමතයි'''

ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට නොහැකි බව පවසනමින් එයින් මුස්ලීම් ජනතාව දුරස්කොට ඇති බඩගොස්තරවාදී පිරිස් ඉහත පැනයන්ට පැහැදිලි පිලිතුරු ලබාදිය යුතුය. එසේම එම මිත්‍යාව තුල කොටු වී සිටින මුස්ලීම් සමාජය ද තවදුරටත් එවැනි මිත්‍යාවන් තුල කොටු නොවී මෙම කාරණය නැවත නැවතත් බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. ඒ සදහා පහත ශුද්ධ වූ කුර්ආන් පාඨයන් ඔබට පිටුවහලක් වනු ඇත.
මේ අල්ලාහ්‍ (දෙවි)ගේ දහමයි. මෙහි කිසිදු සැකයක් නැත. බියබැතියන් හට විශිෂ්ඨ වූ මඟපෙන්වීමකි
[[අල්කුර්ආනය]] 2-2
සත්‍යවශයෙන්ම මෙම කුර්ආනය සම්පූර්ණයෙන්ම යහමඟ පෙන්වන්නේය
[[අල්කුර්ආනය]] 17-9
(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය හඳවත් හි ඇති රෝග සුවකරන්නක්වද, තමාව අනුගමනය කරන්නන් හට මඟපෙන්වන්නක්වද, (ඔබලාට) භාග්‍යයක් ලෙසද පවතින්නේය
[[අල්කුර්ආනය]] 10-57
මිනිස් සමාජයට මඟපෙන්වන්නක් ලෙසද, යහමඟට පැහැදිලි අවවාදයන් පවසන්නක් ලෙසද, සත්‍ය හා අසත්‍යය වෙන්කොට පෙන්වන්නක් ලෙසද, කුර්ආනය පහල කරන ලදී.
[[අල්කුර්ආනය]] 2-185
මෙය ශුද්ධ වූ ග්‍රන්ථයකි, මෙය නුඹලා කෙරෙහි මා පහල කොට ඇත්තෙමු. නුඹලා අඳුරින් ආලෝකය වෙත ගෙන එනු පිණිසය.
[[අල්කුර්ආනය]] 14-1
ශුද්ධ වූ කුර්ආනය මුස්ලීම් සමාජය දෙස බලා මෙලෙස ආමන්ත්‍රණය කරද්දී මුස්ලීම්වරුන් වන අප '''මෙය අපට තේරෙන්නේ නැහැ, මේක තේරුම් ගන්න අපට ශක්තියක් නැහැ''' යනුවෙන් පවසා එහි ඉගෙන්වීමන් කෙරෙහි අවධානය යොමු නොකොට සිටීම සමාජයක් ලෙස කොතරම් අවාසනාවන්ත ඛේදවාචකයක්ද?. වර්ථමාන මුස්ලීම් සමාජය සැලකූවිට ශුද්ධ වූ කුර්ආන් පාඨයන් වනපොත් කිරීමට දැඩි උනන්දුවක් දැක්වුවත්, '''කටුස්සා කර බැදි රන් මාලේ''' මෙන් එහි ඉගෙන්වෙන අදහස් හි වටිනාකම අවබෝධ කර ගැනීමට උනන්දු නොවී කවුරු කවුරුන් හෝ පවසන දෑ දහමේ නමින් පිලිගෙන ඔවුන් දෝත් මුදුනින් තබා පුදමින් ශූද්ධ වූ කුර්අනයට දෙවැනි තැන ලබාදීමට කටයුතු කරමින් සිටින තත්වයක් සමාජය තුල දක්නට ඇත. ශුද්ධ වූ කුර්ආනය මුස්ලීම් සමාජය තුලින් අපේක්ෂා කල අරමුණ එය නොවේ. ශුද්ධ වූ කුර්ආනය 38-29 වාක්‍යය මඟින් එය මිනිස් සමාජය මධ්‍යයේ පහල වීම අරමුණ ඉතා පැහැදිලි ලෙස මෙසේ පවසයි. එනම්,
(ශුද්ධ වූ කුර්ආනය වන)‍මෙය නුඹලා කෙරෙහි පහල කර ඇත්තේ, ජනතාව මෙහි වචනයන් කෙරෙහි විමසා බැලීම සදහාත්, බුද්ධිමතුන් මේ තුලින් අවවාද ලැබීම සදහාත්ය!,
[[අල්කුර්ආනය]] 38-29

'''මුස්ලීම් ඔබට සරල පරීක්ෂණයක්'''

ඉස්ලාම් බුද්ධියට මුල්තැන දී අවබෝධය තුලින් ගොඩනඟා ගන්නා විශ්වාසයට මුල්තැන දෙන දහමක් බව මීට ඉහත ද [[චින්තන නිදහස හා වහල්භාවය|'''චින්තන නිදහස  හා වලහ්භාවය''']] යන ලිපිය තුලින් කරුණූ සාකච්චා කලා ඔබට මතක ඇතැයි සිතමි. එවන් වූ දහම තුල ශුද්ධ වූ කුර්ආනයේ ඉහත ආකාරයට 38-29 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) කුර්ආනීය සමාජයක් කරා මුස්ලීම් සමාජයට ආරාධනා කරන්නේ එහි අසමසම දිව්‍යමය ආදර්ශය අන්තර්ගත නිසාම පමණි. නමුත් මේ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නොකරන නූතන මුස්ලීම් සමාජය '''මේක අපට තේරෙන්නේ නැහැ, අපට තේරුම් ගන්න බැහැ''' යනාදී වශයෙන් වහසිබස් දොඩවමින් එය ප්‍රතික්ෂේප කිරීම ඉතා අවාසනාවන්ත තත්වයකි. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට ශ්‍රී ලාංකීකයන් වන ඔබට සරල පරීක්ෂණයක් කර බැලීමට පුළුවන. එනම් ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට එරෙහිව මුස්ලීම් නොවන සහෝදර ජනතාව ඉදිරිපත් කරන චොදනාවන් 50 පමණ (ඔබ කැමැති සංඛ්‍යාවක්) පෙලෙගසන්න. ඉන් අනතරුව එම චෝදනාවන්ට පදනම් වී ඇත්තේ ඉස්ලාම් දහමද? නොඑසේ නම් මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන්ද? යනාදී වශයෙන් එය වෙන් කරන්න. දැන් ප්‍රථිපලය බුද්ධිමත් ලෙස විමසා බලන්න. එවිට වර්ථමාන මුස්ලීම් සමාජය දැන් සිටින තැන කොතැනද? යන්නත්, මුස්ලීම් සමාජය ඉස්ලාම් දහමට උරුමකර දී ඇති ඉරණම කුමක්ද? යන්නත් ඔබට අවබෝධ වනු ඇත.

'''අපට වැරදුනේ කොතැනද?'''

අතීතයේ පටන් අද දක්වා ලෝක ඉතිහාසය තුල ඉස්ලාම් දහම වැලදගත් ප්‍රබල චරිත පිලිබදව විටින් විට මහා උජාරුවෙන් මුස්ලීම්වරුන් වන අප කථා කරන්නෙමු. ඔවුන්ගේ ජීවිතයට ශුද්ධ වූ කුර්ආන් පාඨයන් ඇති කල බලපෑම පිලිබදව පිටුගණන් ලියන්නෙමු, මාධ්‍ය සාකච්චා පවත්වන්නෙමු, කථා කරන්නෙමු… ඊලඟ මොහොතේ ‘ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය ජනතාව වන (මුස්ලීම්වරුන් වන) අපට තේරෙන්නේ නැහැ‘ යනුවෙන් පවසා එය අවබෝධ කරගැනීමට මැලිවන්නෙමු. ඉස්ලාම් දහමේ මුලික අවබෝධයක් පවා නොමැති සමාජයන් මධ්‍යයේ විශේෂයෙන් ආසියාතික රටවල ඉස්ලාම් ආගමික දැනුම හා අවබෝධය ගොඩනැඟීම සදහා එවකට ජීවත් වූ ආගමික විද්වතුන් හා පූජකවරුන් තමන්ට ආවේනික විවිධ උපක්‍රම යොදාගත් ආකාරයක් ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී දක්නට ලැබේ. එම ක්‍රමවේදයන් හි අඩුපාඩු පැවතුනද එම පිරිසගේ ඡේතනාවන් ශුද්ධ වූ එකක් යන්නෙහි විරුද්ධ මතයක් ‘[[යහමග අඩවිය]]’ ට නැත. ඒ අනුව තවදුරටත් එවැනි ක්‍රමවේදයන් තුල අන්ධ භක්තිතයන් නොවී බුද්ධිමත් ලෙස ක්‍රියා කිරීම සැබෑ මුස්ලීම්වරයෙකුගේ කාලීන වගකීමකි. එම වගකීම මුස්ලීම් සමාජයට අවධාරණය කරමින් වර්ථමානයේ මෙම ශුද්ධ වූ කුර්ආනයට අත්ව ඇති ඉරණම විමසා බලන්නේ නම්,

'''වර්ථමානයේ අල් කුර්ආනයට අත්ව ඇති ඉරණම'''

මනුෂ්‍යා සදහා අවවාද අනුශාසනා නඟමින් සාර්ථක දිවියකට ආදර්ශ සපයන දිව්‍යමය මඟපෙන්වීම වන ශුද්ධ වූ කුර්ආනය අද අරුත් නොදැන පාරායනයට පමණක් සීමා වූ තවත් දහම් පුස්තකයක් බවට පත්ව ඇත. සරලව පවසනවා නම් වචන ගලපා කථා කරන ගිරා පැටියෙකුට නො‍දෙවැනි තත්වයට අද මුස්ලීම් සමාජයේ බහුතරය පත්ව ඇත. තමන් උදේ සවස පාරායනය කරන මේ දේව පුස්තකය තුල කොතරම් නම් අවවාද අනුශාසනා දෙවියන් අන්තර්ගත කොට තිබෙනවාද? යන්න සිතීමට පවා මැලිවන තත්වයකට අද මුස්ලීම් සමාජය පත්ව ඇත. මේ හේතුව නිසා එහි පැවසෙන කරුණූ ගැඹුරින් විමසා බැලීමත්, එය තම ජීවිතයට ගලපා ගැනීමත් ඔවුන් අද අතපසු කොට ඇත. වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම පිලිබදව දැනුවත් කිරීමේ මෙහෙවරේ නිරතව සිටින [[යහමග අඩවිය]] මෙම මාතෘකාව කථා කලයුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර වියයුතු යන්න දැන් මාගේ විශ්වාසයයි. මන්ද ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ පවා මුස්ලීම්වරුන් ශුද්ධ වූ කුර්ආනීය ඉගෙන්වීමන් පසෙකලා එයින් බැහැර වූ විවිධ මාර්ගයන් ඔස්සේ ඉස්ලාම් නමින් ක්‍රියා කිරීම හේතුවෙන් ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජයත් අද ලොව තුල ප්‍රබල විවේචනයන්ට ගොදුරු වෙමින් පවතින බැවිණි. මුස්ලීම්වරයෙකුගේ ජීවිත ගමන් මඟ අනෙකුත් සමාජයන් මෙන් ‘කාපන්ලා බීපල්ලා ජොලියේ ඉදින්ලා‘ යනුවෙන් එක් අන්තයකට හෝ ‘දහමක් කෙරෙහි ඇති වූ අසීමිත භක්තිය හේතු කොටගෙන ලෞකික දිවියත්, පවුල් දිවියත්, දරුදැරියන් පමණක් නොව අනිකුත් වගකීම් හා යුතුකම් සියල්ල පසෙකලා වනගතව, කඳු මුදුන්වල, ආරමවල හෝ වෙනයම් එවැනි ස්ථානවල හිඳ ජීවිතයේ විමුක්තිය සොයන තවත් අන්තයකට සීමා වූ දහමක් නොවේ.

'''මොහොතක් නතර වී සිතන්න'''

ඉස්ලාම් මේ අන්ත දෙකම දැඩිව ප්‍රතික්ෂේප කරන එසේම මේ දෙකට අතර මැදි වූ මාර්ගයක් ශුද්ධ වූ කුර්ආනය තුලින් උනන්දු කරවන ප්‍රායොගික දහමකි. සරලව පවසනවා නම් මුස්ලීම්වරයෙකුගේ දිවිය ශුද්ධ වූ කුර්ආනය සමඟ වූ, කුර්ආනය තුලින් වූ මෙන්ම කුර්ආනය කරා වූ ගමනක් වියයුතුය. තවත් සරලවම පවසනවා නම් සැබෑ මුස්ලීම්වරයෙකුගේ මුල, මැද හා අඟ යන සියල්ල කුර්ආනය වියයුතුය. මන්ද මේ මිහිමත ස්ථාපනය කල මිනිස් වර්ගයා සදහා දිව්‍යමය, පරිපූර්ණ හා නිවරුදි මඟපෙන්වීමක් (Guide book එකක්) ඇත්නම් ඒ මේ ශුද්ධ වූ කුර්ආනය පමණක් වන බැවිණි.
සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ආයු කාලය අවුරුදු 60-65 අතර පමණි. එයිනුත් සමහරක් ජීවිත 5, 10, 15, 30… යනාදී වශයෙන් අඩු වයස්වලට සීමාවීමත් තවත් සමහරක් ජීවිත 75,85,95… යනාදී වැඩි අයුකාලයක් දක්වා ඇදීයාමත් අප අවට සමාජය තුල නිතර දකින්නෙමු. සරලව පවසනවා නම් ‘මරණය‘ නම් නියත වූ නැවතීමේ තිත ජීවිත ගමනේ කොතනක සටහන්ව තිබෙනවාද? යන්න කිසිවකුටත් අනාවර්ණය කරගත නොහැකි ගුප්ත වූ කාරණයකි. කෙසේ නමුත් මරණය කරා වූ ඒ ගමන් මඟ තුල ඔබ හා මා සැලකියයුතු තරම් කොටසක් දැනටමත් ගෙවා අවසන් වන්නට පුළුවනි. ඒ ගෙවාදැමූ අතීතය ශුද්ධ වූ කුර්ආනයට කොතරම් අනුකූල වුවාද? අනුකූල නොවුවාද? යන්න ඔබ දැන්වත් විමසා බලන්නේ එය ඔබේ ඉදිරි පියවරයන්ට ප්‍රයෝජනවත් වනු ඇත. එය නිසි ආකාරයට අවබෝධ කරගැනීමට ඔබට හැකි වන්නේ නම්, නියත වශයෙන්ම ඔබේ අනාගතය ආලෝකමත් වීමට එය හේතුවක් වනු ඇත. මීට වසර 1400 කට පෙර ‘ජාහිලියා’ යනුවෙන් හදුන්වන මිලෙච්චත්වය සංස්කෘතියක් කරගත් සමාජයක් මධ්‍යයට ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වීමත් සමඟ එම මිලෙඡ්ච සමාජය තුල සිදුවූ වෙනස්වීමන් අප ඉහතින් කෙටියෙන් හෝ විමසා බැලුවෙමු. එවන් බලපෑමක් ඇති කල ඒ අසමසම ශුද්ධ වූ කුර්ආනය අදටත් අප දෝතේ කිසිදු වෙනස්වීමකට නතු නොවී එලෙසම ඇත. එය අප උදේ සවස යනාදී වශයෙන් දිනපතා පාරායනය කරන්නෙමු. නමුත් එදා උමර් (රලි) තුමාණන්ට, තල්හා (රලි) තුමාණන්ට ඇති කල ඒ බලපෑම අද අප තුල ඇති නොවේ.
ඈත අතීතයේ පමණක් නොව මෑත භාගයේ දී පවා මුස්ලීම් සමාජය තුල ප්‍රබල චරිත බවට පත්වූ මුහම්මද් අසද්, සෙයියද් කුතුබ්, යූසුෆ් ඉස්ලාම්, යූසුෆ් ඊස්ටර්… වැනි පිරිසට ශුද්ධ වූ කුර්ආනය කල බලපෑම මුස්ලීම්වරුන් වන අපට අලුත් කාරණයක් නොවේ. විශේෂයෙන් චින්තනවාදීයකු වන සෙයියද් කුතුබ් තුමා පසුකාලීනව ශුද්ධ වූ කුර්ආනයට අර්ථ විවරණ ග්‍රන්ථයක් පවා මුස්ලීම් සමාජයට දායාද කරමින් ඉස්ලාම් දහමට ඉමහත් සේවයක් ඉටුකලේ ආගමික පූජකවරයෙකු ලෙස සුදුසුකම් සපුරා හෝ ශූද්ධ වූ කුර්ආනය අවබෝධ කරගැනීම‍ට අවශ්‍ය කලාවන් ප්‍රගුණ කිරීමෙන් ‍නොවේ. අද ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් පවසන විට,
* ඔබ මවුලවිද?,
* ඔබ දහම අවබෝධය ලබාගත්තේ කුමන පාසලින්ද?,
* ඔබට ඒ සම්බන්ධයෙන් ඇති ගෞරවනාමයන් කුමක්ද?,
* ඔබ ශුද්ධ වූ කුර්ආනයට අර්ථ පවසන්නට එහි සියළු කලාවන් ඉගෙන අවසන්ද?
…යනාදී වශයෙන් ප්‍රශ්න වැලැක් මතු කරයි. මෙහිදී ශුද්ධ වූ කුර්ආනය අවබෝධ කරගැනීමට ඉන් පරිභාහිර විෂයන් පිලිබදව වූ දැනුමන් අවශ්‍ය නොවේ යයි මා නොපවසමි. ශුද්ධ වූ කුර්ආනය පැහැදිලිව අවබෝධ කරගැනීම සදහා එහි භාෂා ශෛල්‍යය, එහි වාක්‍යයන් පෙලගසා ඇති ආකාරය, එය පහල වූ සමාජ පසුබිම, එම වාක්‍යයන් සදහා නබිතුමාණන් ලබාදුන් විග්‍රහයන්… යනාදී කරුණූ රාශියක් පිලිබදව මූලික අවබෝධයක් පැවතීම අත්‍යඅවශ්‍යය. නමුත් එම කරුණූ අවබෝධ කරගැනීමට විශේෂිත වූ කලාවන් ප්‍රගුණ කිරීමට අවශ්‍ය ‍නොවේ. ඔබ මා වැනි සාමාන්‍ය ජනයාට පවා එය අවබෝධ කරගත හැක. මා මෙසේ පවසන විට සමහරක් පිරිස් මතු කරන ජනප්‍රිය වාදයක් තමා '''හරි සෑම කෙනෙකුටම තේරුම් ගන්න බැරි වාක්‍යයනුත් ශුද්ධ වූ කුර්ආනයේ තිබෙන බව පිලිගන්නවා නේ?''' යන්නයි. මෙවැනි තර්ක ගෙන එන පිරිසගේ අවධානයට ප්‍රථමයෙන් පවසන්නට ඇත්තේ ශුද්ධ වූ කුර්ආනයේ මනුෂ්‍යා‍ට අවබෝධ කරගත නොහැකි කිසිදු කුර්ආන් වාක්‍යයක් ශුද්ධ වූ කුර්ආනයේ දෙවියන් අන්තර්ග කොට නොමැති බවයි. නමුත් සමහරක් අවස්ථාවල අල්ලාහ් (දෙවි) විසින් ගෙන එන ගැඹූරු විග්‍රහයන් හා උපමාවන් වැනි කරුණූ අවබෝධ කරගැනීමට භාහිර විෂය කරුණූ පිලිබදව මෙන්ම හදීසයේ (මුහම්මද් (සල්) තුමාණන්ගේ විග්‍රහයයන්ගේ) අවශ්‍යතාවය ඇති වනවා යන්නෙහි විවාදයක් නැත. කෙසේ වෙතත් මෙවැනි වාදයන් මතු කරන පිරිසගෙන් විමසිය යුතු සරල පැනය වන්නේ '''තේරෙන්නේ නැති වාක්‍යයනුත් තිබෙනවානේ යන්න පැවසීම තුල එහි තේරෙන වාක්‍යයනුත් තිබෙනවානේ යන වාදය වක්‍ර ආකාරයට පිලිගන්නවා නොවේද?''' එසේනම් මේ තේරෙන ටිකවත් තේරුම් ගත්තේ අපේ සමාජයේ කීයෙන් කීදෙනාද?. තේරෙන්නේ නැහැ…තේරෙන්නේ නැහැ… යයි පවසමින් අප ජීවිතයේ කොතරම් නම් කාලයක් ගෙවා අවසන්ද?. ශුද්ධ වූ කුර්ආනයේ පහත වාක්‍යයන් මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න.
ඔවුන් මෙම කුර්ආනය කෙරෙහි (බුද්ධිමත්) අවධානය යොමු කලයුතු නොවේද?. (මෙය) අල්ලාහ් (දෙවි) හැර වෙනත් කෙනෙකුගෙන් පහල වුවාක් නම් එහි අධික ලෙස පරස්පරතාවයන් ඔවුන් දකිනු ඇත.
[[අල්කුර්ආනය]] 4-82
ඔවුන්ගේ මුහුණූ අපා ගින්නෙහි දවාලන මොහොතේ ‘අප අල්ලාහ් (දෙවි)ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නට තිබුනා නොවේද!, අපගේ දෙවියනේ!, අපගේ ප්‍රධානීන්ට හා වැඩිහිටියන්ට අප අවනත වූයෙමු. ඔවුන් අපව වැරදි මඟක යොමු කොට විනාශ කර දමා ඇත. අපගේ දෙවියනේ!, ඔවුනට (අපට මෙන්) දෙගුණයක් දඬුවම ලබාදෙන්න’ යයි පවසනු ඇත.
[[අල්කුර්ආනය]] 33-66 සිට 68 දක්වා
ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කිහිපය අවබෝධ කර ගැනීමට ඔබ ප්‍රගුණ කලයුතු කාලාව කුමක්ද?. මෙලෙස සරලව මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කරන ශුද්ධ වූ කුර්ආන් පාඨයන් කොතරම් නම් එහි අන්තරගතව පවතිනවාද? මේ සියල්ල පිලිබදව කිසිදු අවධානයක් යොමු නොකොට ‘තේරෙන්නේ නැහැ…තේරෙන්නේ නැහැ…’ යනුවෙන් වහසිබස් දෙඩවීම එක් අතකින් ඉස්ලාම් දහමට කරන නිගාවක් වන අතර තවත් පසෙකින් මෙය පහල කල අල්ලාහ් (දෙවි) ‘(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඉතා පහසුකොට හා සරල ලෙස මා නුඹලාට පහල කොට ඇත්තෙමු’ (ශුද්ධ වූ කුර්ආනය 19-97, 20-2, 54-17, 44-58, 54-22…) යනුවෙන් පැවසීම අභියෝගයට ලක් කිරීමක් නොවේද?.

'''අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් විමසුමට'''

මුස්ලිම්වරුන් වන අප අදත් අතීතයේ පටන් වර්ථමානය දක්වා ඉස්ලාම් දහම වැලදගත් ප්‍රබල චරිත පිලිබදව ලෝකයා ඉදිරියේ මහා උජාරුවෙන් කථා කරන්නේමු. ඔවුන්ගේ ජීවිතයට ශුද්ධ වූ කුර්ආනය ඇති කල බලපෑම පිලිබදව වෙබ් අඩවිවලත්, පුවත්පත්වලත්, මාධ්‍යතුලත් පුරසාරම් දොඩන්නෙමු. නමුත් ඔවුනට ශුද්ධ වූ කුර්ආනය ඇති කල බලපෑම පාරම්පරික මුස්ලීම්වරුන් වන අප තුල ඇති නොකලේ මන්ද? යන්න විමසා බැලීමට තවම අප මැලි වන්නෙමු. එදා උමර් (රලි), තල්හා (රලි) තුමා, සෙයියද් කුතුබ් වැනි ප්‍රතාපවත් චරිතවලට ශුද්ධ වූ කුර්ආනය ඇති කල බලපෑම අද අප ජීවිත තුලද ඇතිවීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. එසේ නොවන්නේ නම් එය සමස්ථ මුස්ලීම් සමාජයම අවාසනාවන්ත ඉරණමකට ඇද දමනු ඇත. මේ පිලිබදව නබිතුමාණන් කල අනාවැකියක් ඔබේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරන්නේ නම්,
අනාගතයේ දී ‘ඉස්ලාම්’ යන නමත්, ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයනුත් පමණක් ලොව තුල ඉතිරිව පවතිනු ඇත. සැකයක් නොමැතිව (එම කාලයේ) දේවස්ථානයන් ද (ජනතාවගෙන්) උතුරායනු ඇත. නමුත් එවා කිසිවක් ජනතාවට ‘යහමඟ’ පෙන්වන තැනක් නොවනු ඇත.
මුහම්මද් (සල්) තුමාණන් සහා එතුමාණන්ගේ අනුගාමික (සහාභාවරුන්) පිරිස වසර 23ක කාලයක් අපමණ දුක්ගැහැට විද විටෙක ජීවිත පවා කැපකොට විවිධ බාධක මධ්‍යයේ ශුද්ධ වූ කුර්ආනය වටා ඒකරාශී වූ ‘මුස්ලීම් උම්මා’ නම් ඒකීය සමාජයක් නිර්මාරණය කොට අනාගත පරම්පරාවට දායද කොට යන ලදී. නමුත් අප එය යලිත් කීතු කීතුවලට වෙන් කොට තම තමන්ගේ කුට්ටිය පිලිබදව පුරසාරම් දොඩමින් සතුටු වෙමින් සිටින්නෙමු. මෙවැනි සමාජ පසුබිමක ඉහත හදීසය තුලින් කියාපාන්නේ අනාගත සමාජ පැතිකඩක් නොව වර්ථමාන සමාජ පැතිකඩක් බව බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් ඔබට අවබෝධ වනු ඇත. එනම් අද ලොව බැලූ බැලූ තැන මුස්ලීම් ජනතාවගේ අඩුවක් නැත. ශූද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කියවීමෙහි හා පාරායනය හිද අඩුවක් නැත. මුස්ලීම් දේවස්ථානයන් ඉඩකඩ නොමැතිව උතුරායාමෙහිද අඩුවක් නැත. නමුත් ශුද්ධ වූ කුර්ආනය මඟපෙන්වීම කරගත් සැබෑ මුස්ලීම්වරුන්ගේ නම් ප්‍රබල අඩුවක් දකිනු ඇත. මේ අඩුව සම්පුර්ණ නොකොට ඉස්ලාම් දහමට එරෙහිව චෝදනා නඟන පිරිසට මෙවැනි වෙබ් අඩවි තුලින් හෝ වෙනයම් ආකාරයට කොතරම් පිලිතුරු ලබාදුන්නද ඒ සියල්ල බොහෝ විට ‘ගඟට කැපූ ඉණි’ මෙන් නිශ්පල ‍වෙනවා යන්නෙහි සැකයක් නැත. එසේනම් සියල්ලට පෙර මුස්ලීම්වරුන් සැබෑ මුස්ලීම්වීමයි වියයුතුව ඇත්තේ. එය ශුද්ධ වූ කුර්ආනය නම් බැදීමෙන් මිදී ගොස් ලබාගත හැක්කක් නොවේ. ඒ හේතුව නිසා තමා මුස්ලීම් සමාජයේ බෙදීම පිලිබදව හුදෙයිෆා (රලි) තුමාණන් නබිතුමාණන්ගෙන් විවිධ ආකාරයට ප්‍රශ්න කිරීමේ දී පවා නබිතුමාණන් නැවන නැවතත් පැවසුවේ ‘…කුර්ආනය ඉගෙනගන්න!, ඒ අනුව ක්‍රියා කරන්න!,…’ යනුවෙන් මුස්ලීම් සමාජයට අවධාරණය කලේ. (මෙය දීර්ඝ හදීසයක් ලිපිය දීර්ඝවීම සැලකිල්ලට ගෙන මෙහි කොටසක් පමණක් ඉදිරිපත් කර ඇත) එසේනම් මේ මුස්ලීම් සමාජයේ විමුක්තිය කරා වූ යන එකම ගමන් මාර්ගය වැටී ඇත්තේ ශුද්ධ වූ කුර්ආනය තුලින් හා එය සමඟ යන ගමන තුල යන්න දැන් පැහැදිලිය.
එසේනම්, මුස්ලීම්වරුන් වන අප සියළුදෙනා යලිත් කුර්ආනීය සමාජය කරා වූ ගමන නැවත අරඹීම කලයුතුව ඇත. එතැන් සිට කුර්ආනය තුලින් කුර්ආනය සමඟ ඔවුන් ගමනක් යලිත් ඇරඹිය යුතුව ඇත. මේ ක්‍රියාදාමය තුල ආගමික විද්වතුන් හා පූජකවරුන් අවංක මැදිහත්වීමක් සිදුකලයුතුව ඇත. විශේෂයෙන් වෙන කවරදාකටත් වඩා ආගම දහම කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ පිරිසක් දැන් දැන් මුස්ලීම් සමාජය තුල බිහිවෙමින් ඇත. මේ පිරිස් ද සම්ප්‍රදායක මුස්ලීම් කල්ලිවාදීන් තුල හෝ මතවාදයන් තුල කොටු නොවී සමස්ථ මුස්ලීම් සමාජයම කුර්ආනීය සමාජයක් කර නැවත මෙහෙයවීමේ මෙහෙවරට අවංක ලෙස දායක වියයුතුව ඇත. එය මෙම දහම වෙනුවෙන් ඔවුන් ඉටු කලයුතු යුතුකමක් ද වන බව තරයේ අවදාරණය කරමි.

Line 451: Line 1,329:
</gallery>
</gallery>

'''උපුටා ගැනීම්'''

'''උපුටා ගැනීම්'''

* 1 - [https://www.visualcapitalist.com/cp/visualizing-religions-worldwide/#:~:text=According%20to%20some%20estimates%2C%20there,Buddhism%2C%20Hinduism%2C%20and%20Judaism. Visualizing the World’s Most Popular Religions]

* 2 - [https://www.oxfordreference.com/display/10.1093/acref/9780195125580.001.0001/acref-9780195125580-e-1680 Nabi al-Ummi]
* 2 - [https://www.oxfordreference.com/display/10.1093/acref/9780195125580.001.0001/acref-9780195125580-e-1680 Nabi al-Ummi]
* 3 - “[http://colomboanalysis.blogspot.com/2010/04/blog-post_2436.html මහාවංසයට හිමි විය යුතු තැන සහ එයට දී තිබෙන තැන]“
* 3 - “[http://colomboanalysis.blogspot.com/2010/04/blog-post_2436.html මහාවංසයට හිමි විය යුතු තැන සහ එයට දී තිබෙන තැන]“
* 4 - [https://www.askislampedia.com/en/wiki/-/wiki/English_wiki/_Answering+Allegations_Preservation+of+Quran HISTORY OF THE PRESERVATION OF THE QUR'AN]
* 5 - [https://islamicbulletin.org/en/ebooks/quran/bible_quran_science.pdf The Bible, The Quran and Science]
* 6 - [https://www.silumina.lk/2009/11/22/_art.asp?fn=as0911226 ත්‍රපිටක ග්‍රන්ථාරූඪ කිරීම]
* 7 - [[wikipedia:Jesus:_The_Evidence|JESUS THE EVIDENCE]]

'''සබැඳි ලිපි පෙලගැස්ම'''

'''සබැඳි ලිපි පෙලගැස්ම'''

Latest revision as of 07:42, 4 April 2024

යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us

අල් කුර්ආනය

* හැදින්වීම - ලොවපුරා සිටින ඉස්ලාම් බැතිමතුන් තම දෙවියන් වන අල්ලාහ් (දෙවි) හමුවේ සිට පහල වූ දිව්‍ය පුස්තකය ලෙස මෙම අල් කුර්ආන් පුස්තකය පිලිගනී.
* පහල වූ ස්ථානය සහ කාලය -අරාබි දේශයේ “මක්කාව“ සහ “මදීනාව“ ආශ්‍රිතව ක්‍රී:ව: 610 - 632 දක්වා වූ කාලය තුල පහල විය.
* මුල් භාෂාව - අරාබි.
* පරිච්චේද සහ වාක්‍ය ගණන - පරිච්චේද 114 කින් සහ වාක්‍ය 6500 කටත් අධික ප්‍රමාණයකින් සමන්විතය.
* වැඩිදුර කරුණු කියවන්න - බ්‍රිටනිකා විශ්ව කෝෂය

ලිපිය හැදින්වීම

* මාතෘකාව - අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය
* ලිපිය ආරම්භ දිනය -2009/12/09
* අවසන් යාවත්කාලීනය - 2024/04/4.
* ලිපියෙහි කතෘ - අබූ අර්ශද්

වර්ථමාන ලොකය තුල ආගම්, ඇදහිලි කණ්ඩායම් සහ නිකායන් රාශියක් දක්නට ඇත. සමහර විද්වතුන්ගේ ගණනය කිරීම අනුව එහි සංඛ්‍යාව 4,000 ඉක්මවයි. මෙම ආගම් හා ඇදහිලි කණ්ඩායම් අතර ප්‍රධාන කණ්ඩායම් එනම්, අනුගාමිකයින් සංඛ්‍යාව අනුව විශාලතම කණ්ඩායම් පහ වන්නේ ක්‍රිස්තියානි (31.4%), මුස්ලිම් (23.2%), හින්දු (15.0%), බෞද්ධ (7.1%) සහ ජන ආගම් (5.9%) යන්න වේ (1). (මෙම ආගම් පහට අමතරව ලොව අනිකුත් ආගම් හා ඇදහිලි කණ්ඩායම් අනුගාමික ප්‍රතිශතය 1% ටත් වඩා අඩු අනුපාතයන්ගෙන් යුතු බව ඔබේ වැඩිදුර දැනගැනීම පිණිස මෙහි සටහන් කරමි.) මේ එක් එක් ආගම් හා ඇදහිලිවලට ආවේනික ආගමික ග්‍රන්ථයක්ද පවතින අතර ඉස්ලාම් දහමේ ආගමික ග්‍රන්ථය “අල්කුර්ආනය“ නම් වේ.

මේ අනුව ඉස්ලාම් දහමේ, දහම් පුස්තකය වන අල්කුර්ආනය පිලිබදව සවිස්තරාත්මක විග්‍රහයක් හා කරුණු දැක්වීමක් මෙම අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය යන ලිපිය තුලින් මෙතැන් සිට ආරම්භ කරමි.

අල්කුර්ආනය හැදින්වීම

අල්කුර්ආනය (අල් කුර්ආනය) යනු ඉස්ලාම් දහමේ ශුද්ධ ග්‍රන්ථය වන අතර, එය ආසන්න වශයෙන් වසර 23ක කාලයක් පුරා මුහම්මද් (සල්) නබිවරයාණන්ට ජිබ්රීල් (නොහොත් ගේබ්‍රියෙල් (අලෛ)) දේවදූතයාණන් හරහා හෙළිදරව් කරන ලද දෙවියන් වහන්සේගේ වචනය යන්න මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි. මෙම දේව හෙළිදරව්ව මිහිමතට පහළ වීම ක්‍රි:ව: 610 දී ආරම්භ වූ බව පැවසේ. එය සම්භාව්‍ය අරාබි භාෂාවෙන් පහල වී ලියා ඇති අතර ඇදහිල්ල, නමස්කාරය සහ දෛනික ජීවිතය සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට මඟ පෙන්වීමේ අවසාන මූලාශ්‍රය ලෙස සැලකේ.

අල් කුර්ආනය පරිච්ඡේද 114 කින් සමන්විත වන අතර ඒවා “සූරා“ ලෙස හැඳින්වේ, එම සූරාවන් හි දිග සහ අන්තර්ගතයෙන් වෙනස් වේ. එය දේවධර්මය, සදාචාරය, නීතිය, පුද්ගලික හැසිරීම් සඳහා මග පෙන්වීම සහ අතීත අනාගතවක්තෘවරුන් සහ ශිෂ්ටාචාරයන් පිළිබඳ කථා ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි. අල් කුර්ආනය ආශ්චර්යමත් සහ කාලානුරූපී ග්‍රන්ථයක් ලෙස මුස්ලිම්වරුන් විසින් ගෞරවයට පාත්‍ර වන අතර එය ලොව පුරා මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරුන් විසින් පාරායනය කර කටපාඩම් ද කර ඇත.

එහි අධ්‍යාත්මික වැදගත්කමට අමතරව, අල් කුර්ආනය ඉස්ලාමීය ශිෂ්ටාචාරය, එහි කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, සාහිත්‍යය සහ නීති සම්ප්‍රදායන් හැඩගැස්වීම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර ඇත. එය (යුදෙව් දේව ග්‍රන්ථය වන) “ටෝරා“ සහ (ක්‍රිස්තියානි දේව ග්‍රන්ථය වන) “බයිබලය“ වැනි පූර්ව ශුද්ධ ලියවිලිවලට අනුපූරකව දෙවියන්වහන්සේගේ අවසාන සහ සම්පූර්ණ හෙළිදරව්ව ලෙස මෙම අල්කුර්ආනය මුස්ලිම්වරුන් විසින් සලකනු ලැබේ.

අල්කුර්ආනය පහල වීම

අල් කුර්ආනය දිව්‍ය පුස්තකයක් යන්න ඉස්ලාම් දහමේ ස්ථාවරයයි. එනම්, මෙය අල්ලාහ් (දෙවි)ගේ වදන් පමණක් අන්තර්ගත පුස්තකයක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීම සහ මුස්ලීම් සමාජයේ පිලිගැනීමයි. මෙම පුස්තකය අහසින් (දෙවියන් හමුවේ සිට) පොළොවට එකවර පහල වූ පුස්තකයක් නොවේ. මෙම අල්කුර්ආනය වසර 23ක් පුරා ක්‍රමානුකූලව මුහම්මද් (සල්) තුමාණන් මඟින් පොළොවට ප්‍රකාශ වූ දිව්‍ය වදන් හි එකතුවක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එසේ වූවත් අල්කුර්ආනය 2-185 වාක්‍යය මෙම අල් කුර්ආනය රමසාන් (උපවාස) මාසයේ පහල කල බව පවසයි. ඒ අනුව මෙහි පරස්පරතාවයක් දක්නට ලැබේ. එමනිසා මෙම ලිපියෙහි පලමු පියවර ලෙස ඉහත පරස්පරතාවය විසඳා ගැනීමට අප උත්සාහ කරමු.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හොඳින් අධ්‍යනය කරන්නේ නම්, දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය අදියර තුනකික් පොළොවට පහල වූ බව පෙනී යයි. එම අදියර තුන පියවරින් පියවර විමසා බලන්නේ නම්,

අල් කුර්ආනය ඉදිරිපත් වූ පියවරයන් 03 පහත ආකාරයට වේ...

1. අල් ලව්හුල් පහ්ෆූල් පලකයේ සටහන් කිරීම,
2. ලව්හුල් මහ්ෆූල් පලකයේ සිට පහල අහසට පහල කිරීම,
3. පහල අහසේ සිට පොළොවට පහල කිරීම,
පලමු පියවර - අල් කුර්ආනය ලව්හුල් පහ්ෆූල් හි සටහන් කිරීම

අල්ලාහ් (දෙවි) විසින් මුලින්ම මවන ලද්දේ “පෑන“ නොහොත් ලිවීමට යොදාගන්න උපාංගයයි. ඉන්පසු ලියන පලකය නොහොත් “අල් ලව්හුල් පහ්ෆූල් පලකය“ මවා එහි සියල්ල “ලියන්න“ යැයි “පෑන“ට අණ කල බව පැවසේ. ඒ අනුව මෙලොව සිදුවන සියල්ල එනම්, එය කොතරම්ද යන්න පවසනවා නම්, ගසකින් ගිලිහෙන පත්‍රයක් එය කුමන තත්වයේ ගිලිහෙන්න අවශ්‍යද (එනම් අමුවෙන්ද, ඉඳිලාද, වියලිවද...), එය පොළොවේ කවර තැනක පතිත වන්න අවශ්‍යද, එය කවදා සිදුවිය යුතුද... යනාදී ලෙස සියළු සංසිද්ධීන් එම පලකය මත සවිස්තරව සටහන්ව ඇත. මෙම පලකය පිලිබදව නබිතුමාණන් අපට පැවසූ හදීසයක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසීය, "අල්ලාහ් මැවූ පළමු දෙය පෑනයි. ඔහු ( අල්ලාහ්) එයට “ලියන්න” යැයි කීවේය. ‘අන්තිම හෝරාව පැමිණෙන තුරු සියල්ල ගැන නියම කර ඇති දේ එහි ලියවීය

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය - අබූදාවූද්,

මේ අනුව මානව සංහතියටම යහමඟ පෙන්වන “අල් කුර්ආනය“ ද එම “අල් ලව්හුල් පහ්ෆූල් පලකය“ මත එදා සටහන් වූවා යන්න පැහැදිලිව අවබෝධ කරගත යුතු වේ. එම කාරණය තහවුරු කරන අල් කුර්ආන් වාක්‍යයක් මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

ලව්හුල් මව්ෆූල්හි මෙම උසස් ශුද්ධ වූ කුර්ආනය සටහන් කර ඇත.

අල්කුර්ආනය 85 - 21 සහ 22

මේ අනුව පලමු පියවර ලෙස අල් කුර්ආනය මුලින්ම සටහන් වූයේ “ ලව්හුල් මව්ෆූල්“ හි යන්න පැහැදිලි වේ. මෙතැනදී ඔබගේ වැඩිදුර දැන ගැනීම පිණිස විශේෂ කාරණයක් සටහන් කරන්නේ නම්, මෙම “ලව්හුල් මව්ෆූල්“ පලකය මත සටහන් වී ඇති දත්ත කිසිදු දිනක කිසිදු ආකාරයකින් සංශෝධනය නොවේ යන්නත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. (2)

දෙවන පියවර - අල් කුර්ආනය ලව්හුල් මහ්ෆූල් පලකයේ සිට පහල අහසට පහල කිරීම

ඉහතින් විස්තර කල ආකාරයට “ලව්හුල් මව්ෆූල්“ පලකයේ සටහන් වී තිබූ අල් කුර්ආනය දෙවන පියවර ලෙස එම පලකයේ සිට පහල අහසට එකවර පහල වූ බව පැවසේ. මේ පිලිබදව මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන ආගමික විශාරදයෙකු වන ඉබුනු අබ්බාස් (රලි) තුමා ඇතුළු බොහෝ පිරිස් පවසන්නේ,

"අල්ලාහ් විසින් අල්-කුර්ආනය එකවරම (අල්-ලව්හ් අල්-මහ්ෆුල්) සංරක්ෂිත පුවරුවෙන් ස්වර්ගයේ පිහිටි ගෞරවනීය මන්දිරය වන බයිතුල්-ඉස්සා වෙත පහළ කළේය."

මූලාශ්‍ර ග්‍රන්ථය - හාකිම්, නසායි, බයිහකි

මේ ආකාරයට “අල්-ලව්හ් අල්-මහ්ෆුල්“ පලකයේ සිට සමස්ථ අල් කුර්ආනයම එකවර “අල්-බයිත් අල්-ඉස්සා“ (ගෞරවනීය මන්දිරය) වෙත රමසාන් (උපවාස) මාසයක “ලයිලතුල් කද්ර්“ නම් රාත්‍රියක පහල වීම සිදු වූ අතර එම සිදුවීමයි අල් කුර්ආනය පහත ආකාරයට විස්තර කරන්නේ.

රමළාන් මාසය (කවරාකාර මාසයක් වන්නේද යත්) මනුෂ්‍ය වර්ගයාට (පරිසමාප්ත) මඟපෙන්වීම හා (නිවැරදි මාර්ගය දක්වන) පැහැදිලි ඉගැන්වීම්වලින් යුක්ත හා (සත්‍යය හා අසත්‍යය තෝරාගැනීමේ) මිණුම් දණ්ඩ ද, සැපයෙන අල්-කුර්ආනය පහළ කරන ලද මාසය වේ

අල්කුර්ආනය 2-185

මෙය අල් කුර්ආනයේ තවත් තැනක පැවසීමේ දී එක් එක් රාත්‍රියක පහල කල බව මෙසේ පවසයි.

නියත වශයෙන්ම අපි එය (අල් කුර්ආනය) කීර්තිමත් (කද්ර් නම්) රාත්‍රියෙහි පහළ කළෙමු.

අල්කුර්ආනය 97-1

ඉහත ඉගෙන්වීමන් අනුව පැහැදිලි වන්නේ, රමසාන් (උපවාස) මාසයක “ලෙයිලතුල් කද්ර්“ නම් රාත්‍රියක අල් කුර්ආනය දෙවන පියවර ලෙස “අල්-ලව්හ් අල්-මහ්ෆුල්“ නම් පලකයේ සිට පහල අහසේ “බයිතුල් ඉස්සා“ නම් මන්දිරය වෙත පහල වූ බවයි.

තුන්වන පියවර - අල් කුර්ආනය පහල අහසේ සිට පොළොවට පහල කිරීම

අල් කුර්ආනය මිහිතලයට පහල වීම අල් කුර්ආනය තුන්වන පියවර පහල වීම ලෙස හැදින්විය හැක. මෙම පහලවීම පලමු හා දෙවන පියවරේ සිදු වූවාසේ සමස්ථ අල් කුර්ආනයම එකවර පහල වීමක් මෙහි සිදු නොවීය. මෙම තුන්වන පියවර පහලවීම වසර 23 ක කාලයක් පුරාවට අදියරින් අදියර පහල වීම සිදුවිය. එනම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 40 ක්ව පැවතිය දී අල්ලාහ් (දෙවි) විසින් එතුමාව දේවවක්තෘ හෙවත් නබිවරයෙක් ලෙස තෝරාගෙන දිව්‍ය වදන් හා නියෝග වන අල්කුර්ආනය එතුමාණන් වෙත පහල කිරීම ආරම්භ කරන ලදී. මෙලෙස මුහම්ටමද් (සල්) තුමාණන්ට පහල වූ අල් කුර්ආන් වදන් එතුමාණන් විසින් මිනිස් සමාජයට ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 63 දී මරණයට පත්වන විට එතුමාණන්ගේ වක්තෘ දිවිය අවුරුදු 23 ක් වූ අතර මෙම වසර 23 කාලය පුරාවට විටින් විට අල් කුර්ආනය වාක්‍ය පහල වීම සිදුවිය. (මේ පිලිබදව සවිස්තර කරුණු දැක්වීම මෙම ලිපියෙහි ඉදිරියට බලාපොරොත්තු වන්න.)

දිව්‍ය වදන් පහල කිරීම සම්බන්ධයෙන් අල් කුර්ආනය පරස්පර වන්නේ ඇයි?

මෙම ලිපිය ආරම්භයේ මතු කල පැනය එනම්, “අල් කුර්ආනය එක් රාත්‍රියකින් පහළ කල බව පැවසීම“ සහ “වසර 23 ක් පුරාවට මක්කාවේ සහ මදීනාවේ පහළ වූ බව පැවසීම“ යන පරස්පරය කුමක්ද? යන්න දැන් විමසා බලමු. අල් කුර්ආනය මිහිමතට පහළ වීම පිලිබදව විමසා බලන විට අල් කුර්ආනයේ ඉගෙන්වීම් තුල කිසියම් ආකාරයක පරස්පරතාවයක් ඇති බව පෙනේ. එය නිදසුනකින් පැහැදිලි කරන්නේ නම්,

• අල් කුර්ආනය එකවර පහල කල බව පහත වාක්‍ය පවසයි.
රමළාන් මාසය (කවරාකාර මාසයක් වන්නේද යත්) මනුෂ්‍ය වර්ගයාට (පරිසමාප්ත) මඟපෙන්වීම හා (නිවැරදි මාර්ගය දක්වන) පැහැදිලි ඉගැන්වීම්වලින් යුක්ත හා (සත්‍යය හා අසත්‍යය තෝරාගැනීමේ) මිණුම් දණ්ඩ ද, සැපයෙන අල්-කුර්ආනය පහළ කරන ලද මාසය වේ

අල්කුර්ආනය 2-185

නියත වශයෙන්ම අපි එය (අල් කුර්ආනය) කීර්තිමත් (කද්ර් නම්) රාත්‍රියෙහි පහළ කළෙමු.

අල්කුර්ආනය 97-1

• අල් කුර්ආනය කොටස් වශයෙන් පහල කල බව පහත වාක්‍ය පවසයි.
අල්-කුර්ආනය එකවරම පහළ නොකරන ලද්දේ මන්දැයි ප්‍රතික්ෂේප කරන්නෝ කියති. මෙලෙස(පහළ කරන ලද්දේ) එමගින් නුඹගේ සිත ශක්තිමත් කරනු පිණිසය. තවද(එම අරමුණ සඳහාම) අපි එය(අල්-කුර්ආනය) ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් පහළ කළෙමු.

අල්කුර්ආනය - 25-32

කුර්ආනය අපි කොටස් කළෙමු, නුඹ එය ජනයාට ක්‍රම ක්‍රමයෙන් පාරායනය කරනු පිණිස, තවද අපි එය කඩින් කඩ පහළ කළෙමු.

අල්කුර්ආනය - 17-106

දැන් මෙම පරස්පරතාවය කුමක්ද? යන්න විමසා බලන්නේ නම්, මා ඉහතින් සදහන් කලාසේ අල් කුර්ආනය මිහිතලය මතට පහල වීම පියවර තුනකින් සිදු වී ඇත. එම පියවර තුනෙන් පලමු පියවර වන “අල් කුර්ආනය අල් ලව්හුල් පහ්ෆූල් පලකයේ සටහන් කිරීම“ සහ දෙවන පියවර වන “ලව්හුල් මහ්ෆූල් පලකයේ සිට පහල අහසට පහල කිරීම“ යන්න සමස්ථ අල් කුර්ආනයම එකවර සටහන් වීම හෝ පහලවීම සිදුවූවා යන්න පැහැදිලි වේ. එසේම මෙම පියවර දෙක අතුරින් “පහල කිරීමක්“ සිදුවන්නේ දෙවන පියවර වන “ලව්හුල් මහ්ෆූල් පලකයේ සිට පහල අහසට පහල කිරීම“ වන නිසා ඉහත අල් කුර්ආනය 2-185 වාක්‍ය මඟින් සහ 97-1 මඟින් කථා කරන්නේ එම දෙවන පියවර සහ පලමු පහලවීම පිලිබදව බවට තේරුම් ගැනීමයි සාධාර්ණ හා නිවැරදි තේරුම් ගැනීම වන්නේ.

අල් කුර්ආනය කොටස් වශයෙන් පහල වූ බවට සාක්ෂි

ඉතා පැහැදිලිව ම අල් කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් වෙත එකවර පහළ වූයේ නැති බව පැහැදිලිව සදහන් කල හැක. අල්ලාහ් (දෙවි) හමුවේ සිට මුහම්මද් (සල්) තුමාණන් වෙත අල් කුර්ආනය පහලවීම එවකට සමාජ සිද්ධීන් සහ තත්වයන් අනුව විටින් විට වසර 23 ක් පුරාවට සිදු වූවා යන්න ඉස්ලාම් දහමේ සහ ඉතිහාස සාක්ෂි තහවුරු කරන සත්‍යයයි. එම කාරණය ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්, එය ව්‍යාකූලත්වයකින් තොරව තහවුරු කරන පද රාශියක් අල් කුර්ආනයේම දැක ගත හැක. එනම්,

අල්-කුර්ආනය එකවරම පහළ නොකරන ලද්දේ මන්දැයි ප්‍රතික්ෂේප කරන්නෝ කියති. මෙලෙස(පහළ කරන ලද්දේ) එමගින් නුඹගේ සිත ශක්තිමත් කරනු පිණිසය. තවද(එම අරමුණ සඳහාම) අපි එය(අල්-කුර්ආනය) ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් පහළ කළෙමු.

අල්කුර්ආනය - 25-32

කුර්ආනය අපි කොටස් කළෙමු, නුඹ එය ජනයාට ක්‍රම ක්‍රමයෙන් පාරායනය කරනු පිණිස, තවද අපි එය කඩින් කඩ පහළ කළෙමු.

අල්කුර්ආනය - 17-106

ඉහත 25-32 සහ 17-106 වාක්‍ය සරලව විමසා බැලුවත් මෙම අල් කුරආනය එකවර පහල නොවූ බවත් එය කොටස් වශයෙන් පහල වූයේ ඇයිද? යන්නත් මනාව පැහැදිලි වේ. අල් කුර්ආනය පහල වූයේ පියවරින් පියවර කොටස් වශයෙන් යන්න නිදසුන් සහිතව තවදුරටත් තහවුරු කරන්නේ නම්,

දේවවක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදරණීය බිරිඳක් වන ‘අයිෂා (රලි) තුමියට එරෙහිව සමාජයෙන් එල්ල වූ කාමයේ වරදවා හැසිරීම නම් අපහස චෝදනාව සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන්ට නිසි තීන්දුවක් ගැනීමට නොහැකිව දෙවියන් හමුවේ සිට අල් කුර්ආන් වාක්‍ය පහළ වන තෙක් දින කිහිපයක් බලා සිටීමට සිදුවූ අවස්ථාව මෙහි සදහන් කල හැක. ඒ අනුව එම සිද්ධිය මුල් කරගෙන පහත අල් කුර්ආන් වාක්‍යය පහල විම සිදුවිය.

නියතවශයෙන්ම මෙම අපවාදය ගෙනවිත් ඇත්තේ නුඹලාගෙන් එක් පිරිසකි. නුඹලාට එය නරකයැයි නුඹලා නොසිතනු. නැත. එය නුඹලාට හොඳය. ඔවුන් අතුරින් එක් එක්කෙනාට ඔහු උපයාගත් පාප(යේ දඬුවම) ඇත. තවද ඔවුන්ගෙන් නායකත්වය පවරා ගත් ඔහුට දරුණු දඬුවම ඇත.

අල්කුර්ආනය - 24-11

අල් කුර්ආනය කොටස් වශයෙන් පහළ වූ බවට තවත් තහවුරු කිරීමක් නම්, නබි (සල්) තුමාණන් සහ අන්ධ සහාභිවරයෙකු වන උම්මි මක්තුම් (රලි) තුමා අතර සිදු වූ සිද්ධියක් මූලික කරගෙන පහළ වූ වාක්‍ය කිහිපය මෙහි සදහන්යි කල හැක. එනම්, ඉස්ලාම් විරෝධි කුරෙයිෂ් ගෝත්‍ර නායකයින් ඉස්ලාමය වැළඳ ගැනීම සම්බන්ධයෙන් සාකච්චා කරමින් සිටින මොහොතක ඒ අතරට පැමිණි අන්ධ සහාභිවරයෙකු වන උම්මි මක්තූම් (රලි) තුමාගේ හැසිරීම සම්බන්ධයෙන් නබිතුමාණන්ට සිත් තැවුලක් ඇති විය. එම මොහොතේ පහත වාක්‍යය පහල විය. එනම්,

(අපගේ නබිවරයා වන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. මුහුණ හරවා ගත්තේ ය. (කුමක් සඳහාද?), තමන් වෙත එක් අන්ධයෙකු පැමිණි නිසාය. (නබියේ! ඔබ වෙත පැමිණි) ඔහු, පරිශුද්ධවන්තයෙකු බවට පත් විය හැකිය යන්න ඔබ දන්නෙහිද?, නැතහොත් (ඔබගේ හොඳ ඔවදන) ඔහු සිතා, හොඳ ඔවදන මගින් ඔහු ප්‍රයෝජනයක් අත් කර ගත හැකිය යන්න ඔබ දන්නෙහිද?, (එසේ තිබියදී ඔහුව ඔබ කුමක් නිසා කෝපයෙන් වෙව්ලා ප්‍රතික්ෂේප කළෙහිද? නබියේ! ධර්මය) කවුරුන් නොසළකා හරින්නේද, ඔහු දෙසටම ඔබගේ අවධානය යොමු කරන්නෙහිය. ඔහු පරිශුද්ධවන්තයෙකු බවට පත් නොවුවහොත් ඒ ගැන ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් නැත (නොවෙද!), ඔහුම (අල්ලාහ්ට) බිය වන්නෙකි. කවුරුන් (තමන් විසින්ම) ඔබ වෙත දිව එන්නේද, එහෙත් ඔබ ඔහුව නොසලකා හරින්නෙහිය. එසේ කිරීම හොඳක් නොව. (ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඇත්තෙන්ම හොඳ ඔවදනකි.

අල්කුර්ආනය - 80-1 සිට 11

මේ අනුව අල් කුර්ආනය පහල වීම සිදුවූයේ කවර ආකාරයකට ද යන්න දැන් ඔබට බොහෝ දුරකට පැහැදිලි ඇතැයි සිතමි. එසේම මෙම ලිපිය තුල ඉදිරියටත් තවත් ගැඹුරින් මෙම විෂයන් වෙනත් මාතෘකාවන් යටතේ ද සාකච්චා කිරීමට ද අපේකෂා කරමින් ඉදිරියට යොමු වෙමි.

අල් කුර්ආනය එකවර පහල නොවූයේ ඇයි?

අල් කුර්ආනය එකවර පහල කරනවාද? නොඑසේනම් කොටස් වශයෙන් පහල කරනවාද? යන්න දිව්‍ය නියමයකි. එමනිසා එම දේව සැලැස්ම මිනිසාට අභීයෝග කල නොහැක. යුදෙව් දස පනත මූසා (අලෛ) තුමාණන්ට එකවර පහල කල දෙවියන්ට අල් කුර්ආනය එකවර පහල කිරීම අපහසු කටයුත්තක් නොවේ යන්න මෙහි අප තේරුම් ගතයුතුය. එසේම මෙම අල් කුර්ආනය මිහිමතට එකවර පහල කලත් “ඇයි අල් කුර්ආනය කොටස් වශයෙන් පහල නොවී එකවර පහල වූයේ?“ යන පැනයත් මෙහි කිසියම් කෙනෙකුට මතු කරන්න පුළුවනි. මා එසේ පැවසීමට හේතුව අල් කුර්ආන් වාක්‍ය පහල වීමේ රටාව තේරුම් අරගෙන එය නිරීක්ෂණය කලේ නම් ප්‍රායෝගික සාර්ථක ක්‍රමවේදය අදාල සංසිද්ධීන් සහ අවස්ථාවන් මූලික කරගෙන ඒ ඒ නියෝග ඒ ඒ අවස්ථාවල පහල වීම යන්න පැහැදිලි වන බැවිණි.

එය කෙසේ වෙතත් අල් කුර්ආනය එකවර පහල නොකොට පියවරින් පියවර පහල කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවි) පවසන හේතු කාරණයන් අල් කුර්ආනය තුලින් දැන් විමසා බලමු.

• මිනිස් සිත් ශක්තිමත් කරනු පිණිස
අල්-කුර්ආනය එකවරම පහළ නොකරන ලද්දේ මන්දැයි ප්‍රතික්ෂේප කරන්නෝ කියති. මෙලෙස(පහළ කරන ලද්දේ) එමගින් නුඹගේ සිත ශක්තිමත් කරනු පිණිසය. තවද(එම අරමුණ සඳහාම) අපි එය(අල්-කුර්ආනය) ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් පහළ කළෙමු.

අල්කුර්ආනය 25-32

ඉහත වාක්‍ය මඟින් පවසන්නේ, අල් කුර්ආනය ක්‍රමානුකූලව හෙළිදරව් කිරීමේ අරමුණ නබි (සල්) තුමාගේ සහ ඔහු සමඟ සිටින විශ්වාසවන්තයින්ගේ (මුස්ලීම්වරුන්ගේ) හදවත් ශක්තිමත් කිරීම පිණිස බවයි. මෙය විනාඩියක් අරන් විමසා බලමු.

ඔබේ වෘත්තීය බලධාරියා ඔබේ වෘත්තීය ජීවිතයේ ඉදිරි වසර 23 සඳහා කළ යුතු සෑම දෙයක්ම සති අන්තයේ එක් සම්මන්ත්‍රණයකින් ඔබට පැවසූ බව සිතන්න. ඔබට එය නිවැරදිව මතකයේ රඳවාගෙන ඒ ඒ අවස්ථාවන්ට උචිත අයුරින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකිද?. නමුත් ඒ ඒ අවස්ථාවල උපදෙස් හා නියෝග අවශ්‍ය ආකාරයට ලබාදෙමින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවන්නේ නම් අතපසුවීම්, අමතකවීම් වැනි දුර්වලතාවයන් ඇති නොවී මනසේ හොදින් රදවාගෙන සාර්ථකව කටයුතු කල හැකි වේ. මේ ආකාරයටම අල්ලාහ් (දෙවි) ද අප හට අල් කුරානය වසර ගණනාවක් තිස්සේ පහළ කිරීම තුල සිදු කරන්නේ ඉහත 25-32 හි පවසන ආකාරයට එය මනසේ ශක්තිමත් කිරීම නොවේද?.

• පාරායනය සරල කරනු පිණිස කොටස්කු කර ඇත.
කුර්ආනය අපි කොටස් කළෙමු, නුඹ එය ජනයාට ක්‍රම ක්‍රමයෙන් පාරායනය කරනු පිණිස, තවද අපි එය කඩින් කඩ පහළ කළෙමු.

අල්කුර්ආනය 17-106

ඉහත වැකියෙන් අල්ලාහ් (දෙවි) පවසන්නේ අල් කුරානය කොටස් වශයෙන් පාරායනය කිරීම පහසු පිණිස මේ ආකාරයට කොටස් වශයෙන් පහල කල බවයි. අල් කුර්ආනය ක්‍රමක්‍රමයෙන් හෙළිදරව් වීම නිසා ගැටලු මතුවන විට එහි විසදුම් සෙවීමත් පහසු වන අතර එහි අන්තර්ගත තොරතුරු තේරුම් ගැනීමට සහ අදාළ කර ගැනීමට කාලය ලැබෙන්නේය.

මෙයට මා නිදසුනක් මෙහි ගෙන් එන්නම්,

උහුද් සටනේදී මුහම්මද් (සල්) තුමාණන් ඝාතනය වූ බවට රාවයක් පැතිර ගියේය. මෙය ඇසූ මුස්ලිම්වරුට එම පුවත දරුණු කම්පනයක් ගෙන දුන්නේය. නමුත් එම රාවය මූලික කරගෙන පහත සඳහන් අල් කුර්ආන් වැකි පහළ විය.

මුහම්මද් හුදෙක් රසූල්(දේව දූත)වරයකු පමණි. ඔහුට පෙරද රසූල්වරු කාලාතික්‍රමණය කළාහුය. එසේ නම් ඔහු මළොත්, නැතහොත් (යුද්ධයේදී) ඔහු ඝාතනය කරනු ලැබුවහොත් නුඹලා නුඹලාගේ විදඹ මත ආපසු හැරි (අඥාන යුගයට ම) යන්නාහුද ඔහුගේ විදඹ දෙක මත ආපසු හැරී පළායන්නේ කවරෙක්ද? ඔහු අල්ලාහ්ට කිසිඳු හානියක් නොකරයි. කෘතවේදී අයට අල්ලාහ් (නිසි පරිදි) තිළිණ පිරිනමයි.

අල්කුර්ආනය 3-144

ඉහත සිද්ධිය රවයක් බව දැනගත් මුස්ලීම් ප්‍රජාව සතුටින් ජීවත් වූවත් ඉහත වාක්‍ය තුල අල්ලාහ් (දෙවි) “මුහම්මද් හුදෙක් රසූල්(දේව දූත)වරයකු පමණි. ඔහුට පෙරද රසූල්වරු කාලාතික්‍රමණය කළාහුය. එසේ නම් ඔහු මළොත්...“ යැයි පැවසීම තුල මේ මුහම්මද් (සල්) තුමාණන් දිනක මියයන බව මුස්ලීම්වරුන් තම සිත් තුල දාරනය කරගන්නා ලදී. ඒ අනුව නබිතුමාණන් වසර ගණනාවකට පසු සැබවින්ම මිය ගිය විට ඔවුන්ගේ සහචරයන් වූ මුස්ලීම්වරුන්ට එම වදන සැනසීම ලබා දුන්නේය. උහුද් සමයේ එම සිද්ධිය ඔවුන්ව සිතන්නට සහ යථාර්තය අවබෝධ කරගැනීමට අවස්ථාවක් ලබාදුනි. චිත්තවේගීය වශයෙන් දුෂ්කර තත්වයක් ගැන සිතීම සහ සැලසුම් කිරීම ඔබේ ස්ථාවරය පවත්වා ගැනීමට හොඳම ක්‍රමයකි. එය හදවත් ශක්තිමත් කරයි. මිනිසුන් මුහුණ දෙන සෑම දුෂ්කරතාවයක්ම අල් කුර්ආනය පහළ වීම තුල කොතැනක හෝ කථා කොට ඇත. මේ අනුව අල් කුර්ආනය එකවර මිනිස් සමාජයට පහල කිරීමට වඩා කොටස් වශයෙන් පියවරින් පියවර පහල කිරීමයි ප්‍රායෝගික නිවැරදි ක්‍රමවේදය වන්නේ යන්න මින් ඔබට පැහැදිලි වියයුතු වේ.

අල් කුර්ආනය පහල වීමේ අරමුණ

ඉස්ලාම් දහමේ දේව පුස්තකය වන අල් කුර්ආනය පහල වීමේ අරමුණ මේ යටතේ විමසා බැලීමට අදහස් කරමි. මිට සියවස් 14 කට පෙර අරාබි දේශයේ “මුහම්මද්“ නම් දේව වක්තෘවරයෙකු හට මෙම පුස්තකය පහල කල බව ඉස්ලාම් දහම පවසයි. එම පුස්තකය මිහිමතට පහල කිරීමේ අරමුණ කුමක්ද? යන්න දැන් විමසා බලමු.

අරාබි දේශයේ මක්කාව නම් නගරයේ ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 40 ක්ව තිබියදී ප්‍රථම දේව පණිවුඩය ‘හීරා’ නම් ගුහාවකදී පහල විය. එතැන් පටන් ඉහතින් සදහන් කල ආකාරයට විවිධ අවස්ථාවල සමාජයේ ඇති වූ විවිධ ගැටළුවලට විසදුම් ලෙසත්, මිනිස් වර්ගයාට අවවාද අනුශාසනා ලෙසත්, යහපත් දිවියකට මඟපෙන්වන්නක් ලෙසත්, රාජ්‍ය පාලනයකට අවශ්‍ය උපදේශයන් ලෙසත්, දේව නැමදුම් පිලිබදව ඉගෙන්වීම් ලෙසත්… වසර 23ක් මුළුල්ලේ විවිධ අවස්ථාවල මෙම දේව පණිවුඩ පහල විය.

මෙසේ කඩින් කඩ කොටස් වශයෙන් දේව වදන් පහල කල බව අල්ලාහ් (දෙවි) තම පුස්තකයේ මෙසේ පවසයි.

(මුහම්මද්) නුඹ කුර්ආනය මනුෂ්‍යයනට පවසනු පිණිස අපි එය කොටස් කළෙමු. අපි එය කඩින් කඩ පහළ කෙළෙමු.

අල්කුර්ආනය 17-106

මෙලෙස කොටස් වශයෙන් පහල වීම ආරම්භ වු දේව පණිවුඩ මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 63 ක්ව තිබියදී (වක්තෘ මෙහෙවරට අවුරුදු 23 ක්ව තිබියදී) සම්පූර්ණයෙන් පහල වී අවසන් වූයේ පහත සදහන් අල්කුර්ආන් වාක්‍යය ද එය අවදාරනය කරමිනි. එනම්,

අද දින නුඹලාගේ දහම නුඹලා වෙනුවෙන් සම්පූර්ණ කරන ලදී.

අල්කුර්ආනය 5-3

මේ ආකාරයට වසර 23ක් මුළුල්ලේ පහල වූ අල්කුර්ආනය මෙලෙස මිනිස් සමාජයට පහල කිරීමට මූලික හේතු ද අල්ලාහ් (දෙවි) තම අල්කුර්ආනයේ විස්තර කරයි. එවැනි අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි ගෙන එන්නේ නම්,

• මිනිසාට සත්‍යයෙන් අසත්‍ය වෙන්කර යහමඟ පැහැදිලි කිරීම පිණිස, (අල්කුර්ආනය 2-185)
• (ඉස්ලාමය පිලිගෙන එය) විශ්වාස කරන්නන් හට සුභාරංචි පවසනු පිණිස, (අල්කුර්ආනය 16-102)
• සිත්වල ඇති රෝගයන් (ගැටළු) සදහා ප‍්‍රතිකාරයක් වනු පිණිස (අල්කුර්ආනය 10-57)
• (දෙවියන්ට)බියබැති පිරිසට උපදේශයක් වනු පිණිස (අල්කුර්ආනය 20-3)
• දෙවියන් වහන්සේ විසින් පෙර පහල කල වක්තෘවරුන්ගේ උපදේශයන් සත්‍ය කරනු පිණිස, (අල්කුර්ආනය 11-120)

ඉහතින් සදහන් ආකාරයේ උතුම් අරමුණු පෙරදැරිව පහල වූ අල්කුර්ආනය 6500 කටත් අධික වාක්‍ය ප්‍රමාණයකින් සමන්විත වන අතර ලොව අනිකුත් ආගමික පුස්තකයන් මෙන් නොවී අල්කුර්ආනය ආරම්භයේ පටන් අද දක්වා සම්පූර්ණයෙන් ම ආරක්ෂා වූ පුස්තකයක් ලෙස ද පවතී. (මේ පිලිබදව වැඩි විස්තර මෙහි පහතින් අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය නම් මාතෘකාව යටතේ ඉදිරියට සාකච්චා කෙරේ.) එම කාරණය ඔබේ වැඩිදුර දැනුමට තබමින් මෙම සටහන අවසන් කරන්නේ අල්කුර්ආනය සම්බන්ධ තවත් මාතෘකාවකින් ඔබ හමුවීමට තවත් යාවත්කාලීනයන් එක් කිරීමේ පොරොන්දුව ද ලබා දෙමිනි.

වීමේ අරමුණ නිවැරදිව අප තේරුම් ගෙන ඒ අනුව ජීවත් වීමට අධිෂ්ඨාන කරගමු යන ඉල්ලීම ඔබ හමුවේ තබමිනි.

අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

අල් කුර්ආනය පිලිබදව කථා කරමින් එන මෙම ලිපිය තුලින් ිද දවසේ “අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය“ සහ “මෙම අල් කුර්ආනය පහල වූ එවකට සමාජ තත්වය කවරේද?“ යන්න විමසා බැලීමට අදහස් කරමි. මෙම අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එවකට සමාජ පසුබිම පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ ද බහුතරයකට ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා මුස්ලීම් නොවන සමාජය බොහෝ පිරිස් අල්කුර්ආනය විවේචනය කරන්නේ ඉහත කරුණු කිසිවක් පිලිබදව මූලික දැනුමක් අවබෝධයක් නොමැතිවය. එවැනි විවේචන හමුවේ මුස්ලීම් සමාජයේ ද බොහෝ පිරිස් මුනිවත රකින ආකාරයක් දක්නට ලැබෙන අතර එසේ ඔවුනට ක්‍රියා කිරීමට සිදුව ඇත්තේ ඔවුනට ද මෙම විෂය පිලිබදව නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙනි.

මෙවැනි අනවබෝධයන් තුරන් කිරීම අරමුණු කොට “අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය“ මෙතැන් සිට ඉදිරියට පහත අනුමාතෘකා ඔස්සේ සවිස්තරාත්මකව සාකච්චා කිරීමට අදහස් කරමි. එනම්,

* අල්කුර්ආනයේ ඉතිහාසය 01 – මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය
* අල්කුර්ආනයේ ඉතිහාසය 02 – පහල වූ සමාජය මොනවගේද?
* අල්කුර්ආනයේ ඉතිහාසය 03 – දේව පණිවුඩ පහලවීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 04 – වහී පහලවීම හා ලේඛනගත කිරීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 05 – මුල් භාෂාව හා එම භාෂාවෙන් පැවතීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 06 – ආරම්භයේ පටන් සංශෝධනයන් නොවී පැවතීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 07 – අල්කුර්ආන් පිටපත් ගැනීම
* අල්කුර්ආනයේ ඉතිහාසය 08 – ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන් ආරක්ෂිතද?
අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 01 – මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂරතා ඥානය

අල් කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව කථා කරන මෙම මාතෘකාව තුල මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂරතා ඥානය පිලිබදව මෙහි කථා කරන්නේ කුමක්ටද? යන පැනය සමහර පිරිස් තුල මතුවීමට පුළුවන. මෙය බැලූ බැල්මට මෙම සාකච්චාවට අදාල නොවන මාතෘකාවක් ලෙස පෙනුනත් මෙම සාකච්චාව ඉදිරියට පවත්වාගෙන යාමේ දී නබිතුමාණන්ගේ සාක්ෂරතා ඥානයේ මට්ටම මෙම සාකච්චාවට සෘජුවම බලපාන කාරණයක් යන්න පැහැදිලි වේ. එනම්, අල් කුර්ආනය නම් දිව්‍ය පුස්තකය මිනිස් සමාජයට ප්‍රකාශ වන්නේ මුහම්මද් (සල්) තුමාණන් මඟිනි. එම පුස්තකය මිනිස් සමාජයට දේශනා කල මුහම්මද් (සල්) තුමාණන්ගේ “සාක්ෂරතා ඥානය ශූන්‍ය“ බව මා මෙහි පැවසුවේ නම් ඔබ විශ්වාස කරනවාද?. නමුත් එයයි ඇත්ත. එය අල් කුර්ආනය ද පහත අකාරායට අවදාරණය කරයි. එනම්,

(මාගේ දයානුකම්පාව පිරිනමන ලද අය නම්) තමන් ළඟ ඇති තව්රාත් සහ ඉන්ජිල්හි සඳහන් කරනු ලැබ ඇති (මේ) උම්මි (අකුරු ශාස්ත්‍රය නොදත්) නබි වන මේ රසූල්(වක්තෘ)වරයාව අනුගමනය කරන්නෝය. ඔහු (රසූල්වරයා) යහපත් දෑ (පිළිපදින ලෙස) ඔවුනට අණ කරයි. තවද අයහපත් දැයින් ඔවුන් වළක්වාලයි.

අල්කුර්ආනය 7-157

මුහම්මද් (සල්) තුමාණන් සාක්ෂරතා හැකියාවක් නොමැති “උම්මි“ නබිවරයෙකු (2) බව අල්ලාහ් (දෙවි) අල් කුර්ආනයේම පවසන ආකාරය ඉහතින් පැහැදිලිය. දැන් මෙතැන ඇති පැනය වන්නේ එතුමාණන්ගේ මෙම දුර්වලතාවය හා නොහැකියාව දහමට බලපාන්නේ කෙසේද? යන්නයි.

ඇත්තෙන්ම එතුමාණන්ගේ මෙම දුර්වලතාවය ඉස්ලාම් දහම ට විශාල ආශිර්වාදයක් වූවා යයි මා පැවසුවේ නම් එය ඔබ පිලිගන්නේද?. දැන් ඔබට තවත් පැනයක් මතුවීමට පුළුවන. එනම්, ‘කෙනෙකුගේ සාක්ෂරතා ඥානය ශූන්‍ය වීම ආශිර්වාදයක් වන්නේ කොහොමද?’ යන්නයි. ඒ පිලිබදව දැන් විමසා බලමු.

“අල් කුර්ආනය දිව්‍ය වැකි“ යයිද, එය “දේවදූතයකු මඟින් මුහම්මද් (සල්) තුමාණන්ට ප්‍රකාශ වූ“ බවද මුස්ලීම්වරුන් පිලිගැනීම හා විශ්වාසයයි. එවන් වූ මෙම අල් කුර්ආනයට එරෙහිව විවේචනය කරන පිරිස් මතු කරන ප්‍රධාන තර්කය වන්නේ මෙම අල් කුර්ආනය මුහම්මද් (සල්) විසින් ගොතන ලද්දක් යන්නයි. එසේම මෙලෙස චෝදනා නඟන පිරිස් පවසන්නේ අල් කුර්ආනය තුල ඇත්තේ “මුහම්මද“ විසින් ලියන ලද කරුණුය“ යන්නයි. වාදයකට මෙය සැබෑවක් ලෙස සැලකූවත් සාක්ෂරතා ඥානයක් නොතිබූ මුහම්මද් (සල්) තුමාණන් කොහොමද අරාබි සාහිත්‍යයේ ඉහල ම නිර්මාණ කෘතියක් වන මෙම අල් කුර්ආනය ලියන්නේ. එහි සාහිත්‍ය රසය පමණක් නොව එය සර්වකාලීන ප්‍රායෝගික වලංගු ජීවන මාර්ගයක් ගැන කථා කරයි. එපමණක් නොව නූතන විද්‍යාව, දේශපාලනය, ආර්ථිකය… යනාදී කරුණු සියල්ල 100% ක් නිවැරදිව මීට වසර 1400 කට පෙරම ස්වමතයෙන් මුහම්මද් (සල්) තුමාණන් මානව සමාජයට ප්‍රකාශ කලේ කෙසේද?.

මෙසේ චෝදනා නඟන පිරිස් මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා හැකියාව පිලිබදව කොතරම් දුරකට දන්නවාද?. මෙලෙස මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව අවලාද නඟන පිරිස එතුමාණන්ගේ සාක්ෂරතා හැකියාව මනාව කියාපාන පහත අවස්ථාව බුද්ධිමත්ව විමසා බලන්නට ආරාධනා කරමි.

මුහම්මද් (සල්) තුමාගේ සාක්‍ෂරතා දැනුම හොදින් කියාපාන සිදුවීමක් ලෙස ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවු හුදෙයිබියා නම් ගිවිසුම සකස් කරන මොහොත සදහන් කල හැක. ඉස්ලාමීය ඉතිහාසයේ, ඉස්ලාම් විරෝධීන් හා මුස්ලීම්වරුන් අතර සිදු වූ තීරණාත්මක ගිවිසුමක් ලෙස ‘හුදෙයිබියා’ නම් ගිවිසුම හැදින් වේ. මෙහිදී මුහම්මද් (සල්) තුමාගේ පාර්ශවය (මුස්ලීම්වරුන්) වෙනුවෙන් ගිවිසුම ලියන ලද්දේ එතුමාගේ බෑනා වන අලි (රලි) තුමා විසිනි. එම ගිවිසුම සකස් කිරීමේ දී එම ගිවිසුමේ මුහම්මද් (සල්) තුමාණන්ගේ නම සටහන් කිරීමේ දී එම නමට ඉදිරියෙන් ‘වක්තෘ’ (දේව නියෝජිත) යන්න වක්තෘ මුහම්මද් (සල්) ලෙස ලියන ලදී. මෙය දුටු දෙවන පාර්ශවය (ඉස්ලාම් විරුද්ධවාදීන්) මෙම ගිවිසුම අප පිලිගෙන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම්, එහි සදහන් වක්තෘ යන පදය ඉවත් කලයුතු යැයි පවසා සිටින ලදී. ඒ අනුව එම ඉල්ලීමට මුහම්මද් (සල්) තුමාණන් එකඟ වී එම පදය ඉවත් කිරීමට තීරණය කලේය. එ අනුව මුහම්මද් (සල්) තුමාණන් තම බෑනා වන අලි (රලි) තුමා හට එම “වක්තෘ“ නම් පදය මකා දමන්න යැයි පවසන ලදි. නමුත් දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි දැඩි ආදරයක් හා ගෞරවයක් දක්වන අලි(රලි) තුමා ඇතුළු එම ස්ථානයට රැස්ව සිටී සමස්ථ මුස්ලීම්වරුන් (සහාභාවරුන්) එසේ කිරීම ප්‍රතික්ෂේප කලේය. අලි (රලි) තුමාද එකහෙලා පවසා සිටියේ ඔබතුමා සැබැවින්ම අල්ලාහ් (දෙවියන්)ගේ දුතයාණන් ඉතින් කුමකටද එය මකා ඉවත් කරන්නේ එය මට කල නොහැකිය යැයි පවසන ලදී. එම මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් විමසා සිටියේ මෙම ගිවිසුමේ “වක්තෘ“ යනුවෙන් සටහන් ‍වී ඇති තැන මා හට පෙන්වන්න මා විසින් ම එය මකා ඉවත් කරන්නම් යනුවෙනි.

ඉහත සංවාදය තුල පැහැදිලිව පෙනෙන කාරණය නම්, මුහම්මද් (සල්) තුමාණන්ට තමන්ගේ නම පවා ලියවී ඇති තැන සොයා ගැනීමට නොහැකි තරම් සාක්‍ෂරතා නොහැකියාවකින් පෙලුණු බවයි. මෙය දුර්වලතාවය වඩාත් හොදින් තහවුරු කරන අවස්ථාවක් ලෙස එතුමාගේ කාලයේ එතුමාගේ මූලිකත්වයෙන් විවිධ ප්‍රදේශවල රජවරුන්, පාලකයන් හා ප්‍රභූවරුන් වෙත ලියා යවන ලද ලිපි ගෙනහැර දැක්විය හැක. එම ලිපිවල තම නම ලියනවා වෙනුවට එතුමාණන් කලේ තම ලියා සකස් කරන ලද මූද්‍රාවක් භාවිතා කරමින් සටහන් යෙදීමයි. එසේ භාවිතා කල මූද්‍රාවේ අනුරුවක් සහ එතුමාණන් විසින් මූද්‍රව භාවිතා කොට සලකුණු කල ලිපියක් පහතින් ඉදිරිපත් කරමි.

• මුහම්මද් (සල්) තුමාණන් භාවිතා කල මූද්‍රාවේ අනුරුවක් මෙහි පහතින් දැක්වේ.
• නබිතුමාණන් විසින් යවන ලද ලිපියක්…

මේ තුලින් ද එතුමාගේ සාක්‍ෂර නොහැකියාව තවදුරටත් තහවුරු වේ.

මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා හැකියාව ශූන්‍යයක් වූවාද එවකට එම සමාජය එසේ නොවේ. එම සමාජය සාක්ෂරතා දැනුමින් අඥාන සමාජයක් නොවේ. එය මෙම ලිපි පෙල ඉදිරියට කියවීමේ දී ඔබට අවබෝධ වනු ඇත. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියෙහි තවත් කොටසක් වෙත දැන් යොමු වෙමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 02 – අල් කුර්ආනය පහල වූ ආරම්භ සමාජය මොනවගේද?

මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයේ ‘මුහම්මද්’ (සල්) නම් පුද්ගලයෙකු විසුවේය. ඔහු තම සමාජයේ සෑම සියළුදෙනාගේම ආදරය, ගෞරවය හා විශ්වාසය දිනාගත් යහපත් චරිතයෙන් යුතු ගුණවත් කෙනෙකු විය. ඔහුගේ එම චරිතවත් බව නිසාම ඔහුව එම සමාජය අස්සිද්ධික්, අල්අමීන් (විශ්වාසවන්තයා, සත්‍යවන්තයා) යන ගෞරව නාමයන්ගෙන් ආමන්ත්‍රණය කිරීම සාමාන්‍ය සිරිතක්ව පැවතීය. මේ ආකාරයට සමාජයේ සෑම සියළුදෙනාගේම සිත් දිනාගෙන කටයුතු කල එතුමාණන්ට තමන් වෙසෙන සමාජය හා එහි ක්‍රියාකලාපයන් පිලිබදව තිබුණේ දැඩි කලකිරීම හා පිලිකුලකි. එයට හේතුව නම්, එම සමාජයේ පැවති ආගමික මිත්‍යා ඇදහිලි, විශ්වාසය හා සමාජයේ පැවති විවිධ වූ අනාචාරයන් හා මිලෙච්ඡ ක්‍රියාවන් සුලබව දැකීමයි.

එවැනි කිහිපයක් ඔබේ වැඩිදුර අවදානය පිණිස මෙහි පහතින් පෙලගසන්නේ නම්,

• එම සමාජය කාන්තාවන් දුර්භාග්‍යයක් ලෙස සලකා කුඩාකලම ඝාතනය කරන සමාජයක් විය.
• දුප්පත්කමට බියේ දරුවන් ඝාතනය කරන සමාජයක් විය.
• විවාහය නමින් විවිධ ආකාරයේ අනාචාරයන් (බහු ලිංගික සම්බන්ධතාවයන්) පවත්වන සමාජයක් විය.
• පිලිම වන්දනාව (බහු දේව විශ්වාසය, දිනකට එක් දෙවියෙකු බැගින් දෙවිවරු 365ක් වන්දනා) කරන සමාජයක් විය.
• සියළු ක්‍රියාවන් ජෝතිෂ්‍ය විශ්වාසයන් මත පදනම්ව කටයුතු කරන සමාජයක් විය.
• මියගිය පිරිසගෙන් තම අවශ්‍යතාවය ආයාචනා කරන ඔවුනට නැමදුම් කරන සමාජයක් විය.
• කාන්තාවන්ට විවිධ වූ වධහිංසා පමුණුවන සහ කාන්තාව මනුෂ්‍යයෙකු ලෙස නොසලකන සමාජයක් විය.
• සමස්ථ සමාජයම සුරාවෙහි ගිලී පැවතී සමාජයක් විය.
• නිර්වස්ත්‍රව දේව නැමදුමෙහි නියැලෙන සමජයක් විය.
• පියා මියගිය හොත් පියගේ බිරිද (කුඩම්මා) තමා (පුතා) විවාහ කරගැනීම නීතියක් වූ සමාජයක් විය.
• කුලවාදය දරුණුවට ම ක්‍රියාත්මක වූ ජන සමාජයක් වීය.
• මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය කාරණයක් ලෙස සිතෙන තරමට මිනිස් ජීවිතවලට වටිනාකමක් නොදුන් සමාජයක් විය.
• අරාබි භාෂාව පමණක් භාෂාවක් ලෙස සලකමින් අනිකුත් භාෂාවල් ප්‍රතික්ෂේප කල සමාජයක් විය.

මුහම්මද් (සල්) තුමාණන් තව වක්තෘ දිවිය ආරම්භ කිරීමට පෙර පැවති එනම්, හැදී වැඩුනු සමාජය මේ ආකාරයට විකෘති විශ්වාසයන්ගෙන් හා ක්‍රියාවන්ගෙන් අරාජිකව පැවති සමාජයක් විය. මේ හේතුව නිසා එම අරාජික සමාජය පිලිබදව එතුමාණන්ට තිබුණේ දැඩි කලකිරීමකි. ඒ හේතුව නිසාම එතුමාණන් බොහෝ විට සමාජයෙන් දුරස් වී සිටීමට උනන්දු වූ අතර එයට එතුමාණන් තෝරාගත් ස්ථානය වූයේ මක්කාව ආසන්නයේ ඇති ‘හීරා’ නම් ගල් ගුහාවයි. එතුමාණන් එහි ගොස් රුදීසිටීම සිරිතක් කරගත්තේය. (පහතින් දැක්වෙන්නේ එම ගුහාවයි)

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ “හීරා“ ගුහාව තුල දින ගණනාවක් හුදෙකලාවේ රැදීසිටීම පුරුද්ධක් කරගත්තේය. එසේ කාලයක් ගතවීමත් සමඟ දිනක් එම ගුහාවට මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ දර්ශනය විය. එතැන් පසු එහි කුමක් සිදුවූයේද? යන්න මෙම ලිපියෙහි ඉදිරියට බලමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 03 – දේව පණිවුඩ පහලවීම ඇරඹිම හා අවසන්වීම

ඉස්ලාම් දහම ප්‍රකාශ වීමට පෙර පැවති මක්කා සමාජය අරාජිකව පැවතී බවත්, මේ හේතුව නිසාම මුහම්මද් (සල්) තුමාණන් එම සමජයෙන් දුරස්ව “හීරා“ නම් ගුහාවක හුදෙකලාව කල්ගෙවන්න පුරුදු වූ බවත් මීට ඉහත සාකච්චා කලෙමි. මෙසේ කල්ගෙවන විට එක්තරා දිනයක එම ගුහාව තුල මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ දර්ශනය විය. එය දැක නබිතුමාණන් බියට හා කලබලයට පත් වූ විට එම සුවිශේෂි මැවීම එතුමාණන් සමඟ කථා කරන්නට විය. තමන් ජිබ්රීල් (ගේබ්‍රියල්) නම් දේවදූතයකු (නොහොත් මලැක්වරයෙකු) බවත්, මුහම්මද් වන ඔබට අල්ලාහ් (දෙවි) නබිවරයෙකු (නොහොත් වක්තෘවරයෙකු) ලෙස තොරාගෙන ඇති බවත්, ඉදිරියේ දී ඔබට දේව පණිවුඩ පහලවීමට නියමිත බවත් මුහම්මද් තුමාණන් හට එහිදී දැනුම් දෙන ලදී. මීට පෙර මෙවැනි අත්දැකීමක් ලබා නොතිබූ එතුමාණන් මෙම පණිවුඩය අසා විශ්මයට හා බියටපත්ව නිවස කරා දුවවිත් තම බිරිද වන කදීජා (රලි)තුමියට සිදුවූ සියල්ල පවසන ලදී.

එය අසා කලබල නොවු එතුමිය එවකට පැවතී විවිධ ආගම් පිලිබදව ගවේෂණයන් හි නියලී සිටී ‘වරකා’ නම් ආගමික විශ්ලේෂකයකු වෙත මුහම්මද් (සල්)තුමාණන්ව කැදවාගෙන යන ලදී. එහි ගොස් සිදු වු සියල්ල සවිස්තරව ‘වරකාට’ පැවසූ විට එය සාවදානව අසා සිටී ඔහු (වරකා) බිය වියයුතු කිසිවක් නැති බවත්, මෙවැනි සිදධීන් මීට පෙරද සිදුවූ බවට ග්‍රන්ථවල සදහන් වී ඇති බවත්, ඔබ හමුවීමට පැමිණියේ ජිබ්රීල් නම් දේව දූතයෙකු බවත්, මුහම්මද් වන ඔබව දේව වක්තෘවරයෙකු ලෙස අල්ලාහ් (දෙවි) විසින් තෝරාගෙන ඇති බවත් දැනුම් දෙන ලදී.

මෙතැන් සිට තමන් වක්තෘවරයෙක් බව අවබෝධ කරගත් මුහම්මද් (සල්) තුමාණන් තමන් වෙත පහල වන දහම මක්කා සමාජය මධ්‍යයේ ප්‍රචාරය කිරීම ආරම්භ කරන ලදී. මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 40 ක්ව පැවතිය දී ප්‍රථම දේව පණිවුඩය ඉහතින් සදහන් ගුහාව තුල පහල වූ අතර එතැන් පටන් විවිධ අවස්ථාවල සමාජයේ ඇති වූ විවිධ ගැටළුවලට විසදුම් ලෙසත්, මිනිස් වර්ගයාට අවවාද අනුශාසනා ලෙසත්, යහපත් දිවියකට මඟපෙන්වන්නක් ලෙසත්, රාජ්‍ය පාලනයකට අවශ්‍ය සම්බන්ධ උපදේශයන් ලෙසත්, දේව නැමදුම් පිලිබදව ඉගෙන්වීම් ලෙසත්… මීට ඉහත මාතෘකාවන්ව හි සදහන්ස කලාසේ කඩින්ර කඩ වසර 23ක් මුළුල්ලේ විවිධ අවස්ථාවල මෙම දේව පණිවුඩ පහල විම සිදුවිය.

මෙසේ දිව්‍ය වදන් පහලවීම සිදුවූ මොහොතේ එහි සිදුවූයේ කුමක්ද? යන්න සහ මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ පලමු අල් කුර්ආන් වාක්‍ය කුමක්ද? යන්න දැන් අවදානය යොමු කරමු.

• ජිබ්රීල් (අලෛ) තුමා “හීරා“ ගුහාවට පැමිණීමෙන් අනතුරුව එහි සිදු වූයේ කුමක්ද? යන්න අල් හදීසයක් මෙසේ විස්තර කරයි.
දේවත (ජිබ්රීල් (අලෛ), (මුහම්මද් වන) ඔහු හමුවට ඇවිත් කියවන්න යැයි පැවසුවේය. එයට නබිතුමාණන් පිළිතුරු දුන්නේ “මම කියවන්න දන්නේ නැහැ“ යනුවෙනි. තවදුරටත් නබිතුමාණන් පැවසීමේ දී 'දේවදූතයා මාව (බලහත්කාරයෙන් මෙන්) වැළදගෙන මට තව දුරටත් දරාගත නොහැකි තරමට තද කළේය. පසුව ඔහු මාව නිදහස් කර නැවත කියවීමට ඉල්ලා සිටි අතර මම පිළිතුරු දුන්නේ “මම කියවන්න දන්නේ නැහැ” යනුවෙනි. එවිට ඔහු නැවතත් මා වැළදගෙන මට තවත් දරාගත නොහැකි වන තෙක් දෙවන වරටත් තද කළේය. පසුව ඔහු මාව නිදහස් කර නැවත කියවීමට මගෙන් ඉල්ලා සිටියේය, නමුත් නැවතත් මම පිළිතුරු දුන්නේ "මම කියවන්න දන්නේ නැහැ" මා කුමක් කියවිය යුතුද?. යනුවෙනි. එවිට ඔහු තුන්වෙනි වතාවටත් මාව වැළදගෙන මාව තද කර, පසුව මාව නිදහස් කර මෙසේ කීවේය: “කියවන්න, මැවූ ඔබේ ස්වාමියාගේ නාමයෙන් මිනිසා මැව්වේ... (මෙසේ පහල වූ සම්පූර්ණ අල් කුර්ආන් වාක්‍යය පහතින් දැක්වේ.)

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

• ප්‍රථම වරට මිහිමතට පහල වූ අල් කුර්ආන් වාක්‍ය කොටස මෙසේය
(නබියේ! සියල්ලම) උත්පාදනය කළ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමයෙන් (මගේ නියෝගයන් අඩංගු ශුද්ධ වූ කුර්ආනය) ඔබ සමුදීරණය කරනු මැනව!, ඔහු මිනිසාව යුක්තානුවෙන් නිර්මාණය කළේ ය, නබිවරයාණෙනී! කියවනු! ඔබගේ දෙවි අති උත්කෘෂ්ඨවන්තයා ය, ඔහුම පෑනක් මගින් (ලිවීමට) ඉගැන්වූවේය, තවද (එමගින්) මිනිසා නොදන්නා දැය සියල්ල ඔහුට උගන්වා දෙන්නේය.

අල්කුර්ආනය 96 - 1 සිට 5

මෙලෙස ආරම්භ වූ අල් කුර්ආන් වාක්‍ය පහල වීම කොටස් වශයෙන් මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 63 ක් දක්වා වසර 23 ක් මුළුල්ලේ පහල විය. අවසානයේ මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 63 දී පහත සදහන් 5-3 අල්කුර්ආන් වාක්‍යය පහලවීමත් සමග ඉස්ලාම් දහම පරිපූර්ණ වී අල් කුර්ආන් වාක්‍ය පහලවීම ද අවසන් විය. එසේ පහල වූ අවසාන දිව්‍ය වදන මෙසේය…

අද දින නුඹලාගේ දහම නුඹලා වෙනුවෙන් සම්පූර්ණ කරන ලදී.

අල්කුර්ආනය 5-3

ඉහත සදහන් ආකාරයට වසර 23ක් මුළුල්ලේ පහල වූ වාක්‍යයන් 6500 කටත් අධික සංඛ්‍යාවකින් යුතු අල් කුර්ආනය අදටත් මුල් ආකාරයෙන්ම ආරක්ෂා වී මුස්ලීම් සමාජය තුල භාවිතයේ ඇත. මා මෙසේ පවසන විට එය කොතරම් දුරට සත්‍යයද? එහි වලංගුභාවය කොපමණද? යන පැනයන් සමහර පිරිසට මතුවීමට පුළුවන. කිසියම් දහමක පවසන නීතිරීතීන්, වත්පිලිවෙත්, අවවාද, අනුශාසනා… යනාදීය එහි ආරම්භයේ සිට ම ආරක්‍ෂා වී පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්නේ මේ සමාජයේ කිසිදු කෙනෙකුට දෙවැනි මතයක් පැවතිය නොහැක. එසේම එම දහමේ හෝ දර්ශනයේ ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්‍ෂා වී ඇති ආකාරය ද එනම්, මුඛපරම්පරාගතවද?, සම්ප්‍රදායිකවද?, ලිඛිතවද? යන්නත් එම දහමට සෘජුවම බලපාන සාධකයන් වන බැවින් ඒ පිලිබදව ද මේ සමාජය බොහෝ සේ සැලකිලිමත් විය යුතුය. නමුත් සෑම දහමක් දර්ශනයක් තුල ම එලෙස සියල්ල ආරක්ෂා නොවනවා යන්න අද ලොව පවතින බොහෝ ආගම් හා දර්ශනයන් කියාපාන සත්‍යයකි. මෙවැනි පසුබිමක අල් කුර්ආනයේ තත්වය කුමක්ද?. යන්න විමසා බලන විට ඉහත දුර්වලතාවයන් සියල්ලෙන්ම අල් කුර්ආනය සුවිශුද්ධව පවතින බව පැහැදිලි වේ. මෙය තවදුරටත් මෙම සාකච්චා පෙලේ මීලඟ පියවර ලෙස “වහී හෙවත් දේව පණිවුඩ පහලවීම හා ලේඛනගත වීම“ යන කාරණය මෙතැන් සිට ඉදිරියට විමසා බැලීමට අදහස් කරමි.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 04 – වහී හෙවත් දේව පණිවුඩ පහලවීම හා එය ලේඛන ගත කිරීම

කිසියම් දහමක දර්ශනයක ඉගෙන්වීමේ වලංගුභාවය රදා පවතින්නේ එහි පැවසෙන කරුණු මත පදනම්ව පමණක් නොව එම ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වූ ආකාරය මත ද පදනම්ව යන්නෙහි විවාදයක් නැත. එවැනි මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ ප්‍රකාශ අල්කුර්ආන් ඉගෙන්වීමන් වසර 23 ක් මුළුල්ලේ කුඩා කොටස් වශයෙන් පහල වී ඒ සියල්ල ඒ ආකාරයට 100%ක් අදටත් ආරක්ෂා වී පවතිනවා යන්න පැවසීම බොහෝ දෙනෙකු තුල අවිශ්වාසයන් සැකයන් ඇති කරන්නක් විය හැක. නමුත් මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී එවන් පිරිස තුල මතු වූ එම අවිශ්වාසයට, සැකයට පැහැදිලි පිලිතුරක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි. ඒ සදහා අවශ්‍ය වන්නේ විවෘත හා බුද්ධිමත් මනසින් මෙතැන් සිට මෙම ලිපිය විමසා බැලීම පමණි.

කිසියම් දහමක් හෝ දර්ශනයක් පිලිබදව විශේෂයෙන් එහි ඉගෙන්වීමන් පිලිබදව කථා කිරීමේ දී උපකල්පනයන් හා මනක්කල්පිතයන් මත හිඳ කථා නොකොට පිලිගත හැකි සාක්ෂි හා තර්ක මත හිඳ කථා කිරීම අනිවාර්‍ය මෙන්ම සාධාර්ණ ක්‍රමවේදයක් වේ. එසේ සාධාර්ණව කථා කිරීමට නම්, එම දහම හෝ දර්ශනයේ ඉගෙන්වීමන් පිලිගත හැකි ලෙස ආරක්ෂා වී පැවතීමත් අත්‍යඅවශ්‍ය වේ. මුල සිට ආරක්ෂා වූ මූලාශ්‍රයක් නොමැතිව කිසියම් දහමක හෝ දර්ශනයක ඉගෙන්වීමන් කථා කිරීම කිසිදු පදනමක් නොමැති මනක්කල්පිත හා හිස් වචන මාලාවන් පමණක් වනු ඇත. ඒ අනුව ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දරා සිටින ආගමික මූලාශ්‍රය වන අල් කුර්ආනය,

• ආරම්භයේ පටන් මේ දක්වා සිදුව ඇති විකාශනයන් කවරේද?
• එම විකාශනයේ ආරම්භය මොනවාගේද?
• එය ආරක්ෂිතද?

යන්න පිලිබදව මෙතැන් සිට අවදානය යොමු කරමු.

මීට ඉහත සදහන් කලාසේ අල්කුර්ආන් වාක්‍යයන් පහල වීම මක්කා නම් නගරය ආසන්නයේ පිහිටී ‘හීරා’ නම් ගල් ගුහාවක් තුල ඇරඹුණි. මෙසේ දේව පණිවුඩ මනුෂ්‍යයකුට ප්‍රකාශ වීම අරාබි භාෂාවෙන් ‘වහී’ යනුවෙන් හදුන්වයි. ඒ අනුව දෙවියන්ගේ පණිවුඩය මනුෂ්‍යයෙකුට පහල වී ඔහු තුලින් සමස්ථ සමාජයටම එය ප්‍රකාශ වීම වක්තෘ මෙහෙවර යනුවෙන් ඉස්ලාම් හදුන්වයි. එම මෙහෙවරයි වසර 23 ක් මුළුල්ලේ මුහම්මද් (සල්)තුමාණන් මේ සමාජයට ඉටු කලේය. මෙතැනදී විශේෂ කාරණයක් මතු කොට දැක්විය යුතුව ඇත. එනම්, දේව පණිවුඩ පහල වීම යන්න මුහම්මද් (සල්) තුමාණන්ට පමණක් සිදු වු ලොව පලමු හෝ එකම සිද්ධිය නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුවත්, බයිබලයේ සදහන් සමහරක් කරැණුවලට ද අනුවත් ආරම්භ මිනිසා (වන ආදම්‍ (අලෛ)) තුමාගේ ගේ පටන් මෙම “වහී“ හෙවත් දෙවියන්ගේ පණිවුඩ මිනිස් සමාජයට ප්‍රකාශ වීම සිදුව ඇත. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාණන්ගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා විවිධ කාලවල, විවිධ ජන ගෝත්‍රවලට මේ ආකාරයට වක්තෘවරුන් හෙවත් නබිවරුන් ලක්ෂයකටත් අධික සංඛ්‍යවක් මේ පොළොව මත දෙවියන් විසින් තොරා පත්කොට මෙම මෙහෙවර එනම් දේව පණිවුඩ මිනිස් සමාජයට ප්‍රකාශ කිරීම සිදු කොට ඇත. එසේ දෙවියන් විසින් තෝරා පත්කරන ලද වක්තෘවරුන් කිහිප දෙනෙකුගේ නම අල්කුර්ආනයේම සදහන් වන අතර එම නම් මෙසේය..,

• ඉබ්බ්‍රහීම් (ඒබ්බ්‍රහාම් (අලෛ))
• ඉස්මායිල් (අලෛ)
• ඉසහාක් (අලෛ)
• යාකුබ් (අලෛ)
• ලූත් (ලොත් (අලෛ))
• දාවුද් (ඩෙවිඩ් (අලෛ))
• නුහ් (නෝවා (අලෛ))
• මූසා (මොසස් (අලෛ))
• ඊසා (යේසුස් (අලෛ))
• මුහම්මද් (සල්)

ඉහතින් දක්වා ඇත්තේ අල්කුර්ආනයේ (සහ බයිබලයේ) නම සදහන් වක්තෘවරුන් කිහිප දෙනෙකුගේ නම් පමණී. මීට අමතරව තවත් බොහෝ නබිවරුන් ගැන අල් කුර්ආනයේ සදහන් වන නමුත් ඔවුන්ගේ නම් සදහන් නොවේ. මෙලෙස පැමිණි සියළුම වක්තෘවරුන් හට පැවරී තිබු ප්‍රධාන රාජකාරීය වූයේ දෙවියන්ගේ පණිවුඩය “වහී“ මිනිස් සමාජයට ප්‍රකාශ කොට එකම දෙවියා වන ‘අල්ලාහ්’ වෙත සමස්ථ මිනිස් සමාජය කැදවීමයි. මෙය පහත අල්කුර්ආන් වාක්‍යය මෙසේ පවසයි.

“මා හැර වෙන දෙවියෙක් නැත. යන්න පවසා මිස දේව දුතයන් (වක්තෘවරුන්) නොයැව්වෙමු.”

අල්කුර්ආනය 21-25

මේ අනුව සෑම වක්තෘවරයෙකුම යවන ලද්දේ එකම දෙවියා වන ‘අල්ලාහ්’ වෙත මිනිස් සමාජය කැදවීම පිණිස යන්න ඉහත වාක්‍යයෙන් පැහැදිලි වේ. එසේම සෑම සමාජයකට ම වක්තෘවරයෙකු පහල කලා යන්නත්, එහි අවසාන වක්තෘවරයා මුහම්මද් (සල්) තුමාණන් යන්නත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. ඒ අනුව අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල කල ‘වහී’ වල එකතුවයි වර්ථමාන මුස්ලීම්වරුන් අල්කුර්ආනය ලෙස හදුන්වන්නේ. වසර 23ක් මුළුල්ලේ පහල වූ වාක්‍යයන් හි එකතුව වන මෙම අල් කුර්ආනය තුල ආගමික මූලාශ්‍රයක තිබිය යුතු අනිවාර්‍ය අංග තිබේද? යන්නත්, එය කොතරම් දුරට ආරක්ෂිතද? යන්නත් පහත අනුමාතෘකා ඔස්සේ දැන් විමසා බලමු.

• ලිඛිත ග්‍රන්ථයක් පැවතීම,
• ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම,
• මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම,
• ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම,
• දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම,
• ලිඛිත ග්‍රන්ථයක් පැවතීම,

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 05 – මූලාශ්‍ර ලිඛිත ග්‍රන්ථයක් ලෙස පැවතීම

මෙහිදී ආගමික මූලාශ්‍රයක තිබිය යුතු පලමු අවශ්‍යතාවය වන “ලිඛිත ග්‍රන්ථයක් පැවතීම“ යන කාරණය වෙත අවදානය යොමු කලේනම්, ලොව සෑම දහමකට ම වාගේ අද වනවිට මූලාශ්‍ර ග්‍රන්ථයක් තිබීම දක්නට ඇත. ශ්‍රී ලාංකීය සමාජය සැලකුවත් එහි ප්‍රධාන ආගම් වන බුදුදහමට ත්‍රපිටකය ද, කිතුණු දහමට බයිබලය ද, හින්දු දහමට බගවත්ගීතය ද ආගමික මූලාශ්‍ර ලෙස තිබීම දක්නට ලැබේ. සුළු සුළු මිත්‍ය ඇදහිලි පවත්වාගෙන යන පිරිස් හැර අන් සෑම දහමකම ලිඛිත ග්‍රන්ථයක් තිබෙනවා යන්නෙහි විවාදයක් නැත. නමුත් එසේ තිබෙන ග්‍රන්ථයන් ඉහත අනිකුත් අවශ්‍යතාවයන් වන ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම, මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම, ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම, දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම යන අවශ්‍යතාවයන් සපුරනවාද? යන්නයි මෙහි ඇති ගැටළුව. මේ පිලිබදව ද මෙම ලිපි තුලින් තවදුරටත් ඉදිරියට කථා කිරීමට අදහස් කරමි.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 06 – ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම

මීට ඉහතින් ආගමික මූලාශ්‍රයක් ලිඛිතව තිබීමේ අවශ්‍යතාවය හා වැදගත්කම පිලිබදව කථා කල අතර ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම සහ එම මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම වැදගත් යන්නත් එහි සටහන් කලෙමි. ඒ අනුව ආගමික ලිඛිත ග්‍රන්ථයක් එහි මුල් භාෂාවෙන් පැවතීමේ අවශ්‍යතාවය සහ එම භාෂාව අදටත් සමාජ භාවිතයේ සරලව පැවතීමේ අවශ්‍යතාවය යන්න දැන් විමසා බලමු.

ආගමක්, දර්ශනයක් සම්බන්ධයෙන් පමණක් නොව වෙන ඕනෑම ලිඛිත ලේඛනයක් එහි මුල් භාෂාවෙන් පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වේ. එයට හේතුව පරිවර්ථනයක දී මූල ලේඛනයේ අදහස පිලිඹිබු නොවී වෙනත් අදහසක් මතුවීමේ හැකියාව ඇති බැවිණි. පරිවර්ථනයක දී එහි පරිවර්ථන දෝෂ ඇතිවීමට තිබෙන සම්භාවිතාවය ඉහලය. කිසියම් ලේඛනයක් වෙනත් භාෂාවකට පරිවර්ථනයක් සිදු කිරීමේ දී එය සිදු කරන තැනැත්තාගේ…

• මානසික තත්වය,
• ඔහු ජීවත්වන පරිසරය,
• ඔහුගේ භාෂා නිපුනතාවය,
• ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව,
• එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම,

යන සාධකයන් මත මුල් ලේඛනය හා පරිවර්ථන ලේඛන අතර පරස්පරතාවයන් හා විකෘති වීමන් ඇතිවිය හැක. මෙය තවත් සරලව පැහැදිලි කරන්නේ නම්,

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් ලියවුනු ග්‍රන්ථයක් ගෙන එය බෞද්ධයකු, කිතුණුවෙකු සහ ඉස්ලාම් භක්තිකයෙකු යන තිදෙනෙකුට ලබාදී එය සිංහල භාෂාවට පරිවර්ථනය කරන ලෙස පැවසුවා යයි සිතමු. නියත වශයෙන්ම පරිවර්ථන තුනම එක සමාන නොවනවා යන්න ඔබට පෙනී යනු ඇත. එසේ පරිවර්ථන සමාන නොවීමට බලපෑ හේතු අතර ප්‍රධාන හේතූන් වන්නේ මා ඉහතින් සදහන් කල කරුණු 05යි. මෙම තත්වය තවදුරටත් හොදින් තේරුම් ගැනීම පිණිස ඉහතින් සදහන් සිංහල පරිවර්ථන තුන නැවත එහි මුල්භාෂාව වන ඉංග්‍රීසි භාෂාවට වෙනත් තිදෙනෙකු මඟින් පරිවර්ථනය කිරීමට සැලැස්වුයේ නම් නියත වශයෙන්ම එය මුල්කෘතිය හා 100% ක් නොගැ‍ලපෙන බවත් ඔබට පෙනීයනු ඇත. මේ තුලින් පැහැදිලි වන්නේ ලිඛිත ලේඛනයක් පරිවර්ථනයක් තුලින් නිවරැදි අදහස ලබාගත හැක යන්න ප්‍රායෝගිකව සිදු නොවනවා යන්න සහා යමක් එහි නියම ස්වරූපයෙන් තේරුම් ගැනීමට නම් එය මුල් භාෂාවෙන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය යන්නයි.

එසේනම්, ඉහත කාරණය හොදින් මතකයේ රඳවාගෙන සියවස් ගණනාවක් මුඛ පම්පරාගතව පැවත ඇවිත් පසුකාලීනව ලේඛනගත වූ ආගමික මූලාශ්‍රයන් හි තත්වය මොහොතක් විමසා බලන්න. වසර ගනනාවක් මුඛ පරම්පරාගතව පැවතවිත් පසුකාලීනව එය ලේඛනගත වන විට ඉහතින් පැවසුවාට වඩා බොහෝ විකෘතිතාවයන් එහි ඇතිවීම නොවැලැක්විය හැකි තත්වයකි. වි‍ශේෂයෙන් ඉහත දුර්වලතාවයන් 05 සෘජුවම එයට බලපාන බව ඔබට පැහැදිලි වියයුතුය. මීට අමතරව එහි ලේඛනය කටයුතු කරන ලේඛකයා එම උපදේශයන්ගෙන් වැඩි කැමැත්තක්, උනන්දුවක් දක්වන කාරණයට වැඩි අවධානයක් ඇතුව හා අනිකුත් කාරණයන් වෙත අවම අවධානයක් ඇතුව ක්‍රියා කිරීමක් සිදුවිය හැක. මේ නිසාද එහි නියම ඉගෙන්වීම ඔහු තුලින් මතුවී නොඑන්නට පුළුවන. මෙයට සරල උදාහර්ණයක් ගෙනහැර දක්වනවා නම්,

පසුගිය දිනක මහාවංශය ගැන මහාවංසයට හිමි විය යුතු තැන සහ එයට දී තිබෙන තැන යන මැයෙන් ලියවුණු දීර්ඝ ලිපියක් අන්තර්ජාලයේ මාගේ නෙත ගැටුනි. එහි එක්තරා ස්ථානයක මෙසේ සදහන් වේ.

‘…මේ සියල්ල තිබුණා නම් අපට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගන්න තිබුණා. ඒත් ඒ තොරතුරු මතත් අපිට වඩා දියුණු ඉතිහාසයක් ලියන්න අමාරුවෙයි. හේතුව මේව ලිව්වේ භික්ෂූන්. ඔවුන්ගේ උවමනාවන් වෙනස්. සාමාන්‍ය ජන ජීවිත ගැන ලියන එක ඔවුන්ට උවමනා කළේ නෑ. ඒකට ඒ අයට දොස් කියලත් වැඩක් නෑ. ඒ අය ක්‍රියා කළේ එදාට වැදගත් ය කියල පෙණුනු දේවල් වෙනුවෙන් මිස අද අපට වැදගත්ය කියල පෙනෙන දෙවල් වෙනුවෙන් නෙවෙයි…’ (3)

මෙයින් ද පැහැදිලි වන්නේ යම් තොරතුරක්, පණිවුඩයක් ලියන පුද්ගලයා ද එහි නිරවද්‍යතාවයට බලපාන බවයි. මේ නිසා යම් කෘතියක එසේත් නැත්නම් ලිපියක පවසන කරුණු නිවරුදිවම අවබෝධ කරගැනීම සදහා එය මුල් භාෂාවෙන් ම පැවතීම ඉතාමත්ම වැදගත් අවශ්‍යතාවයක් යන්න ඔබට පැහැදිලි වියයුතුය. මන්ද පරිවර්ථනයකින් යම්තාක් දුරට අවබෝධයක් ගතහැකි වුවත් ඉන් 100% ක නිවරුදි අවබෝධයක් ලබාගත නොහැකි වන බැවිණි.

මා මෙහි ඉහතින් පවසන අවාසනාවන්ත තත්වය සහ ඛේදවාචකය ඉස්ලාම් දහම පවසන අල්කුර්ආනය හැර ලොව සෑම දහමක් දර්ශනයක් තුලම අඩු වැඩි වශයෙන් දක්නට තිබෙනවා යන්නයි. එය කොතරම් අවාසනාවන්ත තත්වයක තිබෙනවා ද යන්න පවසනවා නම්, සමහරක් ආගමික මූලාශ්‍රයන් ප්‍රථම වරට ලියවෙන්නේ එය ප්‍රකාශ වූ මුල් භාෂාවෙන් නොව වෙනත් භාෂාවකින් වීමයි. එයින් සමහරක් පසු කාලීනව එහි මුල් භාෂාවට පරිවර්ථනය කිරීම සිදු කොට ඇත. මෙයට නිදසුනක් පවසනවා නම්, කිතුණූ ‘බයිබලය’ සදහන් කල හැක. යේසූස් වහන්සේ මිනිස් සමාජයට අනුශාසනා කරන්නේ ‘සුර්යානි’ නම් භාෂාවකිනි. නමුත් ප්‍රථම බයිබලය ලියවෙන්නේ ග්‍රීක භාෂාවෙනි. නමුත් පසු කාලීනව එනම්, ක්‍රි.ව. 200 දී එය “සුර්යානි“ භාෂාවට පරිවර්ථනය සිදු වේ. බයිබලයේ ඉරණම මෙලෙස හෝ නිවැරදි කරගත්ත ද ලොව පවතින සමහර ආගමි හි එහි මූලාශ්‍රයන් හි මුල් භාෂාව කුමක්ද? යන්න පිලිබදව පවා අදටත් වාද විවාද කරන අවාසනාවන්ත තත්වය වැටුනු ආගම් අදත් ලොව තුල දක්නට ලැබේ. එසේනම් තම මූලාශ්‍ර ග්‍රන්ථයන් සම්බන්ධයෙන් මෙවැනි දුර්වලතාවයන් පැවතීම තුල එම ආගම් හෝ දර්ශනයන් හි ඉගෙන්වීම් තුල කොතරම් නම් විකෘතීන් සිදුව ඇත්ද? යන්න බුද්ධිමත් සමජය විමසා බැලිය යුතු නොවේද?.

මේ අනුව ආගමක දර්ශනයක ඉගෙන්වීමන් එහි මුල් භාෂාවෙන් පැවතීමේ අවශ්‍යතාවයත්, එහි පරිවර්ථනය තුලින් නිවැරදි ඉගෙන්වීම අවබෝධ කරගැනීම 100%ක් සාර්ථක නොවන බවත් ඔබට දැන් පැහැදිලි වියයුතුය. එසේම මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම්, කිසියම් කෘතියක් එසේත් නැත්නම් ලිඛිත ලේඛනයක් අධ්‍යනය කිරීමේ දී එය ලිඛිත මුල් භාෂාව අදටත් සමාජ භාවිතයේ ආරක්ෂා වී පැවතීමත් ඉහත අවශ්‍යතාවය සේම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. ඒ අනුව මෙම සාකච්චාවේ තවත් පියවරක් ලෙස ‘ඕනෑම දහමක ඉගෙන්වීමක් එහි මුල්භාෂාවෙන් පැවතීමේ වැදගත්කම’ යන්න විමසා බලමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 07 – ආගමික මූලාශ්‍රවල මුල් භාෂාව ආරක්ෂා වී පැවතීමේ අවශ්‍යතාවය

ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව කථා කරන මෙම සාකච්චා පෙලෙහි මීලඟට ආගමික මූලාශ්‍ර මුල් භාෂාවෙන් ආරක්ෂා වී පැවතීම සේම තවත් වැදගත් අවශ්‍යතාවයක් වන්නේ එහි මූල් භාෂාව අදටත් ආරක්ෂා වී පැවතීමයි. කිසියම් ඉගෙන්වීමක් එහි මුල් භාෂාවෙන් පැවතුනත්, එම භාෂාව ආරක්ෂා වී නැත්නම් එහි ඉගෙන්වීමන් වටහා ගැනීම අපහසු වේ. භාෂාව ආරක්ෂා වී පැවතුනත් එය සමාජයේ භාවිතයේ නැත්නම් එයින් ද පැහැදිලි අවබෝධයක් ලබාගැනීම ද දුෂ්කර කාර්යයක් වේ. යම්කිසි ඉගෙන්වීමක් හොදින් අවබෝධ කරගැනීමට නම් එහි භාෂාව සමාජ ව්‍යවහාරයේ සාමාන්‍ය පරිධි පැවතීම අත්‍යඅවශ්‍යය කාරණයක් වේ. නමුත් අවාසනාවකට ඉස්ලාම් දහම ප්‍රකාශ වූ අරාබි භාෂාව හැර වෙන කිසිදු ආගමික මුල් භාෂාවක් අදට ආරක්ෂා වී නැත. මෙහි අවසානාවන්තම තත්වය වන්නේ සමහරක් ආගමික මුල් භාෂාව කුමක්ද? යන්න පවා සොයැගත නොහැකි තරමට ඒ පිලිබදව සාක්ෂි සාධක නොතිබීමය. නමුත් ඉස්ලාම් දහම හෙවත් දෙවියන්ගේ පණිවුඩය දේවදූතයාණන් වන ‘ජිබ්රීල්’ (අලෛ) විසින් මුහම්මද් (සල්) තුමාණන් හට ප්‍රකාශ කල අරාබි භාෂාව අදටත් එය එලෙස ම ආරක්ෂා වී පවතින අතර අදටත් මැදපෙරදිග බොහෝ රටවල ප්‍රධාන භාෂාව මෙම අරාබි භාෂාවයි.

ඒ අනුව අල්කුර්ආනය ‘මුල් භාෂාවෙන් නොපැවතීම හා මුල් භාෂාව අදට නොපැවතීම’ යන දුර්වලතාවයෙනුත් මිදී එම චෝදනාවලින් සුවිශුද්ධ වී පවතී. මීලඟට ග්‍රන්ථයක් ලේඛනයක් සම්බන්ධයෙන් පැවතිය යුතු ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ එය විටින් විට සංශෝධනය නොවී ආරක්ෂා වී පැවතීමයි. විශේෂයෙන් ආගමික මූලාශ්‍රයක මෙය කිසිසේත් සිදුවිය නොහැක්කකි. ඒ අනුව මෙම සාකච්චා පෙලෙහි මීලඟට විමසා බැලිය යුතු කාරණය වන්නේ ‘අල්කුර්ආනය ආරම්භයේ පටන් සංශෝධනයන් නොවී ආරක්ෂා වී තිබෙනවාද?’ යන්නයි. ඒ අනුව මීලඟට එම මාතෘකාව වෙත දැන් යොමු වෙමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 08 – ආගමික මූලාශ්‍ර ආරම්භයේ පටන් සංශෝධනය නොවී පැවතීමේ අවශ්‍යතාවය

ආගමික මූලාශ්‍රයක් එහි මුල් භාෂාවෙන් පැවතීමත්, එම මුල් භාෂාව සමාජ භාවිතයේ පැවතීමත් කොතරම් වැදගත් අවශ්‍යතාවයක් ද යන්න ඉහතින් විමසා බැලුවෙමු. ඒ ආකාරයටම ආගමික හෝ දාර්ශනික මූලාශ්‍රයක් කලින් කලට සංහෝධනය නොවී ආරම්භයේ පටන් මේ දක්වා ආරක්ෂා වී පැවතීමත් එම දහම හෝ දර්ශනයෙහි වලංගුභාවයට සෘජුවම බලපාන ප්‍රධාන සාධකයක්. නමුත් ලොව පවතින සියළුම ආගම් හි මූලාශ්‍ර ග්‍රන්ථ ඉතිහාසය අධ්‍යනය කලේ නම්, එම ග්‍රන්ථවලට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම් එනම්, එහි මුල් භාෂාවෙන් ආරම්භයේ පටන් ආරක්ෂා නොවීම, මුල් භාෂෘව සමාජ භාවිතයේ නොතිබීම සහ සංශෝධනය නොවී ආරක්ෂා වීම... යනාදී කිසිවක් ආරක්ෂා කරගැනීමට නොහැකිව සියල්ල ප්‍රශ්නාර්ථයක් වී ඇත. නමුත් මේ සියලු දුර්වලතාවයෙන් මිඳුනු හා ආරක්ෂා වූ දහමක් ද ඇත. ඒ ඉස්ලාම් දහමයි. (එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.) අල්කුර්ආනය පහල වූ මොහොතේම ලේඛන ගත වී, එහි සංශෝධනයන් හා අතපසුවීමන් ඇතිවීම යන දුර්වලතාවයෙන් “අල් කුර්ආනය“ ආරක්ෂා වී ඇත. ඒ පිලිබදව තරමක් ගැඹුරින් විමසා බලන්නේ නම්,

දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම

අල් කුර්ආන් වාක්‍යයන් පහල වු විට එනම්, මීට සියවස් 14 කට පෙර පැවතී “අරාබිදීප මක්කා“ සමාජය මධ්‍යයේ දිව්‍ය වදනක් අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් නොහොත් නබිවරයා වූ මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ විට එය ලේඛන ගත කිරීම සදහා විධිමත් සැලැස්මක් මුහම්මද් (සල්) තුමාණන් විසින් ක්‍රියාත්මක කරන ලදී. එවකට සමාජය ලේඛන කලාවෙන් නොදියුණු මට්ටමක පැවතුනත්, සාක්‍ෂර හැකියාවෙන් ඉතා දියුණු මට්ටම පැවතුණු බවට ඉතිහාස සාක්ෂි ඕනෑ තරම් දක්නට ඇත. මෙම තත්වය අරාබි දේශයේ පමණක් නොව එම කාල වකවාණුවේ මුළු ලොවපුරාම දකින්නට තිබූ පොදු තත්වයකි. (මෙය ශ්‍රී ලාංකීය සෙල් ලිපි ද වඩාත් හොදින් තහවුරු කරයි.) ඒ අනුව අල්කුර්ආනය එදා අද පවතින ආකාරයේ අලංකාර වු ග්‍රන්ථයක් නොවූවත් එහි සදහන් ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ලිඛිතව පැවතුණි. (මෙය තහවුරු කරන බොහෝ සාක්ෂි ඉතිහාසයෙන් හමුවේ.) එය තවදුරටත් හොදින් අවබෝධ කරගැනීම සදහා අල්කුර්ආනය ලේඛනගත වූ ආකාරය සහ එහි ඉතිහාසය තරමක් ගැඹුරින් විමසා බැලීම අත්‍යඅවශ්‍ වේ.

ඉහතින් සදහන් කලසේ මුහම්මද් (සල්) තුමාණන් හට සාක්‍ෂරතා හැකියාව නොතිබු නිසා තමාන්ට පහල වන දෙවි පණිවුඩ එසේ පහල වන මෙහොතේම ලිඛිතව සටහන් කර ගැනීම සදහා එවකට එම සමාජයේ සාක්‍ෂර හැකියාවන් පැවතී ලේඛකයන් 04 දෙනෙකු පත් කර තබන ලදී. ඔවුන් වන්නේ,

• සෙයිද් බින් සාබිත් (රලි)
• උබෙයි ඉබුනු කව්බ් (රලි)
• මුආද් ඉබුනු ජබල් (රලි)
• අබුසෙයිද් (රලි)

මේ සතර දෙනා හට මෙම වගකීම පැවරූ මුහම්මද් (සල්) තුමාණන් විසින් ඔවුනට විශේෂි නියෝගයක් ද ඒ සමඟ පනවන ලදි. එනම් මෙම 04 දෙනා ‘වහී’ හෙවත් දේව පණිවුඩ හැර වෙන කිසිවක් කිසිදු මොහොතක නොලිවිය යුතු යන්නයි. මෙවැනි නියෝගයක්මෙ ඔවුනට පැනවිමට හේතු විය යුත්තේ අල කුර්ආන් වාක්‍යයන් හා වෙනත් කිසිවක් මිශ්‍රවීම වලක්වා ගැනීම පිණිස වියයුතුය. ඒ අනුව දෙවියන් හමුවේ සිට නබිතුමාණන් වෙත පහල වන අල් කුර්ආන් වාක්‍යයන් ඉහතින් සදහන් හතරදෙනා ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම් වැනි විවිධ ද්‍රව්‍යයන්වල ලේඛන ගත කිරීම සිදු කරන ලදී. මීට අමතරව මෙම අල්කුර්ආනය ආරක්ෂා කරගැනීම පිණිස මුහම්මද් (සල්) තුමාණන් හට දෙවියන් විසින් සුවිශේෂි බලයක් ද ලබාදී තිබුණි. එනම්, අල්කුර්ආන් වාක්‍යයක් පහල වු සැනින් එය මුහම්මද් (සල්) තුමාණන්හට අමතක නොවන ලෙස එය සිතෙහි තැන්පත් වීමයි. මෙය අල් කුර්ආනය පහත ආකාරයට අවදාරණය කරයි.

“අප නුඹට කුර්ආනය පාරායනය කර පෙන්වන්නෙමු. නුඹ එය අමතක නොකරන්නේය”

අල්කුර්ආනය 87-6

ඉහත ආකාරයට දෙවියන් හමුවේ සිට පහල වන අල් කුර්ආන් වාක්‍යයන් එක් පසෙකින් එම වාක්‍ය පහල වන මොහොතේම ලේඛකයන් මඟින් ලේඛනගත වෙමින් සහ තවත් පසෙකින් මුහම්මද් (සල්) තුමාණන්ගේ මනසේ එය තැන්පත් වෙමින් අල් කුර්ආන් වාක්‍ය ආරක්ෂා වීම සිදුවිය. මීට අමතරව එවකට ජීවත් වූ මුස්ලීම්වරුන් ද (ඔවුන් ‘සහාභාවරුන්’ (අනුගාමිකයින්) යයි හැදින්වේ) මෙම දේව වාක්‍යයන් වනපොත් කිරීමට ද පුරුදු පුහුණු වී සිටියේය. මෙය එවකට සමාජයේ පමණක් නොවේ එදා පටන් අද දක්වාම සෑම මුස්ලිම්වරයෙකුම අල්කුර්ආනයේ කොටසක් හෝ වනපොත් කර තිබීම තුලින් තහවුරු වේ. මීට අමතරව මෙම මුළු අල්කුර්ආනයම වනපොත් කල පිරිස් එවකට සමාජයේ පටන් අද දක්වාම ලොව සෑම සමාජයේ ම බොහෝමයක් පිරිස් සිටිති. උපකල්පනයකට මේ මොහොතේ ලෝකයේ තිබෙන සියළුම අල්කුර්ආන් ග්‍රන්ථ, softwares, Text, mp3… යනාදී සියල්ල විනාශ කලත් ඊලඟ විනාඩියේ ශ්‍රී ලංකාවේ ඕනෑම ගමකින් මෙම අල්කුර්ආනය නිවරුදිව ග්‍රන්ථාරූඨ කලහැකි මට්ටමේ මෙම අල්කුර්ආනය වනපොත් කල පිරිස් සොයාගත හැක. මෙලෙස අල් කුර්ආනය වනපොත් කොට සිටින පිරිස “හාෆිස්වරුන්“ ලෙස හැදින්වේ. සෑම මුස්ලීම් සමාජයකම (ගමකම, නගරයකම, රටකම) මෙම අල්කුර්ආනය වනපොත් කල කුඩා දරුවන් විශාල වශයෙන් සිටී. මෙය ද ලොව අන් කිසිදු දහමක හෝ දර්ශනයක දකින්නට නොලැබෙන සුවිශේෂි අංගයකි. මේ ආකාරයට අල්කුර්ආනය වනපොත් කිරීම ඉමහත් ගෞරවයක් ලෙසත්, උතුම් කුසල ක්‍රියාවක් ලෙසත් මුස්ලීම්වරුන් සලකති. මෙය දෙවියන් විසින් මිනිසුන්ගේ සිත්වල ඇති කරන ලද යහපත් හැඟිමකි. මෙය අල්කුර්ආනය මෙසේ පවසයි.

“එය (අල්කුර්ආනය) නුවණ ඇත්තාවුන්ගේ සිත්හි පැහැදිලි ආයාවන්ය.”

අල්කුර්ආනය 29-49

ඉහත විග්‍රහයට අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රය වන අල්කුර්ආනය මා ඉහතින් පැහැදිලි කලසේ අතීතයේ පටන් ලිඛිතව සහ වනපොත් ලෙස රැකුණු බව පැහැදිලි වේ. මේ ආකාර දෙකටම ආරම්භයේ පටන් මෙම අල්කුර්ආනය ආරක්ෂා වී පැවතුන ද එය ග්‍රන්ථරූඩ නොවීය. එම සමාජයේ සියළු දෙනා මෙය වනපොත් කොට සිටී බැවින් එවැනි ග්‍රන්ථයක අවශ්‍යතාවයක්ද එම සමාජයට ඇති නොවිය. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයත්, එතුමාගේ අභාවයෙන් පසුව විවිධ අවස්ථාවල මෙම දේව වාක්‍යයන් වනපොත් කොට සිටී මුස්ලීම්වරුන් ඉස්ලාම් විරෝධීන් අතින් ඝාතනය වීමත්, විශේෂයෙන් ‘යමාමා’ නැමැති සටනේ දී අල්කුර්ආනය වනපොත් කර සිටී මුස්ලීම්වරුන් (සහාභාවරුන්) විශාල පිරිසක් එකවර ඝාතනය වීමත් සමග අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ කලයුතු බවට එවකට එහි පාලකයා වශයෙන් සිටි අබුබක්කර් (රලි) තුමාණන් වෙත යෝජනාවන් ඉදිරිපත් විය. මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු ප්‍රථම රාජ්‍ය පාලකයා හෙවත් ජනාධිපතිවරයා වන මෙතුමාණන් ආරම්භයේ මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී සමයේ නොකල දෙයක් තමන්ට කල නොහැක යැයි පවසමින් එම යෝජනාව ප්‍රතිකෂේප කල අතර පසුකාලීනව එහි අවශ්‍යතාවය සහ අවදානම තේරුම්ගත් එතුමා අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ කිරීමට එකඟ විය.

ඒ අනුව මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ කිරීමේ කාර්‍ය පවරන්නේ කාටද? යන සංවාදය මතු වූ විට එය මුහම්මද් (සල්) තුමාණන් විසින් අල්කුර්ආන් වාක්‍යයන් ලිවීමට පත්කල 04 දෙනාගෙන් කෙනෙකු වන සෙයිද් බින් සාබිත් (රලි) තුමාගේ ප්‍රධානත්වයෙන් පත්වන කමිටුවකට බාරදිය යුතු යන යෝජනාව ඉදිරිපත් වී ඒ අනුව සෙයිද් බින් සාබිත් (රලි) තුමාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමකට එම වගකීම බාරදෙන ලදී. ඒ අනුව මෙම කමිටුව එවකට අල් කුර්ආන් වාක්‍යයන් වනපොත් කොට සිටි මුස්ලීම්වරුන්ගේ (සහාභාවරුන්ගේ) සහය හා එවකට විවිධ තැන් හි සටහන් කොට තැබූ මූල සටහන් හි පිටපත්වල සහය ද ඇතිව ප්‍රථමවරට දේව වාක්‍යයන් සියල්ල එක්කොට තනි ග්‍රන්ථයක් සකස් කිරීම කරන ලදී. මෙතැනදී සමහර පිරිසට ‘අල්කුර්ආන් වාක්‍යයන් ආරම්භයේ පටන් ලිඛිතව ආරක්ෂා වූවා නම්, වනපොත් කල පිරිසගේ සහය ලබාගත්තේ කුමකටද?’ යන පැනය ඇතිවීමට පූළුවනි. මෙහි දී වටහා ගතයුතු කාරනය වන්නේ මෙම අල්කුර්ආනය (ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම් වැනි) විවිධ ද්‍රව්‍යයන් මත ලියාතිබූ නිසා එහි පිලිවලක් සකසා ගැනීම තරමක දුෂ්කර කාර්‍යයක් විය. නමුත් වනපොත් කරන විට එය මුහම්මද් (සල්) තුමාණන්ගේ අධීක්ෂණය යටතේ හා එතුමාණන්ගේ මගපෙන්වීම යටතේ සිදු වූ නිසා අල්කුර්ආනය නිසි ලෙස පෙල ගස්සවා ගැනීමේ දී මෙම වනපොත් කල පිරිසගේ සහය මහත් පිටුවහල් වන නිසා එම පිරිසගේ සහය ලබාගන්නා ලදී. මෙලෙස සකස් කල ලද ග්‍රන්තයයි අද මුස්ලීම් සමාජය ‘අල් කුර්ආනය’ ලෙස භාවිතා කරන්නේ.

ඒ අනුව අල්කුර්ආනය කිසිදු සංශෝධනයක් සිදු නොවී එය මුලසිටම ආරක්ෂා වූ බවත්, එය ඉතා ආරක්ෂාකාරී ලෙස ග්‍රන්ථාරූඪ වූ බවත් ඔබට පැහැදිලි වියයුතුය. මෙම සාකච්චාවේ තවත් පියවරක් ලෙස අල්කුර්ආනය පිටපත් ගැනීම යන කාරණය ඉදිරියට විමසා බලමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 09 – අල් කුර්ආනය පිටපත් ගැනීම

අල් කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය සාකච්චා කරන පෙලෙහි දැන් එහි තවත් කොටසක් ලෙස අල්කුර්ආන් මුල් කෘතියෙන් පිටපත් ලබා ගැනීම යන විෂය මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. වත්මන් සමාජ භාවිතයේ පවතින අල් කුර්ආනය පූර්ණ ලෙස ආරක්ෂා වූ අල් කුර්ආනය ද යන්න විමසා බලන විට ඉහත විෂය ද මෙහි විමසා බැලිය යුතුම මාතෘකාවකි. ඒ අනුව මෙතැන් සිට එම විෂය වෙත මේ යටතේ අවදානය යොමු කරමි.

මීට ඉහත සාකච්චා කල ආකාරයට තැන් තැන්වල පැවතී අල් කුර්ආන් කොටස් ඒකරාශි කොට තනි ග්ග්‍‍රන්රථයක්න්ථා ලෙස සැකසීම එවකට පාලකයා වූ අබූබක්කර් (රලි) තුමා යටතේ සිදුවුණි. ඒ අනුව එම අල්කුර්ආන් මුල් පිටපත එවකට රටේ පාලකයා (ජනාධිපතිවරයා) භාරයේ තිබුණි. මෙසේ කාලය ගතවීමත් සමග විශේෂයෙන් තුනවන පාලකයා වන උස්මාන් (රලි) තුමාණන්ගේ පාලන සමය වන විට ඉස්ලාම් රාජ්‍ය සීඝ්‍රයෙන් පුළුල් වූ නිසා ඉස්ලාමයේ ඉගෙන්වීම සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාලකයා සතුව තිබූ අල් කුර්ආන් ග්‍රන්ථයෙන් පිටපත් ගැනීම පිලිබදව අවදානය යොමු විය. ඒ අනුව අල්කුර්ආන් මූල ග්‍රන්ථයෙන් පිටපත් 07ක් ලබාගන්ත්නා ලද අතර එතෙක් සමාජයේ භාවිතයේ තිබූ අල්කුර්ආන් වාක්‍යයන් ලිය වී තිබූ ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම්… යන සියල්ල එක්රැස් කොට ඒවා විනාශ කිරීම ද එවකට පාලක ජනාධිපති (උස්මාන් (රලි)) තුමා විසින් සිදු කරන ලදී. එසේ විනාශ කිරීමට මුලික හේතුව වුයේ, එවකට පැවතී සමාජය මෙම අල්කුර්ආන් වාක්‍යයන් ලියන ලද ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම්… යනාදීය තබාගෙන නිසි පිලිවලක් නොමැතිව එය පාරායනය කිරීම නිසා අල්කුර්ආනය විදිමත් පරිධි මුස්ලීම් සමාජයට ලබාදීමයි.

ඒ අනුව අල්ඉ කුර්ආන් පිටපත් 07 ක් ලබාගත් එවකට පාලක උස්මාන් (රලි) තුමාණන් එම පිටපත් විවිධ ප්‍රදේශයන්ට බෙදාදීම ද කරන ලදී. එලෙස එදා පිටපත් ගන්නා ලද අල් කුර්ආන් 07 න් 02 ක් අදටත් ලොව ආරක්ෂා වී පවතී. ඒ “තුර්කිය“ රටේ “ස්තම්බුර්“ කෞතුකාගාරයේ සහා “රුසියාවේ“ “තාෂ්කන්ඞ්“ කෞතුකාගාරයේය. එය අදටත් ජනතා ප්‍රදර්ශනය සදහා ආරක්ෂිතව තබා ඇත. (මෙහි පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූපයකි)

මේ ආකාරයට අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එතැන් පටන් මේ දක්වා අල්කුර්ආනය විකාශනය වූ ඉතිහාසය මෙලෙස ඉදිරිපත් කරන විට මේ කිසිවක්මෙ පිලිබදව නිසි අවබෝධයක් නොමැති මුස්ලීම් නොවන සමහර පිරිස් එදා එය ආරක්ෂා වූ බව සැබෑවක් වන්නට පුළුවනි. නමුත් එම ග්‍රන්ථය හා වර්ථමාන අල්කුර්ආන් ග්‍රන්ථය අතර කිසිදු පරස්පරතාවයක් නැතැයි පවසන්න පුළුවන්ද? යනුවෙන් පැනයන් මතු කිරීම අද දක්නට ලැබේ. මෙලෙස ඉදිරිපත්ම කරන එම පැනයට මා පිලිතුරු දෙනවාට වඩා මේ පිලිබදව පුළුල් පරියේෂණයක් කල පරියේෂණ වාර්ථාවක් මෙහි ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු යයි සිතමි. අල්කුර්ආනය පිලිබදව ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාල පරියේෂණ කණ්ඩායමක් සිදුකල එම පරික්ෂණය පහත ආකාරයට වේ.

මියුනිච් (Munich) විශ්වවිද්‍යාලයේ පරියේෂක කන්ඩායමක් අල්කුර්ආන් පිටපත්වල ඇති වැරදි හා සංශෝධන පිලිබදව පරියේෂණයක් සිදුකරන ලදි. ඔවුන්ගේ පරියේෂණවල මූලික අරමුණ වූයේ, අද සමාජ භාවිතයේ පවතින අල්කුර්ආනය හා අදටත් කෞතුකාගාරයේ ආරක්‍ෂා වි පවතින මුල් අල්කුර්ආනය අතර කිසියම් වෙනසක්, පරස්පරතාවයක් පවතිනවාද? යන්න සොයා බැලීමයි. මෙම පරියේෂණය සදහා ඔවුන් විසින් විවිධ කාලවල විවිධ රටවල් මුද්‍රණය කරන ලද අල්කුර්ආන් පිටපත් 42000ක් පමණ උපයෝගි කරගන්නා ලදී. මෙසේ පුළුල් පරියේෂණයක නිරත වු එම කන්ඩායම අවසාන ප්‍රතිඵල වාර්ථාව ඉදිරිපත් කලේ මෙසේය.

“හිජ්රි පලමුවන සියවස (ඉස්ලාමීය දින දර්ශනයට අනුව මුල් සියවස)යේ සිට 14 වන සියවසය (මේ ගෙවීයමින් පවතින්නේ 14 වන සියවසයයි එනම් මේ හිජ්රි 1431යි) දක්වා ලියන ලද සියලූම කුර්ආන් ග‍්‍රන්ථයන් අතුරින් සමහරක් මුද්‍රණ දෝෂ හැර වෙන කිසිදු ආකාරයක දෝෂයක්, වෙනසකමක් දක්නට නොමැත” (4)

ලොව කිසිදු කෘතියකට හිමි නොවන එම ගෞරවය අල්කුර්ආනය දිනාගත්තේ එය ආරම්භයේ පටන් ඉතා සැලසුම් සහගතව දිව්‍ය මඟපෙන්වීමකට අනුව ආරක්ෂා වූ නිසාම පමණි. මුස්ලීම් නොවන සමාජය මවිත කරවන ඉහත පරියේෂණ වාර්ථාව අල්කුර්ආනයේ මහිමය තවත් ඉහල නංවන්නක් නොවේද?. තවදුරටත් පවසන්නේ නම්, මෙම අල්කුර්ආනයේ අන්තර්ගතය පිලිබදව පුළුල් ගවේශණයක් සිදුකල විද්‍යාඥයෙකු වන ආචාර්‍ය මොරිස් බුකෙයිල් (Maurice Bucaille) තම “ද බයිබල්, ද කුර්ආන් ඇන්ඞ් සයන්ස්” (The Bible, The Quran and Science) යන කෘතියෙහි එක්තරා ස්ථානයක මෙසේ පවසයි.

“…අල්කුර්ආනය මුහම්මද් තුමාගේ කෘතියක් යයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව ඉහත සදහන් කරුණුවලින් පෙනේ. අකුරු නොදත්තෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ටතම සාහිත්‍යධරයා විය හැක්කේ කෙසේද? තත්කාලයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටී තරමේ අල්ප මාත‍්‍ර වරදකින් තොරව එබදු විද්‍යාත්මක සත්‍යයක් හෙලිදරව් කල හැක්කේ කෙසේද?” (පිටු අංක 125) (5)

මේ සියල්ල මුස්ලීම් නොවන සමාජය මවිත කරවන කාරණා වුවද මෙය මනුෂ්‍ය ශක්තිය ඉක්ම වූ දේව සැලැස්මක් යයි විශ්වාස කොට එය පිලිගෙන කටයුතු කරන මුස්ලීම්වරුන් වන අපට මේ කිසිවක් පුදුමයට කාරණයන් නම් නොවේ. මා මෙහි එසේ පැවසීමට තවත් හේතුවක් වන්නේ මෙම අල්කුර්ආනය ආරක්ෂා කිරීමේ වගකීම එය පහල කල දෙවියන්, තමන් විසින්ම භාරගෙන සිටීන බැවිණි. මෙය අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ මෙසේ පවසයි.

“ඇත්තෙන්ම අපමය කුර්ආනය පහල කලේ, ඇත්තෙන්ම අපමය එය ආරක්‍ෂා කරන්නේ”

අල්කුර්ආනය 15-9

මේ අනුව අල්කුර්ආනය ආරම්භයේ පටන් මේ දක්වා කිසිදු ආකාරයක විකෘතියකට ගොදුරු නොවී අද දක්වාත්, මතු අනාගතයටත් ආරක්ෂා වී පවතිනවා යන්නෙහි කිසිදු සැකයක් නොමැත. මෙය එසේ ආරක්ෂා වීමේ රහස එය සැබෑ දිව්‍ය පුස්තකයක් වීම සහ ඉහත 15-9 හි සදහන් ආකාරයට එය ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන් විසින්ම භාරගෙන සිටීම බව වටහා ගතයුතුය. එය එසේ නොවී එය ආරක්ෂා වීම මනුෂ්‍ය සැලැස්මක ප්‍රථිපලයක් නම් ලොව සෑම දහමක දර්ශනයක ම එහි ඉගෙන්වීමන් මෙලෙස ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතිය යුතු වේ. නමුත් මෙම භාග්‍යය ඉස්ලාම් දහමට පමණක් උරුම වන්නටත් ලොව අනිකුත් දහමන් ට උරුම නොවීමටත් හේතුව මෙය දේව පුස්තකයක් වීම යන්න නැවත නැවතත් අවදාරණය කරමින් මෙම සාකච්චාවේ තවත් කොටසක් ලෙස අල් කුර්ආනය සේ ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර මුල සිට ආරක්ෂා වී නැත්තේද?’ යන කාරණය විමසා බලමු.

අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය 10 – අල් කුර්ආනය සේම ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර මුල සිට ආරක්ෂා වී තිබේද?

අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය පිලිබදව සාකච්චාවේ අවසාන කොටස වන අල් කුර්ආනය සේම ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර මුල සිට ආරක්ෂා වී තිබේද? යන්න මෙහි සංවාදයට ගැනීමට අදහස් කරමි. අල්කුර්ආනය හෝ ලොව වෙනත් ආගමික හෝ වෙනයම් පුස්තකයක ඉගෙන්වීමන් ගවේෂණය කිරීමට හෝ සංවාදයට බඳුන් කිරීමට නම් එය ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. මේ අනුව අල් කුර්ආනය එම සුදුසුකම සපුරා ඇති බව ඉහතින් විමසා බැලුවෙමු. දැන් මෙහි ඇති ගැටළුව ලොව අනිකුත් ආගමික මූලාශ්‍ර නොහොත් පුස්තකයන් හි ඉරණම කුමක්ද? යන්නයි. ඒ පිලිබදව මෙහි කෙටියෙන් විමසා බලන්නේ නම්,

මෙම සාකච්චාව යොමු වීමට ප්‍රථම මෙහි කිවයුතු කාරණයක් ඇත. එනම්, මෙහි කථා කරන කරුණු මුස්ලීම් නොවන සමාජයට තරමක අමිහිරි එකක් වන්නට පුළුවන. එයට හේතුව සමාජය තුල වසන් වී තිබෙන නොඑසේ නම් සිතාමතා වසන් කොට තිබෙන විෂයක් මෙහි සාකච්චාවට බඳුන් කිරීමයි. මෙම මාතෘකාව ශ්‍රී ලාංකීය සමාජය මුල් කරගෙන සාකච්චා කරන නිසා අප රටේ ප්‍රධාන ආගමික පුස්තක දෙකක් වන “ත්‍රිපිටකය“ හා “බයිබලය“ පදනම් කරගෙන මෙය විමසා බලන අතර මෙම විෂය මීට ඉහත යහමග අඩවිය තුල සාකච්චා කොට ඇති නිසා මෙම ලිපිය මඟින් සිදු කොට ඇත්තේ එම ලිපිය වෙත (Link) යොමු කිරීම පමණී. (එම ලිපිය වෙත පිවිස සවිස්තරව කියවන්න.)

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කළ ඓතිහාසික මාතලේ අළු විහාරයට එම සත් කාර්ය සඳහා වැඩම කළ රහතුන් වහන්සේ වැඩ විසූ බවට සැලකිය හැකි ගල් ලෙන් 25 කට වැඩි ප්‍රමාණයක් අළු විහාර විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියෙන් සොයා ගැනීමට හැකි වී ඇත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ මාතලේ අළුලෙන් විහාරයේදී බව. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.  (වැඩි විස්තර) (6)
මේ පිළිබඳව 1984.04.09  දින ලන්ඩනයේ රූපවාහිනී නාලිකාවක “JESUS THE EVIDENCE” (7) නමින් වාර්තාමය චිත්‍රපටයක් තුලින් අවධාරනය කර තිබුනේ බයිබලයේ අඩංගු බොහෝ කරුණු සැකයට තුඩු දෙන බවයි. මෙම වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්ෂක දෙපල තවදුරටත් පවසා සිටියේ, ‘මෙය අපගේ පෞද්ගලික අදහස් නොවන බවත් බයිබලය හා ඉතිහාසය සම්බන්ධ දීර්ඝ පරියේෂණ කොට ලබා ගත් තොරතුරු” බවත් ය. මෙම බයබලය යේසුස් වහන්සේගේ කාලයේ නොලියූ බවත් එතුමාගෙන් පසු අවුරුදු 80-100 අතර  කාලයේ නමක් පවා නොදන්නා පුද්ගලයකු විසින් ලියන ලද්දක් යන්නත් ඔවුන්ගේ නිගමනයයි. (වැඩි විස්තර)

ඉහත කරුණු අනුව අප රටේ ප්‍රධාන ආගමික මූලාශ්‍ර දෙකක ඉරණම කුමක්ද? යන්න ඔබට තරමක් දුරකට අවබෝධ වනු ඇතැයි සිතමි. මේ පිලිබදව වැඩිදුර අවබෝධ සදහා මෙහි ඉදිරිපත් කොට ඇති කරුණු සේම අන්තර්ජාලය තුල මෙම විෂය පිලිබදව ලියවී ඇති ගවේෂණාත්මක ලිපි අධ්‍යනය කරන්නේ නම් මෙහි මා පවසන තත්වය අවබෝධ කරගත හැක. ඒ සදහා ආරාධනා කරමින් ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය’ නම් මෙම සාකච්චාවට විරාමය තබමින් මෙම ලිපියෙහි ඉදිරි මාතෘකාවන්ට යොමු වෙමි.

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් අතර අල් කුර්ආනය

කිසියම් දහමක්, දර්ශනයක් නිසි ආකාරව අවබෝධ කරගැනීමේ දී එහි මූලාශ්‍ර ග්‍රන්ථය වැදගත් සාධකයක් වේ. උදාහරණයකට කිසිවකු කිතුණු දහම ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ නම්, එය කිතුණු සමාජ විශ්වාසයන් හා පිළිගැනීමන් මත පදනම්ව ඉගෙන ගත නොහැක. එය අවබෝධ කර ගතයුත්තේ බයිබලයේ ඉගෙන්වීමන් තුලිනි. එසේම කිසිවකු බුදුදහම ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ නම්, එය බෞද්ධ සමාජ විශ්වාසයන් හා පිළීගැනීමන් මත පදනම්ව ඉගෙන ගත නොහැක. එය අවබෝධ කර ගතයුත්තේ ත්‍රිපිටකයේ ඉගෙන්වීමන් තුලිනි. ඒ ආකාරයට කිසිවකු ඉස්ලාම් දහම ඉගෙන ගන්නට අදහස් කරන්නේ නම්, එයත් කලයුත්තේ මුස්ලීම් සමාජ විශ්වාසයන් හා පිලිගැනීමන් දෙස බලා නොව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් පරිශීලනය කිරීම තුලිනි. මේ අනුව කිසියම් කෙනෙකු ඉස්ලාම් දහම පිලිබදව කථා කරන්නේ නම්, ඔහු/ඇය මුස්ලීම් වේවා, මුස්ලීම් නොවේවා අනිවාර්‍යෙයන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හා එහි ඉගෙන්වීමන් දැන් සිටීම අනිවාර්‍ය වේ.

ඒ අනුව කිසියම් කෙනෙකු ඉස්ලාම් දහමේ මූලාශ්‍ර දැනුම නොමැතිව ඉස්ලාම් දහම කථා කරන්නේ නම් හෝ ඉස්ලාම් දහම විවේචනය කරන්නේ නම්, ඒ සියල්ල පදනම් විරහිත හිස් වචන පමණක් බව තේරුම් ගතයුතු වේ. එම කාරණය හොදින් මනසේ රදවාගෙන ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද? යන්න දැන් විමසා බලන්නේ නම්,

ඉස්ලාම් දහම දිව්‍ය මඟපෙන්වීමක් මත ගොඩවැඟුණු දහමක් යන්න මුස්ලීම්වරුන්ගේ පිලිගැනීමයි. එම දිව්‍ය මඟපෙන්වීම දෙවියන් විසින් මිනිස් සමාජයට ආකාර දෙකකට පහල කලා යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එනම්,

• අල් කුර්ආනය - දිව්‍ය දවන් පමණක් අන්තර්ගත පුස්තකය,
• අල් හදීස් - මුහම්මද් (සල්) තුමාණන් ඉස්ලාම් දහම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ ආකාරය සදහන් පුස්තකයන්,

ඉහතින් සදහන් මූලාශ්‍රයන් වන “අල් කුර්ආනය“ සහ “අල් හදීසය“ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා ස්ථාවරයන් කුමක්ද? යන්න කෙටියෙන් මෙහි විමසා බලන්නේ නම්,

අල් කුර්ආන් මූලාශ්‍රය

“අල් කුර්ආනය“ යනු මීට වසර 1400කට පෙර ආරාබි දේශයේ මුහම්මද් නම් මිනිසෙකු හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වී එසේ පහල වූ දේව වාක්‍යයන් එක් කොට ලියන ලද ග්‍රන්ථයයි. මෙය එම මුහම්මද් (සල්) නම් නබිවරයා හට වසර 23ක කාලයක් පුරාවට විටින් විට පහල වූ දේව අණපනත්, අවවාද, අනුශාසනා, අනාවැකි… යනාදියෙහි එකතුවකි. එසේම මෙය ප්‍රකාශ වූ මොහොතේ ම ලේඛණ ගත වූ ග්‍රන්ථයකි. මෙහි පරිච්චේද 114ක් ඇති අතර වාක්‍යයන් 6000කට වැඩි සංඛ්‍යාවක් ඇත. මෙම කුර්ආනයේ ඇත්තේ දෙවියන් විසින් පවසන ලද කරුණු පමණක් වන බැවින් එය ‘ශුද්ධ වූ කුර්ආනය’ යනුවෙන් හදුන්වනු ලැබේ. (මේ පිලිබදව ඉහතින් සවිස්තරව සාකච්චා කොට ඇත.)

අල් හදීස් මූලාශ්‍රය

ඉහත සදහන් ආකාරයට අල් කුර්ආන් වාක්‍යයන් මුහම්මද් (සල්) නම් නබිවරයා හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වූ පසු එම දේව නියෝගය මිනිස් සමාජය හමුවේ ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරමින් සමාජයට ලබාදුන් ආදර්ශය ‘අල් හදීස්’ වේ.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දේව පණිවුඩය පහල වූ මිනිසා වක්තෘවරයෙකු හෙවත් නබිවරයෙකු ලෙස හදුන්වයි. ඒ අනුව මුහම්මද් (සල්) ලොව ප්‍රථම නබිවරයා නොවන අතර ආරම්භ මිනිසාගේ පටන් ලක්ෂයකටත් අධීක සංඛ්‍යාවක් නබිවරුන් හෙවත් වක්තෘවරැන් එවන ලද බව ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ ආකාරයට පැමිණි වක්තෘවරුන්ගෙන් මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයා හෙවත් නබිවරයා බව ශුද්ධ වූ කුර්ආනය අවධාරනය කරයි. මෙම නබිවරයා ශුද්ධ වූ කුර්ආනයට දෙන අර්ථ කථන හා නබිවරයා තම දෛනික දිවිය තුල සමාජයට පෙන්වන ආදර්ශයන් ‘අල් හදීස්’ යනුවෙන් හදුන්වන අතර එයත් ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රයක් බව පහත අල් කුර්ආන් වාක්‍ය තුලින් ද පැහැදිලි වේ. එනම්, ඉස්ලාමී ‍ඉගෙන්වීමට අනුව එනම්, අල් කුර්ආනය පවසන ආකාරයට

අප මෙම කුර්ආනය නබිවරයාට පහල කලේ එය ඔහු පැහැදිලි කිරීම පිණීසයි.,

අල්කුර්ආනය 12-6

මෙම නබිවරයා ස්වමත කිසිවක් ප්‍රකාශ නොකරයි. ඔහු පවසන සියල්ල ‘වහී’ (දේව පණිවුඩ) වේ.

අල්කුර්ආනය 53-3, 4

මෙම නබිවරයා හමුවේ නුඹලාට අලංකාර ආදර්ශයන් ඇත්තේම ය

අල්කුර්ආනය 33-21

ඉහත පළමු අල් කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් පවසන්නේ මෙම අල් කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් හට පහල ක‍ළේ එය එතුමා පැහැදිලි කිරීම පිණිස බවයි. එසේ නම් එතුමාගේ පැහැදිලි කිරීමන් ද ඉස්ලාම් වේ. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් අල් කුර්ආනයේ බොහෝ තැන්වල වත්කම් ඇති මුස්ලීම්වරුන් “සzකාත්” (අනිවාර්ය බද්ධක්) ගෙවන ලෙස අණ කරයි. නමුත් කොතරම් ප්‍රමාණයක් දිය යුතු ද යන්න අල් කුර්ආනයේ සදහන් නොවේ. මෙම අල් කුර්ආන් වාක්‍යය මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලි කිරීමේ දී මුදල්, රන්භාණ්ඩ, සතුන්, ඉඩම්, ධාන්‍ය… යනාදී සදහා වෙන වෙනම “සzකාත්” (අනිවාර්ය බද්ධක්) දියයුතු ප්‍රමාණය සංඛ්‍යාත්මකවම පවසයි. ඒ අනුව කිසිවකු ඉස්ලාම් දහමේ අනිවාර්‍ය වගකීමක් වන සzකාත් බද්ධ ගෙවීමට නම් අල් කුර්ආනය මෙන්ම නබිතුමාගේ ආදර්ශයන් (අල් හදීසය) ද ගතයුතු වේ.

එසේම ඉහත දෙවන අල් කුර්ආන් වාක්‍යයෙන් මේ නබිවරයා පවසන සියල්ල දේව පණිවුඩ බවටත් තෙවන වාක්‍යයෙන් ඔහු හමුවේ අලංකාර වූ ආදර්ශයන් ඇති බවටත් දෙවියන් විසින්ම සහතිකයක් ලබාදේ. ඒ අනුව එතුමාගේ ආදර්ශයන් එනම්, එතුමාගේ ක්‍රියාවන්, එතුමා පවසන දෑ සහ එතුමාගේ අනුමත කිරීමන් යන මේ තුන් ආකාරයම අල් හදීස් යන්න තේරුම් ගතයුතු වේ. මෙම අල් හදීසයන් ද වර්තමානයේ ග්‍රන්ථාරූඪව පවතින අතර එය බොහෝ විට එක්රැස් කරන ලද විද්වතුන්ගේ නම්වලින් පවතී. උදාහරණයකට නම් කිහිපයක් සදහන් කරන්නේ නම් බුහාරි, මුස්ලීම්, තිර්මිදි, අහ්මද්, අබුදාවූද්, ඉබුනුමාජා, බයිහකී… යනාදිය මින් කිහිපයකි. (ඔබේ අවධානයට – මෙම වෙබ් අඩවිය තුල අල් හදීසයන් සදහන් කිරීමේ දී එය අන්තර්ගතව තිබෙන ග්‍රන්ථය හා එම ග්‍රන්ථයේ එය කී වෙනි හදීසය ද යන්න සටහන් කරනවා ඔබ දැක ඇත.) මේ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ අල් කුර්ආනය හා අල් හදීසය හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශය යන්නයි. ඉස්ලාම් දහම යයි කිසිවකු කුමක් හෝ පවසන්නේ නම් එය ඉහත මූලාශ්‍ර දෙකෙහිම හෝ එකක තිබීම අත්‍යාවශ්‍ය වේ. මේ දෙකට පරිභාහිරව කව්රුන් කුමක් පැවසුවත් එය ඉස්ලාම් නොවේ.

විශේෂ අවදානයට - මෙම අල් හදීසය පිලිබදව වැඩිදුර කරුණු දැන ගැනීමට මෙම අඩවිය තුල ඇති අල්හදීස් යන්නත් දිව්‍ය වදන්ය යන ලිපිය කියවන්න.

අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි - 01

ඉස්ලාම් දහම "දිව්‍යමය මඟපෙන්වීමන් මත ගොඩනැඟුණු දහමක් යන්න අවස්ථා ගණනාවකදීම විවිධ පැතිකඩ ඔස්සේ මෙම යහමග අඩවිය තුල පැහැදිලි කොට ඇත. එසේම ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ “අල්කුර්ආනය” සහ “අල්හදීස්” පමණක් යන්නත් මෙම අඩවිය තුල මීට ඉහත පැහැදිලි කොට ඇත. එසේම පහල වූ දිව්‍ය වදන් ආරම්භයේ පටන් ආරක්ෂා වූ බවත් එය ආරක්ෂා වූ ආකාරයත් මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස කථා කොට ඇත.

මේ අනුව “ඉස්ලාම්” යැයි කිසිවකු කිසිවක් පවසයි නම්, එය ඉහත මූලාශ්‍රයන් තුල පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්න පැහැදිලිය. නිදසුනකට ඉස්ලාම් දහම “දරු කළලයේ විකාශණය පියවරින් පියවර පැහැදිලිව පවසනවා” යැයි මා පැවසුවේ නම්, එය එසේ පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය එසේ පවසන්නේ කුමන ඉස්ලාම් ආගමික මූලාශ්‍රයේද? එහි කුමන පරිච්ඡේදයේද? එය කීවැනි වාක්‍යයද? එසේ පවසන සාක්ෂිය “අල්හදීසයක්” නම් එහි “සනදයේ තත්වය කුමක්ද?” යනාදී කරුණු සියල්ල ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ. එසේ නොමැතිව කුමක් හෝ කාරණයක් ආගම නමින් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කොට “මේක මේ පොතේ තියෙනවා”, “අර පොතේ තියෙනවා”, “මම අහලා තියෙනවා”... යනාදී ලෙස පවසන ලෝක සම්ප්‍රදායන් ඉස්ලාම් දහම තුල වලංගු නැත.

එසේම මෙතැනදී අවදාරණය කලයුතු තවත් කාරණයක් ඇත. එනම්, “අල්කුර්ආනය“ යනු විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරන විද්‍යා විෂය ග‍්‍රන්ථයක් නොවන බවයි. මෙය මෙසේ මා මෙහි අවදාරණය කිරීමට හේතුව විද්‍යා විෂය ග‍්‍රන්ථයක් කියවීමේ දී එහි පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන පැහැදිලිව සදහන් කොට තිබීම දක්නට ඇත. එමනිසා එය විද්‍යාත්මක අනාවරණයක් බව සාමාන්‍ය ජනයාට වුවද පහසුවෙන් අවබෝධ කරගත හැකි වේ. නමුත් අල්කුර්ආනය එසේ නොවේ. එය කියවන පුද්ගලයාගේ බුද්ධි මට්ටම හා ඔහු නියෝජනය කරන ක්‍ෂෙත‍්‍රය අනුව එහි අර්ථය පුළුල් වේ. උදාහර්ණයකට විද්‍යාඥයකු මෙම පොත පරිශීලනය කරන විට එය විද්‍යාත්මක සත්‍යයන් එලිදරව් කරන විද්‍යා ග‍්‍රන්ථයක් ලෙස පෙනෙනු ඇත. දේශපාලඥයකු මෙය පරිශීලනය කරන විට එය ඔහුගේ ක්‍ෂෙත‍්‍රය කථා කරන පොතක් ලෙස පෙනෙනු ඇත. මෙම ග්‍රන්ථය සාමාන්‍ය ජනයා කියවන විට එය ඉතා සරලව පවසන අවවාද අනුශාසනාවන් අඩංගු ලියවිල්ලක් සේ පෙනෙනු ඇත. මෙය අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයක් යන්න කියාපාන සුවිශේෂි ලක්‍ෂණයක් ද වන අතර මෙය දිව්‍යමය පුස්තකයක තිබිය යුතු මූලික අවශ්‍යතාවයක්ද වේ.

එසේම මෙහි අවදාරනය කල යුතු තවත් කාරණයක් ද ඇත. එනම් මෙම අල්කුර්ආනය පහල වු ආරම්භ සමජයේ බුද්ධි මට්ටම හා වත්මන් නූතන සමාජයේ සුපිරි මිනිසාගේ දැනුම මට්ටම සමඟ අල්කුර්ආනය පවසන කරුණූ කොතරම් දුරකට බුද්ධි ගෝචර වෙනවාද? යන්නයි. මෙම අල්කුර්ආනය එදා අරාබි දේශයේ (වර්ථමාන මක්කාව හා මදීනාව) ප්‍රදේශයේ නොදියුණු සමාජයක් මධ්‍යයේ පහල විය. එසේ පහල වු අල්කුර්ආනය එවකට පැවතී සමාජයට මෙන්ම වර්ථමාන සුපිරි මිනිස් සමාජයටත් කිසිදු පරස්පරතාවයකින් තොරව එකසේ ගැලපීම මෙම පුස්තකය දිව්‍යමය මඟපෙන්වීමක් යන්න කියාපාන කඳිම නිදසුනකි. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වදන් යන්න පමණි.

මීට වසර 1400 කට පමණ පෙර නොදියුණු සමාජයක ප‍්‍රකාශයට පත්වු අල්කුර්ආනය ලොව අනිකුත් ආගමික ග්‍රන්ථයන්ට සාපේක්ෂව අදටත් සියළු දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධවීම තුලින් ද මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වාක්‍යයක් යන්න වඩ වඩාත් තහවුරු කරනවා නොවේද?. එසේම ඉස්ලාමීය විශ්වාසයට අනුව දෙවියන් යනු සුපිරි බලයක් එහි වැරදීම්, අතපසුවීම්, අමතකවීම්… යනාදී කිසිදු දුර්වලතාවයක් කිසිසේත් ඇතිවිය නොහැක. එවැනි කිසියම් දුර්වලතාවයක් එහි පැවතුනේ නම් සමස්ථ අල්කුර්ආනයම අවලංගු වී යනවා යන්නෙහි විවාදයක් නැත. තවත් සරලව පවසනවා නම් මෙම අල්කුර්ආනය ඉස්ලාම් දහමේ තීරණාත්මක සාධකයකි. මෙම අල්කුර්ආනය තුල කිසියම් වරදක් පවතින්නේ නම් එහි ශුද්ධත්වය එම මොහොතේම කෙලෙසී යයි. එවිට ඉස්ලාම් පවසන දෙවියන්, ස්වර්ගය, අපාය, මරණින් මතු ජීවිතය, විනිශ්චය දිනය, වක්තෘවරුන්… යනාදී සියල්ල පිලිබදව සාධාර්ණ වු සැකයක් ඇතිවීම කිසිවකුටත් වැලැක්විය නොහැක. එවන් අවදානම් තත්වයක් තිබියදී පවා ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකොට පියවර ගනනාවක් ඉදිරියට ගොස් “හැකිනම් මෙම අල්කුර්ආනය අසත්‍යයක් බව ඔප්පු කරන්න” යනුවෙන් මුළු මිනිස් සමාජයටම අභියෝග කිරීම මෙම අල්කුර්ආනයේ නිවැරදිභාවය සහ දිව්‍යමයභාවය මනාව කියාපෑමක් නොවේද?. එදා අල්කුර්ආනය ඉදිරිපත් කල ඉහත අභියෝගය අල්කුර්ආනය පහල වූ මොහොතේ පටන් සියවස් 14 ක් මුළුල්ලේ අද දක්වාම විවෘත අභියෝගයක්ව පවතී. ඕනෑම කෙනෙකුට අදටත් එම අභියෝගය වලංගුය. එසේ තිබියදීත් තවම එය ජය ගැනීමට කිසිවකුටත් නොහැකි වුයේ මෙය දිව්‍යමය පුස්තකයක් නිසාම නොවේද?.

එම කාරණා සියල්ල ඔබේ බුද්ධිමත් හා තාර්කික විමසුමා බලන්නේ නම්, එහි ඔබට එක් කාරණයක් පැහැදිලි පෙනෙනු ඇත. ඒ මෙම අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයක් මිස නැත යන්න පමණි.

අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි - 02

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් වන “අල්කුර්ආනය දිව්‍යමය වදන් එකතුවක්” යන්න තහවුරු කරන ලිපි පෙලෙහි පලමු ලිපිය මීට ඉහත යහමග අඩවිය තුල “අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 01” යන මාතෘකාව යටතේ විමසා බැලුවෙමු. එම ලිපි පෙලෙහි දෙවන ලිපිය වන මෙම ලිපිය තුලින් ලොව කිසිදු ආගමික මූලාශ්‍රයක දක්නට නොලැබෙන අල්කුර්ආනයට පමණක් ආවේනික සුවිශේෂි ගුණාංගයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට අදහස් කරමි.

අල්කුර්ආනය කිසියම් අනාවැකියක් අවවාදයක් මිනිස් සමාජයට පැවසීමේදී අල්කුර්ආනය තමන්ට ම අවේනික වූ සුවිශේෂි ක්‍රමවේදයක් එහි අනුගමනය කරයි. එනම්,

කිසියම් අවවාදයක් අනාවැකියක් අල්කුර්ආනය ඉදිරිපත් කරන විට වත්මන් මිනිසාගේ සහ අනාගතයේ බිහිවීමට නියමිත සුපිරි මිනිසාගේ බුද්ධිමත්භාවය, විචාරශීලීභාවය හා විවාදශීලීභාවය අවබෝධ කරගත් නිසාදෝ එහි ඉදිරිපත් කරණ කාරණය මිනිස් බුද්ධියට ගෝචර නොවන කාරණයක් වන අවස්ථාවල එම කාරණය හා බද්ධ කොට මිනිස් බුද්ධියට ගෝචර ලෞකික කාරණයක් ද එහි අනාවර්නය කරයි.

නිදසුනක් ලෙස “අපාය”, “ස්වර්ගය”, “මරණින් පසු විනිශ්චය”, “දේවදූතයන්”, “නිරයෙහි දඬුවම”... වැනි විෂයන් අල්කුර්ආනය කථා කරන විට එම කාරණයන් සමඟ බද්ධ කොට ලෞකිකව මිනිස් බුද්ධියට ගෝචර විශ්මිත අනාවර්ණයක් ද එහි සිදු කරයි. ඒ අල්ලාහ් (දෙවි) අපෙන් මෙසේ ප්‍රශ්න කරනවා සේය.

"නුඹලාට මා පවසන සත්‍යය නුඹලාගේ බුද්ධියට ගෝචර නොවන නිසා ප්‍රතික්ෂේප කරන්නට සැරසෙන්නේද? එසේ ප්‍රතික්ෂේප කිරීමට මත්තෙන් එහි මා පවසන ලෞකික කාරණය මොහොතක් බුද්ධිමත්ව විමසා බලනු. එය ඔබේ බුද්ධියට ගෝචරය. එසේනම් (ඔබේ බුද්ධියට ගෝචර) මෙය පිලිගෙන (ඔබේ බුද්ධියට ගෝචර නොවේ යැයි) දිව්‍ය කාරණයන් ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?"

මෙවැනි ආකාරයේ අවවාද, අනාවැකි හා අනාවර්ණ රාශියක් අල්කුර්ආනයේ ඇත. එම වාක්‍යයන් සියල්ල අල්කුර්ආනය දිව්‍යමය වදනක් යන්න ඉහලින්ම කියාපාන අතර එවන් වූ අල්කුර්ආන් වාක්‍යයන් මෙහි පහතින් පෙලගැසීම මෙම ලිපියෙහි අරමුණයි. (එම අනාවර්ණයන් පිලිබදව වූ දීර්ඝ පැහැදිලි කිරීමන් මෙහි පහතින් Click කොට කියවන්න)

- අල්කුර්ආනය දිව්‍ය වදන් යන්නට සාක්ෂි

Paris

වත්මන් දින දර්ශනය සහ ගුහා වාසීන් විසූ කාලය

ඉදිරියට කියවන්න

Paris

අපාගින්න සහ සංවේදී සම

ඉදිරියට කියවන්න

Paris

රෝම ජයග‍්‍රහනය හා ලොව පහත්ම භූමිය

ඉදිරියට කියවන්න

Paris

කුහුඹුවාට සවන්දුන් සුලෙයිමාන් තුමා

ඉදිරියට කියවන්න

Paris

දරු කළල විකාශනය හා තුන් තිඹිරිය

ඉදිරියට කියවන්න

Paris

ෆිර්අවුන්ගේ මෘතදේහය ආරක්‍ෂා කිරීම

ඉදිරියට කියවන්න

Paris

මහා ජල ගැල්ම සහ නුහ් නබිගේ නැව

ඉදිරියට කියවන්න

Paris

මී පැණි හා එහි ඖෂධ ගුණය

ඉදිරියට කියවන්න

Paris

ඔබේ පරම ආයුෂ විනාඩි 90 ක් පමණි

ඉදිරියට කියවන්න

Paris

දුල්කර්ණයින් ගමන් මඟ හා පෘථිවි හැඩය

ඉදිරියට කියවන්න

Paris

සියල්ල ජලයෙන් නිර්මාණිතය

ඉදිරියට කියවන්න

Paris

පෘථිවිය මත වැටුනු යකඩ වැසි

ඉදිරියට කියවන්න

Paris

රාත්‍රී නින්ද දෙවියන්ගේ දායාදයක්

ඉදිරියට කියවන්න

Paris

මුහු නොවන මුහුදු ජලය

ඉදිරියට කියවන්න

Paris

ඉදිරියට බලාපොරොත්තු වන්න

ඉදිරියට කියවන්න

ඔවුන් ගුහාව තුල වසර 309 ක් නිදාගත් බව පැවසීම පිලිගත නොහැකිද?. එසේනම් ඔවුන් නිදාගත් කාලය නූතන දින දර්ශනයට අනුව (අල්ලාහ් (දෙවි) වන) මා දශමයට ම පවසන සත්‍යය මොහොතක් විමසා බලන්න. එය මීට සියවස් 14 කට පෙර මිනිස් බුද්ධියකින් පැවසිය හැකි කාරණයක්ද?. මෙය පිලිගෙන 309 නිදා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේද?
අපා ගින්නෙහි දවාලන බවට (අල්ලාහ් (දෙවි) වන) මා පවසන අවවාදය ඔබේ බුද්ධියට ගෝචර නොවන නිසා ප්‍රතික්ෂේප කරන්නේද?. එසේනම් මිනිස් සිරුර ඇති සම ගින්දරින් පිච්චී යන විට නැවත අලුත් සමක් ලබාදෙන බවට මා පවසමින් මිනිස් සිරුරේ ගින්දර සංවේදී වන්නේ සමට යන සත්‍යය සියවස් 14 කට පෙර මා පැවසීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේද?. නොඑසේ නම් එය පිලිගෙන අපාය දඬුවම ප්‍රතික්ෂේප කරන්නේද?.
එදා රොමාවරුන් හා පාරසීයවරුන් අතර පැවතී යුද්ධයෙන් පාරසීයවරුන් ජයගත් විට මුස්ලීම්වරුන් කනස්සල්ලෙන් පසුවිය. එවිට අල්ලා (දෙවි) අල්කුර්ආන් වාක්‍යයක් පහල කරමින් රෝමාවරුන් නැවත ජයගන්නා බවත් එය සිදුවන්නේ ලොව පහත්ම භූමියක බවත් පැවසීය. ඒ ආකාරයටම පසුකාලීනව රෝමාවරුන් පාරසියවරුන් පරාජ කොට ජයගත් අතර එම යුද්ධය සිදුවූයේ "මළමුහුද" ආසන්නයේය. සියවස් 14 කට පෙර අල්කුර්ආනය පැවසූ "ලොව පහත්ම භූමිය" යන්න මළමුහුද පිහිටී භූමිය යන්න 20 වන සියවසයේ අනාවර්ණයයි.
මීට වසර 3000 කට පමණ පෙර විසූ දේවවක්තෘ සුලෙයිමාන් නොහොත් බයිබලයේ සදහන් ආකාරයට සොලමන් තුමා දිව්‍ය හාස්කමක් ලෙස සතුන් සමඟ පණිවුඩ සංනිවේදනය කරගත්තා යයි අල්කුර්ආනය පැවසීම කිසියම් කෙනෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම්, එවැනි කෙනෙකු එම හාස්කම පවසන දිව්‍ය වාක්‍යයේම කුහුඹූවන් පිලිබදව පවසන සත්‍යය වන “ගැහැණු කුහුඹුවන් පමණයි පොළොව මතුපිට සැරිසරන්නේ“ යන්නත් ප්‍රතික්ෂේප කලයුතු වේ. කුහුඹූ ලෝකය පිලිබදව කිසිදු දැනුමක් නොමැති වසර 1400 කට පෙර පැවතී සමාජය පවසන කරුණු විසිවන සියවසයේ විද්‍යාව තුලින් තහවුරු කරගෙන පිලිගන්නේ නම්, ඒහා බද්ධ කොට පවසන සුලෙයිමාන් තුමා සම්බන්ධ දේව හාස්කමත් පිලිගත යුතු යන්න සාධාර්ණ තර්කයක් නොවේද?.

අල් කුර්ආනය නිවැරදි අධ්‍යනයට අත්වැලක්

ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රය වන අල් කුර්ආනයේ ඉගෙන්වීමන් එරෙහිව විවිධ වූ විවේචන හා අභියෝග ඉදිරිපත් වීම ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික තලයේ ද බොහෝ අවස්ථාවල දක්නට ඇත. අල් කුර්ආනය, මුස්ලීම් සමාජය මනුෂ්‍ය ඝාතනයට පොළොඹ වනවා, ඔවුන්ට මිලෙච්ඡත්වය උගන්වනවා, එහි පුරුෂ ආධිපත්‍යය ගැන කථා කරනවා, අන්‍ය ආගමිකයන් ප්‍රතික්ෂේප කරන්න උගන්වනවා, කෲර වදහිංසන නීති එහි පවතිනවා, සත්ව හිංසාවට අනුබල දෙනවා… යනාදීය මෙලෙස ඔවුන් ඉදිරිපත් කරන විවේචනයන් අතර කිහිපයකි. මෙසේ විවේචන එල්ල කරන එම පිරිස් අතුරින් බහුතරයක් කිසිදු පදනමකින් තොරව ‘අල්කුර්ආනයේ තිබෙනවා’ යන උපකල්පනයේ හිඳ විවේචන කලත්, සමහරක් පිරිස් තම විවේචනය සදහා අල්කුර්ආන් පාඨයක් හෝ එයින් උපුටාගත් කොටසක් ඉදිරිපත් කරමින් තම වාදය ගොඩනඟන ආකාරය ද දක්නට ඇත.

පිරිසක් කිසිදු පදනමක් නොමැතිව මනක්කල්පිතයන් මත හිඳ අල් කුර්ආනය විවේචනය කරන විට තවත් පිරිසක් තමන් ඉදිරිපත් කරන වාදයට අල්කුර්ආනයෙන් සාක්ෂි උපුටා දැක්වීමට ඉදිරිපත් වීම සැබෑවින්ම අගය කලයුත්තකි. නමුත් එසේ අල්කුර්ආන් වාක්‍යයන් උපුටා දක්වමින් අල්කුර්ආනයට එරෙහිව කිසියම් වාදයක් විවේචනයක් ඉදිරිපත් කරන පිරිස් අල් කුර්ආනය කථා කරන එම විෂය පිලිබදව පූර්ණ අවබෝධයකින් එය කලයුතුය. එසේ නොමැතිව කිසියම් වාක්‍යයක් හෝ වාක්‍යයක කොටසක් පදනම් කරගෙන අල් කුර්ආනයේ ඉගෙන්වීමට එරෙහිව ගොඩනඟන විවේචන අභියෝග කිසිසේත් සාධාර්ණ හා බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට ම පැහැදිලි වනු ඇත. එසේනම් අල්කුර්ආනය අධ්‍යනය කිරීම හෝ එහි ඉගෙන්වීමන්ට අභියෝග කිරීමට ප්‍රථම එහි වාක්‍ය රටාවන් පවතින්නේ කුමන ආකාරයටද? එහි ඉගෙන්වීමන් තේරුම් ගන්නේ කෙසේද? එය තේරුම් ගැනීමේ කලාව කුමක්ද? යන කාරණයන් මුස්ලීම් සහ මුස්ලීම් නොවන සියළු පාර්ශවයන් දැන සිටීම අනිවාර්‍ය වේ. ඒ අනුව මෙතැන් සිට එම විෂය විමසා බලමු.

නව කථාවක සේ හෝ ඉතිහාස කථාවක සේ අල්කුර්ආනයේ ඉගෙන්වීමන් එක දිගට එක විෂයක් ගලාගෙන නොයයි. එහි වාක්‍ය රටාවන් ලොව අනිකුත් ග්‍රන්ථයන්ට වඩා බොහෝ සේ වෙනස්ය. වසර 23ක් මුළුල්ලේ විටින් විට සමාජයේ ඇති වන ගැටළුවලට විසදුම් ලෙසත්, එම සමාජයට අවවාද අනුශාසනා කරනු පිණිසත්, රාජ්‍ය පාලනය හා අනිකුත් පරිපාලන කටයුතු සදහා උපදෙස් ලෙසත්, දෙවියන් හා දේව නැමදුම පිලිබදව දැනුවත් කිරීම පිණිසත්… මෙම අල්කුර්ආන් වාක්‍යයන් විටින් විට පහල විය. ඒ අනුව අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී එහි වාක්‍ය රටාවන් පිලිබදව මූලික අවබෝධයක් තිබිම අත්‍ය අවශ්‍ය වේ. ඒ පිලිබදව ද මෙහි කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

• අල්කුර්ආනයේ එක් වාක්‍යයකට අල්කුර්ආනයේම වෙනත් තැනක සදහන් වාක්‍යයක් විග්‍රහයක් වන අවස්ථාවන් ඇත.
• අල්කුර්ආනයේ එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයන් රාශියක් විවිධ පරිච්ඡේදවල විසිරී තිබෙන අවස්ථාවන් ඇත.
• අල්කුර්ආනයේ එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයන් තුල පවා මුල් වාක්‍යය අල්කුර්ආනයේ අග පරිච්චේදවලත් එම විෂය කථා කරන අවසාන වාක්‍යයන් මුල පරිච්ඡේදවලත් තිබෙන අවස්ථාවන් ඇත.
(මේ පිලිබදව වැඩි විස්තර “අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය“ යන මාතෘකාව තුල ඉහතින් සාකච්චා කොට ඇත.)

ඉහත මූලික කාරණයන් මනසේ රදවාගෙන අල්කුර්ආනය අධ්‍යනය කලයුතු අතර එසේ අධ්‍යනය කිරීමේ දී අනුගමනය කලයුතු ප්‍රධාන නීති 05ක් ද තිබෙන බව ඉස්ලාම් දහමේ නීති විශාරදයන් පෙන්වාදේ. එනම්,

• අල්කුර්ආනයේ වාක්‍යක් කෙරෙහි අවදානය යොමු කිරීමේ දී එම වාක්‍යයට පෙර හා පසු වාක්‍යයන් තුල පවසන කාරණයන් පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.
• කිසියම් විෂයකට අදාල වූ වාක්‍යයක් අධ්‍යනය කිරීමේදී එම විෂය සම්බන්ධ අල්කුර්ආනයේ පැවසෙන අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය. (අල්කුර්ආන් පාඨයකට අල්කුර්ආනයේම වෙනත් පාඨයක් හෝ පාඨයන් මඟින් විවරණය ලබාදෙන බැවිනි.)
• අල්කුර්ආන් වාක්‍යයකට හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශයන්) විවරණය ලබාදෙන අවස්ථා අනන්තවත් ඇත. එම අධ්‍යනය කරන විෂය පිලිබදව හදීස්වල සදහන් කරුණු ද විමසා බැලිය යුතුය.
• අල්කුර්ආනයේ එක් වාක්‍යයක් මඟින් තවත් වාක්‍යයක් අවලංගු කරන අවස්ථාවන් ඇත. අල්කුර්ආනය ගවේෂණය කිරීමේ දී ඒ පිලිබදව ද සැලකිලීමත් වියයුතුය.
• අල්කුර්ආනයේ ගවේෂණයට බඳුන් කරන වාක්‍යය පහල වූ අවස්ථාව එනම්, එය පහල වීමට පසුබිම් වූ සිද්ධිය හා එවකට සමාජ පසුබිම පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.

ඉහත ප්‍රධාන නීති 05 මෙතැන් සිට තරමක් සවිස්තරව හා නිදසුන් සහිතව විමසා බලමු.

පෙර-පසු වාක්‍යයන් නොසලකා හැරීම නොකලයුතුය.

අල්කුර්ආනයේ සදහන් වාක්‍යය සම්පූර්ණයෙන් නොගෙන තමන්ට අවශ්‍ය කොටස පමණක් ගෙන වාදයන් ගොඩනැගීම හා අධ්‍යනය කරන වාක්‍යයට පෙර පසු වාක්‍යයන් නොසලකා හරිමින් වාදයන් ගොඩනැඟීම. මේ යටතේ සැලිකිය හැක. මෙය කිසිසේත් සාධාර්ණ නොවන වැරදි ක්‍රමවේදයකි. එය නිදසුනකින් පැහැදිලි කරනවා නම්,

මුස්ලීම්වරුන්ට අනිවාර්‍ය කොට ඇති දිනපතා පස්වේල් නැමදුම සම්බන්ධයෙන් අල්කුර්ආනය එක්තරා තැනක මෙසේ පවසයි.

‘සලාත් (පස්වේල නැමදුම්) කරන පිරිසට විනාශයමය’

අල්කුර්ආනය 107-4

ඉහත එම වාක්‍යය පදනම් කරගෙන විනිශ්චයකට එලඹෙන්නේ නම්, එලඹිය හැකි නිගමනය වන්නේ…

‘මුස්ලීම්වරුන් දිනපතා කරන පස්වේල සලාතය ඔවුන්ව විනාශය කරා ගෙනයන බැවින් ඔවුන් දෛනික නැමදුම වන සලාතය ඉටුකිරීමෙන් වැලකිය යුතුය’ යන්නයි.

නමුත් එය එසේ නොවේ. 107-4 වාක්‍යයෙන් ‘විනාශය’ යයි කියූ අල්කුර්ආනය 107-5 සහ 107-6 වාක්‍ය මඟින් එම විනාශයට ගොදුරු වන්නේ කවුරුන්ද? යන්න විස්තර කරයි. ඒ මෙසේය,

ඔවුන් කවුරුන් ද යත් තම සලාතය ((නැමදුම) නිසිලෙස හා නිවැරදිව ඉටුකිරීම පිලිබදව) නොසැලකිලීමත් වූ පිරිසයි. ඔවුන්  (සලාතය ඇතුළු කුසල ක්‍රියාවන්වල යෙදෙන විට)මුනිච්චාවට එය ඉටු කරන්නෝය.

අල්කුර්ආනය 107-5,6

ඉහත වාක්‍ය 03ම සම්බන්ධ කොට කියවන විට ඉහත 107-4 වාක්‍යයෙන් පවසන්නට එන කාරණය ඔබට පැහැදිලි වනු ඇත. මේ ආකාරයට පෙර පසු වාක්‍යය සමඟ එක්කොට තේරුම් ගතයුතු අල්කුර්ආන් වාක්‍යය විශාල ප්‍රමාණයක් අල්කුර්ආයේ ඇත. එයට නිදසුන් ලෙස අල්කුර්ආනයේ 9-5, 11-96… වාක්‍යයන් ද මෙහි සදහන් කලහැක.

වාක්‍යයක් අධ්‍යනය කිරීමේදී ඒ සම්බන්ධ අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය.

අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේදී එක් වාක්‍යයකට පෙර පසු වාක්‍යය පිලිබදව සැලකිලීමත් වනවා සේම එම විෂය පිලිබදව අල්කුර්ආනයේ වෙනත් තැන් හි එම විෂය පිලිබදව කථා කරන වාක්‍යයන් පිලිබදව සැලකිලීමත් වියයුතුය. එසේ නොකොට අවසාන නිගමනයකට එලඹීම නිවැරදි අල්කුර්ආන් අධ්‍යනයක් නොවේ. මෙයද නිදසුනකින් විමසා බලන්නේ නම්,

ඉස්ලාම් දහමේ අනිවාර්‍ය යුතුකමක් වන සකාත් (බද්ධ) බෙදාදෙන ලෙස අල්කුර්ආනයේ බොහෝ තැන්වල දැඩිව අවදාරණය කරයි. එවැනි වාක්‍යයක් වෙත ඔබේ අවදානය යොමු කලේනම්,

සලාත් (නම් පස්වේල නැමදුම) තහවුරු කරනු. සකාත් (බද්ධ) ගෙවනු.

අල්කුර්ආනය 24-56

මීට අමතරව 2-43, 2-277, 5-55, 9-11, 19-55, 21-73… යනාදීය තවත් බොහෝ තැන්වල සකාත් (බද්ධ) ගෙවන ලෙස අල්කුර්ආනය පවසයි. නමුත් එය ගෙවිය යුත්තේ කාටද? යන්න පිලිබදව ඉහත වාක්‍යයන් කිසිවක සදහන් නොවේ. නමුත් සකාත් (බද්ධ) ලබන්න සුදුසු කණ්ඩායම කවුරුන්ද යන්න පිලිබදව අල්කුර්ආනය වෙනත් වාක්‍යයකින් විස්තර කරයි. එය මෙසේය…

…ඔහු (අල්ලාහ්(දෙවි)) කෙරෙහි වූ ඇල්ම නිසා දේපළ නෑදැයින්ටද, අනාථයින්ටද, දිළින්දන්ටද, මගීන්ටද, යාචකයින්ටද, වහලූන් මුදවා ගැනීමටද වැය කර සලාත්හි නිරතව zසකාත් ගෙවීමද වේ…

අල්කුර්ආනය 2-177

ඉහත 24-56 වාක්‍යය මඟින් සකාත් බද්ධ ගෙවීම අනිවාර්‍ය බව පවසන අල්කුර්ආනය එය බෙදාදිය යුත්තේ කාහටද? යන්න අල්කුර්ආනයේ 2-177 වාක්‍යය මඟින් පැහැදිලි කරයි. ඒ අනුව 2-117 වාක්‍යය සමඟ අනිකුත් වාක්‍යයන් සම්බන්ධ කර බැලුවේ නම් පමණයි ඉහත සකාත් (බද්ධ) පිලිබව පැහැදිලි නිගමනයන්ට එළඹිය හැකි වන්නේ. මෙහි නිදසුනට එක් වාක්‍යයක් ගෙන සාකච්චා කලද මෙවැනි වාක්‍යයන් රාශියක් අල්කුර්ආනයේ ඇත. මේ අනුව පැහැදිලි වන්නේ අල්කුර්ආන් වාක්‍යයකට අල්කුර්ආනයේ තවත් වාක්‍යයක් මඟින් විග්‍රහයන් ලබාදෙන බවයි.

අල්කුර්ආනයට සමගාමීව එම විෂයට අදාල හදීසයන් ද විමසා බැලිය යුතුය.

ඉස්ලාම් දහමේ මූලාශ්‍ර දෙකකි. ඒ “අල්කුර්ආනය“ සහ “අල්-හදීසය“ යන්නයි. මෙම මූලාශ්‍රයන් දෙකම දිව්‍යමය අණාවර්නයක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ඒ අනුව අල්කුර්ආනයේ සදහන් නොවන සමහරක් නීති අල්-හදීසයේ සදහන් වන අවස්ථාවන් ඇත. නිදසුනක් ලෙස ඉහතින් සාකච්චා කල සකාතයම නැවත විමසා බලන්නේ නම්,

අල්කුර්ආනයේ සකාත් (බද්ධ) ගෙවීමේ අවශ්‍යතාවය සහ එය බෙදා දියයුතු පාර්ශවයන් කවුරුන්ද යන්න විස්තර කලත් එහි ප්‍රමාණයන් හා සීමාවන් අල්කුර්ආනයේ සදහන් නොවේ. එය විස්තර කෙරෙන්නේ අල්-හදීසයන්වලය. එපමණක් නොව ඉහතින් සාකච්චා කල සලාතය නොහොත් නැමදුම ඉටුකරන ලෙස අල්කුර්ආනය පැවසූවත් එය කුමන වේලාවේ කවර ආකාරයට ඉටුකලයුතු ද යන ප්‍රායෝගික පැහැදිලි කිරීම කරන්නේ හදීසයන්ය. ඉස්ලාමයේ අනිවාර්‍ය වගකීමන් වන සකාතය, සලාතය සේම උපවාසය සම්බන්ධයෙන් ද බොහෝ නීති විස්තර කෙරෙන්නේ අල්-හදීසයන් තුලය. එවැනි එක් වාක්‍යයක් පිලිබදව අවදානය යොමු කලේනම්,

…තවද, අළුයම(කාලයෙ)හි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලිව පෙනෙනතෙක් (ආහාර) අනුභව කරනු, පානයකරනු. අනතුරුව (මෙම සියලූ දෙයින්ම වැළකි) රාත්‍රිය එළඹෙනතුරු උපවාසය සම්පුර්ණ කරනු…

අල්කුර්ආනය 2-187

ඉහත 2-187 අල්කුර්ආන් වාක්‍යය උපවාසය ආරම්භ කරන මොහොත පිලිබදව පවසයි. එහිදී ‘…කළු නූලෙන් සුදු නූල පැහැදිලිව පෙනෙනතෙක්…’ යයි පැවසීම මිනිස් බුද්ධිය පමණක් යොදා අවබෝධ කරගත හැකි වාක්‍යයක් නොවේ. එසේ වුවානම් උපවාසය ආරම්භ කරන අවස්ථාවේ කළු හා සුදු නූලක් අතේ ඇතුව ආහාර අනුභව කිරීම සිදුකල යුතු වේ. නමුත් මේ පිලිබදව අල්-හදීසයේ සවිස්තරව කරුණු සදහන් වේ. එනම්, මෙහි ‘…කළු නූලෙන් සුදු නූල…’ යයි පවසන්නේ අළුයම හෙවත් හිරු උදාවන මොහොත බව පැහැදිලිව විග්‍රහ කෙරේ.

මෙහිදී අල්-හදීසය නොසලකා අල්කුර්ආනය තුලින් පමණක් ඉස්ලාමයේ ඉගෙන්වීමන් අවබෝධ කරන්නට ගියේනම්, ඉස්ලාමයේ අනිවාර්‍ය යුතුකම වන සලාතය, සකාතය, උපවාසය පමණක් නොව හජ් යන නැමදුම සම්බන්යෙන් ද බොහෝ දෑ අවබෝධ කරගැනීමට නොහැකි වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ අල්කුර්ආනය තේරුම් ගැනීමට අල්-හදීසය ද අත්‍යඅවශ්‍ය අංගයක් යන්නයි. මෙය අල්කුර්ආනය ද අවදාරණය කරන සත්‍යයක් යන්න ඔබේ වැඩිදුර අවබෝධයට සටහන් කරමි.

අල්කුර්ආනයේ එක් වාක්‍යයකින් තවත් වාක්‍යයක් අවලංගු කරන අවස්ථාවන් පිලිබදව සැලකිලීමත් වියයුතුය.

අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේදී එක් එක් විෂයකට අදාල සියළු වාක්‍යයන් පිලිබදව සැලකිලීමත් වනවා සේම එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයක් අවලංගු කරමින් තවත් වාක්‍යයක් ඉදිරිපත් වන අවස්ථාවල් ද (සීමිත වශයෙන්) අල්කුර්ආනයේ ඇත. එසේ කථා කරන වාක්‍යයන් ද සැලකිල්ලට ගෙන අල්කුර්ආන් අධ්‍යනය සිදුකල යුතුය. මෙය නිදසුනක් ගෙන විමසා බලන්නේ නම්,

සුරාව (මත්පැන්) භාවිතය ඉස්ලාම් දහමට අනුව තහනම් යන්න ඔබ සියළුදෙනා හොදින් දන්නා කාරණයකි. මේ සම්බන්ධයෙන් මුස්ලීම් නොවන සමාජයට ද කිසියම් අවබෝධයක් ඇත. එමනිසා සුරාව සම්බන්ධ අල්කුර්ආන් වාක්‍යයක් ගෙන ඉහත නීතිය පැහැදිලි කරන්න අදහස් කරමි.

විශ්වාසවන්තයිනි! නුඹලා පාරායනය කරන දෑ (නුඹලාට) නොවැටහෙන ලෙස සුරාමතින් සිටින විට සලාතය (නැමදුම)ට ළං නොවනු.

අල්කුර්ආනය 4-43

ඉහත වාක්‍යය තුලින් පැහැදිලි වන්නේ සලාතය එනම් පස්වේල් නැමදුම කරන අවස්ථාවල පමණක් සුරා පානයෙන් වැලකී සිටිය යුතු බවත්, සිහිය විකෘති නොවන තරමින් සුරා පානයකර ඇත්නම් නැමදුම කලහැකි බවත්ය. ‘සුරාපානය’ යන මෙම විෂය පිලිබදව අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී 4-43 වාක්‍යය පමණක් පදනම් කරගත්තා නම්, එලඹිය යුතු නිගමනය ඉහත ආකාරයට වූවත් අල්කුර්ආනයේ මේ විෂය පිලිබදව කථා කරන 5-90 වාක්‍යයක් විමසා බලන්නේ නම්, එහි මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි.

විශ්වාසවන්තයිනි! සුරාව, සූදූව, අන්සාබ් (ආදේශවාදීන් අදහන පිළිරුව ඉදිරියේ පූජාවන් සඳහා යොදා ගන්නා ගල්) හා අzස්ලාම් (නිමිති බැලීමට සිටුවා තබා ඇති රිටි) යන මේ සියල්ලම ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත ක්‍රියාවේ. එනිසා මේවායින් වළකිනු. නුඹලාට ජයග්‍රාහකයන් විය හැකිය.

අල්කුර්ආනය 5-90

ඉස්ලාම් දහම සුරාපානය මිනිස් සමාජයට තහනම් කලේ පියවර කිහිපයක් මඟිනි. 4-43, 2-219 සහ 5-90 එම පියවරයන්ය. (මේ පිලිබදව දීර්ඝ විස්තර සහිත ලිපියක් යහමග අඩවිය තුල මත්පැන් උවදුරට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය යන මාතෘකාව යටතේ ඉදිරිපත්යේ කර ඇත) මේ සියළු වාක්‍යයන් විශේෂයෙන් 5-90 වාක්‍යය නොසලකා 4-43 මගින් මෙම විෂයට අදාල අවසාන නිගමනයකට එලඹුණේ නම් එය සම්පූර්ණයෙන් වැරදි නිගමනයක් යන්න දැන් ඔබට අවබෝධ වනු ඇතැයි සිතමි.

අල්කුර්ආන් වාක්‍යයක් අධ්‍යනය කරන විට එය පහල වූ අවස්ථාව හා එයට පසුබිම් වූ සිද්ධිය පිලිබදව ද සැලකිලිමත් වියයුතුය.

මෙතෙක් කථාකල නීතිවලින් අවසාන නීතිය වන මෙම නීතිය එතරම් ප්‍රබල අවශ්‍යතාවයක් නොවුනත් කිසියම් වාක්‍යයක් නිවරුදව හා පූර්ණ ලෙස අවබෝධ කරගැනීමට එය පහලවීමේ සමාජ පසුබිමත් දැන සිටීම අවශ්‍ය වේ. එයට නිදසුන් ලෙස කරුණු ගණනාවක් ඉදිරිපත් කල හැක. මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල 9-5 අල්කුර්ආන් වාක්‍යය පදනම් කරගත් ‘මනුෂ්‍ය ඝාතනය අල්කුර්ආනය මුස්ලීම්වරුන්ට උනන්දු කරනවාද?‘ යන ලිපියද එවැනි එකකි. මෙම නීතිය අවබෝධ කරගැනීම පිණිසත් නිදසුනක් වෙත යොමු වන්නේ නම්,

උපවාස නීති සම්බන්ධයෙන් කථා කරන අල්කුර්ආනය එහි එක්තරා නීතියක් මෙසේ විස්තර කරයි.

…නමුත් කවුරුන් වහලෙකු නිදහස් කිරීමට ශක්ති සම්පන්න නොවන්නේද ඔවුන් දෙදෙනා එකින් එකා ස්පර්ශ කිරීමට පෙර ඔවුන් දෙදෙනා මාස දෙකක් අඛණ්ඩව උපවාසයේ නිරත වියයුතුය. එයට ශක්තිසම්පන්න නොවේ නම්, දුප්පතුන් හැට දෙනෙකුට ආහාර ලබා දිය යුතුය…

අල්කුර්ආනය 58-4

ඉහත වාක්‍යය කියවන ඔබට ‘අද කොහොමද වහල්ලු නිදහස් කරන්නේ’ යන ගැටළුව අනිවාර්‍යයෙන් මතුවෙනු ඇත. නමුත් මෙම වාක්‍යය පහල වූ සමාජය සැලකූවිට එහි වෙළද පොළොවල් හි මිනිසුන් (වහලුන්) භාණ්ඩයක් ලෙස අලෙවි කෙරුණු සමාජයක් බව සදහන් වේ. ශ්‍රේෂ්ඨ සහාභිවරයෙකු වන (කළු ජන වර්ගය නියෝජනය කල) බිලාල් (රලි) තුමා ද එලෙස වෙළද පොළෙන් මිලදී ගෙන නිදහස් කරන ලද සහාභිවරයෙකි. එදා එම සමාජයේ පැවති වහල් සංකල්පය තුරන් කිරීම පිණිස ඉස්ලාම් බොහෝ අවස්ථාවල වරදට දඬුවම් ලෙස වහලුන් නිදහස් කිරීම අවදාරනය කරන ලදී. ඒ අනුව 58-4 වාක්‍යය නිවැරදිව අවබෝධ කරගැනීමට නම් එම වාක්‍යය පහල වූ සමාජයේ පැවති වහල් සංස්කෘතිය අවබෝධ කරගතයුතු වේ.

ඉහතින් මේ දක්වා සාකච්චා කලේ අල්කුර්ආනය අධ්‍යනය කිරීමේ දී හා ගවේෂණය කිරීමේ දී අනුගමනය කලයුතු ප්‍රධාන නීති 05 යි. එම නීතීන් යටතේ කරන ගවේෂණයයි නිවැරදි අල් කුර්ආන් ගවේෂණය වන්නේ. එසේ නොමැති තමන්ට වාසි සහගත ලෙස වාක්‍යයක් හෝ වාක්‍යයකින් කොටසක් අරගෙන ඒය පදනම් කරගෙන තර්ක විතර්ක ගොඩනැඟීම නිවැරදි හා සාධාර්ණ ක්‍රමවේදයක් නොවේ. එයින් සිදුවන්නේ අල්කුර්ආනයේ ඉගෙන්වීමන්ට පරස්පර වූ මතවාදයක් මතුවීම වන අතර එවිට එහි නිවැරදි ඉගෙන්වීම අවබෝධ කරගැනීම අපහසු වේ. එම දුර්වලතාවයෙන් මිදී අල්කුර්ආනයේ ඉගෙන්වීමන් එහි නීති-රීති අනුව විවෘත මනසින් හා සත්භාවයෙන් අධ්‍යනය කිරීමට මේ ලෝකවාසී සියළුදෙනාට නුවණැස පෑදේවා යන පැතුමෙන් මෙම සටහන නිමා කරමි.

අල් කුර්ආන් හෙළ බස mp3 පරිවර්ථන

ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමන් අන්තර්ගත දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය හෙළ බසින් mp3 ආකාරයට ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි. ශ්‍රී ලාංකීය සමාජයට හෙළ බසින් අල්කුර්ආනය දායාද කිරීම ඉමහත් අභියෝගයක්ව පැවතී අවදියක එම අභියෝගය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලාංකීය මුස්ලීම් තරුණ සංවිධානය (AMYS) සංවිධානයට හැකි වී ඇත. ඒ අනුව ඔවුන් විසින් අල්කුර්ආනය සිංහල භාෂාමය mp3 පරිවර්ථනයක් ලෙස නිකුත් කරන ලදී.

එම අල්කුර්ආන් පරිවාර්ථනය යහමග අඩවිය පාඨක ඔබේ අවදානය පිණිස පහතින් මෙලෙස ඉදිරිපත් කරමි.

• මෙහි ඉදිරියට තවත් පරිච්චේද කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතය...

අල් කුර්ආන් පරිවර්තන හා එහි වලංගුභාවය

දහමක, දර්ශනයක එහි මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය සාධකයක් යන්නත්, එහි මුල් භාෂාව ආරක්ෂා වී පැවතීම ඒහා සමාන අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්නත් ඉහතින් විමසා බැලුවෙමු. එසේ දහමක දර්ශනයක මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී එසේම එහි මුල් භාෂාවත් ආරක්ෂා වී පවතී නම්, එම දහම හෝ දර්ශනයේ ඉගෙන්වීමන් පිලිබදව බුද්ධිමත් අධ්‍යනයන් හා සංවාදයන් ගොඩනැඟිම කල හැකි වේ. එසේ නොමැතිව මුඛපරම්පරාගතව පැවත ඇවිත් පසුකාලීන ව ලියවෙන මූලාශ‍්‍රයන් පදනම් කරගෙන බුද්ධිමත් සංවාද ගොඩනැඟීම කිසිසේත් සමභර හෝ සාධාර්ණ සංවාදයක් නොවේ. කිසියම් දහමක්, දර්ශනයක් එහි මුල්භාෂාවෙන් මුලසිට ලිඛිතව ආරක්ෂා වී නොමැතිව, එසේම එහි මුල්භාෂාව සමාජ භාවිතයේ නොමැතිව පවතින පසුබිමක එම ගෙන්වීමන් නිවැරදිව අවබෝධ කරගැනීමට යෑම කිසිසේත් ප්‍රායෝගික කාරණයක් නොවේ. විශේෂයෙන් එම ඉගෙන්වීමන් මුල් භාෂාවෙන් ආරක්ෂා නොවී පරිවර්තනයන් ලෙස ඉදිරිපත්වීමේදී එහි පාරිශුද්ධභාවය තවදුරටත් විකෘති වේ. එවැනි පරිවර්ථනයක දී සිදුවන බලපෑම් ආකාර කිහිපයක් පිලිබදව ඔබේ බුද්ධිමත් අවදානය මෙහි යොමු කරන්නේ නම්,

පරිවර්තනය සිදු කරන…

• පුද්ගලයාගේ මානසික තත්වය,
•  ඔහු ජීවත්වන පරිසරය,
•  ඔහුගේ භාෂා නිපුණතාවය,
•  ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව,
•  එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම

ඉහත තත්වයන් තුල 100% ක් නිවැරදි පරිවර්තනයක් සිදු කිරීම කිසිසේත් ප්‍රායෝගික කාරණයක් නොවේ. මේ හේතු නිසා මුල් කෘතියේ ඉගෙන්වෙන කරුණු පරිවර්තනයක් තුලින් නිවැරදිව අවබෝධ කර ගැනීමට යෑම සාර්ථක ක්‍රමවේදයක් නොවන බව ඔබට පැහැදිලි වියයුතුයි. මෙය තවත් සරලව පැහැදිලි කරන්නේ නම්, එනම්,

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියැවුණු කිසියම් ග‍්‍රන්ථයක් බෞද්ධයකුට, ක‍්‍රිස්තු භක්තිකයකුට හා ඉස්ලාම් භක්තිකයකුට ලබා දී එය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලෙස පැවසුවේ නම්. නියත වශයෙන්ම පරිවර්තන තුනම එක සමාන නොවනු ඇත. එසේම එම පරිවර්තන තුන නැවත ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස වෙනත් තිදෙනෙකු හට ලබා දුන්නේ නම් නියත වශයෙන්ම එම පරිවර්තනය මුල් කෘතියේ අදහස්, අර්ථයන් හා 100‍% ක් කිසිසේත් නොගැළපෙනු ඇත. ඒ පරිවර්තකයින්ගේ භාෂා හැකියාව, ඉස්ලාම් ආගම සම්බන්ධ තිබෙන විෂමාකාර දැනුම, ඉස්ලාම් ආගම කෙරෙහි තිබෙන කැමැත්ත හා අකමැත්ත වැනි කරුණු කාරණා මේ සදහා සෘජුවම බලපාන බැවිනි. ඒ අනුව යම් කෘතියක එසේත් නැත්නම් ලිපියක පවසන කරුණු නිවැරදිවම අවබෝධ කර ගැනීමට නම්, එය මුල් භාෂාවෙන් පැවතීමත් ඉතාමත්ම වැදගත් සාධකයක් වේ. පරිවර්තනයක් තුලින් ලබාගත හැකි වන්නේ එහි දළ අවබෝධයක් පමණි. ඒ අනුව පරිවර්ථනයන් කොතෙක් පැවතුනත් එහි මුල් කෘතිය මුල් භාෂාවෙන් පැවතීම අත්‍යඅවශ්‍ය හා අනිවාර්‍ය අවශ්‍යතාවයකි.

ඉහත මූලික අවශ්‍යතාවය හොදින් මතකයේ රදවාගෙන ඉස්ලාමීය මූලාශ්‍රයන් හි තත්වය දැන් විමසා බලමු,

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වු දේව පුස්තකය “අල් කුර්ආනය“ නම් වේ. එය පහල වූ මුල භාෂාව වන්නේ අරාබි භාෂාවයි. ඒ අනුව ඉස්ලාමීය ඉගෙන්වීම මුල්භාෂාවෙන් ආරම්භයේ පටන් ආරක්ෂා වී ඇති බව මුලින් ම වටහාගත යුතුවේ. එපමණක් නොවේ ලොව සෑම මුස්ලීම්වරයෙකුටම වාගේ මෙම අරාබි භාෂාව කියවීමේ හැකියාව ද පවතින බව මෙහි සදහන් කලයුතු සුවිශේෂි කාරණයක් වේ. ලොව සෑම මුස්ලීම්වරයෙකුටම වාගේ අරාබි භාෂාව කියවීමේ හැකියාව පැවතුනත් එහි අරුථ අවබෝධ කරගැනීමේ හැකියාව අතිබහුතරයක් තුල නොමැති වීම කණගාටුවට කාරණයකි. මේ හේතුව නිසාම ශුද්ධ වූ කුර්ආනය පරිවර්ථන විවිධ භාෂාවලින් කලින් කලට ඉදිරිපත්වීම දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රීලාංකීය සමාජය තුල ද සිංහල භාෂාව හසුරුවන මුස්ලීම් හා මුස්ලීම් නොවන ජනතාව ඉලක්ක කොට සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද අල් කුර්ආන් පරිවර්ථන ගණනාවක් දක්නට ඇත.

අප රට තුල පවා මෙසේ පරිවර්ථන ගණනාවක් නිකුත්වී තිබීම තුල තවදුරටත් තහවුරු වන්නේ ඉහතින් සදහන් ආකාරයට පරිවර්ථනයන් තුලින් 100% ක් නිවැරදි ප්‍රතිපල නොලැබෙන බව නොවේද?. නොඑසේ නම් පරිවර්තන කිහිපයක අවශ්‍යතාවය ඇතිවිය නොහැක. පළමුව කරන ලද පරිවර්තනය නිවැරදි නම් දෙවන පරිවර්තනයක අවශ්‍යතාවයක් ඇති නොවේ. දෙවැනි පරිවර්තනයෙන් නිවැරදි වුවා නම් තෙවන පරිවර්තනයක අවශ්‍යතාවය ඇති නොවේ. මේ ආකාරයට පරිවර්තන ග‍්‍රන්ථයන් දිගින් දිගටම ඉදිරිපත් වීම තුල ‘පරිවර්ථනයක් තුලින් මුල් ඉගෙන්වීමට සර්ව සාධාර්ණයක් ඉටුනොවන බව’ ඉතා හොදින් පැහැදිලි වේ. මෙම ඛේදවාචකයට ලොව සෑම දහමක්, දර්ශනයක් ම මුහුණපානවා යන්න තිත්ත වූ ඇත්තයි. මෙම පරිවර්ථන දෝෂය සාමාන්‍ය සටහනක්, ග‍්‍රන්ථයක් සම්බන්ධයෙන් එතරම් සැලකිය යුතු කාරණයක් නොවන්නට පුළුවන. නමුත් ආගමික මූලාශ‍්‍රයක් සැලකූ විට එය කිසිසේත් සුළුකොට තැකිය හැකි සරල කාරණයක් නොවේ. මිනිස් සමාජයට යහමග පෙන්වන හරි වැරැද්ද පෙන්වාදෙන ඉගෙන්වීමක පරිවර්ථන දෝෂ තිබිය නොහැක. එවිට එහි ඉගෙන්වීමන් වීකෘති වීමට පුළුවන. එමනිසා මෙවැනි වැරදි සම්බන්ධයෙන් ජනතාව තුල අවබෝධයක් තිබීම අත්‍යඅවශ්‍ය කාරණයකි.

මෙම තත්වය තවදුරටත් හොදින් අවබෝධකර ගැනීම පිණීස වත්මන් ශ්‍රී ලාංකීය සමාජය තුල සිංහල භාෂාවට පරිවර්ථනය කර ඇති අල්-කුර්ආන් පරිවර්ථන කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

ශ්‍රී ලාංකීය සමාජය තුල සිංහල භාෂා අල්කුර්ආන් පරිවර්ථන ගණනාවක් දක්නට ලැබේ. එම පරිවර්ථනයන් කියවන විට එහි සමහරක්ඒ පරිවර්ථනවල බරපතල වැරදි බොහෝමයක් දකින්නට ලැබේ. මෙහි භයානකම තත්වය වන්නේ මෙම වැරදි පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව සහෝදර මුස්ලීම් නොවන සමාජය ද මෙම අල් කුර්ආන් පරිවර්ථනය කියවීමයි. එහි දී ඔවුන්ට සිදු වන්නේ සත්‍ය දහම අවබෝධ කර ගන්නවා වෙනුවට විකෘති කළ දහමක් අවබෝධ කරගැනිමට සිදුවීමයි. මෙම කාරණය කෙරෙහි මුස්ලීම් සමාජයේ දැඩි අවධානයක් යොමු විය යුතු යන්න යහමග මාගේ විශ්වාසයයි. මෙම පරිවර්ථන දෝෂවල විකෘතියේ තරම ඔබට හොදින් අවබෝධ කරදීම පිණිස ශ්‍රී ලාංකීය අප සමාජයේ පවතින අල්කුර්ආන් සිංහල භාෂා පරිවර්ථන කිහිපයක්න් සහ එහි පවතින පරිවර්ථන දෝෂ කිහිපයක් මෙහි උපුටා දැක්වීමට මා අදහස් කරමි.

එම අල් කුර්ආන් පරිවර්ථතන දෝෂ කිහිපයක් මෙසේය...

• “…ඔබට ඉගැන්වූ අවස්ථාව ද ඔබ කිරිමැටියෙන් පක්‍ෂියකු මෙන් මාගේ රූපයක් අඹා එහි පිම්ඹ කල්හි එය මාගේ අවසරයෙන්…” (යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මායිදා’ පරිච්ඡේදයේ 110 වන වාක්‍ය)
සටහන් – මෙහි දෙවියන්ගේ රූපය ඇඹූ බව පවසයි. එවැනි අදහසක් මූල් ග්‍රන්ථයේ නැත.
• “….සොහොන්වල සිටින අය ගැන ප‍්‍රතික්‍ෂෙප කරන්නන්ගේ විශ්වාසය බිදි ගිය ආකාරයටම විනිශ්චය දින…” (ඒ. බී. එම්. කලීල් මහතාගේ අල් කුර්ආන් පරිවර්තනයේ ‘මුම්තහානා’ පරිච්ඡේදයේ 13 වන වාක්‍ය)
සටහන් – මෙහි සොහොන්වල සිටින අය ප්‍රතික්ෂේප කිරීම යන්න වැරදි පරිවර්ථනයකි.
• “…අල්ලාහ්ගේ වරප‍්‍රසාදය ද මුහම්මද් නබි ලොව පහල කිරීමේ දයාළු භාවය ද හේතු කොට ගෙන නොවේ නම්…” (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘බකරා’ පරිච්ඡෙදයේ 64 වන වාක්‍ය)
සටහන් – මෙහි අල් කුර්ආන් මූල කෘතියේ මෙවැන්නක් සඳහන් නොවේ.
• “මා උපන් දින ද, මැරෙන දින ද, … මා කෙරෙහි සාමය” (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘මර්යම්’ පරිච්ඡේදයේ 33 වන වාක්‍ය)
සටහන් – මෙහි කොටසක් අඩුවෙන් පරිවර්තනය කොට ඇත.
• “…තම ශරීර සුවය තමන්ගේ දෙවියන් වශයෙන් කවුරුන් පත් කර ගන්නේ ද ඔහුව…” (ඒ. බී. එම්. කලීල් මහතා අල් කුර්ආන් පරිවර්තනයේ ‘අල් ෆුර්කාන්’ පරිච්ඡේදයේ 43 වන වාක්‍ය)
සටහන් – මෙහි ශරීර සුවය යන්න වැරදි පරිවර්තනයකි.
• “නිර්භීත ශක්තියත් දිව්‍යමාන දර්ශනයක් හිමි වූ අපගේ වහලූන්…” (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘ස්වාද්’ පරිච්ඡේදයේ 45 වන වාක්‍ය)
සටහන් – මෙහි දිව්‍යමාන දර්ශන යන්න වැරදි පරිවර්ථනයකි.
• “ඒ ස්ථානයට පැමිණි සැටියේම හසරත් තාවූස් යමානි රහ්මතුල්ලාහි ඇයටී‘තිගේ අදහස මෙය නම් මේ ස්ථානයෙහිම වැඬේ කැරු ඉවර කරන්න පිළිවනැ’’ යි ඔහු කීවේය (යෝනක ඉස්ලාමීය සංස්කාතික නිකේතන අල් කුර්ආන් පරිවර්තනයේ ‘තාරික්’ පරිච්ඡේදයේ 04 වන වාක්‍ය)
සටහන් – ඉහත සදහන් කිසිවක් අල් කුර්ආන් මුල් කෘතියේ සඳහන් වී නැත.

මෙහි ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන් පවා බිඳ දමන මූලික ප්‍රතිපත්ති සමඟ පරස්පර වන ආකාරයේ වැරදි අල් කුර්ආන් පරිවර්තන කිහිපයක් පමණි. අද වනවිට අප රටේ අල්කුර්ආන් පරිවර්ථන ගණනාවක් ප්‍රකාශයට පත්වී ඇත. එසේම ඉදිරියේදී තවත් පරිවර්ථන ගණනාවක් ප්‍රකාශ වන්නට ද පුළුවන. ඒ කවුරුන් කෙසේ ඉදිරිපත් කල ද එහි පරිවර්ථන දෝෂ නොවැලැක්විය හැකි කාරණයක් බව පමණක් ඔබ අවබෝධකර ගතයුතුය. මා මෙහි ඉහතින් දෝෂ කිහිපයක් ඉදිරිපත් කොට තිබීම තුල මෙම පරිවර්තන ග‍්‍රන්ථයන්වල වෙනත් වැරදි නැතැයි කියා හෝ අනිකුත් සියල්ල නිවැරදි කියා කිසිවකු කිසි විටෙක අවබෝධ කරගත යුතු නොවේ. මෙහි ඉහතින් ගෙනහැර දක්වා ඇත්තේ නියැඳියන් කිහිපයක් පමණි. මෙම කාරණය කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමේ අරමුණ මෙවැනි දෝෂයන්, පරිවර්ථනවල දී සිදුවන බවත් ඒ කෙරෙහි ජනතාව අවධියෙන් සිටිය යුතු බවත් අවබෝධ කර දිම මෙම ඉදිරිපත් කිරීමේ අරමුණයි.

අවසාන වශයෙන් මේ පරිවර්ථන මෙහෙවරේ නියලෙන විද්වත් පිරිසට කිවයුතු කාරණයක් ඇත. එනම්, විවිධ බාධක හා දුෂ්කරතා මධ්‍යයේ අල් කුර්ආන් සිංහල භාෂා පරිවර්තනයක් සමාජයට දායාද කිරීමේ මෙහෙවර කිසිසේත් සුළුකොට තැකිය හැකි මෙහෙවරක් නොවන බව මා දනිමි. එම මෙහෙවර කිසිසේත් මා අවතක්සේරු නොකරමි. එම මෙහෙවරට මෙවැනි ලිපි බාධාවක් නොවේවා! කියා පලමුව ප්‍රාර්ථනා කරමි. ‘යහමග’ මා යෝජනා කරන්නේ විවිධ සංවිධාන, කල්ලි, කණ්ඩායම් හා තනිපුද්ගල වශයෙන් අල්කුර්ආන් පරිවර්ථන ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීමේ තරඟය නවතා ‘යහපත් එක් පරිවර්ථනයක් ශ්‍රී ලාංකීය සමාජයට දායාද කරමු’ යන උතුම් අධිෂ්ඨානයෙන් යුතුව විවෘත විද්වත් සාකච්චා මණ්ඩපයක සාකච්චා කරමින් ශුද්ධ වූ අල්කුර්ආනයට වඩාත් සමීප සාර්ථක එක් පරිවර්ථනයක් ලබාදීමට සියළු පාර්ශව එක්රුස් වියයුතු යන්නයි. එතැනින් ද එම මෙහෙවර අවසන් නොකොට එසේ කරනු ලබන පරිවර්ථනයන් කෙරෙහි නැවත නැවත අවධානය යොමු කරමින්, එය සාර්ථක පරිවර්ථනයක් ලෙස යාවත්කාලීන කරන්න කටයුතු කරන්නේ නම්, අපට අවම වැරදි සහිත සත්‍යයට වඩාත් සමීප පරිවර්ථනයක් සමාජයට දායාද කිරීමට හැකිවනු ඇත’ යන්නයි.

අල් කුර්ආනය විනාශ කිරීමට ගන්නා අසාර්ථක උත්සාහය

ඉස්ලාම් දහමේ මූලික විශ්වාසයන් 06 අතුරින් දේව පුස්තකය (වන අල්කුර්ආනය) විශ්වාස කිරීම ද ප්‍රධාන එකකි. එනම්, “අල්කුර්ආනය අල්ලාහ් (දෙවි) විසින් පහල කරන ලද දිව්‍ය වදන් අන්තර්ගත ලියවිල්ලකි” යන්න එම විශ්වාසයයි. ඒ අනුව “අල්කුර්ආනය” යන්න ලොවපුරා මුස්ලීම්වරුන්ගේ ආගමික විශ්වාසය හා බැඳුනු කාරණයකි. එසේම එයට ගරු කිරීම ඉස්ලාමයේ ආගමික විශ්වාසයේ වැදගත් අංගයකි. මෙම අල්කුර්ආනයට අපහස කිරීම හා එය අපකීර්තියට ලක් කිරීම මුස්ලීම් ලෝකයම කම්පා කරවන සංවේදී කාරණයක් වන අතර එසේ කිරීම සමරක් රටවල දඬුවම් හිමි වන වරදක් ද වේ. උදාහර්ණයකට “අල්කුර්ආනයක් හිතාමතා අපකීර්තියට ලක්කිරීම ඇෆ්ගනිස්ථානය , සෞදි අරාබිය , සෝමාලියාව, පකිස්ථානය... යන රටවල දණ්ඩ නීති සංග්‍රහයට අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි වරදකි.

මේ ආකාරයට ඉස්ලාමීය ලෝකයේ ඉහල ගරුත්වය හිමි ශූද්ධ වූ ලියවිල්ල වන අල්කුර්ආනය ඉස්ලාම් විරෝධීන් විසින් “ගිනි තැබීම”, “කෙලෙසීම”, “අපකීර්තියට ලක් කිරීම” 20 වන සියවසයේ ජීවත් වන මුස්ලීම් සමාජයට අලුත් කාරණයක් නොවේ. එවැනි වෛරීය ක්‍රියාවේ තවත් දිගුවක් ලෙස 2023/06/28 (පසුගිය හජ් උත්සව) දින ස්වීඩනයේ ද සිදුවීමක් වාර්ථා විය. එම ඉස්ලාම් විරෝධී වෛරීය පහත් ක්‍රියාවට විරුද්ධව සැලකිය යුතු මට්ටමින් යම් යම් පියවරයන් මුස්ලීම් රටවල් ගැනීමත්, ඒ සම්බන්ධයෙන් ස්වීඩන් රජය ද ප්‍රමාද වී හෝ තම ස්ථාවරය සහ කණගාටුව ප්‍රකාශ කිරීමත් හේතුවෙන් යහමග අඩවිය එම පහත් ක්‍රියාවට අනවශ්‍ය ප්‍රචාරයක් නොදීමේ අරමුණින් ඒ පිලිබදව කථා කිරීමෙන් වැලකුණි. නමුත් සියල්ල සිදුවී අවසන් වූ පසු හිටි හැටියේ අද (එනම්, 2023/07/12) දින අප රටේ ජනාධිපති ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ස්වීඩනයේ දී කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකිනවා යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අප රට තුල එම සිදුවීම උණුසුම් සංවාදයට බඳුන් කොට ඇත.

මේ හේතුව නිසාම මෙම විෂය එනම්, “අල්කුර්ආනය ගිනිබත් කිරීම හා අපකීර්තියට ලක් කිරීම නම් විකෘතියේ ලෝක ඉතිහාසය” යන කාරණය පිලිබදව මෙහිදී විමසා බැලීමට අදහස් කරමි. ඊට ප්‍රථම යහමග අඩවිය පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට අල්කුර්ආන් පාඨයක් සහ ඒ පිලිබදව වූ කෙටි සටහනක් ගෙන ඒමට කැමැත්තෙමි.

අල්ලාහ් (දෙවි)ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දමන්නට ඔවුහු අදහස් කරති. අල්ලාහ් එයට ඉඩ නොතබයි. ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද ඔහු තම අලෝකය පරිපූර්ණ කරන්නේමය.

අල්කුර්ආනය 9-32

ඔව්, ඉස්ලාම් දහමේ දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය පහල වීම ඇරඹූ මොහොතේ පටන් වර්ථමාන අද දක්වා ම මෙලොව තැන් තැන් හි අඛණ්ඩව දකින්නට තිබෙන සත්‍යය නම්, “අල්ලාහ් (දෙවි)ගේ ආලෝකය (වූ ඉස්ලාමය) මුවින් නිවාදැමීමට” කරන අසාර්ථක උත්සාහයයි. මෙවැනි ක්‍රියාවන් ඉස්ලාම් දහමට වෙස්වලාගත් ආශිර්වාදයක් මිස හානියක් නොවනවා යන්න යහමග අඩවිය ස්ථාවරයයි. මෙවැනි ක්‍රියාවන් නිසා මුස්ලීම් හා මුස්ලීම් නොවන ලෝකය අල්කුර්ආනයේ ඉගෙන්වීමන් කෙරෙහි වැඩි වැඩියෙන් අවදානය යොමු කරන අතර එය ඔවුන් ඉස්ලාම් දහම නිවැරදිව අවබෝධ කරගැනීමට හේතුවේ. මෙම සත්‍යය ඉතිහාසය පුරාවට විවිධ අවස්ථාවල ඔප්පුකොට පෙන්වා ඇත. 2001/09/11 ඇමරිකානු ආර්ථික මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු ජනතාව ඉස්ලාම් දහම වැළද ගැනීමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්වීම මෙයට කදිම නිදසුනකි.

ඉහත කාරණයන් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් “අල්කුර්ආනය ගිනිබත් කිරීමේ හා අපකීර්තියට ලක් කිරීමේ ලෝක ඉතිහාසයේ” වැඩියෙන් කථා බහට ලක් වූ සිද්ධීන් කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

• 2005 - 2005 මැද භාගයේදී, කියුබාවේ එක්සත් ජනපද හමුදා ගුවන්තනාමෝ බේ රැඳවුම් කඳවුරේ මුස්ලිම් සිරකරුවන් ඉදිරියේ අල්කුර්ආනය විනාශ කල පුවතක් වාර්ථා වේ
• 2010 - 2010 දී, ෆ්ලොරිඩාවේ ගයින්ස්විල් හි පල්ලියක් වන ඩෝව් වර්ල්ඩ් අවුට්රීච් සෙන්ටර් හි ක්‍රිස්තියානි දේවගැති ටෙරී ජෝන්ස් , එක්සත් ජනපදයට එල්ල වූ ඉස්ලාමීය ත්‍රස්තවාදී සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සංවත්සරයේදී කුරානය පුළුස්සා දැමීමට සැලසුම් කරන බව ප්‍රකාශ කොට පසුව ඔහු සැලසුම් අවලංගු කළේය.
• 2011 - නමුත් 2011 මාර්තු 20 දින, ඔහු එය සිදුකල බව වාර්ථා වේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගනිස්තානයේ මුස්ලිම්වරු කැරලි ගැසූ අතර 12 දෙනෙක් ඉන් මිය ගියේය.
• 2011 - 2011 වසරේ Louis Theroux වාර්තා චිත්‍රපටයේ මේගන් ෆෙල්ප්ස් සම්මුඛ සාකච්ඡාවකදී පැහැදිලි කළේ ඔවුන් හිතාමතාම සහ ප්‍රසිද්ධියේ අල්කුර්ආනයේ පිටපතක් පුළුස්සා දැමූ බවයි.
• 2012 - බංග්ලාදේශයේ සැප්තැම්බර් 29 දා, අල්කුර්ආනය අපහස කරන ආකාරයේ පිංතූර අන්තර්ජාලයට මුදාහැරීම නිසා ඇති වූ කැරලිවලින් නිවාස 25,000ක් පමණ ගිනිබත් වූ බව වාර්ථා වේ.
• 2012 – 2012 පෙබරවාරි මාසයේදී, ඇෆ්ගනිස්ථානයේ විවිධ ප්‍රදේශවල එක්සත් ජනපද හමුදා අල්කුර්ආනයට අපකීර්තියක් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඇති වූ අතර එහිදී පුද්ගලයින් 36 දෙනෙකු මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබූහ.
• 2013 - 2013 දී, සෞදි අරාබියේ මක්කම නගරයේ තායිෆ් හි අපජල පද්ධතියේ විවිධ වූ අල්කුර්ආන් පිටපත් 50 කට වඩා වැඩි ප්‍රමාණයක් හමු විය
• 2013 - ටෙරී ජෝන්ස් නම් තැනැත්තෙකු 2013 සැප්තැම්බර් 11 වන දින අල්කුර්ආනයක් ගිනි තැබීමේ සැලසුමක් තිබුණ ද එය ක්‍රියාත්මක නොවීය.
• 2013- 2013 ඔක්තෝම්බර් මාසයේදී, අල්කුර්ආනය පාගා දමා එම පින්තූරය ට්විටර් හි පළ කිරීම හේතුවෙන් අපහාස කිරීම සහ ආගමික වෛරය ඇති කිරීම සම්බන්ධයෙන් තුර්කි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
• 2014 - 2014 දී ද තායිෆ් නගරයේම කුණු කූඩවල තිබී අල්කුර්ආනයේ ඉරා දැමූ පිටපත් සොයා ගන්නා ලදී.
• 2015 - 2015 මාර්තු 19 වන දින, 27 හැවිරිදි ඇෆ්ගන් කාන්තාවක් අල්කුර්ආනය පුළුස්සා දැමූ බව පවසමින් කාබුල්හිදී සිය ගණනක පිරිසක් විසින් ඇයව ප්‍රසිද්ධියේ පහර දී මරා දැමූහ. නමුත් පසුව ඇය එවැන්නක් නොකල බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. එහිදී ඇගේ ඝාතනයට සම්බන්ධ 49 අත්අඩංගුවට ගත් අතර වැඩිහිටි පිරිමින් තිදෙනෙකුට වසර විස්සක සිර දඩුවම් ද, තවත් වැඩිහිටි පිරිමි අට දෙනෙකුට අවුරුදු දහසයක සිර දඩුවම් ද, බාල වයස්කරුවෙකුට වසර දහයක සිර දඩුවමක් ද, පොලිස් නිලධාරීන් එකොළොස් දෙනෙකුට වසරක සිර දඩුවම් ද හිමිවිය.
• 2016 - 2016 දී, මොරොක්කෝවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ අල්කුර්ආනය ඉරා කුණු කසළවලට දමා ඇති බව සොයා ගැනීමෙන් මුළු මොරොක්කෝවේ ම කැළඹීමක් ඇති විය.
• 2016 - 2016 ජුලි 31 වෙනිදා, නොර්මන්ඩි පල්ලියේ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු මෝල්ටාවේ Mater Dei රෝහලේ බහු ඇදහිලි කාමරයේ අල්කුර්ආනයේ පිටපත් කිහිපයක් මත ඌරු මස් පෙති තැබූ පුවතක් වාර්ථා විය.
• 2017 - 2017 දී නැවතත් තායිෆ් හි අපද්‍රව්‍ය පද්ධතියෙන් කුර්ආන් පිටපත් විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.
• 2017 - 2017 වසරේ ඩෙන්මාර්කයේ අල්කුර්ආනයට අපකීර්තිවන ආකාරයේ රැලි ක්‍රියාත්මක විය. එහිදී එම රැලියට සහභාගි වූ ආධාරකරුවන්ට අල්කුර්ආනය මත මූත්‍රා කරන ලෙස ඉල්ලා සිටි අතර මෙම අල්කුර්ආනය "ජරාව පොතක්" ලෙසත්, මුහම්මද් (සල්) නබිතුමා ළමා ලිංගික මිනීමරුවෙකු ලෙස හැදින්වීය.
• 2019 - 2019 දී ඩෙන්මාර්කයේ පොලිස් ආරක්ෂාව යටතේ අල් කුර්ආනය පුළුස්සා දැමීය.
• 2019 - 2019 දී, කයිබාර් නගරයේ කුණු කන්දකින් ඉරා දැමූ කුරාණ පිටපත් සොයා ගන්නා ලදී .
• 2019 - නෝර්වේ හි අල්කුර්ආනය පුළුස්සා, එය ඉරා දමා, එයට කෙළ ගසාමින් සහ අල්කුර්ආනය පටියකින් බැඳ පාරදිගේ ඇදගෙන යමින් රැලියක් පවත්වා ඇත.
• 2020 - 2020 අප්‍රේල් මාසයේදී, සෞදි අරාබියේ දී අල්කුර්ආනයට අපහස කරමින් සහ එය පාගමින් පටිගත කල වීඩියෝවක් සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම නිසා දැඩි කැළඹීමක් ඇති විය.
• 2020 - 2020 ස්වීඩනයේ නගර කිහිපයක කුරානය ගිනි තැබීම් සැලසුම් කර ඇත. එයට එරෙහිව ස්වීඩන් නගරවල කැරලි රාශියක ද ඇති වී ඇත.
• 2023 - 2023 ජූනි 28 වන දින ස්වීඩනයේ වෙසෙන ඉරාක සංක්‍රමණිකයෙකු වන සල්වාන් මොමිකා, ස්ටොක්හෝම්හි පල්ලිය ඉදිරිපිට අල්කුර්ආනය පිටපතක් පුළුස්සා ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පදනම් කර ගනිමින් ස්වීඩන් අධිකරණය මෙම පෙළපාළිය සඳහා අවසර ලබා දී ඇත.
• 2023 - 2023 ජූලි 25 වන දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ කුරානයේ පිටපතකට ගිනි තැබූහ.කුරානයේ පිටපතක් මෙසේ ගිනි තැබුවේ, ‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ නමැති සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. කුරානයේ පිටපත ගිනි තබද්දී ඒ අසල බිම ඉරාක ධජයක් ද තබා තිබුණි. විරෝධතාකරුවන් මෙසේ කුරානයේ පිටපතක් ගිනි තැබීම කළේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි පෙන්වා දෙමිනි.

ඉහතින් 2005 සිට 2023 මේ දක්වා වූ කාලය තුල ලොවපුරා ප්‍රබලව කථාබහට ලක් වූ සිද්ධීන් කිහිපයක් මෙහි පෙලගසා ඇත. මෙම පහත් වෛරීය ක්‍රියාදාමය 2023 ස්වීඩන් සිද්ධියෙන් නිමා නොවනවා යන්න තිත්ත වූ ඇත්තයි. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් අවසාන වශයෙන් තවත් කාරණයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට අදහස් කරමි. එනම්,

අල්කුර්ආනය යන්න අහසින් පොළොවට එකවර පහල වූ පුස්තකයක් නොවේ. එය දෙවියන්ගෙන් දේවවක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ පණිවුඩ ලේඛකයන් විසින් මිහිමත දි ලේඛන ගතකල පොතකි. එය ලේඛනයක් (Text) ආකාරයට පවතිනවාද?, ශබ්දයක් (Audio) ආකාරයට පවතිනවාද? නොඑසේ නම්, මිනිස් සිත්වල මතකයන් ලෙස පවතිනවාද? යන්න ආගමික කාරණයක් නොවේ. නමුත් යහපත් මිනිසුන්ගේ සිතු තුල මෙම අල්කුර්ආනය ආරක්ෂා කරන බව නම්, අල්කුර්ආනය මෙසේ පවසයි. එනම්,

“එය (අල්කුර්ආනය) නුවණ ඇත්තාවුන්ගේ සිත්හි පැහැදිලි ආයාවන්ය.”

අල්කුර්ආනය 29-49

එමනිසා වාදයකට තැන් තැන්වල අල්කුර්ආනය ගිනි තියන්න දඟලන ඉස්ලාම් විරෝධීන් සියළුදෙනා ඒකරාශි වී මුළු ලොවම ඇති අල්කුර්ආනය පිටපත් සියල්ල එකවර ගිනිබත් කලත් ඊලඟ මොහොතේ "ලොව (මුස්ලීම්වරුන් වෙසෙන) ඕනෑම කුඩා ගමක කුඩා දරුවෙකු මඟින් මෙම අල්කුර්ආනය නැවත ලේඛන ගතකල හැක" යන්න පොළොවේ යථාර්තයයි. ඒ මේ වනවිට ලොවපුරා මුස්ලීම් සමාජය මෙම අල්කුර්ආනය භක්තියෙන් යුතුව වනපොත් කොට සිටින බැවිණි. එමනිසා,

• ඉහත අල්කුර්ආනය 9-32 වාක්‍යයෙන් පවසනවා සේ මෙම අල්කුර්ආනය ගිනිබත් කොට ඉස්ලාමය විනාශ කරන්නට උත්සාහ කිරීම අල්ලාහ්ගේ ආලෝකය මුවින් නිවන්නට උත්සාහ කරන අසාර්ථක උත්සාහයක් පමණකි යන්නත්, “පල ඇති රුකටයි පොලු ගහන්නේ” යන සත්‍යයත් නැවත නැවතත් අවදාරණය කරමින් ද,
• මෙම අවස්ථාව මුස්ලීම් නොවන සමාජයට අල්කුර්ආනය පිලිබදව වූ දැනුම ලබාදීමට හොද අවස්ථාවක් වන බැවින් මෙම තත්වය ආශිර්වාදයක් කරගන්නට මුස්ලීම් සමාජය කටයුතු කලයුතුයි යන පණිවුඩය ලබා දෙමින් ද,
• මෙවැනි පහත් ක්‍රියාවල නියැලෙන්නන් හමුවේ මුස්ලීම්වරුන් ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න ඉස්ලාම් දහම පැහැදිලිව පෙන්වාදී ඇති බැවින් ඔවුනට විරුද්ධව ආගමික රාමුවෙන් බැහැරව කටයුතු කිරීමෙන් වැලකෙන්නට මුස්ලීම්වරුන් වන අප වගබලාගමු යන්නද අවදාරණය කරමින් මෙම සටහනට විරාමය තබමි.

අල්කුර්ආනය පිලිබදව තවත් කියවන්න

අල් කුර්ආනය සම්බන්ධයෙන් වූ භාහිර මාතෘකා මේ යටතේ විවිධ අනුමාතෘකා ඔස්සේ විමසා බැලීමට අදහස් කරමි.

අල් කුර්ආනීය උපමාවන්

අල්කුර්ආනය මනුෂ්‍ය වර්ගයා සඳහා මාර්ගෝපදේශක ග්‍රන්ථයකි. අල්ලාහ් (දෙවි) විසින් නියම කරන ලද බොහෝ වාක්‍යයන් “ආවර්ජනය කරන්න", "අපගේ මඟපෙන්වීම පිලිපදින්න” සහ “අහස හා පොළොව මැවීම ගැන සිතන්න” යනුවෙන් මිනිසුන් දිරිගන්වයි. මෙය අල්ලාහ් (දෙවි) සහ ඔහුගේ මැවීම පිළිබඳ මානව බුද්ධිමය, දාර්ශනික සහ අධ්‍යාත්මික ආවර්ජනය දිරිමත් කිරීමකි. මෙසේ දිරිගන්වන අල්කුර්ආනය තම පණිවුඩය ඵලදායී අයුරින් සමාජයට ඒතුගැන්වීම පිණිස විවිධ වූ උපක්‍රම ද එහි භාවිතා කරයි. ඒ අතුරින් සාහිත්‍යමය, ගණිතමය, විද්‍යාත්මකමය, ඉතිහාසමය හා මනෝවිද්‍යාත්මකමය ක්‍රම මෙහි සදහන් කල හැකි වේ. මෙවැනි උපක්‍රම අතර සුවිශේෂි උපක්‍රමය වන්නේ උපමා භාවිතා කරමින් කරන ඉදිරිපත් කිරීමයි. අද මෙම (යහමග අඩවිය) ලිපිය තුලින් කථා කිරීමට යන්නේ අල්කුර්ආනය මිනිස් සමාජයේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරන එවැනි උපමාවන් පිලිබදවයි.

අල්කුර්ආනය ඉදිරිපත් කරන එම “උපමාවන්” වෙත අවදානය යොමු කිරීමට පෙර මෙවැනි උපමාවන් අල්කුර්ආනය ඉදිරිපත් කිරීමේ අරමුණ කුමක්ද? යන්න අල්කුර්ආනයේ ඉගෙන්වීමන් තුලින් විමසා බැලුවේ නම්,

ඇත්ත වශයෙන්ම, මිනිසුන්ට මෙම අල්කුර්ආනය සිතීමට සහ අවධානය යොමු කිරීමට පහසුව පිණිස උපමා සහ උදාහරණ මගින් අපි සෑම සාක්ෂියක්ම සහ පාඩමක් ඉදිරිපත් කර ඇත්තෙමු.

අල්කුර්ආනය 39:27

දෙවියන් වහන්සේ මිනිසුන් සඳහා උපමා ඉදිරිපත් කරයි, ඔවුන් ඒවා මෙනෙහි කිරීමට සහ අවශ්‍ය පාඩම් අනුමාන කිරීමට.

අල්කුර්ආනය 14:25

"...සැබවින්ම අපි මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මෙම අල් කුර්ආනයෙහි සෑම ආකාරයකම උපමාවක් දක්වා ඇත්තෙමු..."

අල්කුර්ආනය 30:58

උපමාවක් යනු සත්‍යයක් හෝ සදාචාරාත්මක පාඩමක් වඩාත් හොදින් අවදාරනය කිරීම පිණිස නිර්මාණය කර ඇති කල්පිතයක් හෝ සත්‍ය සිදුවීමක් පදනම් කරගත් ප්‍රකාශයකි. මනුෂ්‍ය වර්ගයාට කරුණු පැහැදිලි කිරීමේදී එහි වඩාත් පැහැදිලි බවක් සහ ගැඹුරු අර්ථයක් ලබා දීමට අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ උපමාවන් භාවිතා කරයි. එමඟින් අපගේ දැනුම වැඩි කර ගැනීමටත් සත්‍යය මුළු හදවතින්ම වැළඳ ගැනීමටත් එය උපකාර වේ. මීට අමතරව අල්කුර්ආනයේ වාග් අලංකාරය සහ දිව්‍යමය අගය මෙම උපමා මඟින් ඉහල නංවයි. මෙවන් වූ උපමා රාශියක් අල්කුර්ආනයේ දක්නට ලැබෙන අතර මෙහි පහතින් ඒ එකින් එක පෙලගැසීමට අදහස්ස කරමි.

උපමා පෙලගැස්ම...

උපමාව ගින්නක් දැල් වූ කෙනකු මෙනි
ඔවුනට උපමාව ගින්නක් දැල් වූ කෙනකු මෙනි. එවිට ඔහු අවට දස අතම ආලෝකමත් වූ විට අල්ලාහ් ඔවුන්ගේ ආලෝකය (සංඥානය) ඉවතට ගත්තේය. කිසිවක් නොදැකිය හැකි ලෙසින් ඔවුන් ඝනාන්ධකාරයන්හිම අත්හැරියේය.

අල්කුර්ආනය 2-17

උපමාව ඝනාන්ධකාරයන්, හෙණහඬ හා විදුලි කෙටීම සහිතව අහසින් වැටෙන වර්ෂාව වැනිය
එසේ නැතිනම් (ඔවුන්ගේ තත්ත්වයට තවත් උපමාවක් නම්) ඝනාන්ධකාරයන්, හෙණහඬ හා විදුලි කෙටීම සහිතව අහසින් වැටෙන වර්ෂාව වැනිය.හෙණ හඬ ඇසෙන විට ඔවුහු මරණ භයින් ත්‍රස්තව තම ඇඟිලි තමන්ගේ කන්හි අගුලූලා ගනිති. අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව දසතින්ම වටකර ගනි.

අල්කුර්ආනය 2-19

උපමාව එඬේරා හඬ ගසද්දී කෑකෝ ගැසීම් මිස, කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය.
(අල්ලාහ්ගේ මාර්ගය) ප්‍රතික්ෂේප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එඬේරා තමන්ට හඬ ගසද්දීත්) කෑකෝ ගැසීම් මිස, කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය. (ඔවුහු) අඳය, ගොළුය, බිහිරිය, එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ.

අල්කුර්ආනය 2-171

(මෙම උපමාව පිලිබදව වැඩිදුර කියවීමට මෙහි Click කරන්න )

උපමාව ධාන්‍ය ඇටයකට සමානය.
අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔවුන්ගේ ධනය කැප කරන්නන්ගේ (උපමාව) ධාන්‍ය ඇටයකට සමානය. එයින් කරල් හතක් හට ගනී. එක් කරලකින් ධාන්‍ය ඇට සියයක් ලැබේ. අල්ලාහ් (මෙපරිද්දෙන්) තමාට අභිමත කෙනකුගේ (යහපත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵල) කිහිප ගුණයකින් වැඩි කරයි. අල්ලාහ් සර්ව ව්‍යාපක සර්ව ඥානීද වෙයි.

අල්කුර්ආනය 2-261

උපමාව නම් උස් බිමක පවතින (සාරවත්) උයනක් මෙන්ය
හුදෙක් අල්ලාහ්ගේ ප්‍රසාදයන් පතා තම සිතට එකඟව තමන්ගේම ධනය වියදම් කරන්නන්නගේ උපමාව නම් උස් බිමක පවතින (සාරවත්) උයනක් මෙන්ය. මහ වැසි පතිත වූ විට එහි අස්වැන්න දෙගුණ කරයි. එයට මහ වැසි පතිත නොවුවද පොද වැස්සක් වුවද ප්‍රමාණවත්ය. තවද අල්ලාහ් නුඹලා කරන සියලූ දේ මැනවින් දකී.

අල්කුර්ආනය 2-265

උපමාව සුනඛයකුගේ උපමාවට සමානය.
අපට අභිමත වූයේ නම් අපට ඔහු එමගින් උසස් තත්ත්වයට පත් කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔහු මහපොළොව(ලෞකික ජීවිතය)ට ගැලී තම ආශාවන් අනුගමනය කළේය. එමනිසා ඔහු සඳහා වූ උපමාව සුනඛයකුගේ උපමාවට සමානය. නුඹ ඌ එළවා දැමුවත් ඌ දිව එළියට ඇද දමයි. නුඹ ඌ අතහැර දැමුවත් ඌ දිව එළියට ඇද දමයි. අපගේ ආයාත්-වදන් බොරු යැයි කියන ජනයාගේ උපමාවද මෙය වේ. එබැවින් ඔවුන් මෙනෙහි කරනු පිණිස (පෙර වූවන්ගේ) කථාන්තරය (ඔවුනට) කියා පානු.

අල්කුර්ආනය 7-176

උපමාව අප අහසින් පහළ කළ ජලය බදුය.
නියතවශයෙන්ම මෙලොව ජීවිතයේ උපමාව අප අහසින් පහළ කළ ජලය බදුය. එවිට මුන්ෂ්ය යින් සහ සත්වයින් අනුභව කරන මහපොළොවේ බෝගවර්ග එ සමග මිශ්ර. විය. මහපොළොව එහි සාරය උකහා ගෙන සරුසැර ඵලදාවෙන් විභුෂිත වී, තවද එවායේ අයිතිකරුවෝ නියතවශයෙන්ම ඒවා (ප්රනයෝජනය ගැනීම)ට තමන්ට බලය ඇතැයි සිතා සිටියහ. එවිට රාත්රිනයෙහි හෝ දිවා කාලයෙහි හෝ (හිටි හැටියේම) අපගේ ආඥාව එ වෙත පැමිණියේය. පෙර දින (කිසිවක්) නොතිබුණාත් මෙන් අපි එය ඵල නෙළා ගත් පාලුවක් (බිමක්) බවට පත් කෙළෙමු. මෙනෙහි කරන ජනතාවන් වෙත (අපගේ) ආයාත් අපි මෙසේ පැහැදිලි කෙළෙමු.

අල්කුර්ආනය 10-24

උපමාව අන්ධයා හා බිහිරාටද දකින්නා හා අසන්නාටද සමානය.
මෙම දෙකොටසෙහි උපමාව අන්ධයා හා බිහිරාටද දකින්නා හා අසන්නාටද සමානය. මෙම දෙකොටස එක සමාන වේද? (මේ ගැන) නුඹලා තකන්නේ නැතිද?

අල්කුර්ආනය 11-24

උපමාව, ඒ යටින් දිය දහර ගලා බසී. එහි බොජුන් සදාතනිකය
බියබැතිමත් අයට පොරොන්දුවනු ලැබූ ස්වර්ගයට උපමාව, ඒ යටින් දිය දහර ගලා බසී. එහි බොජුන් සදාතනිකය. එහි සෙවළලුද (සදාතනිකය) බිය බැතිමතුන්ගේ පරමාන්තය එසේය. ප්‍රතික්ෂේප කරන්නන්ගේ පරමාන්තය අපාගින්නය.

අල්කුර්ආනය 13-35

උපමාව: ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුත සහිත දිනයක සුළඟ හැමූ අළු බඳුය
ඔවුන්ගේ රබ්(පරමාධිපති) ප්‍රතික්ෂේපකළවුනට උපමාව: ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුත සහිත දිනයක සුළඟ හැමූ අළු බඳුය. ඔවුන් උපයාගත් කිසිම දෑකට ඔවූහු බලනොපාති. ඈත්වූ දුර්මාර්ගය එයයි.

අල්කුර්ආනය 14-18

උපමාව: පිවිතුරු වදන සරු ගසක් මෙනි
අල්ලාහ් කෙසේ උපමාවක් යෙදුවේදැයි නුඹ නොදැක්කෙහිද? පිවිතුරු වදන(කලිමා තය්යිබාව) සරු ගසක් මෙනි. එහි මුල් ස්ථීරව පිහිටියේය. එහි ශාඛා අහසෙහිය. ස්වකීය රබ්(පරමාධිපති)ගේ අවසරය පිට සෑම මොහොතක් පාසාම එය ඵලදරයි. ඔවුන් මෙනෙහිකිරීම පිණිස, ජනයාට අල්ලාහ් උපමාවන් ගෙන හැර දක්වයි.

අල්කුර්ආනය 14-24 සහ 25

උපමාව මහපොළොව මතින් උදුරා දමන ලද නිසරු ගසක් බදුය
කිළිටි වදනට උපමාව මහපොළොව මතින් උදුරා දමන ලද නිසරු ගසක් බදුය. ඊට තිර පැවැත්මක් නැත.

අල්කුර්ආනය 14-26

උපමාව අහසින් පහළ කරන දිය වැනිය.
(නබි මුහම්මද්!) මෙළොව ජීවිතයේ උපමාව ඔවුනට පෙන්වනු. අප එය අහසින් පහළ කරන දිය වැනිය. එවිට පොළොවෙහි ගස්වැල්ද එය උරා ගත්තේය. පසුව එය(ගැස්වල්) සුළගින් ගසාගෙන යන වියළි ඉපනැළි බවට පත්විය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.

අල්කුර්ආනය 18-45

මෙවැනි තවත් උපමාවන් මෙහි ඉදිරියට පෙලගසු ලැබේ...
අල් කුර්ආන් භාෂා උච්චාරණ හෙළ බසින්

යහමග අඩවිය නරඹන බොහෝ (නව මුස්ලීම්) පාඨක පිරිස් කරන ඉල්ලීමක් වන්නේ තමන් හට අරාබි භාෂාව නිසි ලෙස කියවීමට නොහැකි නිසා ශුද්ධ වූ කුර්ආන් පාඨයන් සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසයි. මෙහිදී එවැනි පාඨකයින් හට මුලින්ම පැවසීමට ඇත්තේ එම ඉල්ලීම 100% නිවැරදි ආකාරයට ඉටු කිරිම ප්‍රායෝගික නොවන බවයි. එයට හේතුව එක් භාෂාවක් තවත් භාෂාවකින් ලිවීමේදී එම භාෂාවට ආවේනික සමහරක් උච්චාරණයන් නිවැරදිව තවත් භාෂාවකින් ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. මේ නිසා කිසියම් භාෂාවක් මඟින් ලියන ලද යමක් කියවීමේ දී එම භාෂාව පිළිබඳව අවබෝධයක් පැවතීම අනිවාර්ය අවශ්‍යතාවයක් වේ. කෙසේ වෙතත් ඉහතින් සදහන් දුර්වලතාවය අවම කරගෙන ඒ සදහා සමහරක් අවස්ථාවල ඉංග්‍රීසි අකුරු ද භාවිතයට ගෙන පහත ආකාරයට ශුද්ධ වූ කුර්ආනයේ පරිච්චේද කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරමි.

අල් – ෆාතිහා

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්රහ්මානිර්රහීම්. මාලිකි යවුමිද්දීන් ඉයියාක නඋබුදු වඉයියාක නස්තඊන්. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. සිරාතල්ලzදීන අන් අම්ත අලයිහිම්. ඝයිරිල් මඋලූබි අලයිහිම් වලල්ළාල්ලීන්”

අන් – නාස්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“කුල්අඌzදු බිරබ්බින්නාස්. මලිකින් නාස්. ඉලාහින් නාස්. මින්ෂර්රිල් වස්වාසිල් හන්නාස්. අල්ලzසි යුවස්විසු ෆීසුදූරින්නාස් මිනල් ජින්නති වන්නාස්”

අල් – ෆලක්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“කුල් අඌzදු බිරබ්බිල් ෆලක්. මින්ෂර්රිමා හලක්. වමින් ෂර්රි ඝාසිකින් ඉzසා වකබ්. වමින් ෂර්රි නෆ්ෆාzසාති ෆිල් උකද්. වමින් ෂර්රි හාසිකින් ඉzසා හසද්”

අල් – ඉහ්ලාස්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“කුල් හුවල්ලා0හු අහද්. අල්ලාහුස් සමද්. ලම් යලිද් වලම් යූලද්. වලම් යකුල්ලහු , කුෆ්වන් අහද්”

අල් – ලහබ්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“තබ්බත් යදා අබි ලහබිව් වතබ්. මා අ:නා අන්හු මාලහු , වමා කසබ්. සයස්ලා නාරන් zසාත ලහබ්. වම්රඅතුහු , හම්මාලතල් හතබ්. ෆී ජිදිහා හබ්ලුම් මිම් මසද්”

අන් – නසර්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“ඉzසාජාඅ නස්රුල්ලාහි වල්ෆතහ්. වරඅයිතන්නාස යද් හුලුන ෆී දීනිල්ලාහි අෆ්වාජා. ෆසබ්බිහ් බිහම්දි රබ්බික වස්ත:ෆිර් , ඉන්නහු කාන තව්වාබා”

අල් – කාෆිරූන්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“කුල් යා අයියුහල් කාෆිරූන්. ලා අ:බුදු මා අ:බුදූන්. වලා අන්තුම් ආබිදූන මාඅ:බුද්. වලා අනආබිදු මා අබත්තුම්. වලා අන්තුම් ආබිදූන මාඅ:බුද්. ලකුම් දීනුකුම් වලියදීන්”

අල් – කවුසර්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“ඉන්නා අ:තයිනා කල් කවුසර්. ෆසල්ලි ලිරබ්බික වන්හර්. ඉන්න ශානිඅක හුවල් අබ්තර්”

අල් – මාඌන්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“අරඅයිතල්ලzසි යුකzසිබු බිද්දීන්. ෆzසාලිකල්ලzසි යදු:උල් යතීම්. වලා යහුල්ලු අලා තආමිල් මිස්කීන්. ෆවයිලුල් ලිල් මුසල්ලීන්. අල්ලzසින හුම් අන් සලාතිහිම් සාහූන්. අල්ලzසින හුම් යුරා ඌන්. වයම් නඌනල් මාඌන්”

අල් – කුරෙයිෂ්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“ලිඊලා ෆිකුරයිෂ් . ඊලා ෆිහිම් රිහ්ල තෂ්ෂිතාඉ වස්සයිෆ් . ෆල් ය:බුදු රබ්බ හාzසල් බයිත් . අල්ලzසි අත්අමහුම් මින් ජූඉව් වආමනහුම් මින් හව්ෆ්”

අල් – අසර්

අඌzදු බිල්ලාහි මිනෂ්ෂයිතානිර්රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්!

“වල් අසර් . ඉන්නල් ඉන්සාන ලෆී හුස්ර් . ඉල්ලල්ලzසීන ආමනු වඅමිලුස් සාලිහාති වතවාසව් බිල්හක්කි වතවාසව් බිස්සබ්ර්”

(මෙහි ඉදිරිපත් කර ඇත්තේ ශුද්ධ වූ කුර්ආනයේ කුඩා පරිච්චේද කිහිපයක් පමණි. සත්භාවයෙන් ඉදිරිපත් කරන මෙම ඉහත ඉදිරිපත් කිරීමෙහි කිසියම් දෝෂයක් ඇත්නම් ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කොට සිටිමි.)

අල් කුර්ආනීය විමසුම්
ඔවුන්මය ජය ලබන්නෝ
(2:152) එබැවින් මාව මතක තබා ගන්න. මම ඔයාව මතක් කරන්නම්. තවද මට කෘතඥ වන්න, මා ප්‍රතික්ෂේප නොකරන්න. (2:153) විශ්වාස කළ අයනි, ඉවසීමෙන් සහ සලාතයෙන් උපකාර පතන්න. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයන් සමඟය. (2:154) තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි ඝාතනය කරනු ලැබූවන් ගැන "ඔවුන් මිය ගොස් ඇත" යැයි නොකියන්න. ඒ වෙනුවට, ඔවුන් ජීවතුන් අතර, නමුත් ඔබට [එය] වැටහෙන්නේ නැත. (2:155) තවද නියත වශයෙන්ම අපි ඔබව බියෙන් හා කුසගින්නෙන් සහ ධනය හා ජීවිත හා ඵල අහිමිවීම් වලින් ඔබව පරීක්ෂා කරන්නෙමු, නමුත් රෝගියාට ශුභාරංචිය දෙන්නෙමු, (2:156) ඔවුන්ට විපතක් පැමිණි විට, ඔවුන් මෙසේ පවසන්න. නියත වශයෙන්ම අපි අල්ලාහ්ට අයත් වන්නෙමු, නියත වශයෙන්ම අපි ඔහු වෙත ආපසු යන්නෙමු." (2:157) ඔවුන්ගේ පරමාධිපතිගෙන් ආශීර්වාද සහ දයාව ඇත්තේ ඔවුන් වෙතය. තවද ඔවුන්ම (නිවැරදිව) යහමග ලබන්නෝ වෙති.

අල්කුර්ආනය - දෙවන පරිච්චේදයේ 2-152 සිට 157 දක්වා

ලොව පැරණිම අල් කුර්ආනය එංගලන්තයෙන්

ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි. රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ.

බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ.

එතරම් කාලයකට පසු එම ලේඛනය සොයා ගැනීමට හැකි වීම ඉතා විශ්මිත අත්දැකීමක් වන අතර මෙම පුවත ලොව පුරා ඉස්ලාම් ලබ්ධිකයින් සතුටට පත් කරනු ඇති බවයි බ්‍රිතාන්‍ය පුස්තකාල ලේඛන පිලිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය මුහම්මද් ඉසා වේලි පවසන්නේ.

රේඩියෝ කාබන් විකිරණ පරීක්ෂණ

පුස්තකාලයේ මැද පෙරදිග අනෙකුත් පැරණි ලේඛන අතර තිබී සොයා ගැනුණු මෙම කුරානයේ පිටපත දැනට වාර්තා වී ඇති පැරණි කුරාන පිටපත් වලින් පැරණිම පිටපත ලෙස සැලකිය හැකි බවයි වාර්තා වෙන්නේ.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රේඩියෝ කාබන් විකිරණ අංශයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ ලේඛනයේ පිටු බැටළුවන් හෝ එළුවන්ගේ සම යොදා ගෙන නිමවා තිබෙන බවයි.

මෙම ලේඛනය දැනට ආරක්ෂිතව පවතින පැරණිම කුරාන් පිටපත් වලින් එකක් බව සනාථ වී තිබේ.

සිදු කරනු ලැබූ රේඩියෝ කාබන් විකිරණ පරීක්ෂණ වලින් ලේඛනයේ කාලය නිර්ණය කිරීමට 95% ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බව පවසන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් කණ්ඩායම පවසන්නේ ක්‍රි.ව 568 ත් ක්‍රි.ව 645 ත් අතර මෙය ලියැවී ඇති බවයි.

ඉස්ලාම් ප්‍රවාදය

ඉස්ලාම් ප්‍රවාදයන්ට අනුව මොහොමඩ් නබිනායක තුමා විසින් හෙළිදරව් කරන ලද ඉස්ලාම් ආගමික ධර්ම ග්‍රන්ථය ඔහුගේ මරණය සිදුවූ ක්‍රි.ව 610 ත් ක්‍රි.ව 632 ත් අතර කාලය තුල ලියවී තිබෙන බවටයි විශ්වාස කෙරෙන්නේ.

බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුහම්මද් ඉසා වේලි පවසන්නේ ඉස්ලාම් ප්‍රවාදය සහ මෙම ලේඛනය කෙතරම් පැරණිද යන්න සසඳන විට මෙම කුරාන පිටපත ලියන ලද පුද්ගලයා මොහොමඩ් නබිනායක තුමා ජීවත්ව සිටි කාලයේ ඔහු දේශනා කළ ධර්මයේ අභාෂය ලබමින් මෙය ලේඛන ගත කළ බව විශ්වාස කළ හැකි බවයි.

නව ඉරාකයේ මොසුල් ප්‍රදේශයේ උපත ලද බවට විශ්වාස කෙරෙන ඇල්ෆෝන්ස් මින්ගානා නම් පුජකවරයා විසින් 1920 දී සොයා ගනු ලැබූ වසර 3000කට වඩා පැරණි මැද පෙරදිග ලේඛන එකතුවක් බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ මින්ගානා එකතුව නමින් නම් කර ගබඩා කර තිබූ අතර මෙම පැරණිම කුරාන පිටපත ඉන් එක් ලේඛනයකි.

ලෝකයේ පැරණිම චොක්ලට් නිෂ්පාදනයේ කොටස්කරුවෙකු වූ එඩ්වඩ් කැඩ්බරි විසින් සැපයූ මුල්‍ය ප්‍රතිපාදන සහ දෙනු ලැබූ උපදෙස් පරිදි මැදපෙරදිග සංචාරයන්ට එක්වූ ඇල්ෆෝන්ස් මින්ගානා නම් පුජකවරයා විසින් මැදපෙරදිග ඉතිරිව තිබූ පැරණිම ලේඛන එකතු කළ බවයි පැවසෙන්නේ.

අල් කුර්ආනීය සමාජයක් කරා නැවතත්

ඉස්ලාම් දහම පිලිබදව කථා කරන විට එහි දේව පුස්තකය වන ශූද්ධ වූ කුර්ආනයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. දෙවියන් විසින් මිහිමත මිනිස් වර්ගයා මවා ඔහුව මෙලොව අසරණ කර නොදමා ඔහුට සත්‍ය අසත්‍ය, හොද නරක, ජය පරාජය, යහපත අයහපත… යනාදී සියල්ල අවවාද අනුශාසනා නඟන දිව්‍යමය මඟපෙන්වීමක් ද ලබාදෙන ලදී. ආරම්භ මිනිසා වන ආදම් (අලෛ) තුමාගේ පටන් අවසාන දේව වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා වූ සෑම වක්තෘවරයෙකු මඟින්ම දෙවියන් විසින් මිනිස් සමාජයට මෙලෙස අවවාද අනුශාසනා සිදුකලා යන්න ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමයි.

ඒ අනුව අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල කරන ලද දිව්‍යමය පුස්තකය වන්නේ ‘අල් කුර්ආනය’ යි. මේ අනුව මුස්ලීම් සමාජය සෑමවිටම මුහම්මද් (සල්) තුමාණන්ට පහල කල ඒ දේව පුස්තකය පදනම් කරගෙන තම ජීවිතය සකසා ගැනීම ඉස්ලාම් දහම පෙන්වාදෙන අනිවාර්‍ය වගකීමක් වේ. මේ හේතුව නිසාම යහමග අඩවිය තුල මීට ඉහත අවස්ථා ගණනාවකදීම මෙම අල් කුර්ආනය මූලික කරගෙන කරුණු ගණනාවක්ම සාකච්චා කොට ඇත. මෙලෙස ශුද්ධ වූ කුර්ආනය පදනම් කරගෙන විවිධ මාතෘකාවන් මීට පෙර සාකච්චාවට ගැණූනද අද දිනයේ කුර්ආනීය සමාජයක් කර නැවතත් යන මාතෘකාව ඔස්සේ නැවතත් මෙහි කථා කිරීමට යන්නේ ශුද්ධ වූ කුර්ආනය පිලිබදව නම් නොවේ. මෙහි කථා කිරීමට යන්නේ මේ අල් කුර්ආනය දරා සිටින මුස්ලීම් සමාජය පිලිබදවයි.

මුස්ලීම් සමාජය පදනම් කරගෙන යහමග අඩවිය ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්‘ යනුවෙන් මාතෘකාවක් යෙදීම පිලිබදව මුස්ලීම් සමාජයේම විවිධ පාර්ශවයන්ට මේ වනවිටත් විවිධ වූ ගැටළු පැන නැඟී තිබෙන්නට පුළුවනි. එනම්,

අල් කුර්ආනය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ පවතින මතවාද
• එක් පාර්ශවයක් – මුස්ලීම්වරුන් වන අප ජීවත් වන්නේ ශුද්ධ වූ කුර්ආනය සමඟ නොවේද?, මුස්ලීම්වරුන් වන අප ශුද්ධ වූ කුර්ආනයට ඉහල ගෞරවයක් පිරිණාමා තිබෙනවා නොවේද?, සුභ කටයුතුවල දී එනම්, නිවසක් ගෙවැදීමක දී, එසේත් නැත්නම් ව්‍යාපාරික කටයුත්තක් ඇරඹීමකදී… යනාදී වශයෙන් යමක් ආරම්භ කිරීමේ දී මුස්ලීම්වරුන් වන අප ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ මේ ශුද්ධ වූ කුර්ආනයට නොවේද?, එපමණක් නොවේ මියගිය අපේ ඥාති මිතුරන් සදහා අපි මේ කුර්ආනය කොතරම් නම් පාරයානය කොට පරිත්‍යග කොට තිබෙනවාද?, එපමණක් ද නොවේ නිවසේ කුඩා දරුවන් පටන් වැඩිහිටියන් දක්වා සියළු පාර්ශවයන් දිනපතා උදේ සවස මේ කුර්ආනය කොතරම් නම් පාරයනය කරනවාද?, එතැනින් ද නතර නොවූ අප නූතන තාක්ෂණය උපයෝගි කරගෙන අපේ නිවැස්වල උදේ සවස සී.ඩී යන්ත්‍ර, කැසැට් යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර… යානදී තුලින් පවා නිතර ශුද්ධ වූ කුර්ආනය පාරායනය කරන්න සලස්වනවා නොවේද?. එතැනින්ද නතර නොවී අපේ ජංගම දුරකථන පවා අද බොහෝ විට නාද නඟන්නේ කුර්ආන් පාඨයක් නොවේද?… මේ ආකාරයට ශුද්ධ වූ කුර්ආනයට ඉතා සමීප දිවියක් ගෙවන අපට ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් ආරාධනා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද?. මේ වර්ථමාන සමාජයේ සමහරක් පිරිසට ඇතිවිය හැකි සාධාර්ණ කුතුහලයකි.
• තවත් පාර්ශවයක් – මේ කුර්ආනය සාමාන්‍ය ජනතාව වන අපට තේරෙන්නේ නැහැ. මේ ශුද්ධ වූ කුර්ආනයේ අරුත් පැවසීමටත්, එය අවබෝධ කරගැනීමටත් ඒ සදහා විශේෂිත වූ කලාවන් ගණනාවක් ප්‍රගුණ කලයුතුයි. අඩුම තරමින් ආගමික පූජකවරයෙකු (මවුලවි) තත්වයට හෝ පත්විය යුතුයි. මෙයත් මුස්ලීම් සමාජයේ සැලකිය යුතු පිරිසක් නිරන්තරයෙන් මතු කරන කුතුහලයකි.
• තවත් පාර්ශවයක් – ශුද්ධ වූ කුර්ආනය පාරායනය කලොත් ඇති, එහි මහිමය දැන සිටියොත් ඇති, එහි පැවසෙන කරුණු හා එහි අරුථ ගැඹූරින් අධ්‍යනය කිරීම සෑම කෙනෙකුටම අවශ්‍ය හෝ අදාල නොවේ. එසේ කිරීමට ද නොහැක. ඒ සදහා වූ සුවිශේෂි ඥානයන් අපට ඇත්තේද නැත. මෙයත් බහුතරයක් පවසන තවත් කාරණයකි.

මේ ආකාරයට මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ වර්ථමාන මුස්ලීම් සමාජය ශුද්ධ වූ කුර්ආනය සම්බන්ධයෙන් දරණ හා මතු කරන ජනප්‍රිය මෙන්ම ප්‍රබල මතවාද අතුරින් කිහිපයකි. මේ මතවාදයන් කොතරම් දුරකට සාධාර්ණ ද යන්නත්, බුද්ධිමත් මතවාදයන්ද යන්නත් මුස්ලීම් සමාජය පදනම් කරගෙන විමසා බැලීමට ප්‍රථම අවබෝධ කර ගතයුතු පොදු කාරණයක් ඇත. එනම් මේ පවසන සමාජ ආකල්පය දකින්නට ඇත්තේ ‘මුස්ලීම් සමාජය තුල පමණක් නොවේ’ යන්නයි. ලොව සෑම දහමකම මෙවැනි භක්තිය ඉහවහා ගිය ඒ තුල අන්ධ වූ භක්තික පිරිස් දක්නට ලැබේ. තමන් පිලිපදින දහම පූජකවරුන්ට සීමා කොට ඔවුන්ගේ වදන් අන්ධ භක්තික ලෙස ඇදහීම ලොව සෑම දහමකම දක්නට ඇති පොදු තත්වයකි. කවදත් ආගම දහම කෙරෙහි අසීමිත භක්තියක් හා ගෞරවයක් හඳ තුල නිර්මාණය කරගන්නා නූගත් පොදු ජනතාව දහම වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා ඒ ඒ ආගමික පූජකවරුන්ගේ පිහිට පැතීම අතීතයේ පටන් දක්නට තිබෙන පොදු සමාජ තත්වයකි. විශේෂයෙන් ආගමික කරුණූ ඉගෙනීමට ඇති අලසකමත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් නොමැතිවීමත්, මේ නිසාම දහමේ මූලික කරුණූ පිලිබදව පවා තිබෙන අනවබෝධයත්, දහම කෙරෙහි ඇති අන්ධ හා අසීමිත භක්තියත්, වැරදි මඟපෙන්වීමත් හේතු කොටගෙන මෙවැනි තත්වයක් ආගම් තුල නිර්මාණය වීම නොවැලැක්විය හැකි කාරණයකි.

ඉහත කරුණු පදනම් කරගෙන කිසියම් පුද්ගලයෙකු තමන් අදහන දහම තුල අන්ධ භක්තිකයෙකු බවට පත්වීමට වැඩි ඉඩක් ඇත. තමන් අදහන දහමේ මූලික ඉගෙන්වීමන් කුමක්ද?, එම දහම අවබෝධ කරගතයුත්තේ කෙසේද? වැනි කරුණූ දහම තුලින් අවබෝධ කර නොගෙන විවිධ පුද්ගල අදහස් තුල අවබෝධ කරගැනීමට යාම තුල සමහරක් අවස්ථාවල වැරදි මඟපෙන්වීමන්ට ගොදුරු වී සත්‍ය දහම වසන් වී ඒ වෙනුවට එම දහම තුල මිත්‍යාවන් නිර්මාණය වීමට පුළුවන. එවිට සමාජය තුල පිරිසිදු දහම වසන් වී යනු ඇත. මේ අවාසනාවන්ත ඉරණම අද ලොව සෑම දහමකටම උදාවී ඇති අතර ඉස්ලාම් දහමට අද එයින් මිදීමට හැකි වී නැත. මේ අවාසනාවන්ත ඉරණම මුස්ලීම් සමාජය තුලත් නිර්මාණය වීම හමුවේ ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් ඔවුනට නැවත ආරාධනා කිරීමේ කාලීන අවශ්‍යතාවයකි.

අල් කුර්ආනය සම්බන්ධයෙන් වැරදි මඟපෙන්වීම

මීට වසර 1400 කට පෙර ආගම දහම එක්තරා ප්‍රභූ හා පූජක පැලැන්තියකට පමණක් සීමා වූ සමාජයක් හමුවේ ‘ඉස්ලාම්’ නම් දහම මුහම්මද් (සල්) තුමාණන්ට පහල විය. එසේ පහල වූ ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට ප්‍රකාශ කොට එය සමස්ථ සමාජයට පොදු වූ කාරණයක් ලෙස දායාද කරන ලදී. නමුත් මෙම දායාදය තවදුරටත් ආරක්ෂා කොට ඉදිරි පරම්පරාවට දායාද කලයුතු වගකිවයුත්තන් සිදුකලේ මේ දහම තමන්ගේ බඩගෝස්තරය රුක ගැනීම සදහා යලි තමාට උරුම වූ භූදලයක් ලෙස පොදු ජනතාවගෙන් සින්නකරව ලියා ගැනීමයි. එහිදී ඔවුන් යොදාගත් පලමු සීමා කඩුල්ල වූයේ මේ කුර්ආනය පොදු ජනතාව වන ඔබට තේරෙන්නේ නැහැ. එය අප විසින් තමා පැහැදිලි කලයුත්තේ යන්නයි. එතැනින් නතර නොවූ ඔවුන් එය තවත් ජනතාවගේ සිත්තුල දැඩිව සටහන් කිරීම සදහා මේ කුර්ආනයට අරුත් පැවසීම කල හැක්කේ ආගමික පූජකවරුන්ට පමණයි. මේ කුර්ආනයට අරුත් පැවසීමට කලාවන් ගණනාවක් ප්‍රගුණ කලයුතු යනුවෙන් පවසමින් එම වැට කඩුලු තව තවත් ශක්තිමක් කරන ලදී. මේ ආකාරයට ශුද්ධ වූ දහම කෙරෙහි ජනතා නැඹූරුවට වැට බැදීම තුල අවසානයේ ඉස්ලාම් නමින් මුස්ලීම් සමාජය හමුවේ බොහෝ විට ඉතිරි වුයේ පුද්ගල චරිත ඉස්මතු කරන හා පූජක පන්තියට ගරු භූහුමන් දක්වන, ඔවුනට දානමාන පිරිනමන ඔවුන්ගේ බඩගෝස්තර රුකෙන පටු අරමුණුවලට සීමාවූ විකෘති දහමක් පමණි. මෙවැනි සමාජයක් මධ්‍යයේ හිද ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් මස්ථ මුස්ලීම් සමාජයට ආරාධනා කිරීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය වගකීමකි.

එපමණක් ද නොව නූතන යුගයේ ජීවත් වන මිනිසා වෙන කවරදාකටත් වඩා වැඩි වශයෙන් අධ්‍යාත්මික කරුණූ සම්බන්ධයෙන් වාද විවාදයන් සිදුකිරීමටත්, සංවාදයන් ගොඩනැඟීමටත්, තර්ක විතර්ක ඉදිරිපත් කිරීමටත්, ඒ පිලිබදව විමසා බැලීමටත් දැඩි උනන්දුවක් හා උද්යෝගයක් දක්වයි. නමුත් ඔවුන් අතුරින් බහුතරයක් කරන්නේ තමන් පිලිගෙන පිලිපදින දහම හැර අනිකුත් ආගම්වල කිසිදු හරයක් නැතැයි යන උපකල්පනයේ හිඳ එසේම ඒ කිසිවක් අධ්‍යනයකින් තොරව ප්‍රතික්ෂේප කරමින් තම ආගමික වංශේ කබල් ගෑම පමණි.

එතැනින් ද නතර නොවන තවත් සමහරක් පිරිස් අනිකුත් දහමන් ට එරෙහිව විවිධ වූ වාද විවාදයන් ඉදිරිපත් කරමින් එම දහමන් විවේචනය කිරීමටත්, උපහාසයන්ට හා අපහසයන්ට ලක් කිරීමටත් ඉදිරිපත් වන්නේ එහි මූලික ඉගෙන්වීමන් පිලිබදව පවා අනවබෝධයෙනි. මෙම තත්වයන් අන්තර්ජාලය තුල සැරිසරන ඕනෑම කෙනෙකුහට විශේෂයෙන් සිංහල භාෂාමය බ්ලොග් අවකාශය තුල සැරිසරන ඕනෑම කෙනෙකු හට සුලභව දකින්නට ලැබෙන විශේෂයෙන් යහමග අඩවිය තුලින් පවා බොහෝ අවස්ථාවල කථා බහට ලක්කල තත්වයකි. මෙවැනි පිරිසගේ වාද විවාදයන් දෙස බුද්ධිමත් ලෙස ඔබ විමසා බලන විට ඒවාට බොහෝ විට පදනම් වී ඇත්තේ ඉස්ලාම් නමින් මුස්ලීම් නම් බො‍ඩ් ලෑල්ල දරාගත් කිසියම් පුද්ගලයෙකුගේ හෝ කල්ලියකගේ ක්‍රියාකලාපයන් මිස ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් නොවන බවයි. මෙහිදී එම බ්ලොග්කරුවන්ගේ ක්‍රියාකලාපය හරිද? වැරදිද? යන්න මෙම අඩවිය තුල කිහිප අවස්ථාවක කථා කොට ඇති නිසා එම කාරණයට මෙහිදී යොමු නොවී මුස්ලීම්වරුන් වන අප සමාජය තුල ක්‍රියාකරන ආකාරයත් ඒ තුල සමාජය තුල මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් ඇතිවන ආකල්පය හමුවේ ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් මුස්ලීම්වරුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීම මුස්ලීම්වරයෙකුගේ යුතුකමකි.

අල් කුර්ආනය මුස්ලීම් සමාජයට කල බලපෑම

ඉහතින් සදහන් අවශ්‍යතා, වගකීම හා යුතුකම හොදින් අවබෝධ කරගත් යහමග අඩවිය මෙම විෂය පිලිබදව තරමක් ගැඹුරින් කථා කිරීමට අදහස් කරමි. ඊට මත්තෙන් මීට වසර කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය හිටපු ආග්‍රාමාත්‍ය ග්ලෑඩ්ස්ටොන් පාර්ලිමේන්තුවේදී ශුද්ධ වූ කුර්ආනයක් ගෙන කෑලි කෑලිවලට ඉරාදමා ඉන් අනතුරුව පැවසූ කාරණයක් ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එය මෙසේය…

…මෙලෙස කුර්ආනය ඉරා දැමීමෙන් මෙම කුර්ආනය විනාශ වී යනු ඇතැයි මා විශ්වාස නොකරමි. එය මුස්ලීම්වරුන්ගේ හඳවත්වලින් ඉරා දැමිය යුතුයි…

ශුද්ධ වූ කුර්ආනයේ බලගතු බව විශේෂයෙන් ඒ ඔස්සේ මුස්ලීම් සමාජය තුල ගොඩනැ‍ඟෙන නොබි‍‍ඳෙන බැදීම පිලිබදව කලබලයට පත් මෙවැනි පිරිස් ඉතිහාසය පුරාවටම විටින් විට දක්නට ලැබේ. එවැනි චරිත අතර මේ ග්ලෑඩ්ස්ටෝන් තවත් එක් පුද්ගලයෙකු පමණි. මේ නිසා මෙහිදී ඔහුගේ ක්‍රියාකලාපය පිලිබදව කථා කිරීම අවශ්‍ය ‍නොවේ. නමුත් ඔහුගේ ඒකායන පැතුමට දැන හෝ නොදැන මුස්ලීම්වරුන් වන අප සෘජු දායකත්වයක් ලබාදෙමින් දිනෙන් දින ශුද්ධ වූ කුර්ආනයෙන් දුරස්වෙමින් සිටීම මෙහිදී කථා කලයුතුම කාරණයකි. අඥානය රජකල නූගත් සමාජයක් මධ්‍යයේ ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශවීමත් සමඟ සහෝදරත්වයේ දෑත් එම සමාජය තුල දිගුවූයේ සමස්ථ සමාජයම ඒකීය පවුලක් බවට පරිවර්ථනය කරමිනි. එවකට පැවතී එම සමාජය, නූතන සමාජය මෙන් සාරධර්මවලින්, ඉහල අධ්‍යාපන හා දැනුම් මට්ටම්වලින් පොෂිත සමාජයක් නොවිය. එම සමාජයේ පැවතී එකම න්‍යාය බලවතා ජයග්‍රාහකයා, දුබලයා පරාජිකයා යන්න පමණි. එවන් වූ සමාජයක් මධ්‍යයේ ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වීමත් සමඟ සිදු වෙනස මොහොතක් විමසා බලන්න.

• ‘හිජ්රත්’ නම් මක්කාවේ සිට මදීනාවට පලා ආ මුස්ලීම්වරුන් සමඟ මදීනාවාසීන් තම සමස්ථ දේපලම දෙකඩ කොට බෙදාගන්නා සහෝදරත්ව බැදීම,
• දුගියා වෙනුවෙන් සමස්ථ ධනය කැපකිරීමට පෙළඹූනු ආදරණීය බැදීම,
• ලෞකික සැප එකම අරමුණූ කොට ජීවත් වූ පිරිස ලෝකොත්ර විමුක්තිය එකම හා අවසාන අරමුණූ කොට ක්‍රියා කිරීමට ඇරඹීම,
• වෛරය, ක්‍රෝධය පෙරටුකරගෙන ගෙවූ ජීවිතයට ආදරය ආදේශවීම,

මේ ආකාරයට එදා සමාජය ශුද්ධ වූ කුර්ආනය මඟින් උඩුයටිකුරු වීම ඉස්ලාමීය ඉතිහාසය පුරාවට කියාපාන සත්‍ය්‍යකි. එය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා නිදසුන් දෙකක් පවසනවා නම්,

• ඉස්ලාමීය ඉතිහාසයේ සුවිශේෂි චරිතයක්, එසේම ඉස්ලාම් දහම තුල විශිෂ්ඨ වූ පුද්ගලයන් අතර සුවිශේෂි පුද්ගලයෙකු වන උමර් (රලි) තුමාගේ ඉස්ලාම් දහමට අවතීරණය වීමේ මොහොත මෙහි සදහන් කල හැක. මුහම්මද් (සල්) තුමාණන් පවා ‘අල්ලාහ් (දෙවි) උමර්ගේ මුවින් කථා කරනවා’ යයි පවසන තරමට විශිෂ්ඨ වූ චරිතයක් බවට පරිවර්ථනය වූ උමර්ගේ එදා ඒකායන පැතුම කෙසේ හෝ මුහම්මද් (සල්) තුමාණන් ඝාතනය කොට ඉස්ලාම් දහම විනාශ කිරීම යන්නයි. නමුත් හදිස්සියේ කන වැකුණූ ශූද්ධ වූ කුර්ආන් පාඨයක් ලෝක විනාශ දිනය දක්වාම එතුමා‍ගේ නම ඇසූ පමණින් සෑම මුස්ලීම්වරයෙකුම ‘රලියල්ලාහු අන්හු’ (අල්ලාහ් (දෙවි) ඔවුන් කෙරෙහි සෑහිමට පත්වේවා!) යයි පවසන උතුම් තැනකට පත්කලා නොවේද?

එසේම...

• එදා මක්කා සමාජයේ ධනකුවේරයෙකු වන අබූ තල්හා (රලි) තුමා පිලිබදව මොහොතක් විමසා බලන්න. එතුමා ලඟ සේවය කල අනස් (රලි) පවසයි. එක්තරා පුද්ලගයෙකු දිවවිත් ‘මත්පැන් තහනම් කරමින් ශූද්ධ වූ කුර්ආන් වාක්‍යයක් පහල වී ඇත.’ යයි පැවසුවා පමණි. එතෙක් මහා පරිමානයේ ගුදම් හිමිකරුවෙකු එතුමාණන් තමා සතු සියළු මත්පැන් විනාශ කරන්නට මට අණ කරන ලදී. එපමණක් නොව සමස්ථ සමාජයම සුරාවෙන් මත්ව පැවති අවදියක එම ශුද්ධ වූ කුර්ආන් පාඨය පහල වීමත් සමඟ මුළු මක්කාවේම මං මාවත්වල මත්පැන් ගංඟාවන් ගලන්නට වුයේ ඊලඟ මොහොතේ පටන් ජනයා මත්පැන් ප්‍රතික්ෂේප කිරීම නිසාම පමණි.

මේ ශුද්ධ වූ කුර්අනය එදා සමාජයට සිදුකල බලපෑම කියාපාන සරල කාරණා දෙකක් පමණි. වර්ථමාන මුස්ලීම් සමාජය පවසනවා සේ ‘ශුද්ධ වූ කුර්ආනය අපට තේරෙන්නේ නැහැ, ඒක තේරුම් ගැනීම අපට අදාලත් නැහැ…’ යනාදී වශයෙන් වැදි බණ දෙසන පිරිස් ඉහත කරුණූ නැවත නැවතත් බුද්ධිමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. ඒ නැතත් ඔවුන්ගෙන් මෙහිදී මා සරල පැනයන් කිහිපයක් විමසන්නට කැමැත්තෙමි. එනම්,

• ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය මුස්ලීම් ජනයාට නොතෙරෙන්නේ නම්, අතීතයේ ඉස්ලාම් විරෝධියෙකු වූ උමර් (රලි) තුමාණන්ට එය වැටහුණේ කෙසේද?
• අඥාන සමාජයේ ජීවත් වූ උමර් (රලි), අබූතල්හා (රලි)… යනාදී සහාභාවරුන්ට අවබෝධ වන තරමින්වත් නූතන බුද්ධීමත් සමාජයට ශුද්ධ වූ කුර්ආනය තේරෙන්නේ නැතැයි ඔබට හඳවතට එකඟව පැවසිය හැකිද?
• ශුද්ධ වූ කුර්ආනය අවබෝධ කර ගැනීමට නොහැකි නම්, අද ලොව සෑම භාෂාවකින්ම මෙම ශුද්ධ වූ කුර්ආනය පරිවර්ථනයන් සිදුකොට ඇත්තේ කෙසේද?
• ශුද්ධ වූ කුර්ආනය තේරුම් ගන්න බැරිනම් අල්ලාහ් (දෙවියන්) මෙය පහල කොට ඇත්තේ කුමක් සදහාද?, කවුරුන් සදහාද?

අල් කුර්ආනය ඔබ අමතයි

ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට නොහැකි බව පවසනමින් එයින් මුස්ලීම් ජනතාව දුරස්කොට ඇති බඩගොස්තරවාදී පිරිස් ඉහත පැනයන්ට පැහැදිලි පිලිතුරු ලබාදිය යුතුය. එසේම එම මිත්‍යාව තුල කොටු වී සිටින මුස්ලීම් සමාජය ද තවදුරටත් එවැනි මිත්‍යාවන් තුල කොටු නොවී මෙම කාරණය නැවත නැවතත් බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. ඒ සදහා පහත ශුද්ධ වූ කුර්ආන් පාඨයන් ඔබට පිටුවහලක් වනු ඇත.

මේ අල්ලාහ්‍ (දෙවි)ගේ දහමයි. මෙහි කිසිදු සැකයක් නැත. බියබැතියන් හට විශිෂ්ඨ වූ මඟපෙන්වීමකි

අල්කුර්ආනය 2-2

සත්‍යවශයෙන්ම මෙම කුර්ආනය සම්පූර්ණයෙන්ම යහමඟ පෙන්වන්නේය

අල්කුර්ආනය 17-9

(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය හඳවත් හි ඇති රෝග සුවකරන්නක්වද, තමාව අනුගමනය කරන්නන් හට මඟපෙන්වන්නක්වද, (ඔබලාට) භාග්‍යයක් ලෙසද පවතින්නේය

අල්කුර්ආනය 10-57

මිනිස් සමාජයට මඟපෙන්වන්නක් ලෙසද, යහමඟට පැහැදිලි අවවාදයන් පවසන්නක් ලෙසද, සත්‍ය හා අසත්‍යය වෙන්කොට පෙන්වන්නක් ලෙසද, කුර්ආනය පහල කරන ලදී.

අල්කුර්ආනය 2-185

මෙය ශුද්ධ වූ ග්‍රන්ථයකි, මෙය නුඹලා කෙරෙහි මා පහල කොට ඇත්තෙමු. නුඹලා අඳුරින් ආලෝකය වෙත ගෙන එනු පිණිසය.

අල්කුර්ආනය 14-1

ශුද්ධ වූ කුර්ආනය මුස්ලීම් සමාජය දෙස බලා මෙලෙස ආමන්ත්‍රණය කරද්දී මුස්ලීම්වරුන් වන අප මෙය අපට තේරෙන්නේ නැහැ, මේක තේරුම් ගන්න අපට ශක්තියක් නැහැ යනුවෙන් පවසා එහි ඉගෙන්වීමන් කෙරෙහි අවධානය යොමු නොකොට සිටීම සමාජයක් ලෙස කොතරම් අවාසනාවන්ත ඛේදවාචකයක්ද?. වර්ථමාන මුස්ලීම් සමාජය සැලකූවිට ශුද්ධ වූ කුර්ආන් පාඨයන් වනපොත් කිරීමට දැඩි උනන්දුවක් දැක්වුවත්, කටුස්සා කර බැදි රන් මාලේ මෙන් එහි ඉගෙන්වෙන අදහස් හි වටිනාකම අවබෝධ කර ගැනීමට උනන්දු නොවී කවුරු කවුරුන් හෝ පවසන දෑ දහමේ නමින් පිලිගෙන ඔවුන් දෝත් මුදුනින් තබා පුදමින් ශූද්ධ වූ කුර්අනයට දෙවැනි තැන ලබාදීමට කටයුතු කරමින් සිටින තත්වයක් සමාජය තුල දක්නට ඇත. ශුද්ධ වූ කුර්ආනය මුස්ලීම් සමාජය තුලින් අපේක්ෂා කල අරමුණ එය නොවේ. ශුද්ධ වූ කුර්ආනය 38-29 වාක්‍යය මඟින් එය මිනිස් සමාජය මධ්‍යයේ පහල වීම අරමුණ ඉතා පැහැදිලි ලෙස මෙසේ පවසයි. එනම්,

(ශුද්ධ වූ කුර්ආනය වන)‍මෙය නුඹලා කෙරෙහි පහල කර ඇත්තේ, ජනතාව මෙහි වචනයන් කෙරෙහි විමසා බැලීම සදහාත්, බුද්ධිමතුන් මේ තුලින් අවවාද ලැබීම සදහාත්ය!,

අල්කුර්ආනය 38-29

මුස්ලීම් ඔබට සරල පරීක්ෂණයක්

ඉස්ලාම් බුද්ධියට මුල්තැන දී අවබෝධය තුලින් ගොඩනඟා ගන්නා විශ්වාසයට මුල්තැන දෙන දහමක් බව මීට ඉහත ද චින්තන නිදහස හා වලහ්භාවය යන ලිපිය තුලින් කරුණූ සාකච්චා කලා ඔබට මතක ඇතැයි සිතමි. එවන් වූ දහම තුල ශුද්ධ වූ කුර්ආනයේ ඉහත ආකාරයට 38-29 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) කුර්ආනීය සමාජයක් කරා මුස්ලීම් සමාජයට ආරාධනා කරන්නේ එහි අසමසම දිව්‍යමය ආදර්ශය අන්තර්ගත නිසාම පමණි. නමුත් මේ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නොකරන නූතන මුස්ලීම් සමාජය මේක අපට තේරෙන්නේ නැහැ, අපට තේරුම් ගන්න බැහැ යනාදී වශයෙන් වහසිබස් දොඩවමින් එය ප්‍රතික්ෂේප කිරීම ඉතා අවාසනාවන්ත තත්වයකි. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට ශ්‍රී ලාංකීකයන් වන ඔබට සරල පරීක්ෂණයක් කර බැලීමට පුළුවන. එනම් ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට එරෙහිව මුස්ලීම් නොවන සහෝදර ජනතාව ඉදිරිපත් කරන චොදනාවන් 50 පමණ (ඔබ කැමැති සංඛ්‍යාවක්) පෙලෙගසන්න. ඉන් අනතරුව එම චෝදනාවන්ට පදනම් වී ඇත්තේ ඉස්ලාම් දහමද? නොඑසේ නම් මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන්ද? යනාදී වශයෙන් එය වෙන් කරන්න. දැන් ප්‍රථිපලය බුද්ධිමත් ලෙස විමසා බලන්න. එවිට වර්ථමාන මුස්ලීම් සමාජය දැන් සිටින තැන කොතැනද? යන්නත්, මුස්ලීම් සමාජය ඉස්ලාම් දහමට උරුමකර දී ඇති ඉරණම කුමක්ද? යන්නත් ඔබට අවබෝධ වනු ඇත.

අපට වැරදුනේ කොතැනද?

අතීතයේ පටන් අද දක්වා ලෝක ඉතිහාසය තුල ඉස්ලාම් දහම වැලදගත් ප්‍රබල චරිත පිලිබදව විටින් විට මහා උජාරුවෙන් මුස්ලීම්වරුන් වන අප කථා කරන්නෙමු. ඔවුන්ගේ ජීවිතයට ශුද්ධ වූ කුර්ආන් පාඨයන් ඇති කල බලපෑම පිලිබදව පිටුගණන් ලියන්නෙමු, මාධ්‍ය සාකච්චා පවත්වන්නෙමු, කථා කරන්නෙමු… ඊලඟ මොහොතේ ‘ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය ජනතාව වන (මුස්ලීම්වරුන් වන) අපට තේරෙන්නේ නැහැ‘ යනුවෙන් පවසා එය අවබෝධ කරගැනීමට මැලිවන්නෙමු. ඉස්ලාම් දහමේ මුලික අවබෝධයක් පවා නොමැති සමාජයන් මධ්‍යයේ විශේෂයෙන් ආසියාතික රටවල ඉස්ලාම් ආගමික දැනුම හා අවබෝධය ගොඩනැඟීම සදහා එවකට ජීවත් වූ ආගමික විද්වතුන් හා පූජකවරුන් තමන්ට ආවේනික විවිධ උපක්‍රම යොදාගත් ආකාරයක් ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී දක්නට ලැබේ. එම ක්‍රමවේදයන් හි අඩුපාඩු පැවතුනද එම පිරිසගේ ඡේතනාවන් ශුද්ධ වූ එකක් යන්නෙහි විරුද්ධ මතයක් ‘යහමග අඩවිය’ ට නැත. ඒ අනුව තවදුරටත් එවැනි ක්‍රමවේදයන් තුල අන්ධ භක්තිතයන් නොවී බුද්ධිමත් ලෙස ක්‍රියා කිරීම සැබෑ මුස්ලීම්වරයෙකුගේ කාලීන වගකීමකි. එම වගකීම මුස්ලීම් සමාජයට අවධාරණය කරමින් වර්ථමානයේ මෙම ශුද්ධ වූ කුර්ආනයට අත්ව ඇති ඉරණම විමසා බලන්නේ නම්,

වර්ථමානයේ අල් කුර්ආනයට අත්ව ඇති ඉරණම

මනුෂ්‍යා සදහා අවවාද අනුශාසනා නඟමින් සාර්ථක දිවියකට ආදර්ශ සපයන දිව්‍යමය මඟපෙන්වීම වන ශුද්ධ වූ කුර්ආනය අද අරුත් නොදැන පාරායනයට පමණක් සීමා වූ තවත් දහම් පුස්තකයක් බවට පත්ව ඇත. සරලව පවසනවා නම් වචන ගලපා කථා කරන ගිරා පැටියෙකුට නො‍දෙවැනි තත්වයට අද මුස්ලීම් සමාජයේ බහුතරය පත්ව ඇත. තමන් උදේ සවස පාරායනය කරන මේ දේව පුස්තකය තුල කොතරම් නම් අවවාද අනුශාසනා දෙවියන් අන්තර්ගත කොට තිබෙනවාද? යන්න සිතීමට පවා මැලිවන තත්වයකට අද මුස්ලීම් සමාජය පත්ව ඇත. මේ හේතුව නිසා එහි පැවසෙන කරුණූ ගැඹුරින් විමසා බැලීමත්, එය තම ජීවිතයට ගලපා ගැනීමත් ඔවුන් අද අතපසු කොට ඇත. වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම පිලිබදව දැනුවත් කිරීමේ මෙහෙවරේ නිරතව සිටින යහමග අඩවිය මෙම මාතෘකාව කථා කලයුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර වියයුතු යන්න දැන් මාගේ විශ්වාසයයි. මන්ද ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ පවා මුස්ලීම්වරුන් ශුද්ධ වූ කුර්ආනීය ඉගෙන්වීමන් පසෙකලා එයින් බැහැර වූ විවිධ මාර්ගයන් ඔස්සේ ඉස්ලාම් නමින් ක්‍රියා කිරීම හේතුවෙන් ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජයත් අද ලොව තුල ප්‍රබල විවේචනයන්ට ගොදුරු වෙමින් පවතින බැවිණි. මුස්ලීම්වරයෙකුගේ ජීවිත ගමන් මඟ අනෙකුත් සමාජයන් මෙන් ‘කාපන්ලා බීපල්ලා ජොලියේ ඉදින්ලා‘ යනුවෙන් එක් අන්තයකට හෝ ‘දහමක් කෙරෙහි ඇති වූ අසීමිත භක්තිය හේතු කොටගෙන ලෞකික දිවියත්, පවුල් දිවියත්, දරුදැරියන් පමණක් නොව අනිකුත් වගකීම් හා යුතුකම් සියල්ල පසෙකලා වනගතව, කඳු මුදුන්වල, ආරමවල හෝ වෙනයම් එවැනි ස්ථානවල හිඳ ජීවිතයේ විමුක්තිය සොයන තවත් අන්තයකට සීමා වූ දහමක් නොවේ.

මොහොතක් නතර වී සිතන්න

ඉස්ලාම් මේ අන්ත දෙකම දැඩිව ප්‍රතික්ෂේප කරන එසේම මේ දෙකට අතර මැදි වූ මාර්ගයක් ශුද්ධ වූ කුර්ආනය තුලින් උනන්දු කරවන ප්‍රායොගික දහමකි. සරලව පවසනවා නම් මුස්ලීම්වරයෙකුගේ දිවිය ශුද්ධ වූ කුර්ආනය සමඟ වූ, කුර්ආනය තුලින් වූ මෙන්ම කුර්ආනය කරා වූ ගමනක් වියයුතුය. තවත් සරලවම පවසනවා නම් සැබෑ මුස්ලීම්වරයෙකුගේ මුල, මැද හා අඟ යන සියල්ල කුර්ආනය වියයුතුය. මන්ද මේ මිහිමත ස්ථාපනය කල මිනිස් වර්ගයා සදහා දිව්‍යමය, පරිපූර්ණ හා නිවරුදි මඟපෙන්වීමක් (Guide book එකක්) ඇත්නම් ඒ මේ ශුද්ධ වූ කුර්ආනය පමණක් වන බැවිණි.

සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ආයු කාලය අවුරුදු 60-65 අතර පමණි. එයිනුත් සමහරක් ජීවිත 5, 10, 15, 30… යනාදී වශයෙන් අඩු වයස්වලට සීමාවීමත් තවත් සමහරක් ජීවිත 75,85,95… යනාදී වැඩි අයුකාලයක් දක්වා ඇදීයාමත් අප අවට සමාජය තුල නිතර දකින්නෙමු. සරලව පවසනවා නම් ‘මරණය‘ නම් නියත වූ නැවතීමේ තිත ජීවිත ගමනේ කොතනක සටහන්ව තිබෙනවාද? යන්න කිසිවකුටත් අනාවර්ණය කරගත නොහැකි ගුප්ත වූ කාරණයකි. කෙසේ නමුත් මරණය කරා වූ ඒ ගමන් මඟ තුල ඔබ හා මා සැලකියයුතු තරම් කොටසක් දැනටමත් ගෙවා අවසන් වන්නට පුළුවනි. ඒ ගෙවාදැමූ අතීතය ශුද්ධ වූ කුර්ආනයට කොතරම් අනුකූල වුවාද? අනුකූල නොවුවාද? යන්න ඔබ දැන්වත් විමසා බලන්නේ එය ඔබේ ඉදිරි පියවරයන්ට ප්‍රයෝජනවත් වනු ඇත. එය නිසි ආකාරයට අවබෝධ කරගැනීමට ඔබට හැකි වන්නේ නම්, නියත වශයෙන්ම ඔබේ අනාගතය ආලෝකමත් වීමට එය හේතුවක් වනු ඇත. මීට වසර 1400 කට පෙර ‘ජාහිලියා’ යනුවෙන් හදුන්වන මිලෙච්චත්වය සංස්කෘතියක් කරගත් සමාජයක් මධ්‍යයට ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වීමත් සමඟ එම මිලෙඡ්ච සමාජය තුල සිදුවූ වෙනස්වීමන් අප ඉහතින් කෙටියෙන් හෝ විමසා බැලුවෙමු. එවන් බලපෑමක් ඇති කල ඒ අසමසම ශුද්ධ වූ කුර්ආනය අදටත් අප දෝතේ කිසිදු වෙනස්වීමකට නතු නොවී එලෙසම ඇත. එය අප උදේ සවස යනාදී වශයෙන් දිනපතා පාරායනය කරන්නෙමු. නමුත් එදා උමර් (රලි) තුමාණන්ට, තල්හා (රලි) තුමාණන්ට ඇති කල ඒ බලපෑම අද අප තුල ඇති නොවේ.

ඈත අතීතයේ පමණක් නොව මෑත භාගයේ දී පවා මුස්ලීම් සමාජය තුල ප්‍රබල චරිත බවට පත්වූ මුහම්මද් අසද්, සෙයියද් කුතුබ්, යූසුෆ් ඉස්ලාම්, යූසුෆ් ඊස්ටර්… වැනි පිරිසට ශුද්ධ වූ කුර්ආනය කල බලපෑම මුස්ලීම්වරුන් වන අපට අලුත් කාරණයක් නොවේ. විශේෂයෙන් චින්තනවාදීයකු වන සෙයියද් කුතුබ් තුමා පසුකාලීනව ශුද්ධ වූ කුර්ආනයට අර්ථ විවරණ ග්‍රන්ථයක් පවා මුස්ලීම් සමාජයට දායාද කරමින් ඉස්ලාම් දහමට ඉමහත් සේවයක් ඉටුකලේ ආගමික පූජකවරයෙකු ලෙස සුදුසුකම් සපුරා හෝ ශූද්ධ වූ කුර්ආනය අවබෝධ කරගැනීම‍ට අවශ්‍ය කලාවන් ප්‍රගුණ කිරීමෙන් ‍නොවේ. අද ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් පවසන විට,

•  ඔබ මවුලවිද?,
•  ඔබ දහම අවබෝධය ලබාගත්තේ කුමන පාසලින්ද?,
•  ඔබට ඒ සම්බන්ධයෙන් ඇති ගෞරවනාමයන් කුමක්ද?,
• ඔබ ශුද්ධ වූ කුර්ආනයට අර්ථ පවසන්නට එහි සියළු කලාවන් ඉගෙන අවසන්ද?

…යනාදී වශයෙන් ප්‍රශ්න වැලැක් මතු කරයි. මෙහිදී ශුද්ධ වූ කුර්ආනය අවබෝධ කරගැනීමට ඉන් පරිභාහිර විෂයන් පිලිබදව වූ දැනුමන් අවශ්‍ය නොවේ යයි මා නොපවසමි. ශුද්ධ වූ කුර්ආනය පැහැදිලිව අවබෝධ කරගැනීම සදහා එහි භාෂා ශෛල්‍යය, එහි වාක්‍යයන් පෙලගසා ඇති ආකාරය, එය පහල වූ සමාජ පසුබිම, එම වාක්‍යයන් සදහා නබිතුමාණන් ලබාදුන් විග්‍රහයන්… යනාදී කරුණූ රාශියක් පිලිබදව මූලික අවබෝධයක් පැවතීම අත්‍යඅවශ්‍යය. නමුත් එම කරුණූ අවබෝධ කරගැනීමට විශේෂිත වූ කලාවන් ප්‍රගුණ කිරීමට අවශ්‍ය ‍නොවේ. ඔබ මා වැනි සාමාන්‍ය ජනයාට පවා එය අවබෝධ කරගත හැක. මා මෙසේ පවසන විට සමහරක් පිරිස් මතු කරන ජනප්‍රිය වාදයක් තමා හරි සෑම කෙනෙකුටම තේරුම් ගන්න බැරි වාක්‍යයනුත් ශුද්ධ වූ කුර්ආනයේ තිබෙන බව පිලිගන්නවා නේ? යන්නයි. මෙවැනි තර්ක ගෙන එන පිරිසගේ අවධානයට ප්‍රථමයෙන් පවසන්නට ඇත්තේ ශුද්ධ වූ කුර්ආනයේ මනුෂ්‍යා‍ට අවබෝධ කරගත නොහැකි කිසිදු කුර්ආන් වාක්‍යයක් ශුද්ධ වූ කුර්ආනයේ දෙවියන් අන්තර්ග කොට නොමැති බවයි. නමුත් සමහරක් අවස්ථාවල අල්ලාහ් (දෙවි) විසින් ගෙන එන ගැඹූරු විග්‍රහයන් හා උපමාවන් වැනි කරුණූ අවබෝධ කරගැනීමට භාහිර විෂය කරුණූ පිලිබදව මෙන්ම හදීසයේ (මුහම්මද් (සල්) තුමාණන්ගේ විග්‍රහයයන්ගේ) අවශ්‍යතාවය ඇති වනවා යන්නෙහි විවාදයක් නැත. කෙසේ වෙතත් මෙවැනි වාදයන් මතු කරන පිරිසගෙන් විමසිය යුතු සරල පැනය වන්නේ තේරෙන්නේ නැති වාක්‍යයනුත් තිබෙනවානේ යන්න පැවසීම තුල එහි තේරෙන වාක්‍යයනුත් තිබෙනවානේ යන වාදය වක්‍ර ආකාරයට පිලිගන්නවා නොවේද? එසේනම් මේ තේරෙන ටිකවත් තේරුම් ගත්තේ අපේ සමාජයේ කීයෙන් කීදෙනාද?. තේරෙන්නේ නැහැ…තේරෙන්නේ නැහැ… යයි පවසමින් අප ජීවිතයේ කොතරම් නම් කාලයක් ගෙවා අවසන්ද?. ශුද්ධ වූ කුර්ආනයේ පහත වාක්‍යයන් මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න.

ඔවුන් මෙම කුර්ආනය කෙරෙහි (බුද්ධිමත්) අවධානය යොමු කලයුතු නොවේද?. (මෙය) අල්ලාහ් (දෙවි) හැර වෙනත් කෙනෙකුගෙන් පහල වුවාක් නම් එහි අධික ලෙස පරස්පරතාවයන් ඔවුන් දකිනු ඇත.

අල්කුර්ආනය 4-82

ඔවුන්ගේ මුහුණූ අපා ගින්නෙහි දවාලන මොහොතේ ‘අප අල්ලාහ් (දෙවි)ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නට තිබුනා නොවේද!, අපගේ දෙවියනේ!, අපගේ ප්‍රධානීන්ට හා වැඩිහිටියන්ට අප අවනත වූයෙමු. ඔවුන් අපව වැරදි මඟක යොමු කොට විනාශ කර දමා ඇත. අපගේ දෙවියනේ!, ඔවුනට (අපට මෙන්) දෙගුණයක් දඬුවම ලබාදෙන්න’ යයි පවසනු ඇත.

අල්කුර්ආනය 33-66 සිට 68 දක්වා

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කිහිපය අවබෝධ කර ගැනීමට ඔබ ප්‍රගුණ කලයුතු කාලාව කුමක්ද?. මෙලෙස සරලව මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කරන ශුද්ධ වූ කුර්ආන් පාඨයන් කොතරම් නම් එහි අන්තරගතව පවතිනවාද? මේ සියල්ල පිලිබදව කිසිදු අවධානයක් යොමු නොකොට ‘තේරෙන්නේ නැහැ…තේරෙන්නේ නැහැ…’ යනුවෙන් වහසිබස් දෙඩවීම එක් අතකින් ඉස්ලාම් දහමට කරන නිගාවක් වන අතර තවත් පසෙකින් මෙය පහල කල අල්ලාහ් (දෙවි) ‘(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඉතා පහසුකොට හා සරල ලෙස මා නුඹලාට පහල කොට ඇත්තෙමු’ (ශුද්ධ වූ කුර්ආනය 19-97, 20-2, 54-17, 44-58, 54-22…) යනුවෙන් පැවසීම අභියෝගයට ලක් කිරීමක් නොවේද?.

අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් විමසුමට

මුස්ලිම්වරුන් වන අප අදත් අතීතයේ පටන් වර්ථමානය දක්වා ඉස්ලාම් දහම වැලදගත් ප්‍රබල චරිත පිලිබදව ලෝකයා ඉදිරියේ මහා උජාරුවෙන් කථා කරන්නේමු. ඔවුන්ගේ ජීවිතයට ශුද්ධ වූ කුර්ආනය ඇති කල බලපෑම පිලිබදව වෙබ් අඩවිවලත්, පුවත්පත්වලත්, මාධ්‍යතුලත් පුරසාරම් දොඩන්නෙමු. නමුත් ඔවුනට ශුද්ධ වූ කුර්ආනය ඇති කල බලපෑම පාරම්පරික මුස්ලීම්වරුන් වන අප තුල ඇති නොකලේ මන්ද? යන්න විමසා බැලීමට තවම අප මැලි වන්නෙමු. එදා උමර් (රලි), තල්හා (රලි) තුමා, සෙයියද් කුතුබ් වැනි ප්‍රතාපවත් චරිතවලට ශුද්ධ වූ කුර්ආනය ඇති කල බලපෑම අද අප ජීවිත තුලද ඇතිවීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. එසේ නොවන්නේ නම් එය සමස්ථ මුස්ලීම් සමාජයම අවාසනාවන්ත ඉරණමකට ඇද දමනු ඇත. මේ පිලිබදව නබිතුමාණන් කල අනාවැකියක් ඔබේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරන්නේ නම්,

අනාගතයේ දී ‘ඉස්ලාම්’ යන නමත්, ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයනුත් පමණක් ලොව තුල ඉතිරිව පවතිනු ඇත. සැකයක් නොමැතිව (එම කාලයේ) දේවස්ථානයන් ද (ජනතාවගෙන්) උතුරායනු ඇත. නමුත් එවා කිසිවක් ජනතාවට ‘යහමඟ’ පෙන්වන තැනක් නොවනු ඇත.

මුහම්මද් (සල්) තුමාණන් සහා එතුමාණන්ගේ අනුගාමික (සහාභාවරුන්) පිරිස වසර 23ක කාලයක් අපමණ දුක්ගැහැට විද විටෙක ජීවිත පවා කැපකොට විවිධ බාධක මධ්‍යයේ ශුද්ධ වූ කුර්ආනය වටා ඒකරාශී වූ ‘මුස්ලීම් උම්මා’ නම් ඒකීය සමාජයක් නිර්මාරණය කොට අනාගත පරම්පරාවට දායද කොට යන ලදී. නමුත් අප එය යලිත් කීතු කීතුවලට වෙන් කොට තම තමන්ගේ කුට්ටිය පිලිබදව පුරසාරම් දොඩමින් සතුටු වෙමින් සිටින්නෙමු. මෙවැනි සමාජ පසුබිමක ඉහත හදීසය තුලින් කියාපාන්නේ අනාගත සමාජ පැතිකඩක් නොව වර්ථමාන සමාජ පැතිකඩක් බව බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් ඔබට අවබෝධ වනු ඇත. එනම් අද ලොව බැලූ බැලූ තැන මුස්ලීම් ජනතාවගේ අඩුවක් නැත. ශූද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කියවීමෙහි හා පාරායනය හිද අඩුවක් නැත. මුස්ලීම් දේවස්ථානයන් ඉඩකඩ නොමැතිව උතුරායාමෙහිද අඩුවක් නැත. නමුත් ශුද්ධ වූ කුර්ආනය මඟපෙන්වීම කරගත් සැබෑ මුස්ලීම්වරුන්ගේ නම් ප්‍රබල අඩුවක් දකිනු ඇත. මේ අඩුව සම්පුර්ණ නොකොට ඉස්ලාම් දහමට එරෙහිව චෝදනා නඟන පිරිසට මෙවැනි වෙබ් අඩවි තුලින් හෝ වෙනයම් ආකාරයට කොතරම් පිලිතුරු ලබාදුන්නද ඒ සියල්ල බොහෝ විට ‘ගඟට කැපූ ඉණි’ මෙන් නිශ්පල ‍වෙනවා යන්නෙහි සැකයක් නැත. එසේනම් සියල්ලට පෙර මුස්ලීම්වරුන් සැබෑ මුස්ලීම්වීමයි වියයුතුව ඇත්තේ. එය ශුද්ධ වූ කුර්ආනය නම් බැදීමෙන් මිදී ගොස් ලබාගත හැක්කක් නොවේ. ඒ හේතුව නිසා තමා මුස්ලීම් සමාජයේ බෙදීම පිලිබදව හුදෙයිෆා (රලි) තුමාණන් නබිතුමාණන්ගෙන් විවිධ ආකාරයට ප්‍රශ්න කිරීමේ දී පවා නබිතුමාණන් නැවන නැවතත් පැවසුවේ ‘…කුර්ආනය ඉගෙනගන්න!, ඒ අනුව ක්‍රියා කරන්න!,…’ යනුවෙන් මුස්ලීම් සමාජයට අවධාරණය කලේ. (මෙය දීර්ඝ හදීසයක් ලිපිය දීර්ඝවීම සැලකිල්ලට ගෙන මෙහි කොටසක් පමණක් ඉදිරිපත් කර ඇත) එසේනම් මේ මුස්ලීම් සමාජයේ විමුක්තිය කරා වූ යන එකම ගමන් මාර්ගය වැටී ඇත්තේ ශුද්ධ වූ කුර්ආනය තුලින් හා එය සමඟ යන ගමන තුල යන්න දැන් පැහැදිලිය.

එසේනම්, මුස්ලීම්වරුන් වන අප සියළුදෙනා යලිත් කුර්ආනීය සමාජය කරා වූ ගමන නැවත අරඹීම කලයුතුව ඇත. එතැන් සිට කුර්ආනය තුලින් කුර්ආනය සමඟ ඔවුන් ගමනක් යලිත් ඇරඹිය යුතුව ඇත. මේ ක්‍රියාදාමය තුල ආගමික විද්වතුන් හා පූජකවරුන් අවංක මැදිහත්වීමක් සිදුකලයුතුව ඇත. විශේෂයෙන් වෙන කවරදාකටත් වඩා ආගම දහම කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ පිරිසක් දැන් දැන් මුස්ලීම් සමාජය තුල බිහිවෙමින් ඇත. මේ පිරිස් ද සම්ප්‍රදායක මුස්ලීම් කල්ලිවාදීන් තුල හෝ මතවාදයන් තුල කොටු නොවී සමස්ථ මුස්ලීම් සමාජයම කුර්ආනීය සමාජයක් කර නැවත මෙහෙයවීමේ මෙහෙවරට අවංක ලෙස දායක වියයුතුව ඇත. එය මෙම දහම වෙනුවෙන් ඔවුන් ඉටු කලයුතු යුතුකමක් ද වන බව තරයේ අවදාරණය කරමි.

මෙම ලිපියේ නව යාවත්කාලීන ඉදිරියට...

උපුටා ගැනීම්

සබැඳි ලිපි පෙලගැස්ම

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම