හදිසි නීතිය හමුවේ - සමස්ථ ලංකා ජමියතුල් උලමා නිවේදනය
රටේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව නිකුත්කල මාර්ගෝපදේශ නිවේදනය. රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමත්, ආරක්ෂක හේතූන් නිසාත්, ශ්‍රී ලංකීය සියලුම මුස්ලිම්වරුන් පහත සඳහන් මාර්ගෝපදේශයන් පිලිපදින ලෙස ඉල්ලා සිටිමු. එසේම පහතින් සදහන් කාරණයන් පිලිබදව පල්ලි පරිපාලනය හා එහි පූජකතුමන්ලා දැඩි අවදානයක් යොමු කරන මෙන්ද ඉල්ලා සිටිමි.
1. අපගේ සියලු තත්වයන් පාලනය කරන්නේ, යහපත් කරන්නේ අල්ලාහ් පමණි. ඔහු අපගේ සැබෑ උපකාරකයාය. එබැවින් ඔහුගෙන් ම ප්‍රාර්ථනා කරමු.
2. බහු ආගමික ප්‍රජාවක් ජීවත් වන මේ රටෙහි සියළු ප්‍රජාවන් සැනසිල්ල, එකමුතුකම, අවබෝධය, සමෘද්ධිය සහ සංවර්ධනය භුක්ති විඳීම සඳහා මුස්ලිම්වරුන් සියලු දෙනා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කොට හෙට දිනයේ උපවාසයේ නිරතවෙමු.
3. තම නිවෙස්වල සිටින කාන්තාවන්ට, දරුවන්ට හා දේපලවලට කිසියම් අවදානමක් ඇතැයි සිතේනම්, සිකුරාදා ජුම්මා යාච්ඤාව ඉටුනොකොට නිවැස්වල සිට ලුහර් සලාතය ඉටුකිරීම වරදක් නොවේ.
3. “මනුෂ්‍ය ජීවිතය ගරු කිරීම” යන මාතෘකාව තුළ ජුම්මා දේශනයන් කිරීමට කටයුතු කරමු.
4. ඇදිරි නීතිය පනවන අවස්ථා වලදී එම නීතියට අවනතව කටයුතු කරමු.
5. විශේෂයෙන්ම ජුම්මා නැමදුම් ඉටු කිරීමට සැලසුම් කොට ඇති පල්ලිවල එම නැමදුමට ප්‍රථම ආරක්ෂක පියවරක් ලෙස හොදින් දේවසථානයන් පරීක්ෂා කරගමු.
6. ජුම්මාව සදහා දේවස්ථානවලට පැමිණීමේ දී රථ වාහන මඟින් පැමිණීම අවමකරගමු.
7. වාහනය නවත්වන විට වාහනවල අපගේ දුරකථන අංක සටහන් කර තබන්න සැලකිලීමත් වෙමු.
8. ජුම්මාවට පැමිණෙන් පිරිස් පිලිබදව සැලකිලීමත් වියයුතු අතර පාර්සල් / බෑග් රැගෙන ඒමට අවසර නොදෙමු.
9. ජුම්මා යාච්ඤාව විනාඩි 30 කටත් වඩා වැඩි නොවන ලෙස සීමා කරමු.
10. පල්ලියේ පරිපාලනය කරන පිරිස් ජුම්මා නැමදුම සිදුවන අවස්ථාවේ පල්ලියේ ආරක්ෂ කටයුතුවල නියලිය යුතු අතර ජුම්මා සලාතය අවසන් වූ පසු ඒ අය ලුහර් සලාතය ජමාත් ලෙස ඉටුකිරීම කලයුතුය.
11. ජුම්මා සලාතය ඉටු නොකරන දේවස්ථානවල පල්ලියේ ආරක්ෂ පියවරයන් යොදා කණ්ඩායම් වශයෙන් ලුහර් ජමාතය ඉටුකල යුතුය.
12. වයස අවුරුදු 13ට අඩු ළමුන් මස්ජිදයට එක්කරගෙන යාමෙන් වලකිමු.
සර්වබලධාරී අල්ලාහ්, මේ රටේ ජනතාව අතර සාමය, සහජීවනය, එක්සත්කම හා එකමුතුකම ඇති කරත්වා!.
මෙයට අෂ්-ෂේක් එම්.එල්.එම් ඉලියස්. ලේකම් – සමස්ත ශ්‍රී ලංකා ජමියතුතුල් උලමා
(මෙම නිවේදනය දමිල භාෂාවෙන් මා සිංහල භාෂාවට පරිවර්ථනය කොට ඉදිරිපත් කරන බැවින් එහි පරිවර්ථන දෝෂයන් ඇත්නම් එයට කණගාටුව ප්‍රකාශ කරමි)
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න