අළුත්ගම හා බේරුවල සිදු වූයේ කුමක්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය 2014/06/15 වන බේරුවල, අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවල ඇති උණූසුම්කාරී තත්වයත් සමඟ ‘ඇත්තටම මේ ප්‍රදේශවල සිදුවුණේ මොකක්ද? යන කුතුහලය බොහෝ පිරිසකගේ සිත් තුල ඇති විය. පොදු ජනයාගේ මේ කුතුහලය නිරාකරණය කිරීම පිණිස අන්තර්ජාලය තුල බොහෝ ලිපි ඉදිරිපත් වී ඇතත් ඒවා තුලින් පොදු ජනතාව තව තවත් කුතුහලයන් රාශියකට මැදිවූවා මිස ඉන් පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකි වී නැත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ බොහෝමයක් පිරිස් පක්ෂපාතීව නොඑසේනම් එම නිසි අවබෝධයකින් තොරව කරුණු ඉදිරිපත් කිරීමය. මේ හේතුව නිසාම ‘යහමඟ’ අඩවිය ‘අළුත්ගම බේරුවල සිදුවූයේ කුමක්ද?’ යන්න තවත් අදහස් දැක්වීමක් ලෙස නොව එම සිද්ධි මාලාවට සම්බන්ධ වීඩියෝ දර්ශන ලෙස පහතින් පෙලගසන්න අදහස් කලෙමි.

මෙසේ එම සිදුවීමන් වීඩියෝ සාක්ෂි ලෙස පෙලගසන්නට තවත් ප්‍රධාන හේතුවක් ද ඇත. එනම්, බේරුවල, අළුත්ගම මෙම සිදුවීමත් සමඟ රටපුරා සිටින සමහරක් අන්තවාදී පිරිස් තම තමන්ගේ පහත් පටු අරමුණූ දිනාගැනීමට මෙය අවස්ථාවක් කරගනිමින් ඇත. විශේෂයෙන් පුද්ගලික තරහමරහා පිරිමසා ගැනීමට පිඹුරුපත් සකස් කරමින් ඇත. එපමණක් නොව සමහරක් අන්තවාදී පිරිස් අළුත්ගම බේරුවල ප්‍රදේශවල සිදු නොවූ සිදුවීම් සිදුවූවා යයි බොරු ප්‍රචාරයන් කරමින් ජනතාව ප්‍රකෝපකාරීව හැසිරවීමට පොළොඹවමින් ඇත. උදාහර්ණයක් ලෙස ස්වාමිණ්වහන්සේ නමක් අපවත් කොට ඇතැයි ප්‍රචාරය කිරීම සදහන් කලහැක. මෙවැනි පසුබිමක ජනතාවට සැබෑ සත්‍යය අණාවර්නය කිරීම අත්‍යඅවශ්‍යය. එසේ සැබෑ තොරතුරු වාර්ථා කිරීමේදී වඩාත් හොද මාධ්‍ය වීඩියෝ මාධ්‍ය යන්න මාගේ විශ්වාසයයි. ඒ අනුව අන්තර්ජාලය තුලින් හා ‘යහමඟ’ට පාඨකයින් යොමු කල වීඩියෝ දසුන් පහතින් පෙලගසන්නේ හුදෙක් නැරඹීමට හෝ නරඹා රසවිදීමට නොව මේ තුල ගැබ්ව ඇති සත්‍යය හා යථාර්තය බුද්ධිමත්ව අවබෝධ කරගැනීම පිණිසය.

(විශේෂ අවදානයට – මෙහි ඉදිරිපත් කරන වීඩියෝවල සදහන් විස්තරවලට පරස්පර අදහස් හෝ ඊට වඩා නිවරුදි තොරතුරු කිසිවකු සතුව ඇත්නම්, එය ‘යහමඟ’ට යොමු කරන්නේ නම් එය ද මෙහි ඉදිරිපත් කිරීම පිලිබදව සලකා බැලිය හැක.)

  •  අළුග්තම, බේරුවල හා ඒ අවට සිදුවීමට මූලික වූ සිද්ධිය කුමක්ද?,

  •  ඉහත සිදුවීමෙන් උණුසුම් තත්වයන් නිර්මාණය වෙමින් පැවතී නගර මධ්‍යයේ රුලියක් පැවැත්වීමට අවසර ලබාදීම,

  •  එම රුලියට පැමිණි බොදු බලසේනා මහා ලේකම් ඥානසාර හිමියන් (විසිල් හඬ හා අත්පොලසන් මධ්‍යයේ) බෞද්ධ ජනතාව ආමන්ත්‍රණය කල ආකාරය,

  •  ඉහත රුලිය වාර්ථා කල BBC සදහන් කලාසේ ඥානසාර හමුදුරුවෝ (ජනතාව ප්‍රකෝපකාරී වන ආකාරයේ ප්‍රකාශ සිදුකොට) රුලිය අවසානයේ පොදු ජනතාව සාමාකාමීව විසිර යන ලෙස ප්‍රකාශ කලත්, ඒ ජනතාව විසිර ගියේ මේ ආකාරයටය,

  • සියළු විනාශයට මූලිකත්වයගත් ඥානසාර හිමි අවසානයේ කල කථාව…

  •  එහිදී නීතිය ක්‍රියාත්ම වූ ආකාරය එහි ප්‍රතිඵලය කුමක්ද?

  •  මේ ගැටුම අවශ්‍ය වුණේ කාටද?

  •  මෙවැනි මිනිසුන්ට පිහිට වෙන්න බැරි ඇමතිකම්වලින් ඇති පලය කුමක්ද?

  •  මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති තුමා දැක් වූ ප්‍රතිචාරය හා එහිදී එතුමා ලබාදුන් පොරොන්තුව

  •  මාධ්‍ය ප්‍රකාශ හා කණගාටුව ප්‍රකාශ කලාම සියල්ල යථාතත්වය‍ට පත්වේවිද?

ඉතා පහසුවෙන් පාලනය කරගත හැකිව තිබූ තත්වයක් ඉතා අවාසනාවන්ත තැනකට ගෙනයාම කාගේ උවමනාවක්ද?. යන්න නිශ්චිතව කිව නොහැක. නමුත් මේ සිදුවීම සමතයකට පත්වූවා පාලනය කලා යයි පැවසූවත් සුළු සුළු සිදුවීම් තවමත් ඒ ප්‍රදේශවල සිදුවෙමින් තිබෙන බව අමතක නොකලයුතුයි. එපමණක් නොව ජීවිත හානි, දේපල හානී විශාල ප්‍රමාණයක් සිදුව ඇත. මේවාට සාධාර්ණයක් ඉටුකලයුතුව ඇත. එපමණක් ද නොව ගරු ජනාධිපති තුමා පැවසූ ආකාරයට මේ සිදුවීමට සම්බන්ධ සෑම පාර්ශවයකට ම නීතිය තදින් ක්‍රියාත්මක කොට අසරණ වූ ජනතාවට සාධාර්ණයක් ඉටු කලයුතුව ඇත.

මේ සියල්ලටම වඩා මෙවැනි සිදුවීම් තුලින් රටක් ලෙස ජාතීන් අතර ඇති වන නොසතුට, විරසකය මේ නීතිරීති තුලින් කිසිසේත් පාලනය කල නොහැක. ජාතීන් අතර සහජීවනය ගොඩනැඟිය යුතුව ඇත. එම වගකීම සැබෑ බෞද්ධ හා සැබෑ මුස්ලීම් ආගමික නායකයින් වහාම බාර ගතයුතුව ඇත. ජනතාව අතර වීර වදන් කිය වීරයන් වන කලාකරුවන්ට හෝ වැදි බණ කියා ජනතාව ප්‍රකෝප කරවන ආගමික නායකයින් මේ රටේ අනාගතය තීනදු කිරීමේ අයිතිය ලබාදිය යුතුව නැත. දේශපාලඥයින්ට ද වචනයක් කිවයුතුව ඇත. එනම්,

ශ්‍රී ලාංකීය එකම ජාතියක් ලෙස එකාමෙන් මේ රටේ සියළු පුරවැසියන් අත්වැල් නොබැඳ හා නැඟී නොසිට එකින් එකා ගරහමින්, එදිරිවාදීකම් කරමින්, ඊරෂ්‍යා කරමින්, අකුල් හෙලමින්… දිනාගත හැකි කිසිවක් නැත. එසේනම්, රටක පාරවල්, ගොඩනැඟිලි යනාදී යටිතල පහසුකම් හා ආර්ථිකමය වශයෙන් කුමන ඉලක්කයකට ලඟා වූවත් පලක් නැත ජාතියක් ලෙස අප අසමඟියෙන් නම්. මේ පිලිබදව ද රටේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ගේ බුද්ධිමත් විමසුම වහ වහා යොමු වියයුතුව ඇත.

අවසාන වශයෙන් ඉහත සිදුවීමට අදාල වෙබ් ලිපි සබැඳුම්, තවත් වීඩියෝ , ඕඩියෝ හා රූප රාමූ ඔබේ විමසුමට පහතින් තවදුරටත් පෙලගසමි…

වෙබ් ලින්ක්

  • ‘පිට අයයි ගැහුවේ’ අලුත්ගම සිංහල හා මුස්ලිම් වැසියෝ
  • ‘දර්ගා නගරයේ තිදෙනෙක් මරුට’
  • සිවිල් සංවිධාන අළුත්ගම ප්‍රහාරය හෙළා දකී
  • අලුත්ගම ගැටුම් පිලිබඳ නවනීදන් පිල්ලේ අනතුරු හඟවයි
  • අලුත්ගම ගැටුම්වලින් සිදු වූ හානියේ ඡායාරූප
  • මෙම සිද්ධියට අදාල තවත් වීඩියෝ, ඕඩියෝ හා පිංතූර බලන්න…
  • වීඩියෝ දර්ශන===
  • මේ සම්බන්ධ තවත් වීඩියෝ පහත link මඟින් බලන්න
  • මේ සම්බන්ධ තවත් වීඩියෝ බලන්න
  • මේ සම්බන්ධ බීබීසී මාධ්‍ය ඉදිරිපත් කර ඇති තොරතුරු

ඕඩියෝ සවන්දෙන්න ===

බී බී සී සංදේශය

අදාල රූපරාමු ===

වැඩි විස්තර - https://blog.yahamaga.lk/7312/

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම