කියන කථා – බුද්ධිමත් විමසුමකට

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


  • තොල්ස්තොයි මෙසේ පවසයි – “ලේ පිපාසිත දර දඩු ජන කොට්ටාශයක් ඔවුන්ගේ නපුරැ චරිත්‍රවලින් මුදවා ලෝකයේ දියුණුම සමාජයක් බවට පත්කල ජයග්‍රහණයට වඩා වෙනත් හේතුවක් මුහම්මද් තුමාගේ කීර්තියට අවශ්‍ය නොවේ. එතුමාගේ ව්‍යවස්ථා හා අනපනත් එහි බුද්ධිගෝචර ස්වභාවය සමගින් ලොවේ අධිකාරිය බවට පත්වනු ඇත.”
  • රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුම හිමි මෙසේ පවසයි – “මුහම්මත් තුමා හට දේවදූත මෙහෙවර ලැබුණාට පසු ආගම ප්‍රචාරය කිරීමේ දී එයට විරුද්ධව කුරෛෂි ගෝත්‍රකයෝ නැගී සිටියහ. මුහම්මත්තුමා සහ අනුගාමිකයන්ට විවිධ වධහිංසා පමුණුවන්නට පෙළඹුණේය. ඒ අවස්ථාවේ දී මුහම්මත්තුමාගේ අනුගාමකයන් විරුද්ධවාදින් සමඟ සටන් කිරීමට මුහම්මත්තුමාගෙන් අවසර ඉල්ලූවේය. නමුත් මුහම්මත්තුමා එයට එකඟ වුයේ නැත. තමන්ගේ ප්‍රචාරක කටයුතු අවිහිංසාවෙන් ම ප්‍රචාරය කලේය!”
  • De Lacy O’Leary මෙසේ පවසයි – “සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොවපුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයන් නොකඩවා කළ ප්‍රකාශය බැරැරුම් මුසාවක් වන වග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථවේ.”
  • ශුද්ධ වූ කුර්ආනය 9-32 මෙසේ පවසයි – “ඔවුන් අල්ලාහ්ගේ ආලෝකය (නම් දහම) මුවින් (පිඹ) නිවන්නට අදහස් කරන්නෝය. එහෙත් එම ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද අල්ලාහ් ඔහුගේ ආලෝකය (නම් දහම) පරිපූර්ණ නොකර නොහරින්නේය”. වරක් මුහම්මද් (සල්) තුමාණන් හමුවට එක්තරා කෙනෙකු පැමිණි “මනුෂ්‍යයන් අතුරින් ශ්‍රේෂ්ඨයා කව්රැන්ද?” යයි විසමන ලදී. එයට නබිතුමාණන් “මනුෂ්‍යයන් අතුරින් අල්ලාහ් (දෙවියන්)ට අධිකව අවනත වන්නන් තමා” යයි පවසන ලදී. එයට ඔහු “අප ඔබතුමාගෙන් ඒ ගැන විමසුවේ නැහැ” යයි පවසන ලදී. එයට මුහම්මද් (සල්) තුමාණන් “එසේ නම් අල්ලාහ් (දෙවියන්)ගේ මිත්‍රයා වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ගේ (මොහු අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත්‍රයා වන ඉස්හාක් (අලෛ) තුමාණන්ගේ (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත් යාකූබ් (අලෛ) තුමාණන්ගේ (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත් යූසුෆ් (අලෛ) තුමාණන් (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) තමා” යයි පවසන ලදී. එයට ඔහු නැවතත් “අප ඔබතුමාගෙන් ඒ ගැන විමසුවේ නැහැ” යයි පවසන ලදී. එයට නබිතුමාණන් “අරාබිවරැන්ගේ පරම්පරාව ගැනද විමසන්නේ?” යනුවෙන් විමසන ලදී එයට ඔහු “ඔව්” යනුවෙන් පිලිතුරැ දෙන ලදී. එයට නබිතුමාණන් “අඥාන (ඉස්ලාම් ප්‍රකාශවීමට පෙර) කාලයේ ශ්‍රේෂ්ඨයන් ලෙස ජීවත් වූ පිරිස් පසුකාලීනව ඉස්ලාම් දහමේ ශ්‍රේෂ්ඨයන් බවට පත්වන්නට ඇති. ඒ ඔවුන් දහම් ඥානය ලැබුවේ නම්” යයි පවසන ලදී. (ග්‍රන්ථය-බුහාරී 4689)!
  • Bosworth Smith මෙසේ පවසයි – “මුහම්මද්තුමා තුල සීසර් හා පොප්වහන්සේ යන දෙදෙනාම අරක්ගෙන සිටියේය. එතුමා පොප් වුයේ බාහිර ඇගවීම්වලින් තොරවය. සීසර් වුයේ හමුදා බල ඇණිවලින් තොරවය, ආත්මාරක්‍ෂක සෙබලූන් රහිතවය. අවි ආයුධ නැතිවුවත් ඒවායේ උපකාරයක් නොලදත් සෑම බලයක්ම හිමිවී තිබුණු බැවිනි!”
  • ශුද්ධ වූ කුර්ආනය මෙසේ පවසයි – “නුඹලාගේ මුහුණු නැගෙනහිරට හෝ බස්නාහිරට හැරවූ පමණින් (ඉන් පිනක්) යහපතක් අත් නොවන නමුත් යමෙක් අල්ලාහ් (දෙවියන්) ද, (මරණින් මතු උදාවන) විනිශ්චය දිනය ද, (දේව දූතයන් හෙවත්) මලායිකාවරැන් ද, (දේව අනපනත් සියල්ල අන්තර්ග) පුස්තකය ද, (වක්තෘවරැන් හෙවත්) නබිවරැන් ද සත්‍යයක් බව විශ්වාස කර, ඔහුගේ (දෙවියන්ගේ) කැමැත්ත ලබා ගැනීම පිණිස තම වස්තූන් නෑදෑයින්, අනාථයින්, දුගියන්, මඟියන්, යදියන් හා වහලුන් නිදහස් කිරීම යනාදීන්ට බෙදා දී (දෛනිකව ඉටුකරන පස්වේල්) සලාත් හි (නිසි ලෙස) නිරතව හා සකාත් (නම් අනිවාර්ය බද්ධ නිසි ලෙස) බෙදා දී, ‍(කිසියම් කාරණයක් සදහා පොරොන්දු වුයේ නම් එම) ගිවිසුම් නිසි ලෙස ඉටුකොට, දිළිදුකමේහිද, දුකේහිද, විපතේහි හා දරුණු යුද්ධයෙහිදී ද (එය) ඉවසා විදදරාගන්නා යහපතක් කල තැනැත්තෙකු මෙන්ම සත්‍යවන්තයෝය. තවද මොවුන් (දෙවියන් කෙරෙහි) බිය භක්තිකයෝය!”
  • Michael H Hart මෙසේ පවසයි – “ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වය උසුලන එකම පුරුෂයා මුහම්මද් තුමාය.”
  • Arnold මෙසේ පවසයි – “ඉස්ලාම් පුජක භාවය වෙනුවට මනුෂ්‍යභාවය ස්ථාපන කලේය. මේ මගින් මානව සංහතියට සහෝදරත්වයත්, මනුෂ්‍ය ස්වභාවයේ මුලිකාංග පිලිගැනීමක්ද සිදුකෙරේ.”
  • A.J Toynbee මෙසේ පවසයි – “ඉස්ලාමය ඉස්තරම්ම දායාදයකි. වත්මන් ලොවේ සිදුවෙමින් පවත්නා සිද්ධින් ගැන සැලකීමේදී ඉස්ලාමීය ශීලය දැවෙන අවශ්‍යතාවයක් වී ඇත!”
  • W Montegomery Watt මෙසේ පවසයි – “අනාගතයේ එකම ආගමක් පිණිස වු අවශ්‍ය සෑම අංගයක්ම, තොරතුරක්ම ඉස්ලාම් හී ඇත.”

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම