බුදු බණට හීලෑ නොවුන යක්කු අත්අඩංගුවට !

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍ර දේශවල මුස්ලීම් ප්‍රජාව, ඔවුන්ගේ දේපල හා මුස්ලීම් දේවස්ථාන ඉලක්ක කොට ජාතිවාදී කල්ලීන් විසින් දියත්කල ප්‍රහාරය සම්බන්ධයෙන් කල පරීක්ෂණ තුලින් දැනට පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අද දින මාධ්‍යයන් තුලින් වාර්ථා වුණි. මෙම විනාශය පෙරමුණගෙන කටයුතු කොට ඇත්තේ “මහසෝන් බලකාය“ බවටද අනාවර්ණය කොටගෙන ඇත. “අපි බුදු බණට හීලෑ වුන යක්කු බොලව්…“ යන තේමාවෙන් ක්‍රියාත්මක, මේ රටේ ජාතිවාදය වපුරමින් රට වනසන මේ යක්කු කොයි මොහොතක හෝ රටේ මහා විනාශයක් සිදුකරන බවට මුස්ලීම් ප්‍රජාවට බොහෝ කලක සිට සැකයක් තිබුණි. මෙම සංවිධානය පමණක් නොව මෙවැනි තවත් සංවිධාන ගණනාවක්ම “මේ රටින් මුස්ලීම් ප්‍රජාව තුරන් කලයුතුයි“ යන වෛරීය අරමුණ පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන බවට මුස්ලීම් ප්‍රජාවට යම් අවබෝධයක් ඇත. ඔවුන් එය විටින් විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අවස්ථාවන් ද ඕනෑතරම් දැක ඇත. මේ යක්කු පිලිබදව ද නීතියේ මහත්වරුන් දැන්වත් සොයාබලන්නේ නම් එය රටටත්. සාමය අගයන බහුතර ශ්‍රී ලාංකීය ජනයාටත් යහපතක්ම වනු ඇත.

මෙහිදී ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ අවංක ස්තූතිය හිමිවිය යුතු පිරිසක් ඇත. ඒ මේ රටේ විවිධ කාලවල සිදුවූ ජාතිවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ පිරිස් කවුරුන්ද යන්න නීතිය හමුවට ඉදිරිපත් නොවී යටපත් වෙවී තිබියදී මහනුවර ප්‍රදේශයේ විනාශයට සම්බන්ධ පිරිස් මෙලෙස කඩිනමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රටේ ජනාධීපති තුමා ඇතුලු මැති ඇමති මණ්ඩලයටත්, විශේෂයෙන් මෙවැනි අවස්ථාවල මුස්ලීම් ජනතාව වෙනෙුවෙන් හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නායක අනුරකුමාර දිසානායක මන්ත්‍රී තුමාටත්, ඉහල සිට පහල දක්නීවා වූ නීතිය ක්‍රියාත්මක කරන සියළු නිළධාරී මහත්වරුන්ටත්, මෙහි මුස්ලීම් ජනතාවට සාධාර්ණයක් ඉටු කිරීමට අවංකව මැදිහත් වූ සියළු පාර්ශවයන්ටත් යහමග ස්තූතියත් සමස්ථ මුස්ලීම් ජනතාවගේ ස්තූතියත් මෙහි දී පුදකරමි.

අවසාන වශයෙන් තවත් කාරණයක්ද? පැවසිය යුතුව ඇත. මේ විනාශයන්ට මුල් වූ පිරිස් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් සියල්ල අවසන් නොවේ. ඔවුන් මුස්ලීම් වූවත් සිංහල වූවත් ඔවුනට නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතුය. මෙවැනි ඛේදවාචකයක් රටෙි යලි ඇති නොකරන තරමට එය ප්‍රබල වියයුුතුය. මේ කාරණය නිසි ලෙස රජය ඉටු කරන්පිනේද? යන්න සියළු පාර්ශවයන් අවදියෙන් බලාසිටිය යුතුය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම