මුහු නොවන මුහුදු ජලය සහ දේව පණිවුඩය

From Yahamaga
Revision as of 06:13, 12 February 2024 by Admin (talk | contribs) (Created page with "{{#seo:|මුහු නොවන මුහුදු ජලය සහ දේව පණිවුඩය}} {{#seo:|keywords=මුහුද, ජලය, මුහු, එක්වීම, මිශ්‍ර, අල්කුර්ආනය, පණිවුඩ,}} {{#seo:|description=ඇත්තෙන්ම මා මේ සමාජ මාධ්‍යයන් තුල ඉටු කරමින් සිටින්නේ දහමට අනූකූල කටයුත්ත...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් යන්න තහවුුරු කරන සාකච්චා පෙලෙහි තවත් අල්කුර්ආනීය සාක්ෂියක් මෙම ලිපිය තුලින් ඔබේ බුද්ධිමත් අවදානය පිණිස ගෙන එන්නට අදහස් කරමි.

අල්ලාහ් (දෙවි) තම දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනය තුලින් “(මිනිස් හා ජින්වරුනි! වන) ඔබලා දෙපිරිස ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?“ යනුවෙන් දිගින් දිගටම අභියෝග කිරීම දක්නට ලැබේ. එසේ අභියෝග ඉදිරිපත් කරන අල්කුර්ආන් පරිච්චේද අතර 55 වන පරිච්චේදය තවත් සුවිශේෂි වේ. එනම් එම පරිච්චේදයේ වාක්‍යෙයන් වාක්‍යට “දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?“ යනුවෙන් අභියෝග කරයි.

මෙසේ අභියෝග කරන වාක්‍ය අතර සුවිශේෂි වාක්‍යයක් 55-19 හා 20 හි දක්නට ලැබේ. විද්‍යාවේ ඉනිපෙත්තෙහි සිටින බවට වහසිබස් පවසන වත්මන් සමාජයට මෙම වාක්‍යය මීට වසර 1400 කට පෙර අල්කුර්ආනය පැවසුවේ කෙසේද? යන්න විමසා බැලිය යුතු නොවේද?. එම වාක්‍යය මෙසේය,

එකට එකතු වන සමූද්‍රයන් දෙකම ඔහුම හමු වීමට සැලැස්සුවේය. එහෙත් ඒවා අතර බාධකයක් ඇත. (එම බාධකය) ඒ දෙක, කඩ කරන්නේ නැත. 
අල්කුර්ආනය 55:19-20

අප දකින මුහුද එකම ජලකඳක් යන්න මෑතක් වනතුරු අපගේ පිලිගැනීමයි. නමුත් වර්ථමාන සාගර විද්‍යාව මුහුදු දෙකක් හමු වූ විට, ඒවායේ ජල උෂ්ණත්වය, වර්ණය සහ ඝනත්වය වැනි තනි ගුණාංග අඛණ්ඩව රඳවා ගන්නා බවත්, එමනිසා එසේ මුහුදු දෙකක් හමුවන තැන එකිනෙකට වෙනස් ජල කඳන් දෙකක් දැකිය හැකි බවත් පවසයි. මෙම සොයා ගැනීම මෑතකාලීන සොයා ගැනිමක් වුවද අල්කුර්ආනය මීට වසර 1400 ට පෙර එය ඉහත ආකාරයට පැවසීම මෙම “අල්කුර්ආනය“ දිව්‍යමය අනාවර්ණයක් යන්න තහවුරු කරනවා නොවේද?.

ඉහත නූතන විද්‍යාත්මක සත්‍යය අනාවර්ණය කිරීමෙන් නතර නොවන අල්කුර්ආනය “(මිනිස් හා ජින්වරුනි! වන) ඔබලා දෙපිරිස ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?“ යනුවෙන් විමසීම තුල “මෙම අල්කුර්ආනය දෙවියන්ගේ පණිවුඩයක්“ යන්න ප්‍රතික්ෂේප කොට සාගරය ජලය පිලිබදව නූතන විද්‍යාව පවා අනාවර්ණය කොටගෙන ඇති ඉහත සත්‍යය පමණක් දිව්‍ය වදනක් ලෙස පිලිගන්නවාද? නොඑසේ නම්, සියල්ල ප්‍රත්ෂේප කරනවාද?. එය බුද්ධිමත්ව තීන්දු කිරීම ඔබටම භාර කරමින් මෙවැනිම “ලෞකික හා ලෝකොත්තර“ අනාවර්ණ රාශියත් පිලිබදව කථා කරන අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 02 යන ලිපිය තවදුරටත් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියට විරාමය තබමි.




සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම