මෙන්න තවත් ප්‍රහාරයක් – ඔබේ අවධානය පිණිසයි !

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙහි මාතෘකාව දුටූ පමණින් විවිධ වූ ප්‍රහාරයන් පිලිබදව ඔබේ සිත යොමු වනවා නොඅනුමානය. නමුත් මෙහිදී ඔබ කලබල වියයුතු කිසිවක් නොවේ. මන්ද මෙතැන දී අප කථා කරන්නේ ජාතිවාදී වියරුවෙන් පෙලෙන පිරිස් අප රට තුල දිනෙන් දින දියත් කරමින් සිටින මිත්‍යා ප්‍රහාරයන් පිලිබදව වන බැවිණි. ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව අප රටේ මෑත කාලයක පටන් දියත් වන මෙවැනි ජාතිවාදී හා ආගමික අන්තවාදී ප්‍රහාරයන් පිලිබදව බොහෝ අවස්ථාවල මෙම අඩවිය හරහා ඔබ පුළුල් ලෙස දැනුවත් කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එහිදී මුස්ලීම් නොවන සහෝදරයෙකු ‘මිත්‍යා ප්‍රහාරය‘ නමින් මෙම අඩවියට ඉදිරිපත් කල පාඨක ලිපිය ඉතාම විශිෂ්ඨ මෙන්ම ආදර්ශමත් එකක් ද වුවා යන්න ඔබේ මතකයේ ඇතැයි සිතමි. මේ ආකාරයට කුමන මෙහෙවරක අප නිරත වුවත් ඉහත සදහන් පිරිසගේ ජාතිවාදී හා ආගමික අන්තවාදී වියරුවෙහි නම් කිසිදු අඩුවක් දක්නට නැත. රටේ ජාතික කොඩියත්, බෞද්ධ ලාංඡනයත් පෙරටු කරගෙන තමන් ජාතික ‍හා ආගමික මෙහෙවරක නිරත වන බව පවසා ගනිමින් ‘මුසාවාදය’ පමණක් මූලික එකම අඩිතාලම කරගෙන ක්‍රියාත්මක වන මේ පිරිස් වෙනුවෙන් මෙම අඩවිය තුල තවදුරටත් පිටු ගණන් වෙන් කිරීම අනවශ්‍ය කාරණයක් ලෙස මා දැන් දකිමි. මන්ද මේ සම්බන්ධයෙන් මෙතෙක් මෙම අඩවිය තුල සාකච්චා කල ලිපි තුල අන්තර්ගත කරුණූ මේ ජාතිවාදී හා ආගමික අන්තවාදී වියරුවෙන් පෙලෙන පිරිසගේ පටු න්‍යාය පත්‍රය කුමක් ද? යන්න අවබෝධ කරගැනීමට හොදටම ප්‍රමාණවත් වන බැවිණි.

එසේ නමුත් ඉදිරියටත් අප රට තුල මෙලෙස දියත් වන මිත්‍යා ප්‍රහාරයන් පිලිබදව ‘යහමග’ අඩවිය නොසලකා කටයුතු කිරීමට සූදානම් නැත. ඉදිරියේ දී ද දියත් වන එවැනි වියරුවාදී මිත්‍යා ප්‍රහාරයන් කෙටියෙන් හෝ ‘මෙන්න තවත් ප්‍රහාරයක්’ නම් මෙම ලිපිය තුලින් ඔබේ බුද්ධීමත් විමසුමට මෙතැන් සිට පෙල ගස්සනට අදහස් කරමි.

මෙන්න නවතම ප්‍රහාරය


(මෙහි පලමු රුපයෙන් දැක්වෙන්නේ විකෘති කල දැන්වීමයි. දෙවන රුපයෙන් දැක්වෙන්නේ නිවරුදි දැන්වීමයි)

ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය ඉස්ලාම් ආගමික විද්‍යාලයක් වන ‘ගෆූරියා’ (මහරගම පිහිටා ඇත) විද්‍යාලය. අතීතයේ පටන් අප රට තුල විශීෂ්ඨ සේවාවක් මුස්ලීම් සමාජයට ඉටු කරන පාසලකි. විශේෂයෙන් ආගමික විනයක් තුල කටයුතු කලහැකි තරුණ පිරිසක් අපේ රටටත්, ලෝකයටත් දායාද කිරීම එහි ප්‍රධාන මෙහෙවරයි. එවන් මෙහෙවරක එක් පියවරක් ලෙස මේ උපවාසය (Ramazan) මාසයේ තරුණ පිරිස් සදහා ආගමික වැඩමුළුවක් සංවිධානය කොට (මේ ආකාරයට තරුණ පිරිස් සදහා උපවාස මාසයේ (පාසැල් නිවාඩු සමයේ) විවිධ ආගමික වැඩ සටහන් මුස්ලීම් සමාජය තුල සංවිධානය වීම සාමාන්‍ය තත්වයකි) එය දැනුවත් කිරීම සදහා නිකුත් කල දැන්වීම් පත්‍රිකාවක් අපේ රටේ කිසියම් ජාතිවාදී කල්ලියක් විකෘති කොට එනම් එහි සදහන් ‘Ramazan’ යන වචනය වෙනුවට ‘Jihad’ යනුවෙන් එය විකෘති කොට අන්තර්ජාලයට මුදාහැර තිබුණේ ඉහත ආකාරයටය. (එහි සත්‍ය අසත්‍ය එම දැන්වීම් පත්‍රිකාවේ සදහන් දුරකථන අංකවලට කථා කිරීමෙන් හෝ එම ස්ථානයට යාමෙන් ඔබට පහසුවෙන් දැනගත හැක)

මෙම තත්වයන් පිලිබදව ශ්‍රී ලාංකීය ප්‍රජාව ජාතිභේද හා ආගම් භේද පසෙකලා බුද්ධීමත් ලෙස අවධානය යොමු කලයුතු යන්න මාගේ විශ්වාස යයි. ජාතික ආරක්ෂාවට හා සමඟියට තර්ජනයක් වන මෙවැනි කටයුතුවල කවර පාර්ශවයක් නියලුනත් ඔවුනට එරෙහිව දැඩි නිතිමය පියවර ගතයුතු යන්න මාගේ විශ්වාස යයි. ඒ අනුව අවසාන වශයෙන් ඉහත ජාතිවාදී කල්ලිය මෙන්ම ‘යහමග’ අඩවියට ද අවධාරණය කරන්නට ඇත්තේ ‘ජාතික ආරක්ෂාව අනතුරේ, ගරු ආරක්ෂක ලේකම් තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!’ යන්න පමණී.


ඉහත ආකාරයේ මිත්‍යා ප්‍රහාරයන් පිලිබදව මීට ඉහත ද මෙම අඩවිය තුල විටින් විට සාකච්චා කල ලිපි මෙහි පහතින් පෙල ගසා ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම