උඹ වඳ බෙහෙත් දැම්මා නේද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල අප රටේ ජාතිවාදී කණ්ඩායම්වලට හොඳ මාතෘකාවක් සෙට් (Set) වී ඇත. ඉතින් කණ්ඩායමක් කඩු පොලු අරගෙන කරලියට බහින විට. තවත් පසෙකින් කට්ටියක් Video Editing, photo Editing මෘදුකාංග Lord කරගෙන Social Media සටනට සූදානම් වේ. මේ කිසිවෙකුට සත්‍යය කුමක්ද? යන්න වැදගත් නැත. හම්බයන්ට වැඩක් දෙන්නේ කොහොමද? මෙච්චරයි ඔවුන්ට අවශ්‍ය ඒ වෙනුවෙන් ඕනෑම පහත් වැඩකට ඔවුන් සූදානම්. මේ ලිපිය එවැනි පිරිසගේ අවදානයට නොව බුද්ධියෙන් විමසා සාධාර්ණය වෙනුවෙන් පෙනීසිටින මනුෂ්‍යත්වය අගයන මිනිසුන්ගේ අවදානයටය.

රටපුරා සිංහ+ලේ නොහොත් ජාතිවාදී කණ්ඩායම් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව විවිධ වූ කෙනෙහිලිකම් හා ප්‍රහාර දියත් කරමින් සිටීම ප්‍රසිද්ධ රහසක්. එහි තවත් පියවරක් ලෙස සිංහලයා වඳ කරන්න ඔවුන්ගේ ආහාරවලට මුස්ලීම්වරුන් වඳ බෙහෙත් එක් කරනවා යයි චෝදනා නඟමින්ව 2018/02/26 දින අම්පාර එක්තරා හෝටලයකට මෙම ජාතිවාදී පිරිස් කඩාපැන එහි ආහාරවලට “වඳ පෙති“ දැමූ බවට චෝදනා කොට එම වෙලද සැලට පමණක් නොව අසල වෙනත් වෙළද ආයතනවලට මෙන්ම මුස්ලීම් දේවස්ථානවලට ද විශාල හානියක් සිදු කරන ලදී. එහිදී මෙම විනාශය සිදුකරන්න ඔවුන් පදනම් කරගන්නේ එම වෙළද සැලේ සේවය කරන කෙනෙකු ලබාදෙන ප්‍රකාශයයි. එම වීඩියෝව මේ වන විටත් ඔබ අන්තර්ජාලයේ නරඹා තිබෙන්නට පුළුවන. එම වීඩියෝව මෙහි පහතින් ඔබේ අවදානයට නැවත ඉදිරිපත් කරන අතර ඊට ප්‍රථම එහි පෙනීසිටින “ෆර්ෂිද්“ තම ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් ඔබේ අවධානයට ඉදිරිපත් කරන්නට අදහස් කරමි.

* මා ඇයි “ඔව්“ කියා පැවසුවේ – ෆර්ෂිද් කථා කරයි
* “අස්සලාමුඅලෛකුම් ෆේස්බුක් (Facebook) මිතුරනේ, මම තමයි ෆර්ෂිද්. සිංහල ජාතිවාදීන්ගේ ප්‍රහාරයට ගොදුරු වූ මමයි එම වීඩියෝ සිටින්නේ.
* එදා මම එලෙස “ඔව්“ කියා ඔලුව වැනූ නිසයි අද මම ජීවත්ව සිටින්නේ. 50/60ක සිංහල ජාතිවාදීන් පිහි පොලු අරගෙන ඇවිත් ප්‍රථමයෙන් කඩේ වැඩකල සහෝදරයාගෙන් මේ පිලිතුර විමසා සිටියා ඔහු “නැහැ“ යයි පැවසු නිසා අද ඔහු රෝහල්ගතව සිටිනවා.
* කුමක් කරන්න ද?. අපි මුස්ලීම් අනාතයන්, වහල්ලන් ඉතින් කිසිවෙක් අපට උදව් කරන්නේ නැහැ. අපගේ ආරක්ෂාව අපම සපයාගතයුතුයි.
* එම වීඩියෝව බලලා මම බියගුල්ලෙක් යයි ඔබට සිතෙන්නට ඇති. කුමක් කරන්න ද මගේ පණ මා විසින්මයි රැකගන්න ඕන. තවත් කාරණයක් කියන්නට අවශ්‍යයි. මම ගුටිත්කාලා පොලිසියේත් දින දෙකක් සිටියා. මාව බේරාගත්තු නීතීඥමහත්වරුන් තිදෙනාට ජසාකල්ලාහුහයිරා (ස්තූති). කොහිසිටන් (ඔවුන්) ආවාද කියා මා නොදනිමි. ඔවුන් අප ගමේ නොව නමුත් අප ජාතියේ පිරිසකි.

அஸ்ஸலாமு அலைக்கும் முகநூல் நண்பர்களே, நான்தான் பர்சித். சிங்கள இனவாதிகளால் தாக்கப்ட்டவன். அந்த வீடியோவில் இருப்பது நான்தான். அன்று நான் ஓம் என்று தலையை ஆட்டியதால்தான் இன்று உயிரோடு இருக்கிறேன். 50.60 சிங்கள இனவாதிகள் கத்தி தடியோடு வந்து முதலாவது கடையில் வேலை செய்த சகோதரரிடம் இந்த பதிலை கேட்டார்கள் அவர் இல்லை என்று சொன்னதுக்கு இன்று hospital இருக்காரு. என்ன செய்வது நாம் முஸ்லிம்கள் அநாதைகள் அடிமைகள் யாரும் நமக்கு உதவி செய்யமாட்டார்கள் தாமாகவே தப்பித்துக் கொள்ள வேண்டும். அந்த வீடியோவை பார்த்து விட்டு என்னை கோழை என்று நினைத்து இருப்பீர்கள். என்ன செய்வது என் உயிரை நான் காப்பாற்ற வேன்டும். இன்னும் ஒன்று சொல்ல வேண்டும். அடியும் பட்டு பொலிசிலும் இரண்டு நாள் இருந்தேன். என்னை காப்பாற்றிய மூன்று லாயர்களுக்கும் ஜஸாக்கல்லஹுஹைறா . எங்கிருந்து வந்தார்களோ ஆனால் அவர்கள் நம் ஊரல்ல நம் இனம்

ඉහත සිද්ධියට මුල් වූ විඩියෝව පහතින් ඉදිරිපත් කොට ඇත…

මෙම වීඩියෝව බලන විට මුස්ලීම් ප්‍රජාවට මෙම වීඩියෝවෙහි ප්‍රකාශ ලබාදෙන ඔහු කෙරෙහි පිලිකුලක් ඇතිවීමත්, මුස්ලීම් නොවන ප්‍රජාවට ඔහු කෙරෙහි වෛරයක් ඇතිවීමත් නොවැලැක්විය හැකි තත්වයකි. නමුත් ඇත්තටම එහි සිදුවූයේ කුමක්ද? යන්න ඔහු තම ෆේස්බුක් පිටුවේ පැහැදිලිව සටහන් කොට ඇත.

ලොව කොහේවත් නොමැති “වඳ බෙහෙතක්“ අම්පාර වෙළද සැලක ආහාරවලට එක්කලා යයි එහි සේවකයෙකු පිලිගන්නේ නම්, එම මොහොතේ එතැන තත්වය කවර ආකාරයේ එකක් වියයුතුද යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට අවබෝධ කරගැනීම අපහසු නොවේ. එය ඉහත ඔහුගේ ප්‍රකාශය තුලින් ද මනාව සනාථ වේ. එය තවදුරටත් සනාථ වන්නේ “වඳ බෙහෙත් එසේ එක් කල“ යයි වාදයකට උපකල්පනය කලත් මෙම පිරිස් එම වෙළද ආයතනයට පමණක් අලාභහානි සිදු නොකොට අනිකුත් පොදු ජනයාගේ දේපලවලට හා මුස්ලීම් දේවස්ථානයට අලාභහානී සිදුකලේ ඇයිද?. මේ සියල්ල තුල එම ජාතිවාදීන්ගේ න්‍යායපත්‍රය අපට පැහැදිලි වනවා නොවේද?. අම්පාර ප්‍රදේශයේ කාලයක් තිස්සේ මෙවැනි ජාතිවාදී කණ්ඩායමක් ක්‍රියාත්මක වෙමින් තිබූ බව එම ප්‍රදේශයේ ජනතාව පවසයි. එම කණ්ඩායමේ දොරට වැඩීම පමණයි 2018/02/26 දින සිදුවූයේ.

ජාතිවාදීන්ගේ මෙම න්‍යායපත්‍රය දිනෙන් දින විවිධ ස්වරූපයෙන් සමාජ ගතවීම දක්නට ලැබේ. ඒ සෑම අවස්ථාවකම…

  • අදාල බලධාරීන් මාධ්‍ය හරඹයක් පමණක් සිදුකොට තම වගකීමෙන් බැහැර වනු ඇත.
  • මැති ඇමතිවරුන්ද අධි සුඛෝපභෝගි රථවලින් අදාල ප්‍රදේශයට පැමිණ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වී යනු ඇත.
  • සමාජ සංවිධාන උණුසුම් වාග් හරඹයන් සිදු කරමින් තමන්ට ලකුණු දමාගනු ඇත.

තරුණ පිරිස් Social media හා Whatsapp දෙවනත් කොට හතිවැටී නිහඩ වනු ඇත.

  • ඉන්පසු තවත් මෙවැනි විනාශයක් සිදුවන තුරු සියල්ල අමතක කරදමා තම දෛනික කටයුතුවලට යොමුවනු ඇත.

මෙයයි ශ්‍රී ලාංකීය සමාජය තුල කවදත් සිදුවූයේ මෙම තත්වය බේරුවල/අලුත්ගම අපි දුටුවෙමු. ගාල්ල ගිංතොට දී දුටුවෙමු. තවදුරටත් මුස්ලීම් ප්‍රජාවට මෙසේ තම වගකීමෙන් බැහැර විය නොහැක. මුස්ලීම්වරුන් දැන්වත් ජාතික මට්ටමින් මේ වෙනුවෙන් සංවිධානය වියයුතුයි. අපේ ආරක්ෂාව හා ආයිතීන් වෙනුවෙන් අපම ඒකරාශීවීමේ දැඩි අවශ්‍යතාවය ජාතිවාදීන් නැවත නැවතත් අපට සිහිකරමින් සිටී.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම