දෙයියන්ගේ නාමයෙන් පරිස්සම් වන්න

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අප රටේ වර්ථමානයේ පවතින තත්වයන් හා එම තත්වයන් තුල සිදුවන අරඟලයන්ට ජාතිවාදී හැඩයක් ලබාදී විශේෂයෙන් මුස්ලීම් ජනයා ඉලක්ක කරගත් ‘මුස්ලීම් අන්තවාදයකට’ හරවා මෙම අරඟලයන් අන්තවාදී ක්‍රියාවන් ලෙස රටට පෙන්වමින් මේ රටේ මුස්ලීම් ජනයාට පහරක් ගසමින් මේ අරඟලයන් දියාරු කිරීමේ පහත කටයුත්තක සමහරක් නියලී සිටිනවාදෝ? යන සාධාර්ණ සැකය පසුගිය මිරිහාන සිද්ධියෙන් පසු සිදුවු විවිධ ප්‍රකාශයන් තුලින් මතුවෙමින් ඇත. (එය මෙම ලිපිය අවසානයේ ඉදිරිපත් කොට ඇති වීඩියෝ මඟින් ද ඔබට තවදුරටත් තහවුරු වේ.)මේ රටේ සුළුතරයක් වන මුස්ලීම් ජනතාව ඉතා පරිස්සමින් හා බුද්ධිමත්ව කටයුතු කලයුතු අවදියකට නැවතත් තල්ලු වෙමින් සිටින ආකාරයක් ඉහත මිරිහාන සිද්ධියෙන් පසු සිද්ධීන් නිරීක්ෂණය කිරීම තුල අවබෝධ වෙමින් ඇත. ජාතිවාදීන් නැවතත් කලඑලි බසින්න මාන බලනවාදෝ? යන සැකය ඉහත සිද්ධීන් හොදින් බලනවිට පෙනෙන්නට ඇත. විශේෂයෙන් පීඩිත ජනතාවගේ අරඟලයට ජාතිවාදී මුහුණුවරක් ලබාදී එය අසාර්ථක කිරිමේ ව්‍යාපාරයට මෙරට මුස්ලීම් ජනතාව නැවතත් ‘තුරුම්පුවක්’ කරගන්න හදනවාදෝ? යන සැකය මතුවෙමින් ඇත.

මේ සියල්ල පිලිබදව අවදියෙන් අවබෝධයෙන් සිටිය යුතු අවදියකයි අද අප සිටින්නේ.

විශේෂයෙන් උතුම් වූ උපවාස මාසයේ අභියස සිටින අප පසුගිය උපවාස සමයන් කිහිපයේදීම උගත පාඩම් බොහෝය. ගෙවීගිය උපවාස සමයන් අප පසුකලේ මේ රටේ සමහරක් ජාතිවාදීන්ගේ කොතරම් පීඩනයන් මධ්‍යයේද යන්න මා මෙහි අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. මේක ඉතා අවාසනාවන්ත අසාධාර්ණ සමාජයක්. රටක පුරවැසියන් ලෙස කිසියම් පොදු අරඟලයක් මුස්ලීම්වරුන් වන අප නියෝජනය කරන විට එතැන අප මුස්ලීම් වීම ම එම අරඟලය ජාතිවාදී අරඟලයක් ලෙස පරිවාර්තනය කිරීමටත්, එය අන්තවාදී ක්‍රියාවක් ලෙස සමාජයට හේතු ගැන්වීමට මෙවරත් කටයුතු කරන ආකාරයක් දක්නට ඇත.

මේ අවාසනාවන්ත කුමණ්ත්‍රනයට ගොදුරක් නොවීමට මුස්ලීම්වරුන් වන අප ඉතා පරිස්සම් වියයුතුව ඇත. අප අතින් සිදුවන සුළු අතපසුවීමක් පවා මේ රටේ ජාතිවාදය වපුරන්න බලා සිටින ජාතිවාදීන්ට මහා රුකුලක් වනවා නොඅනුමානය.

එම නිසා මේ අතුම් වූ උපවාස සමයේ අපගේ අරඟලයන් යහපත් උපවාසයක් රුකිම සදහා සහ කුසල් රුස්කිරීම සදහා පූර්ණ වශයෙන් යෙදවීමට අධිෂ්ඨාන කරගතයුතුව ඇත. මේ උපවාස මාසයේ සෑම මුස්ලීම්වරයෙකුට හිමිව තිබෙන වටිනා අවස්ථාවක් ඇත. ඒ උපවාසයෙන් මිදෙන මොහොතේ දෙවියන්ගෙන් කරන ‘ප්‍රාර්ථනාව’යි. එම අවස්ථාව නිසි අයුරින් ප්‍රයෝජනයට ගන්න මුස්ලීම්වරුන් අධිෂ්ඨාන කරගතයුතුව ඇත.

යාඅල්ලාහ්!, අපට නිදහසේ ජීවත් වියහැකි යහපත් දේශයක් හා ජාතිවාදයෙන් මත් නොවුණූ ජන නායකයින් අපට ලබාදෙන්න.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/29

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම