මුස්ලීම් දරුවන්ගේ පාසැල් ඇදුම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙහි පහත දැක්වෙන්නේ ශ‍්‍රී ලාංකාවේ මුස්ලීම් පාසැල් දැරියන් සදහා පාසැල් නිළ ඇදුම වශයෙන් පන්ජාබ් එනම් දිග කලිසමක් හා හිස්වැස්මක් සහිත ඇදුමක් ඇදීමේ අවසරය ලබාදෙන චක‍්‍ර ලේඛනයයි. මෙම චක‍්‍රලේඛනය 1980 දී රජය මගින් නිකුත් කලද අදටත් මෙම නීතිය බොහෝ පැසැල්වල කි‍්‍රයාත්මක නොකිරීම රටේ සුළු ජාතියක් වන අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි. එසේම රටේම බුද්ධිමතුන් බිහිකරන පාසැල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙම නීතිය ක‍්‍රියාත්මක නොකොට සුළු ජාතියක් වන මුස්ලීම් දැරියන්ගේ ආගමික අයිතියක් උදුරාගැනීම සමාජයට දෙන වැරදි ආදර්ශයකි. මේ පිලිබදව රටේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වියයුතු යන්න අපගේ විශ්වාසයයි.

මුස්ලීම් ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ අභිමතය පරිධි පන්ජාබ් ඇදුමෙන් සැරසී පාසල්වලට පැමිණීමට අවසර දියයුතු බව ගරු ඇමතිතුමා තීරණය කර ඇත.


චක‍්‍රලේඛ අංක 37/95

මගේ අංක :- 2/රාසං/2/08 අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ආමාත්‍යංශය ඉසුරුපාය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බත්තරමුල්ල 1980.12.12 වන දින

සියළුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු වෙත,

මුස්ලීම් ශිෂ්‍යාවන්ට සම්ප‍්‍රදායික පන්ජාබ් ඇදුමින් සැරසී පාසැල්වලට පැමිණීමට අවසර දීම

සමහර පාසල්වල විදුහල්පතිවරු මුස්ලීම් සම්ප‍්‍රදායික පන්ජාබ් ඇදුමින් සැරසී පාසල්වලට පැමිණීමට අවසර නොදෙන බවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රුස්වීමේ දී ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

02. මුස්ලීම් ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ අභිමතය පරිධි පන්ජාබ් ඇදුමෙන් සැරසී පාසල්වලට පැමිණීමට අවසර දියයුතු බව ගරු ඇමතිතුමා තීරණය කර ඇත. ඔබ පළාතේ සියළුම විදුහල්පති මහත්ම මහත්මියන්ට මෙම තීරණය දන්වන්න.

ඔම්. ඞී.ඞී පීරිස්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ලේකම්

පිටපත් :- සියලූම අධ්‍යාපන ලේකම්වරු වෙත.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම