අගතියට පත්කිරීම සහ වෙනස්කම් කිරීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වර්තමානයේ නොදියුණු හා ශිෂ්ඨ නොවූ ජන සමාජවල නිතර දකින්න ලැබෙන ලක්ෂණයන් නම්, ගෝත්‍රවාදය, කුලවාදය, ජාතිවාදය, ආගම්වාදය… යනාදීය එම සමාජයන් වෙලා පැවතීමයි. එහි බහුතර ජනයා තම මතය වෙනුවෙන් අරඟල කරමින් සුළුතරය අගතියට හා හිංසනයට ලක්කිරිම එහි පොදු ලක්ෂණයකි. නමුත් ලොව ශිෂ්ඨ මිනිසුන් හා දියුණු රාජ්‍යයන් මේ වනවිට මෙවැනි ක්‍රියා පිලිකුල් සහගත ලෙස බැහැර කරමින් ඇත. නමුත් ලෝකය බැහැර කරමින් තිබෙන මෙම පිලිලය සමහරක් ජන සමාජ හා රාජ්‍යයන් ආශිර්වාදයක් කොටගෙන ඇත. විශේෂයෙන් ආසියාතික ඉන්දියාව, මියන්මාරය හා අප රට තුල මෙම තත්වය සුලභව දකින්නට ඇත. මේ පිලිලයට ශ්‍රී ලංකා මාතාවද මෑතක පටන් ගොදුරු වෙමින් පැවතීම සමස්ථ ජාතියේම අවාසනාවකි.

විශේෂයෙන් පසුගිය දශක දෙකක පමණ කාලයක පටන් අප රටේ ජාතිවාද, ආගම්වාද… අරඟලයන් හි වර්ධනයක් දකින්නට ඇත. එහිද අවාසනාවන්තම තත්වය වන්නේ මෙම පිලිලය සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කලයුතු පාර්ශවයන්ම දැන හා නොදැන එහි නියමුවන් වී සිටීමයි. මෙම යහමග අඩවිය මේ පිලිබදව විවිධ අවස්ථාවල විවිධ මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ද ඇත. (එම ලිපි ‘ජාතිවාදය’ නම් ගොනුව යටතේ කියවීමට හැක) එහි තවත් පියවරක් ලෙස ‘අගතියට පත්කිරීම සහ වෙනස්කම් කිරීම’ යන මාතෘකාව යටතේ මේ විෂය පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය මෙහිදී කථා කිරීමට අදහස් කරමි.

අගතියට පත්කිරීම සහ වෙනස්කම් කිරීම – ඉස්ලාමීය විමසුමක්

ඉස්ලාම් දහම මැද පෙරදිග පුරා ව්‍යාප්ත වූයේ විවිධ ජාතීන්, විවිධ සිරිත් විරිත්, විවිධ පන්ති සහ විවිධ ආගම් පැවතී සමාජ පසුබිමකය.මැද පෙරදිගින් ආරම්භ වූ එම දහම පසුව ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ ඇමරිකාව යන දේශයන්ටත් කෙටි කලෙකින් ව්‍යාප්ත විය. මුස්ලිම්වරුන් තුල ඉස්ලාම් ගොඩනඟා තිබූ විනය මෙම දහමේ මෙපමණ සීඝ්‍ර ව්‍යාප්තියට මුලික හේතුව යන්නෙහි සැකයක් නැත. අතීතයේ ව්‍යාපාර ලෝකයේ ප්‍රබලයන් වූ මුස්ලීම්වරුන් ලොවපුරා විසිරී ව්‍යාපාර කටයුතු සදහා දේශාන්තර ගමන් කල නිසා මුස්ලීම්වරුන් තුලින් ඔවුන් ඉස්ලාමය දකින ලදී.

එහිදී ඉස්ලාම් දහම මුස්ලීම්වරුන් තුල ප්‍රගුණකොට තිබූ…

  • ඉවසීම
  • යුක්තිගරුක බව
  • සමානාත්මතාවය රැකීම
  • සමගිව කටයුතු කිරීම
  • පුද්ගල ගරුත්වය ආරක්ෂා කිරීම
  • ජාතිවාදී නොවීම

යනදී කාරණයන් ඔවුනට සුවිශේෂි විය. ඉස්ලාම් දහම මුළු ලෝකයම දිනාගන්නට පදනම් වූ ඉහත ගුණාංගයන් මුස්ලීම්වරුන් තුල වර්ධනය කිරීම පිණිස එය දහම කොතරම් දැඩිව මුස්ලීම් සමාජය වෙත අවදාරණය කරනවාද යන්න අල්කුර්ආන් වාක්‍යයන් තුලින් විමසා බලන්නේ නම්,

ඉවසීම

   (විශ්වාසවන්තයිනි!) ධර්මය හිමි අය සමග (තර්ක කිරීමට සිදු වුවහොත්) අලංකාරවත් අන්දමට මිස, (ඔවුන් සමග) තර්ක නොකරනු. එහෙත් ඔවුන්ගෙන් කවුරුන් හෝ සීමාව ඉක්මවා ගියහොත් (එයට සරිලන අන්දමට ඔබ පිළිතුරු දීම, ඔබ කෙරෙහි වරදක් වන්නේ නැත. ඔවුන් සමග තර්ක කළහොත්) “අපට පහළ කරන ලද (ධර්මය)ද ඔබට පහළ කරන ලද (ධර්මය)ද අපි විශ්වාස කරන්නෙමු. අපගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද එක් කෙනෙකි. අපි ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙමු” යයි පවසනු මැනව!.
   අල්කුර්ආනය 29-46

යුක්තිය

   විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට (දැහැමිව) තිරසාරවූවන්ද සාධාරණ සාක්ෂිකරුවන්ද වනු. යම් ජනතාවක් සමඟ සතුරු වී සිටීම නුඹලා යුක්තියෙන් බැහැර වීමට නුඹලා නොපෙළඹවනු ඇත. යුක්තිය ඉටු කරනු. එය බියබැතිමත් භාවයට ඉතා කිට්ටුය. තවද (නුඹලාගේ කටයුතුවලදි) අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම නුඹලා කරන්නේ කුමක්ද යන්න අල්ලාහ් සපුරා දැන සිටියි.
   අල් කුර්ආනය 5-8

සමානාත්මතාවය

   ජනයිනි, අපි නුඹලා පිරිමියකුගෙන්ද ගැහැනියකගෙන්ද මැව්වේමු. නුඹලා එකිනෙකා හඳුනා ගැනීම පිණිස අප නුඹලා ජාතින් හා ගෝත්‍රයන් කළෙමු. නියතවශයෙන් අල්ලාහ් හමුවේ, නුඹලා අතුරින් ඉතා ගෞරවනීය වන්නේ නුඹලා අතුරින් ඉතාමත්ම බියබැතිමත්වූ අයයි. නියතවශයෙන්ම අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රාඥය.
   අල් කුර්ආනය 49-13

සමගිය

   ආගමික කටයුතුවල ඔබලා සමග සටන් නොවදින ඔබලාව ඔබලාගේ නිවෙස්වලින් පිටමං නොකරන ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීම ද සාධාරණව කටයුතු කිරීම ද අල්ලාහ් නොවැළැක් විය. නිශ්චත වශයෙන්ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන් ප්‍රිය කරන්නේය.
   අල් කුර්ආනය 60-8

ගරුත්වය

   දහමෙහි (අල්ලාහ් විසින් පහළ කරන ලද ජීවන මාර්ගය පිළිපැදීමෙහි) බල කිරීමක් නොමැත. වැරදි මාර්ගයේ (අවිශ්වාස භාවයේ) සිට නිවැරදි මාර්ගය (විශ්වාස භාවය) පැහැදිලිය.
   අල් කුර්ආනය 2-256

ජාතිවාදය

   ජනයිනි, අපි නුඹලා පිරිමියකුගෙන්ද ගැහැනියකගෙන්ද මැව්වේමු. නුඹලා එකිනෙකා හඳුනා ගැනීම පිණිස අප නුඹලා ජාතින් හා ගෝත්‍රයන් කළෙමු. නියතවශයෙන් අල්ලාහ් හමුවේ, නුඹලා අතුරින් ඉතා ගෞරවනීය වන්නේ නුඹලා අතුරින් ඉතාමත්ම බියබැතිමත්වූ අයයි. නියතවශයෙන්ම අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රාඥය.
   අල් කුර්ආනය 49-13

ඉහතින් සදහන් ගුණාංගවලින් බැහැරව මුස්ලීම්වරයෙකුට ඉස්ලාම් දහම පිලිපැදිය නොහැක. තවත් ආකාරයකට පවසනවා නම්, ඉහත ගුණාංග ප්‍රගුණකොට නැති කෙනෙකු මුස්ලීම් විය නොහැක. අද වනවිට ඉස්ලාම් දහම ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. ඒ ඉස්ලාම් දහම තුල සහ මුස්ලීම් සමාජය තුල දකින් ඉහත යහගුණාංගයන් නිසාම මිස වෙන හේතුවක් නිසා නම් නොවේ.

නමුත් අවාසනාවට මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් ඉස්ලාම් නමින් කරන වැරදි (නිදසුනක් ලෙස පාස්කු ප්‍රහාරය) සහ ඉස්ලාමයට එරෙහිව ඉස්ලාම් විරෝධීන් සැලසුම් සහගතව කරන කුමණ්ත්‍රනකාරී වැරදි මතවාද සමාජ ගතකිරීම් හේතුවෙන් ඉස්ලාම් දහම අවදාරණය කරන ඉහත ගුණාංග සමාජයෙන් වසන් වී ඒ වෙනුවට විකෘති මතවාද සමජගත වෙමින් ඇත. එහි අවසාන ප්‍රථිපලය වී ඇත්තේ එවැනි අශිෂ්ඨ හා කුමණ්ත්‍රනකාරී සමාජයන් මධ්‍යයේ මුස්ලීම්වරුන් අගතියට හා හිංසනයන්ට නිරන්තරයෙන් ගොදුරු වෙමින් ඉවසිලීවන්තව ජීවත්වීමට සිදුව තිබීමයි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/31

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම